Wednesday, December 9, 2015

නාදුනන මිතුරන්ගේ කිලිනොච්චි සවාරිය පාර්ට් 3

හුටා......
හොදටම එලිය වී ඇත ..... වෙලාව 9.30 .....
කිලිනොච්චි නගරය හෝටලේ බැල්කනියේ සිට 

මුලතිව් බස් එක 10.05ට බව හෝටලේ බලාගන්නා කෙනා කිව නිසා අපි කඩිමුඩියේ ලෑස්ති වී උදේට මොනවා හරි බඩට දාගන්න ලගපාත කඩයක් සෙව්වේය.......





කිලිනොච්චි express ඒ අවට සංචාරයේ යෙදෙන බැවින් ඔවුන්ට නම් ඕනෑතරම් වෙලා ඇත.....
බසයක් එනකන් 
ගමන් කලයුතු මාර්ගය

එත් අපි මුලතිව් ගොස් ඒ ගමට නැවතත් යා යුතුය......
කොලබ කොටන බස් අතර කිලිනොච්චියේ බස් මසුරන්ය.....
80ට වගේ යන අතර කොටන්නේ නැත..... 
මිට පෙර වතාවක් මුලතිව් හි සංචාරය කල මට එහි ඇතිවී තිබු දියුණුව හොදින් දැනුනි...... 

මහින්ද මාමා මෙච්චර වැඩ කරලත් ඒ පැත්තේ පරදය.... 
නන්දිකඩාල් පසු කර යන අතරේ යුද්දයේ අන්තිම දවස් මනසින් මවා ගැනීමට උත්සහ කරත් එය නිෂ්පලය .....
යුද්දයක් නොතිබූ තරම්ය.... 
අළුත් පරිපාලන ගොඩනැගිලි
නන්දිකඩාල් කලපුව

මුලතිව් නගරයට පැමිණි අපි ඉන්පසුව කේප්පාපිලවු ගමට යාමට විදියක් සොයන්න විය......
ඒ අතරේ රුබන්ගේ කේවල් කිරීමේ හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන 800කට ඒ ගම්මානයට රැගෙන යාමට කැමති වුවත් මේගලා අක්කා ඊට අකමැති වුයේ අපේ චාරිකාව පැය දෙකකට සීමාවිය යුතුබවට ත්‍රිවිල් අයියා දැමු කොන්දේසියත් සමගය....
දුරකතර ගෙවාගෙන පැමිණි අපිට අද එළිවෙනකන් වුනත් වැඩේ කරන්න ඕනේ විය....
අවසානයේ අපිව ගමට ගෙනියමට 1200ක් ඉල්ලු අතර රැදීසිටිමේ බාධාවන් නොමැත......
ත්‍රිවිල් ගමනත් විනෝද වුයේ සද්දන්ත ඇතුන් තිදෙනෙකුත් හා පැටියෙක් එකම ත්‍රිවිල් එකේ ගමන් කිරීමට සිදුවීමයි......
ත්‍රිවිල් ගමන

විනාඩි 45ක පමණ වෙලාවකින් අපි ගමට ලගාවිය....
රුබන්ගේ හමුදා බුද්ධිඅංශ වලින් පැමිණිය හැකි කරදර ගැන තිබු පුර්ව දැනුම් දීමත් .....
අමන්තගේ ඇමතුම් වලත් සැගවුණු භයානක කමක් මේ වැඩේ ඇති බව දැනුනි......
බයෙන් බයෙන් පොඩි පොඩි ෆොටෝ කිහිපයක් ගනිද්දී රුබන් ගමක ගෙදරට ගිහින් වැඩපටන් ගත්තේය ......

ආදිල් බයෙන් බයෙන් ගත් ඒ සුපිරි චායාරුපය


ඔය අතරේ ස්කුටියක් නවත්වා අපෙන් ඇසුවේ අපි කවුද යන්නයි..... මගේ ප්‍රථම මාධ්‍ය අත්දැකීම නිසා ටිකක් බය වුවත්.... පළපුරුදු කණ්ඩායමක් සිටිය නිසා භය තුනී විය......
ආදිල් දෙමල නොදන්නා රංගනයක් ඉදිරිපත් කර මේගලා අක්කා කණ්ඩායමේ නායිකාව ලෙස තම පිරිස ආරක්ෂා කරන ලදී .......
ඒ  අස්සේ ලග තිබු කඩේට ගිහින් ගමේ ප්‍රධානියා ඉන්න තැන අපි ඇසුවේ ඔහුව මුණගැසී තොරතුරු දැන ගැනීමටයි......

ගමේ ප්‍රධානියාගේ තොරතුරු ලබාගන්නා අතර තුර රුබන් පැමිණියේ තවත් කරුණු සොයාගෙනය......
ගමේ සංවර්ධන සමිතියේ නායකයා

ගමේ ප්‍රධානියාගෙන් පසු එම ගමේ එකම සිංහල පවුල සොයා යන ගමනේ රටකජු වගා කරන කාන්තාවන් දැක රුබන් එහි ගියේ අර සිංහල පවුල ඉන්නා ඉසව්ව් සොයා ගැනීමටයි.....
රටකජු වගා කර ජිවන බර තුනී කරගන්නා කාන්තාවන් 

එත් ඔහු නැවත පැමිණියේ සැහෙන වෙලාවක් ගතවූ පසුය ..... ඒ ඔහුට ඒ කන්තවන්ගේනුත් හොද පුවතක් ලැබුණු නිසාවෙනි......
ඒ අස්සේ ගමේ පොඩි එවුන් එහෙ මෙහෙ සෙල්ලම් කරන ඒවත්.... මගේ කොන්ඩ විලසිතවත් නිසා කොල්ලෝ කුරුට්ටෝ ඉගි බිගි පැමින් සැගවී යන එක සුලබ දසුනකි...... 

ඉන්පසු වෙළදසැල් දෙකක් , තවත් පුද්ගලයන් දෙතුන් දෙනෙක් හා හමුදා සාමාජිකයෙක් අපේ කතාවට එකතු කරගන්නට අපිට පුළුවන් විය......
සමහරෙක් කතාවට සෙට් වූ විට ගැලවීම අපහසුය ...... අපිට ඕනේ දේ අරගත් පසු ඔව්න්ගේ කතාවෙන් ගැලවීම චුයින් ගම් වැඩකි..... 
සියලු තොරතුරු රැස්කරගෙන 4ට පමණ ආපසු අවේ කිලිනොච්චි යන අන්තිම බස් එක 4.30 නිසාවෙනි..... කාලය හරස් වීම නිසා එම ගමේ ධිවර පිරිසත් සිංහල පවුලත් අපෙන් මගහැරුනි......
Add caption

අලංකාරව සැකසු ගෙවත්තක් 

ජොලියේ ඉන්නා පොඩිඋන් 

නඩේගුරා රුබන් 

අන්තිම මොහොතේත් තොරතුරු 

මුලතිව් නගරයට රැගෙන යාමට පැමිණි ටුක් ටුක් එක 
කෝවිල

ඒ ප්‍රදේශයේ කොවිලකුත් වැද පුදා ගැනීමට අවස්ථාවක් ලැබිණි...... 
එහිදී මේගලා අක්කා ඇසු ප්‍රශ්නයකින් මම නිරුත්තර වුනෙමි.....
"පසිදු දෙවියෝ කොහේද ඉන්නේ " 
"උඩ වෙන්න ඇති නේද"  කියමින්උඩ බැලු  මට හිනා ගියේ ...... 
සැබවින්ම දෙවියන් කොහේ ඉන්නවාදැයි නොදැන දේවාලවලට යන මිනිසුන් සිහිවීමෙනි..... බඩට නොකා පලතුරු වට්ටි ඔලුවේ තියන් යන නිසාවෙනි .......

දෙවියන් බැහැදැක 

නැවතත් දුර කතර ගෙවාගෙන කිලිනොච්චියේ නවාතැන් පොලට අවේ කරුණු ගොඩක් අතැතිවය.....  
රැට කෑම කා කට්ටිය එකතුවුයේ දවසේ ප්‍රගතිය මැන ඊලග දවසේ කටයුතු සැලසුම් කිරීමටය.....
කණ්ඩායම් දෙකම ප්‍රමාණවත් තරම් තොරතුරු ලබාගත් නිසා ඉරිදා කොලබ ඒමට යොදාගත්තේ වාර්තාව ලිවීමට වැඩි කාලයක් ලබාදෙන බලාපොරොත්තුවෙනි.......
දැන් නම් මට අනිත් අයත් තරමක් කිට්ටුය ..... විහිළුවෙන් තහළුවෙන් ගත කල රාත්‍රියේ නින්දට ගියේ පහුවදා 7.05 කෝච්චියේ කොලබ යන බවට ඒකමතිකව තීරණය කිරීමෙන් පසුවය......




ෆෝන් වල උදේ 5සිට 6 දක්වා විනාඩි 5න් 5ට එලාම් තිබ්බ තරිදු සුව නින්දට වැටුනා...... 
හැමෝම තමන්ගේ ෆෝන් එකේ එළම් තිබ්බේ උදේ 7 කෝච්චිය ගැන සිහින දකිමින්ය ..... මොකද බස් රථය එච්චරටම අතල් ය .... නැවතත් ඒ අතල් එක ගන්න කාහටත් උවමනක්වක් නැත..... 

No comments:

Post a Comment