Wednesday, February 24, 2016

තවත් යුද්දයක් ???

මන්නාරම් පැත්තේ ගෑනු සෙට් එකක් එකතු වෙලා අටවගත්ත සංගමයකින් ජාතික කොඩියේ සිංහයා අයින් කරන්න කිව්වම එක ගොඩක් මාධ්‍ය ලොකුවට හුවා දැක්වුවා...... ඒ වගේ සෙට් එකකට ඒ වගේ ප්‍රසිද්ධියක් දෙන්න ඕනෙද යන්න ගැටලුවකි...... ඒ අයගෙන් ලොකු හානියක් නැති වුනත් .... ලගදි මුස්ලිම් කොන්ග්‍රසයේ සභාපති කරපු ප්‍රකාශේනම් ටිකක් දරුණුය..... ඒ අන් කිසිවක් නිසා නොව රටේ පිළිගත් දේශපාලන පක්ෂයක සභාපති කල ප්‍රකාශයක් නිසාවෙනි....... 

මුස්ලිම් කොන්ග්‍රසයේ සභාපති 
අදටත් මාගේ දැනුමට අනුව ඔහු කල ඒ මුස්ලිම් වෙනම පරිපාලන ප්‍රදේශ පිළිබද ප්‍රකාශය මුස්ලිම් කොන්ග්‍රසය අදටත් ප්‍රතික්ෂේප කර නැත..... 
 ඔහුගේ ප්‍රකශය අනුව දෙමළ ජනතාව වෙනම ප්‍රදේශ වෙනුවෙන් කරන සටන් නතර කරනොමැති නිසා ඔවුන්ගේ සටනත් ඉදිරියට ගෙන යන බවද සදහන්ය..... 
තත්වය භයානකය..... 
ඒ යුද්දයෙන් ත්රස්තවාදය පරාජය කරත් ඒ සදහා මුල් වූ වස්තු විෂයන් තවමත් ජීවමානව ඇති බවත් .... මුස්ලිම් වෙනම පරිපාලන ප්‍රදේශයක් ගැන බලාපොරොත්තුවක් අතීතයේ සිට තිබු බවටත් මෙයින් යම් කිසි හැගවීමක් සිදුකරනවා..... එමෙන්ම ඔහු තවදුරටත් කියාසිටින්නේ පක්ෂයේ නායකයා වූ අශ්රොෆ් මතිතුමගේද එය බලාපොරොත්තුවක් වූ බවයි.... නමුත් එතුමාගේ පුතා විසින් එය වැරදි බව කියසිටියත් ප්‍රකාශයේ තිබු බරපතල තැන් එසේමය...... 

ඉස්සර තිබු හයිය කොන්ග්‍රසයට නැති බව සැබෑය.... ඒ තවත් බිහිවූ මුස්ලිම් පක්ෂ හේතුවෙනි...... එත් කිසිම මුස්ලිම් පක්ෂයක් මෙයට විරෝධය පලකරද නැත..... 

උසාවියට ගල් ගැසූ බදුර්දීන් ආතල් එකේ විල්පත්තු කපන් ඉන්න කොට ගලබොඩඅත්තේ හිමි රිමාන්ඩ් වේ .... දෙදනාම කරේ එකම වරදකි...... නමුත් ගලබොඩඅත්තේ හිමි ගල් ගැසුවේ නැත..... එත් නිතිය ක්‍රියාත්මක වීම් දෙකකි...... 

යුද්දයකින් බැට කෑ අපිට තවත් යුද්දයක් අවශ්‍ය නැත..... මුස්ලිම් සහෝදර සහෝදරියෝ විශාල පිරිසක් මේ ප්‍රකාශයට විරුද්දව නැගීසිටීම ප්‍රශංසනීය..... ඒ බලලා මල්ලෙන් පැන්න නිසා ද ..... නැතිනම් එකම රටක සහෝදරත්වයෙන් ඉන්නට තියෙන ආශාවටදැයි නොදන්නා මුත් බොහෝ විරුද්ද වීම් හදවතින් පැමිණි දේවල් බව දැනුනි...... 

 එකම රටක එකම කොඩියක් යට එකට පෙලගැහෙන එක හීනයක්ම වෙයිද ?

No comments:

Post a Comment