Friday, March 4, 2016

හොරෙන් කලයුතු හොද වැඩ.......

කුලියාපිටිය ළමයා ගැන තවත් කියවීමෙන් වැඩක් නැත...... ඒ ගැන කතා කරන්න කතා කරන්න සිදුවන්නේ ඒ ළමයා සමාජය තුල විශේෂ ළමයෙක් වීමයි....... නමුත් ප්‍රශ්නයට විසදුම් සෙවීමට ඒ ගැන කතා කරන්න සිදුවුවත්.....

ඒ ළමයාට විසදුමක් ලෙස පාසලක් ලැබුන බව නැවතත් අඩබෙර ගැසීමෙන් සිදුවන්නේ ඒ ළමයා නැවතත් අපහසුතාවයට පත්වීමයි..... දැන් ඒ සියලු දෙනා මේ ප්‍රශ්නයෙන් බැට කෑ ළමයා එන්නේ තමන්ගේ පාසලට බව දනී.....එයිනුත් නොනැවතී මුළු රටක්ම දනී.... අපි සමහරක් හොද වැඩවලට ප්‍රචාරයක් ලබාදීමෙන් සිදුවන්නේ තවත් පාර්ශවයක් තව තවත් අපහසුතාවට පත්වීමයි.....මොකද ඒ ළමයා ඒ පාසලට ගියපු දිනයේ "ආ මේ අර ප්‍රශ්නෙන් ඉස්කෝලයක් නැති වුන ළමයා නේද" යනුවෙන් හංවඩු ගැසෙනවා ඇත..... ඒ ළමයා ලබපු විසදුම්ට ප්‍රචාරයක් ලබානොදුන්නේ නම් ඔහු තවත් එක ඒ පාසලේ කොල්ලෙක් වන්නට ඉඩතිබිනි.....

ඒ පුතාට පාසලක් ලැබුන බව පමණක් ප්‍රචාරය කරානම් මේ කිසිවක් සිදුනොවනු ඇත.....එය ඒ පුතාට පාසලක් නොලැබීම ගැන දුක්වූ සියලු දෙනාට සුභ ආරංචියක් නිසාවෙනි... ඔහුගේ මවත් පවුලේ අයත් පාසලේ සීමිත බලධාරීන් පිරිසක් පමණක් මෙය විස්තර සහිතව  දැන ගැනීම හොදටම ප්‍රමාණවත්ය..... මුළුරටම සියලුම දේ දැනගත යුතු නැත..... අවශ්‍ය දේ පමණක් එලියට දීමට උදව් කරන පිරිස් වුවත් ඔලුවේ තබාගත යුතුය...... මොකද සමහර හොද දේවල් වලට අනිසි ප්‍රචාරයන් ලබාදීමෙන් සිදුවන්නේ ඒ පාර්ශවය තවදුරටත් අගතියට පත්වීමයි..... මාධ්‍ය වලටත් ඒ සදාචාරත්මක වගකීම දැනිය යුතුය...... තමන් වාර්තා කරන්නේ මොකද්ද ..... එයින් ඇතිවන බලපෑම වැනි දේවල් පුර්ව අධ්‍යනයක් කර පළකර යුතුය....... නැතිනම් සිදුවන්නේ මහත් විනාශයකි....

මොනදේ වුනත් මේ පොඩි කොල්ලා ඉස්කෝලේ යන මුල්ම දවසටත් මදිනොකියන්න ප්‍රචාරයක් ලැබෙන බව සහතිකය...... එත් එය එසේ නොවේවායි හදවතින්ම පතමි.....එය තවත් එක් පොඩි කොල්ලෙකුගේ ඉස්කෝලේ යන මුල්ම දවස වනවා ඇරෙන්න අර ප්‍රශ්නේ නිසා පාසලක් නැති වූ ළමයාගේ ඉස්කෝලේ යන මුල්ම දවස නොවේවා.......

No comments:

Post a Comment