Sunday, January 17, 2016

සිංහල සිනමාව මැරිලා නෑ......



සිනමාවට බොහෝ ඇලුම් කරන්නෙක් විදියට .....ලොකු චිත්‍රපටි විචාරකයෙක් නොවුනට ..... මැතකදි ඉදන් අපේ සිනමාව ගැන තිබ්බේ දුකක්..... එක තැන පල් වෙන ඉන්දියන් කොපි...... රාජාවලියේ සිනමා දිගහැරුම් වලින් හෙම්බත් වෙලා හිටපු ලාංකීය සිනමා ලෝලීන්ට "හෝ ගාන පොකුණ" සිසිල් දියධාරාවකි.....

ජෝක් ෆිල්ම් එකක් නොවුනත් මා ජෝක් ෆිල්ම් එකකටත් වඩා වැඩියෙන් සිනහා වී ඇත..... ජෝක් ෆිල්ම් වල සරම උස්සන් කුණුහරප කියාගෙන අපිව හිනස්සන්න ගන්න උත්සාහය දැක්කම අපිට හිනා ගියත් ....  "හෝ ගාන පොකුණ" වැඩි වීරියකින් තොරව අපිව සිනහ ගන්වයි..... සිනහව අතරින් ප්‍රබල සියුම් ප්‍රහාර මුළු සමාජයටම එල්ල කරයි.....  ඒ ප්‍රහාර කොතරම් බලවත් ද නම් දර්ශනය අවසානයේ හිතන්න දෙයක් ඉතිරි කරයි.....

ඇස් වලට කදුළු එන්න සිනහ ගන්වන චිත්‍රපටිය .......ඒ සතුටු කදුළු වේලෙන්නත් කලින් ....ඇස් වලට දුක්  කදුළු ගේන්නේ ඊලග මොහොතේය....සිනමාකරුවා ඒ තරම් දක්ෂය.... මෙය මා කලින් අත්විද ඇත්තේ "3 ඉඩියට්ස් " චිත්‍රපටියේය .... ඒ හා සමාන මට්ටමකින් දුක සතුට නිරතුරුවම "හෝ ගාන පොකුණ" බෙදයි......

කිරීමට ඇත්තේ එකම එක අයාචනයකි..... DVD කොපි අන්තර්ජාලයට එනතෙක් රැදිනොසිට රුපියල් 300ක් දී චිත්‍රපටියක් නරබා අපේ රටේ හොද නිර්මාන කරන කලාකරුවන් අගය කරන්න යන ඉල්ලීමයි.....

පසු ලිපි:
බලන්න යන කෙනෙක් ඉන්නවා නම් කියන්න .....ආයි සැරයක් බලන්න ආසාවක් තියෙනවා ...... ;)

අධ්‍යක්ෂක : ඉන්දික ෆර්ඩිනැන්ඩො


No comments:

Post a Comment