Saturday, March 19, 2016

ලෝකයේ පොහොසත්ම රට

භූතානය ජනගහනය අධිකම රටවල් දෙකක් වන චීනය හා ඉන්දියාවට මැදිව පිහිටා ඇති අතර හිම කදු හා වනාන්තර වලින් බහුල සුන්දර රටකි..... ජනගහනයෙන් ගත්තත් දල ජාතික නිෂ්පාදනයෙන් ගත්තත් එය ඉතාමත් කුඩා රටකි..... එරට ජනගහනය ලක්ෂ 8ක් පමණ වන අතර ආර්ථිකය බිලියන 2ක් තරම් කුඩා එකකි..... ඒ  අතින් ගත් කල ලෝකයේ පොහොසත්ම රට භූතානය වීමට කිසිසේත් නොහැකිය.....


භූතානය පාලනය වන්නේ රජ කෙනෙක් හා පාර්ලිමේන්තු ක්‍රමයක් සම්මිශ්‍රවය ..... මෙහිදී වඩාත් වැදගත්ම කරණය වන්නේ රජතුමා විසින්ම තම බලයන් කප්පාදු කරගනිමින් පාර්ලිමේන්තු ක්‍රමයක් ඇති කිරීමයි...... මේ සදහා ජනතාව කිසි විටෙක පාරට බැස උද්ගෝෂණය නොකළ අතර ඔවුන් ඒ දේවල් හීනෙකින්වත් ඉල්ලුවේ නැත..... එත් බුදුදහමින් ලබා ගත් දායාද අනුව යමින් බලය අත ඇරීම තමන්ගේ ජීවිතය සැහැල්ලු කරන බව වටහා ගත් රජතුමා විසින්ම තම බලයන් නැති කරගන්නේ ලෝකයටම ආදර්ශනයක් දෙමින්ය..... අප රටේ ඕනෑම කාලයක් බලයේ සිටිය හැකි බවට නීති අණ පනත් සම්මත වෙද්දී භූතානයේ රජු කැමැත්තෙන්ම බලය අත අරි.... මෙයිනුත් නොනැවතුණු රජතුමා තවත් අපුරු නීතියක් ගෙනාවේය.......

භුතාන රජ පවුල
ඒ  වයස අවුරුදු 65 පිරුණු පසු අනිවාර්යෙන් රජකම ඊලග හිමිකාරයාට දියයුතු බවත්....පාර්ලිමේතුවේ සිට සියලුම ආයතන වල අයත් ඒ වයසට පැමිණි විට විශ්‍රාම ගත යුතු බවත්ය..... අප රටේ පාලනතන්ත්‍රය අරුණු කොට විශ්‍රාම ක්‍රමය ක්‍රියාත්මක වුවත් භූතානය සැබවින්ම වෙනස් ය..... මෙයින් රටේ වැඩ වලට වැඩි වශයෙන් තරුණයන් පැමිණෙන අතර වයසට ගියපසු සැදැසමය ගත කිරීමට අනිවාර්ය කර ඇත..... එත් අප රටේ මළමිනී මෙන් වයසට ගිය අගමැති මන්ත්‍රීන් බහුලය ..... බලය අත ඇරීමට සුදානම් නැත..... රටට අවශ්‍ය තරුණ ජවය කිසිදා නොලැබෙන අතර පියාගෙන් පවුලේ අයට පමණක් බලය හුවමාරු වෙයි..... එත් භූතානය වෙනස් වන්නේ රාජ්‍ය සේවකයන්ට මෙන්ම රජතුමා ඇතුළු අන් සියලුම දෙනාට නිතිය එකක් කරමින්ය..... නීති වලට පමණක් සිමා නොවූ රජතුමා අවුරුදු 51 දී තම ඔටුන්න පුතාට දෙන්නේ වයස 27ක් තරම් අඩුවිටය..... මෙහිදීද යමක් පැවසිය යුතුය... තාත්තා බලයේ සිටින කොට පිස්සු කෙලින පුතාලා රාශියක් වුවත් නව රජතුමා රජකම ලැබුන පසුවත් පිස්සු කෙලියේ නැත.... පියාගේ අඩිපාරේ යමින් රටට අලුත් ඉල්ලකයක් ලබාදී ඒ සදහා වෙහෙස මහන්සි විය.... තමන් ලග ඇති තරුණ ජවය රටේ අනාගතය වෙනුවෙන් වියදම් කිරීමට පටන් ගත්තේය......


භූතානය මුදල් පසු පස හබායන රටක් නොවෙති..... ඔවුන් හබයන්නේ සතුට පසුපසය..... ඉල්ලක්මක් ඇති කොලයකට කොහෙවත් නැති වටිනාකමක් දී  අප ජිවිත පාලනය කරන්න දෙනවට වඩා සතුට වෙනුවන් අප වැඩ කලයුතු බව ඔවුන් ගේ මතයයි.... ඒ අනුව දල ජාතික නිෂ්පාදනය වැනි ලෝකයම පිළිගත් දර්ශක වලට වඩා ඔවුන් මුල් තැන දෙන්නේ දල ජාතික සතුට වෙනුවෙන්ය..... සතුට මනින ඔවුන්ගේම ක්‍රමයක් ඔවුන් භාවිතා කරන අතර ඔවුන්ට වටින්නේ රටේ ඇති සතුට මිස ධනය නොවයි..... මුදල් පසුපසම හබායන රටවල් අතරේ භූතානය උඩුගම් බලා පිහිනීම පටන් ගෙන ඇත.... ඒ සතුට මුල්කරගෙනය..... බුදුදහමෙන් ලැබූ පන්නරයත් උපයෝගී කරගෙන ඔවුන්ගේ ඒකායන අරමුණ සැබෑ සතුට සොයා යාමයි..... ඒ සදහා රජතුමාගේ පටන් සියලු දෙනා බලය අත ඇරීම ආදී සාමාන්‍ය අපිට කිරීමට අපහසු දේ පවා කරයි.....

සුන්දර භූතානය
සතුට සොයා භූතානය යන ගමනේ ඔවුන් පරිසරයට දක්වන්නේ මහත් ඇල්මකි..... ඔවුන්ගේ විවස්තාවට අනුව රටේ භුමි ප්‍රමාණයෙන් 65%ක් අනිවාර්යෙන් වනාන්තර වලින් ආවරණය වියයුතුය..... එය නීතියකි..... දැනට 75%ක් වනාන්තර වලින් ආවරණය වී ඇති අතර ඔවුන් එය 65% අඩුකරනවා වෙනුවට තව තවත් ගස් සිටිවිම පටන් ගෙන තිබේ.....අප රටේ නැවත සිටුවිමක් කෙසේ වෙතත් තියෙන ටිකත් කිසිදු සොයාබැලීමක් නැතුව කපා දමයි.... රජතුමාගේ පළමු දරුවාගේ පැමිණීම සමරන වස් සිදුකලේද ගස් ලක්ෂයක් සිටුවීමයි.... මේසා විශාල වනගහනය නිසාවෙන් භූතානය තම රට නිපදවන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය මෙන් තුන් ගුණයක් නැවත ඔක්සිජන් කිරීමට තරම් හැකියාවක් ඇති රටකි..... එත් ගෝලීය උණුසුම වෙනුවෙන් අබ මල් රේණුවක තරම් වත් දායකත්වයක් නැති භූතානයට ගෝලීය උණුසුමේ ප්‍රථිපල විදීමට සිදුවී ඇත..... ඒ ඔවුන්ගේ ග්ලැසියර දියවීමෙන් සිදුවන ස්වබාවික අපදා නිසාවෙනි.....

භුතාන අගමැති 
භූතානයේ අගමැති කල කතාවක් මේ සදහා පදනම් විය.... එවැනි පාලනයක් ලැබීමට භුතාන වැසියන් සැබවින්ම වාසනාවන්තය..... ජරාජීර්ණ බලය වෙනුවෙන් ඕන දෙයක් කරන්න දෙපාරක් නොසිතන රටක ජිවත් වීම කොතරම් දුකක්ද ??? ස්වාබවධර්මයේ අපුර්ව නවාතැනක් බදු ලංකාව දවසින් දවස විනාස වී යන්නෙත් මේ නිසා නොවද ??
මුදලට වඩා ජිවිතයේ සැබෑ සතුට සොයා යන රටක් වන භූතානය දුප්පත් වුවත් අධ්‍යාත්මික වශයෙන් භූතානය ලෝකයේ පොහොසත්ම රටයි.... ලෝකයට දෙන ආදර්ශ වලින්ද පොහොසත්ම රටයි.....

http://www.ted.com/talks/tshering_tobgay_this_country_isn_t_just_carbon_neutral_it_s_carbon_negative

සතුටින් සිටිනා භුතාන අනාගතය

No comments:

Post a Comment