Wednesday, December 9, 2015

නාදුනන මිතුරන්ගේ කිලිනොච්චි සවාරිය පාර්ට් 2

රාත්‍රී 8ට වැල්ලවත්ත ආපිකෝ එක ගාවට අවේ රුබන් ටිකට් වෙන්කරගත් යාපනේ බස් එකේ නැගීමටය...... 
කිලිනොච්චිය වැනි දුර පැත්තකට ලේලන්ඩ් බස් එකේ යන එක අමුතුම කට්ටකි ....
වියතක්වත් නැති සිට් අතර දුර ..... 
කන්කළු මියුරු සංගීතය .....
දැඩි විනයවත් ධාවනය.....
කෙසේ හෝ  ලැබීමට යන අත්දැකීමේ වටිනා කමත් සමග මේවා නොගැනිය හැකි තරම් සුළු දේවල්ය .....
රාත්‍රී 8.30 පැමිණි බස් රථය කොලබ වටේ ගිහින් මගීන් මෙන්ම බඩුද පටවා ගත්තේ .... මේක  බස් එකක්ද නැත්තම් ලොරියක්ද යන ප්‍රශ්නය ඉතුරු කරමින්......
දොඩම් ඇපල් පත්තර කාඩ්බෝඩ් එකී මෙකි දේවල් ගානට අසුරා ඇත .....
අනිත් කිලිනොච්චි කණ්ඩායම කොටහෙනෙන් අපිට එකතු විය ......
කොටහේනේ පැයක් පමණ සිටීමෙන් පසු 10ට පමණ ගමන පටන් ගත්තේ ගමන එපා වීමට ඔන්න මෙන්න කියා තිබියදීය....
අධික දෙමළ ගීත රාවයත් සමග බසය ඉදිරියට ඇදෙයි...... 
මේගලා අක්කාටනම් ඒ සංගීතය කොතරම් මිහිරිද යත් දැන් ඇයත් ඒ ගීත මුමුනන්න ගනී..... 
ප්‍රශ්නය දෙගුණ විය .... 
බස් එකේ සද්දෙටට අමතරව මේගලා අක්කාත් කන ලගින් ඉදන් ඒ සින්දුවම කියයි ...... 
ආතල් එක දෙකෙන් වැඩි වී ඇත ..... 
තත්වය එසේ වුවත් ගමන ගැන තිබු උද්යෝගයේ අඩුවක්නම් නැත..... 
කාතික් රුබන් බර සාකච්චාවකි ......
ඉන්දු ඉදුනිල් ඔලු හප්පා ගනිමින් නිදිය ......
තරිදු හා ආදිල් කුඩා ආසනයේ කිටි කිටියේ හිරවෙලා.....
සින්දු කීම නැවතූ මේගලා අක්කා නිදිය ..... 
මේ සියලු අවස්ථා සෙල්ෆියකින් කවර් කරන්න හිතුනත් 
සහෝදර මගීන්ගෙන් ගුටි කන්න වෙයි යන අනියත බියෙන් ඒ අදහස අතහැරිය ලදී......
ඊටත් වඩා ආදිල් රුබන්  මේගලා පමණක් මට තරමක් සමීප වුවත් මා අනෙක් අය සමග වචනයක් දෙකක්වත් කතා කර නැත....  
මටත් නින්ද ගියා.... 

බසය වව්නියාවේ නැවැත්තුවේ ගෙන ආ මගින් බැස්සීමට නොව ..... 
පත්තර ටික බාන්නටය.....
ඔය අතරේ මුත්‍රාශය හිස් කිරීමට ගිහින් රුපියල් 10කුත් පුජා කර නැවත පැමිණියේ 
රුපියල් 10ක මුත්‍රා නොගිය නිසා හිතේ දුකින්ය.....
කාතික් හා රුබන් සමග ප්ලේන් ටී එකක් බි නැවත බසයට ගොඩවුනේ අපේ ගමනාන්තය වන කිලිනොච්චි බලා යාමටය....
කිලිනොච්චියට යන විට වැස්සත් අපි නොදැනුවත්ව අරන් ඇවිත් ......



බස් හෝල්ට් දෙකක සෙවන පැතු අපි බසය අද්ද්දන විට මේගලා අක්කා නැති බව දැනගෙන කෑගැසුවේ කෙසේ හෝ කණ්ඩායම් නායිකාව කිලිනිච්චියෙන් බස්සාගන්න ඕනේ නිසාය.....

රුබන් හා කාතික් ත්‍රිවිල් එකක් හොයන් ආවේ හොටෙල් එකට යාමටය...... 
වාර දෙකකට අපි සියල්ලන්ම හෝටලයට යාමට වාසනාවන්ත විය.....
වෙලාව පාන්දර 4.30 පමණය....

හෝටලයට පැමිණෙන අපේ නායිකාව 

අපේ කිලිනොච්චි නවාතැන


උදේ කියට අපේ වාර්තා චාරිකාව යනවද යන්න තීරණය කරන අතරේම 
එකා දෙන්නා ඇදට වැටුනේ සැගවුණු වෙඩික්කාරයෙක්ගේ ස්නයිපර් ප්‍රහාරයන් වලට ලක්වුවන් ලෙසින්ය ....... 

No comments:

Post a Comment