Tuesday, February 2, 2016

වාහන තදබදයට යකාගේ විසදුම්........



උදේ සවස කාර්යාල වෙලාවේදී රටේ හදවත බදු පිටකොටුවට ගමන් කරන කෙනෙක් හැටියට මාර්ග තදබදය මහත් හිසරදයකි.....
පාරේ කන කාලය අතිමහත්ය .....
එයට මා දකින ප්‍රධානතම හේතු කිහිපයකි.....
1. රටේ ප්‍රමාණයට වඩා රථ වාහන වැඩිවීම
2. එක මෝටර් රථයේ එක මගියෙක් පමණක් ගමන් ගන්නා අවස්ථා බහුල වීම 
3. ඉවසීමක් විනයක් නැති කම
4.පොදු ප්‍රවාහන සේවයේ පවතින අඩු පාඩු

මේ කරුණු ගත්කල රටේ ප්‍රමාණයට වාහන වැඩිවීමට ප්‍රධාන හේතුව තමන්ගේ තත්වය ප්‍රදර්ශයනය කරන භණ්ඩයක් හැටියට වාහන පත් වී තිබීමයි.... කුමන හෝ රෝලක් ගසා....ලිසින් කර වාහන ගැනීමට සිහින මවන පිරිස් අතිමහත්ය ..... 
පසුගිය කලේ චන්ද පොරොන්දුවක් වුයේද වාහන මිල අඩුකර සැමට වාහනයක් ලබාදීමයි.......
බදු මිල වැඩි කිරීමත් ..... ලිසින් ගැනීමට 75%කට වඩා වටිනාකමක් සහිත ණයක් ගැනීම වළක්වාලන නීති සැබවින්ම අගය කලයුතු නීති ය.... 
මිනිසුන්ගේ පැත්තෙන් ගත් කල පොදු ප්‍රවාහන සේවයේ අඩුපාඩු නිසා ඔවුන් තමන්ගේ වාහන වෙත යොමුවන බවද සත්‍යය....එහිද වලංගුතාවක් නැතුව නොවේ..... 

ප්‍රථමයෙන් මේ ප්‍රශ්නය විසදීමට කලයුත්තේ වාහන මිලදී ගැනීමත් ...... කාර්යබහුල වේලාවන් හිදී වාහන භාවිතය හැකිතාක් වැලැක්වීමයි....ඒ සදහා බදු වැඩිකිරීම.... අවුරුද්දකට නිකුත් කරන වාහන ගණන සිමා කිරීම වැනි දේවල් හදුන්වාදිය හැකිය...... 
උදාහරණයක් ලෙස සිංගප්පුරුවේ අවුරුද්දකට වාහන බලපත් නිකුත් කරේ සීමිත ගණනකි...... ඒ බලපතක් ගැනීමට වෙන්දේසියට ඉදිරිපත් වී වටිනා කමක් දිය යුතුය....මේ ක්‍රමයෙන් වාහන ආනයනය කිරීමෙන් රටෙන් පිටවන මහා ධනය නවතින අතරම රටේ වාහන ගන්නත් මානව පාලනය වේ ....තවද වාහනයක් ඇති කෙනෙකුට තවත් වාහනයක් ගැනීමට නොහැකිය.....කල හැක්කේ පරණ වාහනය කුඩුකර අලුත් වාහනයක් ගැනීමයි..... මෙමගින් පාරට පැමිණෙන වාහන ගණන විශාල වශයෙන් අඩු විය..... 
1980 164,500 වාහන තුබූ අතර එය 1989 වන විට  271,200 විය . මේ කෝටා ක්‍රමයත් සමග 1990 සිට 1993 දක්වා ලියාපදිංචි වාහන 41,000 කින් අඩුවිය .මෙයට එරට තුලද බොහෝ විරෝධතා තිබුනත් ඔවුන් එය සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී..... 

ඔවුන්ගේ ඊලග වැයම වුයේ කාර්යබහුල වෙලාවල් වල නගර සීමාවට ඇතුළු වන වාහන වලින් ගාස්තු අය කිරීමයි..... එය එරට වැසියන් "එදිනෙදා මංකොල්ලය " යනුවෙන්ද නම් කරේ දිනපතා ඇතුළු වන වාහන ගණනක් ගෙවිය යුතු නිසාවෙනි..... ස්වයංක්‍රිය වාහනයේ සවිකරන ලද යන්ත්‍රයකින් ගාස්තු අයවන අතර ඒ යන්ත්‍රයට දමන කාර්ඩ් පතට මුදල් දැමිය යුතුය ........මෙමගින් කිහිප දෙනෙක් එක වාහනයක් භාවිතා කරන මට්ටමට ගෙන ඒමට ඔවුන්ට හැකිවිය..... වෙනදා තනියෙන් ගිය වාහනයේ දැන් තුන් හතර දෙනෙක් ගමන් කරන්නේ මෙකි ගාස්තු හා ඉන්දන ගාස්තු බෙදාගෙන ගමන් කිරීමටය......

මේ කුමන බාධා දැමුවත් පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කල යුතුමය.....ඒ සදහා මගින් බහුලව ගමන් ගන්නා මාර්ග සදහා සුඛෝපබෝගී බස් රථ යෙදවිය යුතුය.....යොදවා ඇති ඒවා විදිමත් කල යුතුය.......සාමාන්‍ය බස් රථ වලින් ඔබ්බට යායුත්තේ තමන්ගේ වාහනයක ගමන් ගත් කෙනෙකුට ඒහා සමාන සැපපහසු කම් ලබාදිය යුතුනිසාවෙනි.......ඒ සදහා ඉහත සදහන් පරිදි අයකරන ගාස්තු ආයෝජනය කල හැකිය.... කැළණි වැලි දුම්රිය සේවයද වැඩි දියුණු කිරීමෙන් තවත් ප්‍රවාහන සේවය ශක්තිමත් කල හැකිය....... මොනෝ රේල් වලට කලින් අපේ තියෙන ප්‍රවාහන සේවා දියුණු කලයුතු බව මගේ හැගීමයි...... 

මේ ප්‍රශ්නය විසදීමේදී ගැටළු රාශියක් .......උද්ගෝෂණ ......වැඩ වර්ජන ....... ඇතුළු තවත් එකිමෙකි නොකී ප්‍රශ්න මතුවිය හැක.....ඒවා වලට බියවී යෝජනා හකුලා ගන්නවා වෙනුවට ඒවා ගැන ජනතාව දැනුවත් කර සහය ලබාගත යුතුය..... ජනතාවට බස් එකේ යන්න කියා ඇමතියෝ BMW එකේ ගිහින් මේ වැඩේ කරන්න බැරිය..... ජනතාවට දුක් විදින්න කියනවා නම් .......ජනතා නියෝජිතයන් ඒ දුක් ඊටත් වඩා විදිය යුතුය.....එත් එසේ සිතන ජනතා නියෝජිතයන් නැති නිසා .......
අද වගේම හෙටත්.....හෙට වගේම අනිද්දාත් ........ මැරෙන තුරාවට මේ ප්‍රශ්නය නොවිසදී තිබෙනු ඇත........  

සිංගප්පුරුව මේ ප්‍රශ්න විසදු ආකාරය දැක්වෙන සටහන්.......

http://www.freepatentsonline.com/article/Transportation-Journal/20915358.html
http://transportpolicy2013.blogspot.com/2013/04/singapore-traffic-congestion-solution.html
http://sbr.com.sg/economy/commentary/singapore-reveals-3-economic-solutions-traffic-congestion-asian-peers

No comments:

Post a Comment