Sunday, February 28, 2016

අපිට අයිති නැති අපේම ඇදුම


ගොඩක් අය ලොකු කථා කියනවා ...... වෙනස් දෙයක් කරන්න.....හැමෝම යන පාරේ යන්නේ නැතුව වෙනම පාරක යන්න අරවා මේවා....
කියන අය කට තිබ්බ පලියට කිව්වට එක කරන්න කොච්චර අමාරුද කියල මට තේරුනේ උපාධිය ගන්න ජාතික ඇදුම අදිනවා කියල මම ගත්ත තීරණේත් එක්ක ..... එක කරන මුල්ම කෙනා මම නොවුනට.....වෙනත් අය යන සාමාන්‍ය පාරේ නොගිහින් වෙනස්ම පාරක යන්න ගත්ත තීරණය නිසා වෙච්ච දේවල් තමා මේ.......

මම මෙතෙක් ලබා තිබෙන ඉහළම අධ්‍යාපනික ජයක්ග්‍රහණය සමරන උත්සවේටවත් අපේ ජාතික ඇදුම ඇදලා අපේ ජාතිකත්වය පෙනන්න බැරිනම් වැඩක් නෑ කියල හිතුන නිසා මම තීරණය කලා ජාතික ඇදුම අදින්න.......

කවදත් මගේ තීරණ වලට ගෙදරින් ලොකු අවුලක් නැති නිසා මේ තිරනේටත් ලොකු ප්‍රශ්නයක් වුනේ නෑ......
එත් අම්ම මේ ගැන විවිධ අයත් එක්ක කතා කරලා ඒ අයගේ පිළිතුරු එක්ක අම්මගේ අදහසුත් එන්න ගත්තා......බහුතරේ ඒ වැඩේ දැක්කේ නොකළයුත්තක් විදියට...... එත් එක්ක අම්මගේ මතෙත් වුනේ හැමෝම වගේ ටයි කෝට් දාල ඔය උත්සවෙටත් යන් කියල......
ගොඩක් අය දැක්කේ ජාතික ඇදුම අදින්නේ ගැමියන් මිසක් නගරේ ඉන්න අපි නෙමේ......
තවත් අය දැක්කේ සිංහල භාෂාව ගැන උපාධියක් නොවන නිසා නොගැලපෙන බව......
තවත් අය හිතුවේ මම දවසක උසස් අධ්‍යාපනය සදහා පිටරට  ගියොත් ඒ අය මගේ උපාධි පින්තුර දැක ඒ රටට වැද්ද නොගන්නවී යන්නය......
තවත් අය කිව්වේ "චි ලජ්ජා නැද්ද "
තව කෙනෙක් කිව්වේ "ඒ වගේ දවසක ඔවා අදිනවද"
කොහොමින් කොහොම අම්මගේ බාධාවල් සහ වටෙන් පැමිණි ප්‍රතිරෝදය මැඩගෙන ජාතික ඇදුමකුත් ඇදගෙන උත්සවේට ගියා......

ගියපු ගමන් වටේ පිටේ ඉන්න අය හැරිලා බලන්න ගත්තේ මං හෙළුවෙන් ආවා වගේ..... ටික වෙලාවකින් එක මට සාමාන්‍ය දෙයක් වුනා....
සමහරු හිනා වෙනවා පෙනුනා...... සමහරු අනිත් අයටත් පෙන්නවා දැක්ක......
සමහරු "උබට පිස්සුද බන් කියල ඇහුව...."
සමහරුන්ට මේක ජෝක් එකක් වගේ වෙලා.....
තවත් අයට මන් නොගැලපෙන කෙනෙක් වෙලා....
තවත් අයට මාත් එක්ක එකට ඉදන් පින්තුර ගන්න එක මදි පුංචි කමක් වුනා......
සමහරු මගේ මුනුට මුකුත් නොකිව්වත් එහෙන් මෙහෙන් මට හිනා වෙනවා කියල මට දැනෙන්න ගත්තා.......
එත්....
තවත් අය මගේ ඇදුම අගය කලා....
මාත් එක්ක එකට පින්තුර ගන්න ඕන වුනා......
ඒ අයටත් එහෙම අදින්න ආසාවක් ආවා කිව්වා.....
මොනවා වුනත්......
මේ වගේ දෙයක් කරන්න මුලිකවම හේතුව වුනේ අපේ පරිගණක අංශයේ  පීඨාධිපතිතුමා අදින්නෙත් ජාතික ඇදුම..... එතුමා නිසා මම මේ ඇදුම අදින්න තීරණය කරා..... ඊලග අවුරුද්දේ තව දෙතුන් දෙනෙක් ජාතික ඇදුම අදිනවා දකින්නයි මගේ පැතුම.....
ඒ මොකද...... 

මගෙයි අනිත් අයගෙයි තිබ්බ එකම වෙනස ඇදුම...... ඒ අය ටයි කෝට් දාද්දි මන් ඇන්දේ ජාතික ඇදුම......
සුද්දා අපේ රටට අවේ නැත්තම් ඒ අයත් අදින්නේ මන් ඇදපු එකම තමා කියල ඒ අයට අමතක වුනා.....
අපේ දේවල් අගයන්න බැරි ..... අපේ කමක් හදුනන්නේ නැති..... බාහිරින් එන දේවල් අගය කොට සලකන ......
අපේ දේවල් හැල්ලු කරන ..... සමාජයක් ඉන්න රටක් දියුණු වෙයි ද ?? ඒනිසා අපි...අපේ දේ වෙනුවෙන් වෙනස් වෙමු......

No comments:

Post a Comment