Sunday, July 31, 2016

කොන්දොස්තර නම් ඒ සොදුරු දේශකයාණෝ .....


කොන්දොස්තර  වනාහි ජිවිතයට ධනාත්මක සිතුවිලි එකතු කරන පුද්ගලයෙකි....

"ඉස්සරහට යන්න මැද්දෙන්  ඉස්සරහට යන්න " කාටත් හුරුපුරුදු වදනකි...
 මෙයින් අදහස වන්නේ මැදුම්පිළිවෙත  අනුගමනය කරමින් ජීවිතය ඉදිරියට ගෙන යන ලෙසය..... කවුරුන් දෙපැත්තේ සිටියත් ඉදිරියටම යන්න, ඔහුගේ අවවාදයයි.....

"මැද්දෙන් අත ඇරලා ඉස්සරහට යන්න" 
ජිවිතයේ සමහර විටෙක අපිට සුවපහසු තැනක් ලැබෙන්නට පුළුවන..... බොහෝ අය එවැනි ස්ථානයක් ලැබුන විට කරන්නේ නැංගුරම්ලා ඔහේ ජීවිතය ගත කිරීමයි....සමහරවිට ඒ ස්ථානය හොදම ස්ථානය නොවුනත් අපි එයට ඇලි ගැලී සිටි..... කොන්දොස්තර මහතා කියන්නේ අපිට අවදානමක් ගන්නා ලෙසය..... අපි හොදට අල්ලාගෙන සිටි ස්ථානය අතහැර ඉස්සරට ගිහින් ඊටත් වඩා හොද ස්ථානයක් ඇද්දැයි බලන ලෙසය..... මෙය පාඩමක් කොට ගෙන අවදානමක් ගෙන ඉදිරියට යන්න ඒ ඔහුගේ පාඩමයි...... 

"බහින අය ලංවෙන්න ..... "
ජිවිතයේ සැලසුමක් තිබීම අපට මෙන්ම අන්අයටත් පහසුවකි ...... හිතුමනාපෙට තීරණ ගන්නවා වෙනුවට සැලැස්මක් තිබීම හොදය..... ඒ  නිසා තමන්ගේ ගමනාන්තේ කලින් දැන් ගෙන දොරගවට කිට්ටු වීමට කටත් පහසුවකි..... අවසාන මොහොතේ සැවොම පෙරලගෙන බැසීමෙන් ඔබත් අන්අයත් අපහසුතාවට පත්වේ......

"මාරු සල්ලි අරන් එන්න..."
මෙයත් කලින් සිතුවිල්ලේ දිගුවකි.... යන්නේ කොහෙද ....කියක් යයිද යනුවෙන් පෙර සුදානමක් තිබීම ඔබේ ගමන පහසු කරයි..... පෙරසුදානම ඔබේ ජිවිත ගමනත් පහසුකරන්නේ නිරායාසයෙනි......

"යන්නේ නැත්තම් යන අයට ඉඩදෙන්න "
අන්අයගේ ගමනට බධනොකරන්න ..... ඒ අයට උදව් කරන්න.....

"බහින අය බෙල් එක ගහලා බහින්න " 
තැනකින් ඉවත්වෙන විට අන්අය දැනුවත් කරන්න එය ඔබේ ගමනට මෙන්ම ඔවුන්ගේ ජිවිත වලටද පහසුවකි.....හොරා සේ බහින්න යාමෙන් ප්‍රශ්න ඇති විය හැක එය වලක්වා ගැනීමට නිරතුරුව අන්අයද දැනුවත් කරන්න..... 

මෙවැනි මහානුභාවසම්පන්න ඔවදන් දෙන කොන්දොස්තර මහතා රුපියලක් දෙකක් වැඩිපුර ගත්විට රවන්න එපා ..... ඔබට ඔහුදුන් අවවාද ගැන සිතා සිත සැහැල්ලු කර ගන්න..... දන්දීම සිහියට නගාගන්න ..... ඒ පාඩම මේ සියල්ලටම වඩා ඔබේ ජිවිතයට වැදගත්ය.....