Sunday, March 26, 2017

පිරිමි හිංසනය


සැමදෙනාම කාන්තා හිංසනය ගැන කතා කරන නමුත් පිරිමින්ට කාන්තාවන්ගෙන් වෙන  හිංසනය ගැන කතා කරන්න කවුරුත් නැත .....  සංවිධානද නැත .....
ඉදන් ඉන්නා විට මුහුණ දෙන මුලිකම හිංසනය නම් උරහිසේ යටි බඩ පාර්ක් කිරීමයි ..... මෙය ඉතාමත් පිළිකුල් සහගත ගමනකට මග සාදන අතර කවුරුත් ඒ ගැන තැකීමක් නැත .....
උස කොල්ලෙක් මුහුණ දෙන මීලග ප්‍රධානතම හිංසනය වන්නේ තනමඩල මුහුණේ ඇතිල්ලිමයි.... උදැසන කාලයේ මෙය තරමක් ඉවසා සිටිය හැකිවුවත් සන්ධ්‍යා කාලයේ ඉවසා සිටිය නොහැකිය .....
මේ අනුව ගත් කල අසුන් ගෙන සිටීමේදී හිංසනය වන පිරිමියා සිට ගත් පසු මුහුණ දෙන්නේ ඊටත් වඩා භයානක තත්වයකටය.....
සෙනග පිරිණු බස් වල දීර්ඝ ඇලපිල්ලක් සේ ගමන් කරන අපිට රියදුරු මහතාගේ මෘදු තිරිංග පහරවල් හමුවේ ලග සිටිනා කාන්තාවකගේ ඇගේ වැදුනොත් ලැබෙන්නේ රැවුම් ගෙරෙවුම්ය ..... "මොකද ආ " "මොකෝ ඇගට එන්නේ " යනුවෙන් ශබ්ධ නගා ඇසුවොත් කලහැක්කේ ලග ලග බස් එන පාරක්නම් ඊලග බස් එකේ යාමය .... නැත්තම් වටේ පිටේ සිටින උන්ගේ රැවුම් උපහාස අපහස මතින් ගමනාන්තය කරා ගමන් කිරීමයි .....
මෙකි කාරනා කෙසේ වුවත් ශ්‍රී ලාංකීය බස් වල ජැක්සන්ලාගේද අඩුවක් නැත.... එකී සුවහසක් වූ ජැක්සන්ලා නිසාවෙන් අපිටත් ජැක්සන් ලේබල් වැදීම සාධාරණද ???
මේසා ප්‍රශ්න ගොඩක් ඇතිව ගමන් කරන අපිට කාගේ සරණක්ද ???