Monday, February 13, 2017

ඔලමොට්ටලකමද? කාලකන්නිකමද ?


අරාෂ් යනු මහලොකු ගායකයෙක් නොවුවත් ඔහු රසිකයන් මිලියන 2.7යි ගණනක් සිටිනා තම නිල ෆේස්බුක් පිටුවේ පලකරේ "ශ්‍රී ලංකාව කොච්චර ලස්සනද" යනුවෙනි ..... එකට අපේ එවුන් දාපු කමෙන්ට් කියවීමෙන් ඇති වුනේ මහත් සංවේගයකි ..... අප රටට ඔබ සාදරයෙන් පිලිගන්නවා.... පැමිණියාට ස්තුති... හොද නිවාඩුවක් ගත කිරීමට ලැබේවා.... මේ ස්ථානත් බලන්න යනුවෙන් සදහන් නොකර ඔවුන් සියල්ල සටහන් කර ඇත්තේ පල්හෑලිය.... කුණු හර්පය.....



එහි තිබු තවත් විදේශිකයෙකු සටහන් කල "Yes, i went there. Very nice country and well behaved people." කමෙන්ට් එකට තිබුනේ මෙවැනි ප්‍රතිචාරයකි "You are welcome bro.... මේ ආයි එන්න උකන්න ලෑස්ති වෙන්න එපා ඉන්න රටකට වෙලා හිටහන්"



මේවා ගුගල් ට්‍රාන්ස්ලේට් පාවිච්චි කර ඉංග්‍රීසියට හරවා බැලීමට අරාෂ්ට හෝ වෙනත් විදේශිකයෙකුට ඇගේ පතේ අමාරුවක් නැති වුනත්... අපේ රටට නොමිලේ ලැබුන ප්‍රචාරණ අවස්ථාව අපි අහිමි කරගෙන අවසානය ... රටේ තරුණ පරම්පරාව මෙවැනි ඕලමොට්ටලයන් නම් කාලකන්නින්නම් තව අවුරුදු 30කට 40කටවත් මේ රට ගොඩ යන්නේනම් නැති බව තක්කෙටම පැවසිය හැකිය ......