Thursday, February 4, 2016

රටක් ලෙස අපි අසමගිද ?


නිදහස් උත්සවේ වගේ ජාතික උත්සවයක ජාතික ගීය භාෂා දෙකකින් ගායනා කිරීම ගැන විවිධ මත පළවුවත් ..... 
සමස්තයක් ලෙස මෙතරම් පොඩි රටක ... රටක් ලෙස අපි අසමගි බව පෙන්නුම් කරනවා නොවේද ?
අපිට එක කොඩියක් ....
එක ජාතියක්....
එක ජාතික ගීයක් ....
වටා එකතු වෙන්න බැරි බවත් අපි බෙදී වෙන්වී ඇති බවත් එයින් පෙන්නුම් කරනවා නොවේද ?

එකම සින්දුව භාෂා දෙක තුනකින් එකම අර්ථය එන්න  කියන විට... එය එකම ගීයක්ද යන්න හිතා ගැනීමට අපහසුය..... එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේද පිළිගෙන ඇති බව ඇතමේක් සදහන් කරන අතර එය කියවා බලා සනාථ කිරීමට තරම් කාලයක් නොලැබුණි..... එවැන්නක් ප්‍රාදේශීය මට්ටමේ උත්සව ගායනා කර බවට සාක්කි තිබුනත් .... ඊටත් එහාට ගොස් 1949 නිදහස් උත්සවේද මේපරිද්දෙන්ම භාෂා දෙකෙන්ම ගායනා කර ඇත...... ඒ අනුව ගත් කල එහි අවුලක් නැත...... ඇති එකම අවුල නම් තවත් දිනෙක මෙය ඉංග්‍රීසි භාෂාවෙන් ගායනා කල යුතු බවටත් අපේ බර්ගර් ජනතාවට ජාතික ගීය වඩාත් සමීප කරනු වස් එය හොද තීරණයකි....... අවශ්‍ය නම් අපේ මුස්ලිම් මිතුරන් සදහා එය අරාබි භාෂාවෙනුත් ....... තවත් භාෂා වෙනුවන් එය තව තව භාෂා වලට පරිවර්තනය කර සංහිදියාව වැඩි කලහැක....එත් රටක් හැටියට අපි එකම දෙයක් පසු පස යනවාද නැතිනම් එකිනෙකාට ඕනේ ආකාරයට වෙනස් වෙනස් මාර්ග වල ගමන් කරනවාද යන්න ගැටලුවකි........ 

මේ ආකාරයට භාෂා ගණනාවක් දීමෙන් හෝ මේ ප්‍රශ්න විසදෙනවා නම් එයත් එක්තරා විදියකට සතුටකි..... ඒ තවත් යුද්දයක් අනවශ්‍ය බැවිනි..... පිරිසක් එක්ව වැඩක් කරන විට තීන්දු තීරණ ගන්නේ බහුතර කැමැත්තටය...... ජනාධිපතිවරණේ වුවත් 52% මොහු ජනාධිපති කරන්න කියන විට 48% එපා මොහුව ජනාධිපති කරන්න කියයි.....අවසානයේ ඒ සියලු දෙනාගේම ජනාධිපති වන්නේ වැඩි ප්‍රතිශතයක් ලබාගත් තැනැත්තාය ...... ඒ අනුව රටක් වශයෙන් මහා ජාතිය වටා අනෙකුත් ජාතින් එකතු වියයුතුය....... එපා කිව් 48% නව ජනාධිපති පිළිගත යුතුය...... එසේ නොකර අනෙක් කොටසට අභියෝග කිරීමෙන් ඇති වන්නේ ගැටුමකි....... සමගිය අවශ්‍ය වන්නේ එවිටය......

ඒ ඇරත් සිංහල භාෂාව ලෝකේ ඇති එකම රටත් ශ්‍රී ලංකාවයි .... ශ්‍රී ලාංකිකයන් හැටියට එය රැක ගැනීම අපි සැමටම භාරය.....
සිංහල වුවත්....දෙමල වුවත්......මුස්ලිම් වුවත් .....බර්ගර් වුවත්..... මැලේ වුවත් ......
අපි සැවොම ශ්‍රී ලාංකිකයන්ය...... මේ අපේ රටය......
අපේ දේ අපි රැක ගත යුතුය.......

මෙවැනි දේවල් කථා කිරීමේදී මම අතිශය පරිස්සම් වෙමි......මට ඇති දෙමල මුස්ලිම් මිතුරන් ගණන ඉතා සීමිතය...... ඒ කිසිම කෙනෙක්ගේ හිත වචනයකින් හෝ රිදවීමට මම අකමැතිය..... ඒ අන් සියලු දේවල් වලට වඩා ඔවුන්ගේ මිතුදම වටිනා බැවිනි...... සිංහල මුස්ලිම් ගැටළුවක් ගැන මම සොයාගත් තොරතුරු සිංහල මිතුරෙකුට කිව් විට මට ලැබුනේ "ජාතිවාදී වැඩ වලට මම කැමති නෑ" යන පිළිතුරයි....එහි සත්‍ය අසත්‍ය තාව සොයනවටත් වඩා ඔහුට ඒ ගැන කතා කිරීමම ජාතිවාදිය.....එත් මුස්ලිම් මිතුරෙක්ගෙන් මට ලැබුන පිළිතුර වුයේ "යමන් මචන් මාත් ආසයි ඔකේ ඇත්ත හොයන්න"......එනිසා යම්හෙයකින් ඔබේ සිත රිදුනනම් සමාවෙන්න ....... මම අසාකරන්නේ සැවොම එක්ව එකිනෙකා අභිබවා යනවට වඩා සැවොම එකතුව රට ඉස්සරහට ගෙන යාමටය......

එත් කෙනෙකුට,
තමන්ගේ ආගම ..... ජාතිය ගැන කතා කරන එක ජාතිවාදී නම් ඔව් මම ජාතිවාදියෙක්........
ප්‍රශ්නයක් අවම හරි පැත්ත ගැන කතා කරන එක ජාතිවාදී නම් ඔව් මම ජාතිවාදියෙක්........
අපේ උරුමය .... අපේ ඉතිහාසය ගැන කතා කරන එක ජාතිවාදී නම් ඔව් මම ජාතිවාදියෙක්.....
ලංකාවේ වෙන දේවල් ආගම ජාති ගැන හිතන්නේ නැතුව කතා කරන එක ජාතිවාදී නම් ඔව් මම ජාතිවාදියෙක්.....
ඇස් දෙකට දැකපු දේවල් ගැන කතා කරන එක ජාතිවාදී නම් ඔව් මම ජාතිවාදියෙක්........
ලංකාවේ තියෙන දේවල් විනාස වෙනකොට ඒ ගැන කතා කරන එක ජාතිවාදී නම් ඔව් මම ජාතිවාදියෙක්.......
අපේ තියෙන දේවල් නැති වෙලා යනකොට ඒ ගැන කතා කරන එක ජාතිවාදී නම් ඔව් මම ජාතිවාදියෙක්.......
අපේ ඉස්සර පාරවල් වල තිබ්බ නම් වෙනස් කරලා අලුත් නම් දාන එක ගැන කතා කරන එක ජාතිවාදී නම් ඔව් මම ජාතිවාදියෙක්.......
රට කෑලි වලට කඩන්න හදන කොට ඒ ගැන කතා කරන එක ජාතිවාදී නම් ඔව් මම ජාතිවාදියෙක්.......

මේ රට අපි හැමෝටම අයිති..... අපි හැමෝගෙම මුලාරම්භය කොහේ වුනත් අපි දැන් ඉන්නේ මේ රටේ ශ්‍රී ලාංකිකයන් විදියට ..... එත් තව ජාතියක් තවත් ජාතියක් නැති කරගෙන ඉස්සරහට එන එකට මම විරුද්දයි..... ඒ ගැන කතා කරන එක ජාතිවාදී නම් ඔව් මම ජාතිවාදියෙක්......
අපි මේ ගැන කතාකරමු..... මේ ආපේ පරම්පරාවේ වාරයයි....... අපි මේ වාරයේවත් එකතු වෙමු...... 
ජය.....

No comments:

Post a Comment