
අපේ රටට හෙන ගහලා තියෙන්නේ..... අපි හැමදාම බැලුවේ එදා වේල කාලා ඉන්න විදියක් මිසක් අනාගතේ ගැන නෙමේ ........
එහෙම අනාගතේ ගැන හිතනවා නම් සමහර විට අපේ වර්තමානයේ කැපකිරීම් කරන්න වෙනවා .....
සමහර ලෙඩ වලට තිත්ත බෙහෙත් බොන්න වෙනවා ......
අපේ රටේ තාමත් දීර්ඝකාලින වැඩපිළිවෙලක් නෑ...... එදාවේල ටුවර් එකක් තමා හැමෝටම ඕනේ.....
ප්‍රතිපත්ති ප්‍රකාශන ගත්තත් තියෙන්නේ අර සහනාධාරේ මේ සහනාධාරේ ......
හාල් අඩුවට දෙන්නම් .... කාර් දෙන්නම් ....අරව දෙන්නම් මේවා දෙන්නම්......
ලොකු ලොකු අයිඩියාසුත් ඉදලා හිටලා එහෙන් මෙහෙන් දැම්මට ඒවා කරන්නේ කොහොමද කියලා කිසිම අදහසක් නෑ......
ලගදි රජයක් හැටියට නිල ඇදුම් වව්චර් වැඩේ අගය කරනවා ......
මොකද එකෙන් වාසි ගොඩක් වෙන නිසා
1. ඉස්සර ටෙන්ඩර් දාල දෙන්නෙක් තුන්දෙනෙක්ට දුන්න නිල ඇදුම් ඩිල් එක දැන් ගොඩක් අයට ව්වෘත වෙන නිසා..... මොකද මිනිස්සු ගිහින් තමන් කැමති තැන් වලින් ගන්න නිසා වෙළෙන්දන් කිහිප දෙනෙකුට ගියපු අදායම ගොඩක් අයට බෙදිලා යන එක ..... ගමේ කඩේට සල්ලි එන එක ....
2.ආණ්ඩුවක් හැටියට රෙදිවල තත්වය හොයන්න බලන්න කරන්න ඕනේ නැති නිසාත් මිනිස්සුන්ගෙන් බැනුම් අහන්න වෙන්නේ නෑ
3.නිල ඇදුම් රෙදි සල්ලි දීලා අරගෙන ඒවා පැකට් කරලා .... ලංකාවේ සියලුම ඉස්කෝල වලට බෙදාහරින්න ගියාම එකට ප්‍රවාහන , ගබඩා ඒ වගේම ඔය රෙදි එහෙමෙහෙ කරන්න ශ්‍රමයත් ඕනේ වෙනවා ...... ඒ කිසිදෙයක් මේ ක්‍රමයෙන් ඕනේ වෙන්නේ නෑ.....
4.දුරපාලත් වල පාසල් වලට යන ප්‍රවාහන වියදම තවත් වැඩි .....දැන් ලියුම් කවරෙක ඔක්කොම වවුචර් දාල යවන්න පුළුවන් නිසා වෙන පහසුව ......
5.රෙදිවල තත්වය නිසා රෙදි ලැබුනත් භාවිත කරන්න බැරුව අයින් කරන එකෙන් වන සල්ලි නාස්තියත් .....එනිසා තමන්ට කැමති රෙද්දක් තෝරා බලා ගන්නට ලැබෙන අවස්ථාව......
5.ටෙන්ඩර් පටිපාටියේ තියෙන දුෂණ වංචා නැති වෙලා යාම......
මේ ක්රමයේ වාසි තිබ්බත් ගුරු සංගම් ගැටළු ඉදිරිපත් කරන්නේ කලින් කිව්වා වගේ අදහසේ අඩුපාඩු නොව ... එදා වේලේ තියෙන ගැටලුය..... මේ ක්‍රමයෙන් අනාගතයට වෙන අවාසි නොව වර්තමානයේ ගැටලුයි......
ඒ ගැටළු
1. විදුහල්පතිවරුන්ට වවුචර් 2000ක් 3000ක් අත්සන් කරන්න වෙන එක ..... මෙය ප්‍රධාන පාසල් වලට සත්‍යකි...... ප්‍රධානම පාසල් වල 3000ක් නොව 6000 ඉක්මවා යයි..... මේ අත්සන් කිරීමෙන් සහතික කිරීමක් ...වලංගුතාවක් වවුචරයට දෙන්න උත්සහ කලත් එය කෙතරම් ප්‍රයෝගිකද යන්න ගැටලුවකි..... ඒ ඕනෙම කෙනෙක්ට හොර අත්සනක් .... සිල් එකක් ගහන්න බැරිකමක් නැති නිසාවෙනි .... මේ සදහා අපිට තොරතුරු තාක්ෂණයෙන් වැඩක් ගත හැකිය ..... ඒ වවුචරයේ වලංගු අවලංගුතාව සෙවීමට SMS හා Online සේවාවක් මගිනි. බොහෝ රෙදි සාප්පු සම්ප්‍රධායික බිල් පොත් වෙනුවට software මගින් තම ගිණුම් කටයුතු කරයි ....ඒ සාප්පු බිහිමයක software එක internet පදනම් කරගෙන වැඩකරන නිසා වවුචර් අංකය අන්තර්ජාලයෙන් පරික්ෂා කල හැක..... එවැනි පහසුකම් නැති සාප්පුවක් නම් SMS මගින් එහි වලංගුතාවය පරික්ෂා කල හැකිය..... මෙමගින් ඒ අත්සන් ප්රශ්නය විසදේ......
2.වවුචරය ගැනීමට දෙමාපියන් නිවාඩු ගෙන පැමිණිය යුතුබවට කරන ප්‍රකාශය..... මෙයට විසදුම වර්ෂ අවසානයේ ළමයාගේ තත්වය සාකච්චා කරන ගුරු මාපිය රැස්වීමේදී මෙය ලබාදීමයි..... එවිට අතිරේකව පැමිණිය යුතු නැත.....
තවත් පොඩි පොඩි ගැටළු මතුකරත් ඒවා මෙහි සදහන් කිරීමට තරම්වත් ගැටළුවක් නොවේ.......
සමහර දේවල් එක රැයින් සාර්ථක කිරීම අපහසුය ...... අද වැරදුනත් හෙට නිවැරදි කරගත හැකිය .....
අද නොව හෙට දකින්න .......