Saturday, January 2, 2016

ආලවක චින්තනය .....රට දිනන මග........ පළමු කොටස.....


1. විධායක ජනාධිපතිදුරය නාමමාත්‍රික නොකට එයට තුබූ බලය අඩු කරමින් ... තිබෙන අහිතකර බලතල ඉවත් කෙරේ ......

ස්වාධින කොමින්ෂන් සභා මගින් .. රාජ්‍ය සේවය ..... පොලිසිය ..... අධිකරණය ....මැතිවරණ කොමිසම...... අල්ලස් හා දුෂණ කොමිසම පාලනය කෙරේ ... ජනාධිපතිතුමාට හෝ කිසිවෙකුට එහි කාර්යන් වලට අත දැමීමට නොහැකි වන අතර ..... මෙම කොමිෂන් සභා පත්කිරීම පාර්ලිමේන්තුව මගින් සිදු කරයි .....අනෙකුත් කාර්යන් වලට පමණක් ජනාධිපතිතුමා මැදිහත්ව ඇමති මණ්ඩලයක් හරහා පාලනය වේ .......  

අප වැනි රටක් ගොඩනැගීමට බලයක් සහිත නායකත්වයක් තිබිය යුතුය ...... ජනාධිපති රටේ නායක සේම ආණ්ඩුවේ ත්‍රිවිධ හමුදාවේ ඇතුළු සියලුම ස්ථාන වල නායකයා වන්නේය...... පාර්ලිමේන්තුවේ පැවැත්වෙන රැස්වීම වලට සහභාගී විය යුතු අතර කාර්යබහුලත්වය නිසා මසකට වරක් හෝ අනිවාර්යෙන් පාර්ලිමේන්තුවේ රැස්වීමකට සහභාගී යුතුය..... එමෙන්ම එම දිනය වේලාසන පවසා පාර්ලිමේන්තුවේ අනෙකුත් මන්ත්‍රීන්ට ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න ඇසීමට ..... කරුණු විමසීමට අවස්ථාවක් දිය යුතුය......

අප වැනි රටක ජනාධිපති කෙනෙක් නීතියට යටත් කල විගස සිදුවන්නේ සැමදා උසාවියේ කරුණු දැක්වීමට යාමටයි ..... ඒ විපක්ෂයේ හෝ වෙන පාර්ශව විසින් දමන ලද නඩු නිසාවෙනි .....  එම නිසා ජනාධිපති නීතියට යටත් නැති අතර ..... යම් වරදක් හෝ  රටට හානියක් සිදු වුවා ලෙස බහුතර පාර්ලිමේන්තුව විශ්වාස කරන්නේනම් දෝෂාභියෝගයක් ඉදිරිපත් කර එය සම්මත කර ජන මත විචාරයකින් මගින් තව දුරටත් ජනාධිපති පදවියේ තබා ගන්නවාදැයි ජනතාවට තීන්දු කල හැක.....

එමෙන්ම ජනාධිපති ලෙස පත් වී දිවුරුම් දුන් වහාම මීලග ජනාධිපති වරණය සිදුවන දිනය ප්‍රකාශයට පත්කරන අතර එය වෙනස් වන්නේ යම් හෙයකින් ජනාධිපති දෝෂාභියෝග ජනමත විචාරණය පරද වූ විට හෝ ඩුරයේ සිටියදී මියගියහොත් පමණි..... අන් කිසිම ලෙසකින් එය වෙනස් කල නොහැක......

ජනාධිපති අපේක්ෂකයාට ඕනෑම වාර ගණනක් ජනාධිපති වරණයට ඉදිරිපත් විය හැකි අතර එකලග වාර දෙකකට වඩා අපේක්ෂකයෙක් විය නොහැක .....ජනතාව මගින් එය තීන්දු කල යුතුය ...... මක්නිසාද යත් අප වැනි පහල සිට ඉහලට ගිය බොහෝ රටවල් වල රාජ්‍ය නායකයා බොහෝ කාලයක් එම තනතුරේ සිට රට ගොඩනැගීමට කටයුතු කල නිසාවෙනි...... 

2. පාර්ලිමේන්තුව 

පාර්ලිමේන්තුවේ මැතිවරණ ක්‍රමයට වඩා මන්ත්‍රී වරුන්ට ලැබෙන වරප්‍රසාද නිසා පාර්ලිමේන්තුව බුද්ධිමතුන් , රටට ආදරේ කරන මිනිසුන්ගෙන් තොරව හොරුන්ගෙන් පටු වාසියට වැඩ කරන අයගෙන් පිරිඇත... එම නිසා එම බොහෝ වරප්‍රසාද කපා හැරේ.....
මන්ත්‍රී වරුන්ට අවුරුදු පතා දෙන බලපත්‍ර ලාබි වාහන පාර්ලිමේන්තු වාරයකට එකක් වන ඇත එය ඔහු එය පාර්ලිමේන්තු කාලය පුරාවට එනම් අවුරුදු 6ක් බාවිතා කල යුතුය......
එම ලබාගන්නා වහනය සාමාන්‍ය එකක් විය යුතු අතර එය බලපත්‍ර කොන්දේසි මගින් පාලනය කෙරේ ..... එය ද ඉන්දන අතින් අතිශය කාර්යක්ෂම විය යුතුය...... යම් හෙයකින් මෙකි බලපත්‍රය තෙවැනි පාර්ශවයකට විකිනීමට ලක් කරොත් මන්ත්‍රී දුරය අහිමි වීම සහ  අවුරුදු 5ක සිර දඩුවමක්ද හිමි වේ ..... යම් හෙයකින් කලින් වතාවක මන්ත්‍රී කෙනෙක් වූ කෙනෙක් නම් වාහනයේ තත්වය අනුව අලුත් වාහන බලපත්‍ර නිකුත් කෙරේ .....
ඉන්දන ලබාදීමේදී සියලුම ගමන් විස්තර මාසිකව පාර්ලිමේන්තුවට ලබාදිය යුතු අතර අනෙක් මන්ත්‍රී වරුන්ට සේම මහජන තවටත් එහි පිටපත් ඉල්ලා සිටීමේ සම්පුර්ණ බලය හිමිය....... මෙය ඉන්දන සදහා පමණක් නොව මන්ත්‍රී විමධ්‍යගත අයවැයද මෙසේ සැම දෙනාටම පිටපත් ලබා ගත හැක.......තමන් කල කි දේ ගැන ඕනෙම කෙනෙකුට ප්‍රශ්න කල හැක.....
දැනට අවුරුදු පහක් සිටීමෙන් මන්ත්‍රී වරුන්ට විශ්‍රාම වැටුපක් හිමිවන අතර ..... අනෙක් රාජ්‍ය සේවකයන් එවැනි වැටුපක් ගන්නේ අවුරුදු 30කට නොවැඩි සේවා කාලයක් සම්පුර්ණ කිරීමෙනි එම නිසා මන්ත්‍රී කෙනෙක් ලෙස අවුරුදු 30ක්  පාර්ලිමේන්තුවට තේරී පත් වී සේවය කලොත් පමනක් විශ්‍රාම වැටුපට හිමිකම් කිව හැක......
දැනට නොමිලේ සහ ඉතාමත් අඩු මුදලට ආහාර පාන පාර්ලිමේන්තුවෙන් ලබාගැනීමට හැකි අතර එය වහාම නවත්වා වෙළද පොලේ අනෙකුත් පාරිබෝගිකයන් ලබා ගන්නා හා පාර්ලිමේන්තුවට ලාබයක් ඇති වන පරිද්දෙන් මිල ගණන් සංශෝදනය වේ ......
පැමිණීමේ දීමනා ආදිය කපාහැරෙන අතර මාස ගණන් නිවාඩු දැමීම හෝ නොපැමිණීමෙන් මන්ත්‍රීදුරය අහෝසි වීමටද ඉඩඇත.....

අමාත්‍ය මණ්ඩලය 15ක් පමණක් වන අතර තාක්ෂණික වශයෙන් බෙදීමට අපහසුතා ඇති වුවහොත් 20ක් දක්වා පමණක් එය වැඩි කල හැකිය..... නියෝජ්‍ය අමාත්‍යවරුන් ඇතුළුව එම ගණන 30කි උපරිමය 40ක ඇමති මණ්ඩලයක් පත් කෙරේ...... එමෙන්ම පාර්ලිමේන්තුවේ සිටින සියලුම මන්ත්‍රීන්ට(පක්ෂ විපක්ෂ) තම කැමැත්ත අනුව එකක් හෝ එකකට වැඩි ගණනක් අමාත්‍යංශ සදහා අමාත්‍යංශ කණ්ඩායමේ සිටිය හැක....... ඒ ඒ අමාත්‍යංශ වල සියලු වැඩ කටයුතු එම කණ්ඩායම දැනුවත්ව සිදු කල යුතු අතර යම් හෙයකින් රටට අවාසි දායක දෙයක් සිදුවන්නේ නම් වහාම පාර්ලිමේන්තුවට එය ඉදිරිපත් කර සැමදෙනාගේම අවදානය එය සදහා යොමු කල යුතුය...... අමාත්‍යංශ වල සියලුම තොරතරු රටේ ඕනෑම පුරවැසියෙකුට ලබාගත හැකි අතර ...... ආරක්ෂක අංශ තොරතුරු පමණක් ලබා ගැනීම සිමාකෙරේ..... 

අමාත්‍ය මණ්ඩලයට කිසිදු විශේෂ වැටුපක් හිමි නොවන අතර වගකීම් පමණක් අනෙක් මන්ත්‍රීන්ට වඩා වැඩි වේ...... එමෙන්ම අමාත්‍යංශයේ සියලු තීන්දු තීරණ වලට අමාත්‍යතුමා වගකිව යුතුවේ ..........  

ඔබේ යෝජනා හා සංශෝදනත් යොමු කරන්න ......

8 comments:

  1. විධායක ක්‍රමය ගැන අදහසට මම එකඟ නැහැ හේතු ගොඩක් නිසා!! 
    ඒත් නිකං රැල්ලට යන දේශපාලන සටහන් වෙනුවට ව්‍යවස්ථා වගේ ක්ෂේත්‍රයකට කතා කරන්න පොඩි අධ්‍යනයක් සහ උනන්දුවක් සටහනේ තියෙනවනේ!! 
    ඒක නිසා එළ
    ඉතිරි කොටස් ටිකත් ලියන්න..
    මේක ගැන යන සංවාදය කියවන්න.. අහගෙන බලාගෙන කියවගෙන ඉන්න

    ReplyDelete
  2. බොහොම ස්තුති මචන් .... කට්ටියගේ අදහස් බලන්න දත් සෙට් එකම මැදන් ඉන්නේ .... බලමුකෝ මොකක් හරි කරන්න ...
    විධායක ක්‍රමය ගැන අදහසට මම එකඟ නැහැ හේතු ගොඩක් නිසා!!
    වෙලාවක් තිබ්බොත් දාපන් ;) අපිටත් දැනගන්න කතා කරන්න ඒ ගැන :D

    ReplyDelete
    Replies
    1. http://ravaya.lk/?p=5076
      දැනට මේක කියවන්නකෝ

      Delete
  3. බ්ලොග් එක අදයි දැක්කේ...උඩුවා කිව්ව පාරේ ආවෙ...එල..දිගටම ලියහන්...

    විධායක ජනාධිපතිකම ගැන මට ඉන්ටේරෙස්ට් එකක් නෑ...බට් ඇමතිලාගෙ සහ මන්ත්‍රීලාගෙ වරප්‍රසාද අඩුවෙන එකට එකගයි...
    එල..ඉතුරු ටිකත් ලියහන්..

    ReplyDelete
  4. බ්ලොග් එක අදයි දැක්කේ...උඩුවා කිව්ව පාරේ ආවෙ...එල..දිගටම ලියහන්...

    විධායක ජනාධිපතිකම ගැන මට ඉන්ටේරෙස්ට් එකක් නෑ...බට් ඇමතිලාගෙ සහ මන්ත්‍රීලාගෙ වරප්‍රසාද අඩුවෙන එකට එකගයි...
    එල..ඉතුරු ටිකත් ලියහන්..

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් :D ඉතුරු ටිකත් දාන්නම් කෝ :D

      Delete
  5. පෝස්ට් වලට පොඩි ෆොටෝ එකක් එහෙම එකතු කරගන්න!! 

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මිට පස්සේ ඒවාට දාන්න ඕනේ :D

      Delete