Thursday, December 17, 2015

අරාබි වසන්තය

අරාබියේ නීති ගැන අපි සැවොම දනිමු.....
හොරකන් කරන්න එපා ...... අත් දෙක කපනවා ......
මිනිමරන්න එපා ..... බෙල්ල කපනවා ... එල්ලනවා ......
දුෂණය කරන්න යන්න එපා ..... අවයවේ කපනවා.......
අනාචාරයේ හැසිරෙන්න එපා ...... එක්කෝ ගල් ගහලා මරනවා ..... එක්කෝ  කස පාර ලැබෙනවා......
වෙන ආගම් අදහන්න යන්න එපා ..... කස පාර ලැබෙනවා........ 

මේ දඩුවම් වල සාධාරණත්වය කෙසේ වුවත්...මේවා අපි දන්නේ අද ඊයේ නොවේ.....
තෙල් සම්පතට පින්සිදුවන්න ධනය අතින්ද අඩුවක් නැති මේ මැදපෙරදිග රටවල් වලට අපේ වැනි දුප්පත් රටවල් වලින් යන්නේ අරාබි කරේ සල්ලි මෙහි ගෙන එමටය......

අරාබියේ වැඩිම ඉල්ලුමක් තියෙන්න ගෘහසේවිකාවන්ට හා ඉදිකිරීම් අංශයේ රැකියාවන්ය.....
මේ කොටස් දෙකටම අඩු වැඩි වශයෙන් ලාංකිකයන් වැඩට යන්නේ තමන්ගේ පවුල ගොඩගැනීමේ අවිහිංසක චේතනවෙන්ය......
නමුත් එහෙදි ඔවුන්ට විදින්නට වෙන හිරිහැර ගැන මාධ්‍ය වාර්තා කරන්නේ අද ඊයේ නොව....
එහිදී වැඩියෙන්ම පිඩාවට පත්වී ඇත්තේ ගෘහසේවිකාවන්ය .... සමහර විටෙක ඇග තුල යකඩ ඇන සමග නැවත ලංකාවට එහි ඇති කුරිරු බව කියාපාමිනි.....
ඒවාට එරෙහිව ගත් පියවරක් නැත.... ඒ ඉහල සිට පහළට ලැබෙන කුට්ටිය නිසාවෙනි....
මෑත කාලයේ ගෘහසේවේට යන කාන්තාවන්ට අවුරුදු 5ට අඩු දරුවන් සිටිය නොහැකි බවට ගෙනා නිතිය ප්‍රශංසනීය..... එත් අනෙක් නීති වගේම කොතරම් දුරට ඒවා සාර්ථකව ක්‍රියාත්මක වෙනවාද යන්න ප්‍රශ්නයකි.....

මෑතකදී සමාජයේ බලවත් විරෝධයක් ආවේ... ගල් ගසා මරාදැමීමට සවුදි රජයේන් අප රටේ කාන්තාවකට දඩුවමක් ලැබුන නිසාවෙනි....
එත් එය එරට මාධ්‍ය වාර්තා කරන ආකාරය අනාචාරයේ හැසිරීමට ලැබෙන දඩුවමක් විනා.... අන්කිසිවක් නොව.....
ඒ අතින් බැලුවිට ඒ දඩුවම සධාරණය .... ඇය වරදක් කර ඇත..... එමෙන්ම ඒ අනාචාරයේ හැසිරීමට පිරිමියාට කස පහර 200ක දඩුවමක් දී ඇත.....
වවුලාගේ ගෙදර ගියානම් එල්ලිලා ඉන්න ඕනෙය......
මැද පෙරදිග ගියානම් ගිය වැඩේ කරගෙන එන්න ඕනෙය.....ඒ අතර මෙවැනි දේ කර ගැනීම නොගැනීම ගිය අයවලුන්ට බාරය...... මියයන තුරු ගසන ගල් පහර ඉවසීම සිහිහෙන්වත් සිතිය නොහැකිය.... නිතිය ම්ලේච්චය .... දඩුවම කුරිරුය.... 
එත් මේ නඩු විභාගයේ ශ්‍රී ලංකික කාන්තාවට සාදාරන නීතිමය සහයක් ලැබුනාද යන්න ගටලුවකි..... ඒ රිසානාගේ කදුළු කතාවට හේතු වුනෙත් මේ හරි හැටි නීතිමය සහය නොලැබුන නිසාවෙනි.....
ශ්‍රී ලංකාවේ තානාපති සේවය එතරම් උත්කුර්ෂ්ටය....කීමට වචන නැත  .....එක්කෝ රජයක් හැටියට මේවට විසදුම් හොයන්න ඕනේ....මොකද උන් ජොලි දාන්නේ මේ මිනිස්සු හොයන සල්ලි වලින්ය.... එක නිසා වෙන කාටවත් නොදුන්න විශේෂ අවදානයක් මේ මිනිස්සුන්ට දීම අප කාගේත් වගකීමකි.....

No comments:

Post a Comment