Thursday, September 8, 2016

උසස් පෙළ සමත් විශ්වවිද්‍යාල නොලැබුණු අයගේ සංගමය

මෙහෙමයි ඒ කතාවේ බොහෝ කරුණු කොලේ වහල ගැහුවා කියලයි මට හිතෙන්නේ .... ප්‍රයිවට් රස්සා කරන කොටස අඩුයි කිව්වට නොගැනිය හැකි තරම් කුඩා කිව්වට .... Software,civil engineering වගේ ඒවා වල වැඩිම රස්සා තියෙන්නේ ප්‍රයිවට් අංශයේ නෙමේද ??? MAS එකේ ඇදුම් මහනවා විතරක් කිව්වට තව කොච්චර අය ඉන්නවද උපාධි තියෙන .....තියෙන ඒවා විශ්ලේෂණය කරන්න ....අලුත් ඩිසයින් හදන්න ..... electric වැඩවලට කියක් ඉන්නවද මගේම යාලුවෝ .... එක නිසා මට එක විවාදාත්මක ප්‍රකාශයක් .... ඊලග එක ප්‍රයිවට් හොස්පිටල් යන්නේ හොද සේවාවක් ගන්න ලු .... හොද සේවාවක් නිකන් දෙන්නේ නැති නිසා යන්න වෙනවා තමා..... කාලය නාස්තිකරන්... එක එක්කෙනාගේ ලොකුකම් බලන්නේ නැතුව ප්‍රයිවට් චැනල් කරලා ගියාම දෙනවා හොද සේවයක් ..... (සැමටම අදාළ නොවේ ...කණගාටුවට බහුතරයක් මෙහෙමයි) ඒවාට වැඩපිළිවෙලක් හදන්න මහන්සි වෙන්නේ නෑ.... ලෙඩ්ඩු උදේ ඉදන් පෝලිම් වල ඒවා නැති කරන්න .... අලුත් ක්‍රමවේදයක් ගෙන්න ස්ට්‍රයික් කරන්නේ නෑ....හැබැයි පඩිය වැඩිකරගන්න ... වාහන පර්මිට් එකට .... යාලුවෙක්ගෙ වැඩ තහනම් වුනාම කොටින්ම තමාගේ හා අන්‍යන්ගේ පැවැත්මට තර්ජනයක්නම් තමා ස්ට්‍රයික් මතක් වෙන්නේ ..... සල්ලි තිබ්බා හෝ නැතා ප්‍රයිවට් යන්නේ ඔය නිසා .... කොහොමත් නිකන් දෙන සේවාව හොද එකක් කරන්න කොහොමත් මහන්සි වෙන්නේ නෑ මොකද වැඩියෙන් සල්ලි එන්නේ ප්‍රයිවට් හොස්පිටල් එකෙන් නිසා..... 
ඊලග තර්කෙ තමා ලෙඩවුනාම හොදම තැනින් බෙහෙත් ගන්න උත්සහ කරාට උපාදිය ගන්න හොදම තැනට යන්නේ නෑ කියල ..... හැබැයි එහෙම කියල එයාම කියනවා මවුන්ට් එලිසබෙත් යන්න අපිට බෑ කියල .... ඉතින් හරිනේ උපාදිය ගන්නත් අපිට හර්වර්ඩ් යන්න අමාරුයි ..... මවුන්ට් එලිසබෙත් වගේම .....එක තමා අපි නවලෝකේ යන්නේ ලෙඩක් වුනාම ....එකයි අපි GMOA එක පිළිගත්ත වෙන රටක ගිහින් උපාධිය ගන්නේ ..... ඒ රටවල් වල තත්වේ හොදනිසා නේ GMOA එක පිළිගන්නේ ..... එහෙම ගිහින් ඉගෙන ගෙන එන ළමයා හොද වෙලා රට ඇතුලේ ළමයෙක් ඉගෙන ගත්තම තියෙන අවුල මොකද්ද ??? රට ඇතුලේ හදන එකක් හරියට කොලිටියට හදන්න ඇයි GMOA එකට උදව් කරන්න .... එකේ තත්වේ තියාගන්න බලයක් ගන්න බැරි .... ඒ කිසිම දෙයක් නැතුව එපා එපා කිව්වට හරියන වද ? රටෙන් එලියට යන්නේ අපේ සල්ලි නෙමේද ??? ඒ ටික රට ඇතුලෙම තිබ්බනම් හොද නැද්ද ??? ඇයි ප්‍රයිවට් ඒවා දාන්න වැඩසටහනක් හදන්න බැරි .... හදල පටන් ගන්න අයට උදව් කරන්න බැරි ? 
විශ්ව විද්‍යාල වලට ගන්නේ විද්‍යා විෂයන් වලින් 30% වගේලු එතකොට ඉතිරි පාස් වෙච්ච 70% ?? ඒ අය මොනවද කරන්නේ ?? ඒ අයට උපාදියක් ගන්න අයිති නැද්ද ?? ඒවා ගැන කිසිම කතාවක් නෑ.... ඊළගට කිව්වා උපාධියක් ගන්නේ සහතිකෙටලු ..... සහතිකේ බිත්තියේ ගහන් හිටියම කන්න ලැබෙනවද ??? රස්සාවක් කරලා හම්බ කරන්න දක්ෂතාවක් ඕනේ නැද්ද ??? සහතිකේ තිබ්බම ඔක්කොම හරිද ?? උපාදිය කරන්නේ දෙයක් ඉගෙන ගන්නේ ඒ අංශෙන් ඉස්සරහට යන්න.... හැබැයි මේකත් කියන්න ඕනේ වෙනත් රස්සාවලට වඩා දොස්තර රස්සාව වෙනස් ..... අසනීපයක් හැදුනම මෙයා බැච් ටොප් ද ...ආණ්ඩුවේ කැම්පස් ද සයිටම් ද බලන්නේ නෑ.... එක නිසා ප්‍රයිවට් හරි ආණ්ඩුවේ හරි එලියට එන්නේ හොද පුහුණුවක් ලබපු අය කියල සහතික වෙන්න වැඩසටහනක් හදන්න ඕනේ ....එහෙම නැතුව තවත් කෙනෙක්ගේ ඒ අයිතිය උදුරගන්න එක වැරදි ...... සියලුම දේවල් වලට සටන් කරන ඔය හැම එකක්ම කොහොමද හරියට අපි මේක කරන්නේ .... කියල කතාවක් නෑ.... වහන්න වහන්න ....එපා එපා කියන්න තමා දන්නේ ..... මටනම් තමාත් ප්‍රයිවට් විශ්ව විද්‍යාල එපා කියන සටන් පාඨ ශක්තිමත් මදි ......

No comments:

Post a Comment