Tuesday, January 24, 2017

සම ලිංගිකත්වයෙන් ඔබ්බට .......


සම ලිංගිකත්වය,
පිරිසක් එය සාමාන්‍ය දෙයක් ලෙස අර්ථ දක්වද්දී ..... පිරිසක් එය අසාමාන්‍ය දෙයක් ලෙස සදහන් කරයි ..... ඒ සදහා කරන ලද පරීක්ෂණද රාශියකි ..... ඒ නිසා එය තක්කෙටම හරි වැරදි ලෙස ලේබල් කිරීම අපහසුය .....

සොබා දහම ඉතා අපුරුය .... එහි නිපැයුම් ඊටත් වඩා අපුරුය ..... එකී නිර්මාණ වලින් මිනිසා ගන්නේ අද්විතීය ස්ථානයකි ..... බොහෝ ජිවින්  ලිංග දෙකකට වෙන් කරන ලද්දේ තම වර්ගයා බෝකිරීමටය ..... ලිංග දෙකේම  ලක්ෂණ ඇති බැක්ටීරියා ඇතුළු ක්ෂුද්‍ර ජීවින්  විශේෂ අරුණු කොට සෑම ජිවියෙක්ම මෙකි අපුර්ව සංසිද්දියෙන් මෙලොව එලිය දකී .....  ඒ අනුව ප්‍රජනනය ජීවීන්ගේ පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයකි ...... ප්‍රජනනය නොවන තැන ජීවීන්ගේ පැවැත්මක්ද නැත .....

මොණරා සෙබඩක් දැක්කම නටන්නේ තමන්ගේ ලස්සන පෙන්වන්නේ  විරුද්ද ලින්ගිකයෙක් ආකර්ෂණය කරගෙන තම වර්ගයා බෝකිරීමටය ..... මොණරෙක් තවත් මොණරෙක් ලග නටනවා මෙලොව කිසි කෙනෙකු දැක නැත .....  එහෙයින් අපි මේ උත්සහ කරන්නේ සොබා දහම අභිබවා යෑමටය.... සොබා දහමට අපි විරුද්ද වන සෑම විටම සොබා දහම අපිට ප්‍රති ප්‍රහාර එල්ල කරන අතර ඒවායේ වේදනාවන් ගැන අමුතුවෙන් කිව යුතු නැත ..... එහෙයින් සොබා දහමට එරෙහි වන්නට පෙර දෙපාරක් සිතිය යුතුය .....

අම්මා තාත්තා යන සුසංයෝගයෙන් ජිවිතයට ලැබුණු දේවල් අති මහත්ය ...... තාත්තාගේ රැකවරණයත් අම්මගේ සෙනෙහසත් තාත්තලා දෙන්නෙක් හෝ අම්මලා දෙන්නෙක්ගෙන් ඒ දේ ලැබෙයි ද යන්න සැක සහිතය .....
එමෙන්ම ,
නොදරුවා කාලේ තාත්තලා දෙන්නෙක් අම්මලා දෙන්නෙක්  යටතේ හදා ගන්න  ළමයෙක්ගේ මානව අයිතීන් ගැන කවුරුත් කතා කරන්නේ නැත .....ඒ ළමයින්ගේ මානසික තත්වය ගැන කවුරුත් සැලකිලිමත් නැත ..... අවශ්‍ය වන්නේ තමන්ගේ සිතුම් පැතුම් ඉටු කර ගැනීම පමණි ....

උත්තරය හරි සරලය.... මෙවැනි දේවල් සම්මත කිරීමෙන් නීති සැදීමෙන් වෙන්න ප්‍රශ්න රාශියකට අත වැනීමකි ..... අයින් වෙලා යෑම නුවනට හුරුය ....



No comments:

Post a Comment