Tuesday, January 5, 2016

ආලවක චින්තනය .....රට දිනන මග........ දෙවන කොටස.....

අමාත්‍යංශ වල කාර්යභාරය කලින් සදහන් කර පරිද්දෙන් පාර්ලිමේන්තු කණ්ඩායමටම පැවරෙන අතර සිවිල් සංවිධාන,පුරවැසියන්ට  වලට අමාත්‍යංශ වල වියදම් තොරතුරු හා නව වියාපෘති ගැන තොරතුරු දැනගැනීමට හැකිඅතර හැකිනම් ලබාදෙන කාලය තුල සංශෝදන යෝජනා ඉදිරිපත් කල හැක.... මෙමගින් බලාපොරොත්තු වන්නේ රටේ සියලු දෙනා රටේ සංවර්ධනයට දායක කරගැනීමයි.... 



නව නිපැයුම් සැමවිට දිරිමත් කරන අතර අමාත්‍යංශ මට්ටමෙන් ඒ ඒ විෂය පථයට අදාල නිපැයුම් වලට අවශ්‍ය සහය ලබාදෙනු ඇත.... යහපත් බලපෑමක් කල හැකි විශේෂ වියපෘති සදහා නව නිපැයුම් යනුවෙන් දෙපාර්තමේන්තුවක් පිහිටවා එයින් අවශ්‍ය සියලු සහයන් ලබාදෙනු ඇත ..... අවශ්‍යනම් විදේශ දේශකයන් ...මුදල් ඇතුළු සියලු සම්පත් ලබාදේ....රටක් ලෙස ඉහලට ඒමට අලුතෙන් නිර්මාණ ප්‍රබල සදකයකි.....මෙකි දෙපාර්තමේන්තුවේ තවත් වගකීමක් වනුයේ පාසල් මට්ටමින් වැඩමුළු තරග සංවිධානය කර ළමයින් ඒ සදහා යොමු කිරීමයි..... අධ්‍යාපන විෂය පථයත් නවීන තාක්ෂනය සමග ඒකාබද්ද විය යුතු අතර අවුරුදු 5න් 5ට විෂය මාලාවන් වෙනස් විය යුතුය...... 

සැමට ඉගෙනීමට අවස්ථාවක් ලබාදිය යුතුය..... ඒ නිසා උසස් පෙළ දක්වා ඉගෙනීම ගාස්තු අයකිරීමකින් තොර වන අතර උසස් අධ්‍යාපනය සදහා ගාස්තු අයකෙරේ..... ඒ සදහා අවශ්‍ය ණය පහසුකම් රජය මගින් දෙන අතර....එකී ණය මුදල උපාධිය ලබා අවුරුදු දෙකක් අතර ගෙවිය යුතුය..... (ණය නිසිලෙස නොගෙවන අයට වෙන දේ තවමත් සිතමින් පවතී) ...මෙකි ක්‍රියාවලියෙන් ළමයින් තුල තමන්ගේ ඉගෙනීම ගැන වගකීමක් තමන් තුලම ඇති වන අතර උසස් පෙළ විෂය මාලාව අනුව කැමති ක්ෂ්ත්‍රයක්, කැමති රාජ්‍ය හෝ වෙනත් විශ්වවිද්‍යාලයක්  තෝරා  ගත හැක........ ඒක් එක් විශ්වවිද්‍යාල තුල ඒ ක්ෂ්ත්‍රයට අදාල අභියෝගාත්මක විභාගයක් පැවැත්වෙන අතර එයින් සමතවන්නට එකී විශ්ව විද්‍යාල ප්‍රවේශය ලැබෙනු ඇත..... මේ නිසා තමන් තෝරා ගන්නා ක්ෂ්ත්‍රය හා එම විශ්ව විද්‍යාලයේ තත්වය ගැන පුර්ණ අවබෝධයක් අයදුම් කිරීමේදී තිබිය යුතුය..... එකී අසමත් වන්නන් හට නැවත අවස්ථාවක් ලබාදෙන අතර මේ කාලයේ තමන් කැමති වෙන ක්ෂ්ත්‍රයකට හෝ වෙනත් විශ්ව විද්‍යාලයක් තෝරාගත හැක.... 
මෙකි ක්‍රියාවලියෙන් සැමටම උසස් අධ්‍යාපනයක් ලබාගත හැකි අතර තමන්ගේ අනාගතය ගැන තමන් වගකිව යුතුය....... මේ ක්‍රියාවලියෙන් විශ්ව විද්‍යාල ස්වයං අදායම් උපදවන අතර රජයක් හැටියට ඇති වියදම් අඩු වනු ඇත..... ඒ ඉතිරි මුදල් උසස් පෙළ තෙක් පාසල් අධ්‍යාපනයට යොමුකළ හැක......

මීලගට : ආර්ථික උපාය මාර්ග 

No comments:

Post a Comment