Monday, February 1, 2016

පුංචි රටට මොකද වෙලා තියෙන්නේ ???



නිදහස් උත්සවේ වගේ ජාතික උත්සවයක ජාතික ගීය භාෂා දෙකකින් ගායනා කිරීම ගැන විවිධ මත පළවුවත් ..... 
සමස්තයක් ලෙස මෙතරම් පොඩි රටක ... රටක් ලෙස අපි අසමගි බව පෙන්නුම් කරනවා නොවේද ?
අපිට එක කොඩියක් ....
එක ජාතියක්....
එක ජාතික ගීයක් ....
වටා එකතු වෙන්න බැරි බවත් අපි බෙදී වෙන්වී ඇති බවත් එයින් පෙන්නුම් කරනවා නොවේද ?

සැමටම උදාහරණයක් වන ඉන්දියාවේ තමිල් නඩුවේ මිලියන 67ක් ඉක්මවා සිටින්නේ දෙමළ බස කතා කරන දමිල සම්බවයක් ඇති ජනතාවකි......
ලංකාවේ මුළු ජනගහනයත් මිලියන 22කි.... ඒ අනුව අපිට වඩා තුන් ගුණයක් දෙමල කතා කරන මිනිසුන් සිටින රටේ ජාතික ගිය දෙමළින් ගයන්නේ නැත.....
ඉන්දියාවේ දෙමල භාෂාව 5වෙනියට වැඩියෙන්ම භාවිත කරන භාෂාවයි...... එත් ඉන්දියාවේ ඇත්තේ එක ජාතික ගීයකි...... ඒ ඔවුන්ගේ ඇති සමගිය නොවේද ?
දෙවෙනියට වැඩිම භාෂාවෙන් වුවත් ඔවුන් ජාතික ගීය ගයන්නේ නැත..... එයයි වෙනස .....

ඒ ඇරත් සිංහල භාෂාව ලෝකේ ඇති එකම රටත් ශ්‍රී ලංකාවයි .... ශ්‍රී ලාංකිකයන් හැටියට එය රැක ගැනීම අපි සැමටම භාරය.....
සිංහල වුවත්....දෙමල වුවත්......මුස්ලිම් වුවත් .....බර්ගර් වුවත්..... මැලේ වුවත් ......
අපි සැවොම ශ්‍රී ලාංකිකයන්ය...... මේ අපේ රටය......
අපේ දේ අපි රැක ගත යුතුය.......

No comments:

Post a Comment