Saturday, January 14, 2017

අන්ලිමිටට් ඉන්ටර්නෙට් ඇත්තටම ඕනෙද ???


අසීමිත අන්තර්ජාල භාවිතය ඉවත් කල දා පටන් බොහෝ දෙනා මැසිවිලි නැගුවේ අසීමිත අන්තර්ජාල භාවිතය නැවත ලබාදිය යුතුබවය ...... මුල් කාලයේ මාත් ඒ මතයේ සිටියත්.... අසීමිතව තිබු කාලයේ කල කී දෑ සහ සිමා සහිත කාලයේ කල කී දෑ අතර පැහැදිලි වෙනසක් තිබු අතර සිමා සහිත කාලයේ භාවිතාව පෙරට වඩා ඵලදායි විය ......

අසීමිත කාලයේ පරිඝනකයට නිවනක් නැති විය ....උදේ සිට රෑ වනතෙක් ගිනිරාමෙට වැඩය .... එන සෑම චිත්‍රපටියම ඩවුන්ලෝඩ් කරන අතර කිසිදු හෙවිල්ලක් බැලිල්ලක් නැත ...... සිමා සහිත කාලයේ ඩවුන්ලෝඩ් කරන්න ෆිල්ම් සොයන්නේ දෙයක් මිලදී ගන්නවා හා සමාන සෙවිල්ලකින් පසුවය.... චිත්‍රපටියේ කතාව ....නළුවන් .... ඒ ගැන ඇති IMDB  අගය මෙකි නොකී සියල්ල සෙවූ අතර දැඩි ලෙස අධ්‍යනය කිරීමෙන් ඩවුන්ලෝඩ් කරයි ...... මෙකි ක්‍රමය පෙරට වඩා ප්‍රයෝගික වන්නේ දැන් තමන් ඩවුන්ලෝඩ් කරන්නේ තමන්ට අවශ්‍ය දේ පමණය ..... මුලින් ඕන එකයි එපා එකයි ඩවුන්ලෝඩ් කර හර්ඩ් ඩිස්ක් එක පිරෙව්වට සමහර ඒවා කිසිදා නොබලයි ...... කොටසක් බැලීමෙන් කතාවේ ඇති නීරස බව නිසා අතර මග නවත්වයි ..... 

මෙය චිත්‍රපටි සදහා පමණක් නොවන අතර අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කරන සියල්ලටම වලංගුය ... මෙකි ඕන එකයි එපා එකයි ඩවුන්ලෝඩ් කිරීමෙන් නෙට්වොර්ක් ට්‍රැෆික් වැඩිවන අතර අනෙක් යුසර්ස්ලට මෙය ගැටලුවකි ..... එකී කරුණ හේතුකරගෙන සාධාරණ භාවිත ප්‍රතිපත්තිය නමින් කප්පාදුවක් හැමෝටම බුක්ති විදින්නට සිදුවිය .....

අසීමිත ඉන්ටර්නෙට් අවශ්‍ය යැයි කියන අයට ස්වයං අධ්‍යනයක් කල හැක ..... අසීමිත කාලයේ කල කි දෑ හා වර්තමානයේ කරන දෙයින් වඩාත් පලදායි කුමක්ද යන්න ....

ලංකාව වගේ රටකට අවශය වන්නේ සැලකිය යුතු වේගයක් හා සැලකිය යුතු ප්‍රමාණයක ඩේටාය.... ඒ ජාතියක් හැටියට අසීමිත නිදහසක් ලද සැමවිටකම අයාලේ යන නිසාවෙනි.... 

No comments:

Post a Comment