Thursday, December 17, 2015

ඒකාබද්ධ විපක්ෂයේ විරෝධය ......



මොවුන්ගේ සමහරක් විරෝධ වලට පදනමක් හා සාධාරණ වුනත් තවත් සමහරක් කරුණු හාස්‍යජනකය .......

1. පාර්ලිමේන්තුවේ ඉන්න ගැඩවිලොන්ට අවුරුදු 5ක් නිකන් හිටියම පෙන්ෂන් දෙන එකේ මේ මිනිස්සු එක ගන්නේ අවුරුදු 20ක් 30ක් වැඩකරලා.... එක නිසා පාර්ලිමේන්තුවේ ඉන්න උන්ගේ පැන්ෂන් කපන්න ....ඊට පස්සේ මේක ගැන හිතමු......

2.මුලින් ඉල්ලුවේ පඩි වැඩිකරන්න එක කරාට පස්සේ එක මුලික පඩියට එකතු කරන්න .... ඊට පස්සේ ආයි පඩි වැඩි කරන්න ....ඊට පස්සේ අයි ඕක මුලික වැටුපට එකතු කරන්න..... දීමනා විදියට පඩි වැඩි කරත් මුලික වැටුපට එකතු කරන එක ලොකු වැඩක් .... ඉස්සර මහින්ද 2500ක් දෙන්නම් කියල අන්දපු කාලේ කට වහන් හිටියා.....දැන් දුන්නට පස්සේ එක මුලික වැටුපට ඕනේ ..... 

3.හෙවිල්ලක් බැලිල්ලක් නැතුව රැල්ලට මිනිස්සු රාජ්‍ය සේවෙට ගත්තා ..... හැබැයි වාඩි වෙන්න පුටුවක් නෑ.....වැඩ කරන්න මේසයක් නෑ..... දැනටත් රජය සේවය ඕනෙවටත් වැඩි ...... ඉතින් තවත් අරන් පඩි ගෙවන්න ඒකාබද්ද විපක්ෂේ සල්ලි දෙනවද දන්නේ නෑ.....

4.පාර්ලිමේන්තුවේ හොරුන්ට බලපත්‍ර හොදයි ..... අපිට නරකයි..... මුලින් උන්ගේ බලපත්‍ර කපමු ....ඒකාබද්ද විපක්ෂේ එකට කැමති වෙයිද .??? 
බදු සහන දීල වාහන ගත්තත් ..... පාරේ යන්න ඉඩ නැත්තම් වැඩක් තියෙනවද ..... ඉස්සර බලපත්‍ර දුන්නම වුනේ එක විකුණලා ඒ සල්ලි වලින් බලපත්‍ර අයිති කාරය වාහනෙකුයි ..... බලපත්‍රේ ගත්ත මිනිහ එකෙන් තව වාහනයක් ගත්ත එක .... එකෙන් එක බලපත්‍රේන් වාහන දෙකක් පාරට ආවා.... මේක අඩුවෙනවා පර්මිට් එක නැතුව සල්ලි දුන්නම.....

5. EPF / ETF ගැන නම් විරුද්දයි.... එක තිබ්බ විදියටම තියෙන්න ඕනේ...එයින් සාර්ථක ආයෝජන සිදුකරත් එයට එක එක විකුර්ති කිරීම අනුමත කල නොහැක....

6. පවුද්ගලික අංශයේ වැටුප් තීරණය වන්නේ ඒ පුද්ගලයා කොතරම් එම සමාගමට වටිනවාද යන්න මතය...එම නිසා රජයට කළහැකි දෙයක් නොමැත...... 

7.පැය 8 වැඩ කාලෙනුත් අඩක් වැඩක් නොකරන නිසා පැයක් 9ක් කෙසේවත් වැඩක් නොකරයි.....නමුත් පඩි වැඩි වීම් ගැනනම් කතා කරයි

8. බදු වැඩි නොකර ඉල්ලන සහන කෙසේ දෙන්නද.... හැබැයි ඇමතිමන්ඩලය අඩු කිරීම පළමුවෙන් කලයුතුය..එවිට සැහෙන මුදල් ඉතිරි කරගත හැකිවුවත් පවතින දේශපාලන ජඩ කම නිසාවෙන් මෙය සිදුකිරීම හීනයකි....

9. මෙයත් රථවාහන තද බදය නිසා ගත් තීරණයක් වුවත් ..... ආණ්ඩුවේ ගොන් කම මැනවින් කියාපායි..... ලංකාවේ අපිට පෙට්‍රල්  නිධි නැත..... හැබැයි රටක් ලෙස සුර්ය ශක්තිය අවුරුද්ද මුළුල්ලේ නිරන්තරයෙන් ලැබේ... එත් සුර්ය ශක්තියෙන් බලශක්ති අර්බුදයට විසදුම් සෙවීමට නොයෑම හාස්‍යට කරුණකි.... නිවාස මට්ටමින් සුර්ය ශක්තියෙන් බලය උත්පාදනය කර එයින් වාහන චාජ් කිරීම කලහැක.... එමෙන්ම නියමු වැඩසටහනක් ලෙස විද්‍යුත් මෝටර් රථ මිලදී ගන්නා අයට සහන මිලට සුර්ය කෝෂ ලබාදිය හැකිය....මේ කිසිවක් සදහා කිසිම පියවරක් නොගැනීම ආණ්ඩුවේ අනාගත දර්ශනය මැනවින් පෙන්නුම් කරයි...... සංවර්දිත රටවල් හැකිතාක් පෙට්‍රල් වාහන පාලනය කිරීමට නිතිගෙනෙන අවදියේ ලංකාව හැකි සෑමලෙසකින්ම  එය අඩපන කරයි......

10. රසායනික පොහොර වලින් ඉවත්වී කාබනික පොහොර වලට අනුගත වීමට පොහොර සහනදාරය කැපුවත්... එහි කාබනික පොහොර වැඩසටහන පැහැදිලි නැත...... කුමක් කරන්න යනවාදැයි පැහැදිලි නැත.....පෙරදිග ධාන්‍යා ගාරය හිස්කිරීමට යනවාදැයි සැක සහිතය.....

පොදු විපක්ෂයේ සමහර කරුණු සාධාරණ වුවත් .... සමහරක් විහිලුවකි...... රජයක් ලෙස ගත් කලත් සමහර යෝජනා විහිළුවකි..... එදා මෙදා තුර ශ්‍රී ලාංකීය දේශපාලනයේ සිදු වුයේ ආණ්ඩුව අයවැය ගැන පුරසාරම් දොඩන අතර විපක්ෂය එයට විරුද්ද වීමය....... එය ලංකාවේ දේශපාලනයට කවදත් පොදු සාධකයකි.....

රට පුරාම වැඩවර්ජන උද්ගෝෂණ ...... 
ඉස්සර නම් වැඩවර්ජනයක් උද්ගෝෂණයක් ආවම 
එක්කෝ කට්ටියව සල්ලි වලින් නවනවා...... 
නැත්තම් දෙකට නවල වෑන් එකේ දාන් යනවා ...... 
වෙනස කොහොමද ...... වෙනස සැපද ??

No comments:

Post a Comment