Sunday, February 7, 2016

ජාතික ගීයේ ඇත්ත නැත්ත........


මුලින්ම ජාතික ගීයේ ඉතිහාසය ගත් කල එය තුලත් බොහෝ සිදුවීම්  වී තිබේ.... 1938 දී ඉන්දියාවේ සිට ලංකාවට පැමිණෙන ආනන්ද සමරකෝන් මහතා 1940 දී ගාල්ල මහින්ද විද්‍යාලයේ උගන්වන අතර තුර "නමෝ නමෝ මාතා" යනුවෙන් මේ ගීතය රචනා කර ඇත......මේ ගීතය මියුසියස් විද්‍යාලිය ගායනා කණ්ඩායම පොදු උත්සවයක ගැයිමත් සමග එය බොහෝ ජනප්‍රිය වූ අතර එය එකල වැර්ලස් එකේ ජනප්‍රිය ගීතයක් විය...... ඉන්පසු ජාතික ගීය තේරීමේ තරගයට මෙයත් ඇතුලත් වුවත් 1948 ජය ගන්නේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික ගීය වන්නේ P.B ඉලංගසිංහ රචිත "ශ්‍රී ලංකා මාතා ඵල යස මහිම , ජය ජය සිරි ලෙස ජල ධාරා " ගීතයයි.......  බොහෝ දෙනා සාක්ෂියක් හැටියට ඉදිරිපත් කරන 1949 නිදහස් උත්සවේ ගායනා කර ඇත්තේද මෙම ගීතයයි......
1949 භාෂා දෙකෙන්ම ගායනා කර ඇති බවට ඇති සාක්ෂියක්

ආනන්ද සමරකෝන් මහතාගේ ගීතය නැවත කරලියට එන්නේ 1950 දී මුදල් අමාත්‍ය JR ජයවර්ධන මහතාගේ ඉල්ලීමත් සමගයි....ඒ "නමෝ නමෝ මාතා" ගීතය ජාතික ගීය ලෙස පිළිගන්නා ලෙසයි...... එවිට ආණ්ඩුවෙන් ඒ සදහා කොමිටියක් පත් කරන අතර සුළු සුළු වෙනස්කම් කර එම ඉල්ලීම ස්ථිර කරනු ලබන්නේ 22 නොවෙම්බර් 1951 දිය ....... ඒ අනුව ප්‍රථමයෙන් මෙය 1952 නිදහස් උත්සවේදී ගායනා කරනු ලබයි....... ඉන්පසු එම ගීතයේ ඝන පිහිටු වීම අසාර්ථක නිසා රටට හානියක් බවත් ගීතයේ ආරම්බය වූ "නමෝ නමෝ මාතා"....."ශ්‍රී ලංකා මාතා යනුවෙන් වෙනස් විය යුතු බවට එකල බලයේ සිටි රජය තීරණය කරනු ලබයි..... ඒ 1961දිය..... මෙයින් සිත් තැවුලට පත් ආනන්ද සමරකෝන් මහතා සිය දිවි නසා ගන්නේ 1962 දී මේ වෙනස් කිරීමට විරෝධයක් වශයෙනි........ ඒ ජාතික ගීයේ ඔබ දන්නා හෝ නොදන්නා අතීත කතාවයි......

තත්වය එසේ වුවත් නල්ලතම්බි මහතා මෙහි දෙමල පරිවර්තනයක් කරන්නේ දෙමල බස රාජ්‍ය බාසාවක් වීමටත් ප්‍රථමය..... එය එකල උතුරේ දෙමළ මාධ්‍ය පාසල් වල ගායනා කර ඇති අතර එයට කිසිදු ආණ්ඩුවක් විරුද්ද වී නැත...... ජාතික ගී කතාව නැවත කරලියට එන්නේ මහින්ද රාජපක්ෂ පාලන සමයේය ...... ඒ ඔහු විසින් දෙමළ පරිවර්තනයට තහංචි දැමීමත් සමගය..... ඉන් අනතුරුව උතුරේ ජාතික ගීය එලසින්ම ගායනා කර ඇති අතර "මාතා" "තායේ " වුයේ නැත..... මෙය නැවත කරලියට එන්නේ ජාතික විධායක සභාවට මනෝ ගනේෂන් මේ පිලිබදව අවධානය යොමු කිරීමත් සමගය........ 

මානුෂිය හා තේරුම් ගැනීමට රුකුලක් වුවත් දෙමළින් ජාතික ගීය ගැයීම නීතිවිරෝධී බවට සාධාරණ තර්කයක් ගොඩනැගිය හැකිය...... 

ඕනෑම කෙනෙක් දන්නවාක් මෙන් විවස්ථාවේ පරිවර්තන තුනක් ඇත ..... ඒ පරිවර්තන වල සිංහල පරිවර්තනයේ ශ්‍රී ලංකාවේ ජාතික ගීය ලෙස අංක 7 වගන්තියේ "ශ්‍රී ලංකා මාතා" ලෙස  නම් කර ඇත ..... දෙමල පරිවර්තනයේ වචනයේ තේරුම දෙමළට හරවා ඇති නිසා එය "ශ්‍රී ලංකා තායේ" වී ඇත..... ඉංග්‍රීසි පරිවර්තනයේ එය අර්ථය පරිවර්තනය නොකර වචනය ඉංග්‍රීසියෙන් ලියා ඇත..... එනම් "Sri Lanka Mother" වෙනුවට "Sri Lanka Matha"යනුවෙනි..... 


සිංහල පරිවර්තනය
දමිල පරිවර්තනය ("ශ්‍රී ලංකා තායේ")




මෙය දැන් සැලකීමේදී පරිවර්තනය නිසා නොගැලපීමක් මතුවේ ....සිංහල හා ඉංග්‍රීසි පරිවර්තනයේ එය "ශ්‍රී ලංකා මාතා" වුවත්  දෙමළ පරිවර්තනයේ එය "ශ්‍රී ලංකා තායේ" වී ඇත..... මෙවැනි අවස්ථාවක ගත යුතු පියවරත් විවස්ථාවේ දක්වා ඇත.....ඒ 23.1 වගන්තිය යටතේය...... එහි දක්වා ඇත්තේ .....පරිවර්තන නිසා ගැටළුවක් මතු වුවහොත් නීති සම්මත කිරීමේදී කතිකා කරගත් භාෂාවේ විවස්තාව නිවැරදි බවයි.....ඒ අනුව නිවැරදි වන්නේ සිංහල පරිවර්තනයේ ඇති "ශ්‍රී ලංකා මාතා" ය. මේ නීති තර්කය අනුව මෙය නීති විරෝධිය...... විවස්ථාවේ 7වෙනි වගන්තිය උල්ලංඝනය කිරීමකි.......


23.1 වගන්තිය


නීති තර්ක පසෙක තබා අපි බැලිය යුත්තේ මෙයින් සමාජයට වන යහපත හා අයහපතයි..... යහපත නම් එය අපේ සහෝදර දෙමළ ජනතාවට තේරෙන ජාතික ගීයක් වීමයි..... අනෙක් අතට මහජාතිය අනෙක් ජාතින්ට වෙනස් කම් කරන බවට කෙරෙන චෝදනා පුස්සක් වනු ඇත..... බෙදුම්වාදය ගැනම කතා කරන විග්නේශ්වරන්ට සිංහල සහෝදර කම් මතක් වීමත් අප ලබාගත් ජයක්ග්‍රහනයකි...... අයහපතක් මම මේ තුලින් නොදකින අතර මට ඇත්තේ කනගාටුවකි...... ඒ මෙතරම් පොඩි රටක ....මෙතරම් පොඩි ජනගහනයක් ඉන්නා රටක ජාතික ගී දෙකක් තිබීම අපේ අසමගිය පෙන්නවා නේදැයි යන හැගීමයි..... තනුව එකක් වූවත් පද මාලා දෙකකි..... භාෂා දෙකකි..... එයින් මෙය ජාතික ගී දෙකක් බවට පත් වේ ...... 
මනෝ ගනේෂන්
විග්නේශ්වරන්ගේ නාග විහාර වැදපුදා ගැනීම....
බහුතර දෙමළ ජනතාවට සිංහල භාෂාව තේරෙන හා කතා කිරීමේ හැකියාවන් ඇති නිසා .... මෙහි සාධාරණ හේතුවක් නැති බවත් විටෙක හැගී යයි..... මෙහි අන්තවාදී අදහස් ඇති බව විටෙක හැගෙන්නේ මේ යෝජනා ගෙන එන පුද්ගලයන් නිසාවෙනි..... ඒ මනෝ ගනේෂන් බෙදුම්වාදී ත්‍රස්තවාදයට සක්‍රියවදායක වූ කෙනෙක් නිසාවෙනි..... මේ යෝජනා පසුපස ඔහුගේ අරමුණු අපැහැදිලිය ...... එය සත්භාවයෙන්ම දෙමළ ජනතාව උදෙසාද ....නැති නම් වෙන බෙදිම්වාදී අරමුණක් උදෙසාද ? අපි බලා සිටිමු......  

https://en.wikipedia.org/wiki/Sri_Lanka_Matha
http://www.dailymirror.lk/67545/history-of-sri-lanka-s-national-anthem-mired-in-controversy
http://www.dailymirror.lk/68405/national-anthem-and-nationalism

No comments:

Post a Comment