Thursday, March 3, 2016

නිර්මාණශිලිත්වයෙන් පොහොසත් අපේ රටේ යාචකයෝ.........

වැඩඇරී ගෙදර යාමට බසයක් සොයා  බලා ගමන් ආරම්භ කල ටික වෙලාවකින් මා පසු පසින් සද්දයක් ඇසුණු නිසාවෙන් හැරි බැලු මා දැක්කේ කටින් කෙල පෙරා ගෙන දගලන දුප්පත් පාහේ පුද්ගලයෙකි...... ඔහුගේ මල්ලේ තුබූ හාල්, පරිප්පු, ළුණු කොළ හා සෝයා මිට් පැකට් එක සියල්ල තැන් තැන් වලය.....සද්දයක් අසුනේ ඒ පොලිතින් මල්ල පිපිරී යාමෙන්ය..... 

මිනිසුන් කවුරුත් ලංනොවී ඈත ඉදන් බලා සිටි....... ඔහු තාමත් වෙව්ලයි.......
මිනිසුන් බලා සිටි ....... ඔහු තාමත් කටින් සේම දාමින් වෙව්ලයි..... 

මගේ අසල වූ කෙනෙක් ඔහු ලගට ලංවෙත්ම ඔහුට පියවි සිහිය ලැබුණු අතර කදුළු පිසදමමින් හැලුන බඩු එකතු කරන්න පටන් ගනී..... එයට උදව් දෙමින් ඔහුත් බඩු එකතු කර දුන් අතර සාක්කුවට අත යැවූ ඔහු මුදලිනුත් ආධාර කරන ලදී...... ස්තුති පුර්වකව ඒ මුදල් ලබාගත් ඔහුට වටේ සිටි අයද ආධාර කිරීමට පටන් ගත්තේ සියේ කොළ පන්සියේ කොළ වලින්ය...... ලැබුණු මුදල් වලින් එවැනි බඩු මලු 5ක් 6ක් ගැනීමට වුවත් ප්‍රමාණවත් වුවත් .....

තවමත් කදුළු පිසදමමින් හල් එකතු කරන්න ගනී...... යන එන  අය මුදල් ලබා දෙයි.....
කදුළු පිසදමමින් හල් එකතු කරන්න ගනී...... යන එන  අය මුදල් ලබා දෙයි.....

මේ ජවනිකාව නරබා ..... නැවතත් මා ගමන් ඇරබුවේ මටත් ඔහුට ආධාර කරන්න තිබුනා නේද යන් සිතුවිල්ලෙනි ....... එත් ඔහුගේ හැසිරීමත්.... ශරීර ලක්ෂණ අනුව දිනපතා අනුමත වී කන සාක්කුවේ තැන්පත් කරගන්නා කෙනෙකුගේ ස්වරුපයත් දිස්වූ නිසා තරමක දෙගිඩියාවෙන් ගමන් කල මට දක්නට ලැබුනේ......

හාල් , පරිප්පු, ළුණු කොළ පෑගී පොඩිවී ගිය තවත් ස්ථානයකි....... ඒ අපේ අපස්මාර රෝගී දුප්පතා ...... මිට කලින් මේ ස්ථානයේද හදිසියේ රෝගී වී ඇති බවකි......  

නිකන් කන්න ඉල්ලන්නේ නැතුව මේ හිගන්නා නිර්මාණශීලි වී ඇත..... වෙනත් අය දවසේ ලබන අදායම මොහු දර්ශන වාර දෙකකින් ලබාගෙන ඇත..... මේ වැඩේ නිතර නිතර කරන්න බැරිය..... හැබැයි අදායම සරුය..... ලංකාවේ සෙනග ගැවසෙන ස්ථාන රාශියකි.... හෙට මේ අපස්මාර රෝගියා ඔබේ නගරයේද රග දක්වනු ඇත..... හැබැයි මෙහි විපාකය විදීමට සිදුවන්නේ සැබෑ අසරණ රෝගීන්ය.... හෙට දිනයේ එවන් කෙනෙක් සැබවින් ඇදවැටුනත් අපි ගණන් නොගනු ඇත...... ඒ නිසා පාරේ ඇදවැටෙන සියලු දෙනාට උදව් කරන්න.... නැතිනම් මා මෙන් ඔහු පියවි සිහියට එනතෙක් බලා සිටින්න..... 

No comments:

Post a Comment