Saturday, April 2, 2016

සගරුවන කොයිබටද ?

මෑත කාලයේ භික්ෂුව තරම් හැල්ලු වූ චරිතයක් තවත් නැති තරම් ..... උසාවියේ .... පාරේ .... උද්ගෝෂනේ පෙරමුණ ගන්නා අතරම ගැටුම් වලත් පෙරමුණ ගන්නේ බෞද්ධ භික්ෂුවයි.... බෞද්ධයෙක් හැටියට විටෙක දුකක් ලැජ්ජාවක්  ඇති වුවත් විටෙක බෞද්ධයන් හැටියට මුහුණ දෙන ගැටළු වලට සටන් කිරීම ගැන සතුටක්ද ඇති වෙයි.... එත් බෞද්ධ භික්ෂුව පෙරමුණ ගන්නේ කුමන ප්‍රශ්න වලට ද යන්න යම් යම් අවස්ථාවල ගැටළු සහිතය...... 

සුද්දාගේ කාලේ වුවත් නිදහස් අරගල වල පෙරමුණ ගත්තේ බෞද්ධ භික්ෂුවයි ...... එකල තිබු සමාජ ක්‍රමය අනුව භික්ෂුවට ගමේ නායකත්වයටත් එහා ගියා තනතුරක්  නිතරගයෙන් හිමිවූ අතර ගමේ සිදු වූ සැමදේම සිදුවුයේ උන්වහන්සේලාගේ අනුදැනුම යටතේය....සුද්දාගේ කාලේ අපේ දැන් සිටින බහුතරයක් සිටියානම්.... "අනේ හාමුදුරුවනේ දානේ වලදලා බණක් භාවනාවක් කරන්න ඉන්න" යනුවෙන් කියනු නොඅනුමානය..... එහෙනම් තාමත් සුද්දා අපේ රට පාලනය කරනු ඇත...... එක් අතකට එය එසේ සිදුවුනේනම් කොච්චර හොදයිද යනුවෙන් සිතුවත්..... සුද්දා එකල කල කෙනෙහිලි කම් නිසාවෙන් කෙසේ එසේ සිටින්නද ....... එකල තුබූ තත්වයත් දැන් තිබෙන තත්වයේත් වෙනසක් නැත ....වෙනසට ඇත්තේ එකල වෙන රටකින් පැමිණි පිරිසක් සමග සටන් කිරීමත් .... අද අපේම රට ගැන නොහිතන කාලකන්නි පිරිසක් සමග සටන් කිරීමට සිදුවීමයි......

එකල සටන්වලත් භික්ෂුන් වහන්සේලා සංයමයෙන් සටන් කලායි සිතිය නොහැකිය ..... "පින්වතුනේ ... මේ කඩු අරන් සටනට යන්න" යැයි පැවසුවා වෙන්නට බැරිය ...... වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන් ඉංගිරිසි කොඩිය පාගා දාන්නේ "මම ඔය පින්වතුනේගේ කොඩිය පහතට දානවා ..... මේක අපේ රට පින්වතුනේ යන්න ඔබේ රටට " යනුවෙන් පවසා නොවන බව ඕන කෙනෙක්ට තේරෙනු ඇත..... එකල වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන්ගේ භූමිකාවට යම්තාක් දුරකට අද පණ පොවන්නේ ගලබොඩඅත්තේ හිමියන්ය..... ඒ අවේගශිලිව බෞද්ධයා මුහුණ දෙන සමහරක් ගැටළු වලට නායකත්වය දෙමින්ය...... එදා සොමහිමියන් කලෙත් මේ රාජකාරියමය ....නමුත් ඒ තරම් අවෙගශීලි නැත.... නමුත් ක්‍රියාවන් ප්‍රබලය ...... 

මුහුදු මහා විහාරයට, කුරගලට ඇතුළුව දවසින් දවස බෞද්ධයන්ට සිදුවන කෙනෙහෙලි කම් වලට කතානොකර සිටීමෙන් අපේ උරුමය දවසින් දවස මියයන්නේය..... බෞද්ධයන් විදියට සම්පත් වලට ලොබ බැදීම නොකළ යුතුවුවත් අපේ මුතුන්මිත්තන් එදා එය  රැක නොගත්තානම්  අද අපිට අපේ යැයි කීමට දෙයක් නැත..... මේ දේවල් අනාගතයට රැකගෙන යාම අපේ වගකීමක් වගේම යුතුකමකි..... මේ උරුමය රැකගැනීමේ අරගලයේ භික්ෂුන් වහන්සේලාට ලැබෙන්නේ ප්‍රධන ස්ථානයකි ...... එනිසා දේශපාලන පක්ෂ හා මතවලට කඩේයනවා වෙනුවට රට,ආගම,උරුමය  වෙනුවෙන් පමණක් උන්වහන්සේලා සටන් කල යුතුය.... වෙනත් දේවල් සමගත් සටන් කිරීමට යෑමෙන් පිරිහෙන්නේද අපේ බෞද්ධාගමය ..... අවාසනාවකට භික්ෂුන් වහන්සේලා බොහෝවිට පෙරමුණ ගන්නේ කිසිම වැඩකට නැති නොගැලපෙන දේවල් වලට විනා සම්බුද්ද සාසනයට වැදගත් දේවල් වලට නොවේය..... දවසින් දවස සාසනය පිරිහෙන්නේ භික්ෂුන්වහන්සේලගේම වරදින් නොව ඒ සදහා ගිහි අපිත් වගකිව යුතුය..... දැන්වත් අපි සියල්ලන්ම එකතු වී කිසිම තේරුමක් නැතුව  මුවහමට තඩි බානවා වෙනුවට සැබෑ ප්‍රශ්න වලට පිළිතුරු සෙවිය යුතුය..... ගිලිහෙන්නේ අපේ උරුමය මිසක්  වෙන දෙයක් නොවන නිසාවෙනි......