Wednesday, December 9, 2015

නාදුනන මිතුරන්ගේ කිලිනොච්චි සවාරිය පාර්ට් 1

උදෑසන අවදිවීම මට කොහොමත් අමාරු වැඩකි ...... 
පරක්කු වී නිදගත් මට මෙය තවත් අමාරු දෙයකි ....... 
විනෝදයට එක එක දේවල් ලියුවත් මම සැබෑ මාධ්‍යවේදියෙක්ද නොවේ ....... 
එතනට ගිහින් ලජ්ජ වෙන්න වෙයිද දන්නෙත් නෑ යන දෙගිඩියාවෙන් ඇදේ ඉදන්ම කල්පනා කරේ කුමක් කරන්නද යනුවෙනි..... 
කෝට්ටේ ගෙදර සිටියානම් කෙටි වෙලාවකින් වැඩමුළුව පැවැත්වෙන ස්ථානයට යන්නට තිබිණි.... එත් කරුමෙක මහත මා දැන් රත්මලානේ ගෙදර සිට නාරහෙන්පිටට යායුතුය.......
උදැසන ලැබූ අඩු නින්දත් ....... සැබෑ මාධ්‍යවේදියෙක් නොවන නිසා විදින්නට වෙන ලැජ්ජාවත් ...... ගමන් කිරීමට ඇති දුරත් මට කිව්වෙම අනිත් පැත්ත හැරී නිදාගන්නා ලෙසයි...... 
අමාරුවෙන් තීරණයක් ගත් මම නැගිට ලෑස්ති වී ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට පැමිණියේ ප්‍රමාදවය........ 
විශාල පිරිසක් නොවුවත් සැලකියයුතු පිරිසක් එහි විය ...... වවුලාගේ ගෙදර ආවම එල්ලිලා ඉන්න ඕනේ නිසා මුල්ලක් අල්ලගත් මා වැඩසටහන පටන් ගන්නා තෙක් ඔහේ බලාසිටිමින් කල්පනා කරේ පැමිණ සිටි බහුතරයක් වූ දෙමළ සහෝදර සහෝදරියන් සමග කෙසේ වැඩකරන්නද යන ප්‍රශ්නයයි..... ඒ මට දෙමළ වචන කිහිපයක් හැරුන විට වෙන කිසිවක් බැරි නිසාවෙනි..... 
වැඩසටහන පටන් ගෙන සුළු මොහොතකින් ඉදිරි පෙළ අසුන් පිරවීමට පිටුපස පේලියේ සිටි මට ඉදිරිපස අසුනකට ආනයනය වීමට සිදුවිය.... දැන් ඇත්තේ තම තමන් හදුන්වා දීමේ වටයයි.... සියල්ලන්ම මාධ්‍ය ආයතනවල අත්දැකීම් බහුල අය..... මම කොහෙවත් සිට පැමිණි පිස්සෙකි..... 
මම blog එකක් කරනවා කිව්වට.... තිබු blog එකත් අයින් කර බොහෝ කල්ය.... ඒ කිසිදු ප්‍රතිචාරයක්වත් කිසිවෙක් නොකියවන නිසාවෙනි...... හැබැයි ඒ blog එකේ වස්තු විෂය වුයේ පාසල් කාලයේ මගේ තිබු ආදර සම්බන්ධයක් වටා ගෙතුණු කතා මාලාවකි ...... මගේ ආදර කතාව එච්චරට අසමත්ය..... 
කොහෙමෙන් කොහම හරි මම මාව හදුන්වා දුන්නේ අපහසුවෙනි...... මගේ හදුන්වා දීමෙන් මග වැරදි ආපු කෙනෙක් ලෙස අනිත් අයට සිතෙන්ට ඇත.....
සියලු දෙනාම හදුන්වා දුන් පසු blog කටුවක් කරන එකෙක්ට සිටියේ මම විතරය..... රටේ නමගිය පුවත්පත් වලින් කට්ටිය පැමිණ ඇත..... කුමක් කරන්නද ..... වවුල් තියරිය අනුගමනය කලයුතුය......

තේ පානය සදහා තරගය නතර කරන විට මා කවුරුන් සමග සෙට් වෙනවාදැයි කල්පනා කලමි..... 
හදුන්වාදීම ඉංගිරිසි භාෂාවෙන් කල කිහිප දෙනෙක් එකට සෙට් වී ඇති තැනට මා ගියේ මගේ කඩුව එචචර හොද නැතිවුවත් ලාවට කැපෙන නිසාවෙනි ...... 
සුපුරුදු පරිදි පාදයක් ඉදිරියට තබා කඩුව ඉදිරියට ගෙන ඒ මේ අත වැනුවත් වචන දෙක තුනක් ඇරෙන්න දෙයක් ඔවුන් මා සමග කතා නොකළේය ...... 
කාටවත් නොපෙනන සේ කඩුව කොපුවට දමාගත මම කල්පනා කරේ මම දැන් කුමක් කරන්නද කියාය.....
මිතුරන් බිහිකර ගැනීමේ පලමු මෙහෙයුම අසාර්ථකය ....
මං එක්කෝ ගෙදර යනවා ..... මේ වැඩේ හරි යන්නේ නෑ..... එසේ සිතුවත් සමගම වැඩමුළුව මෙහෙයවන ආමන්ත අපේ මේසයට පැමිණ මාත් සමග කතා කළේය.....
මගේ පැමිණීම ඔහු අගය කළේය ..... වෙනස් රැකියවක් කරන මට ඔහුගේ ඒ වචන හතර පහ පොඩි තල්ලුවක් දුන්නේ තව පොඩ්ඩක් ඉදලා බලන්න කියාය..... 
කෙසේ හෝ ඉන්පසු තිබු වැඩසටහනෙන් පසු අපේ විශේෂාංග ලිපියකට අදහස් පල කල යුතුව තිබිණි..... ඒ අදහස් වලින් සිත් ගත් අදහස් කිහිපයකි... 
මඩකලපු කාන්තාවන් අසු වී ඇති ණය බර උගුලත් ...... 
නුවරඑලිය සැදීමට යන වෙළද සැලත්..... 
දුම්බර ගමේ කතාවත් ..... 
මුලතිව් ගමක් ගැන කතාවත් ..... 
අමු මිරිස් මිල වැඩිවීමට හේතු සේවිමත්ය ......
එයින් වැඩියෙන්ම සිත් ගත්තේ මඩකලපු කාන්තාවන්ගේ ණය බර ප්‍රශ්නයත් .... මුලතිව් ගමත්ය...... අනෙක් අදහස් කරන බවක් පෙනන්නට නැත..... කලින් වතාවක් යුද්දය අවසන් වී ටික කලකින් එහි සංචාරය කර ඇති නිසා එහි ප්‍රගතියත් බලාගැනීමට හැකිවන නිසා අවසානයේ මගේ තීරණය වුනේ මුලතිව් ගම්මානයයි ..... මගේ කණ්ඩායමට රුබන් ( අදහස ) , ආදිල් , මේගලා ඇතුලත් විය ...... රුබන්ගේ ඒ කතාවේ ඇති භයානක කම හා අභියෝග විස්තර කරත් අපි සියලු දෙනාම ඒ අභියෝග වලට කැමති බව දන්වා කිලිනොච්චි යාමට විදියක් සේවුවේය ....

දිවා ආහාරයෙන් පසු තිබු කෙටි වැඩසටහන අතරේ රුබන් කිලිනොච්චි යාමට බස් හෙව්වේය..... 
අනිත් අයට අපිට නියමිත මුදල් ලබා ගන්න කියා මම ඉක්මනින් ගෙදර ගියේ ගමනට අවශ්‍ය බඩු රැගෙන ඔවුන් මුණගැසන බවට පොරොන්දු වෙමිනි.... 
මෙතෙක් කල් කණ්ඩායමක් නොලැබෙයි යන බයෙන් සිටි මට කණ්ඩායමක් ලැබීම තරමක් අස්වැසිල්ලක් වුවත්..... එවැනි පළපුරුදු පිරිසකට මන් වැනි කබ්බෙක් ගෙන් ඇති වාසිය කුමක්ද යන්න ගෙදර යන ගමන් දෙතුන් වතාවක් සිතන්නට විය ......
Team Yaal Warriors