Monday, September 5, 2016

අපිට උපාධි අකැපද ?



A/L කියන්නේ කඩඉම් විභාගයක් .... ඒ කඩයිම පාස් වුනේ නෑ කියලා ඒ අයව අවලංගු කාසි කරලා අමතක කරන්න බෑ... හරි එක්කෝ ඒ අය අමතක කරමු ..... ඒ අය වැඩක් නෑ..... 2014/2015 වර්ෂයේ A/L වලින් පාස් වෙලා තේරුන අය 149572යි ..... එකෙන් කැම්පස් ඇතුලට ගන්නේ 25643... ඉතුරු 123929ක් දෙනා ඉන්නවා සුදුසු කම් තිබිලත් ඇතුලට යන්න බැරි ..... මන් වගේ යාන්තම් ජාමේ බේර ගත්ත අය වගේම හොදට පාස් වෙච්ච් අයත් ඉන්නවා ..... ඒ අයට කොහෙද යන්න කියන්නේ ..... ඒ අයත් වැඩක් නැද්ද ..... දැන් ඒ අයවත් ආණ්ඩුවේ ඒවාට ගන්න තමා අපි සටන් කරන්නේ කියන්න එපා .... එක කොච්චර ප්‍රයොගිකද කියන එක ප්‍රශ්නයක් ...... හැබැයි මේ හැමෝම කැම්පස් ඇතුලට ගන්න කොහොමටවත් බෑ කියල මන් කියන්නේ නෑ.... පුළුවන් හැබැයි කාලයක් යන වැඩක් ..... අවුරුද්දෙන් දෙකෙන් කරන්න පුළුවන් වැඩක් නෙමේ ..... එතකන් මේ පාස් වෙන්න අය මොකද කරන්නේ .... ඔය 123929 ඇතුලේ ඉන්නවා අන්ත දුප්පත් අය ..... පහළ මධ්‍යම පන්තිය ....ඉහළ මධ්‍යම පන්තිය ..... ඒ වගේම ඉහළම පන්තිය .... ඒ ඉහලම අය අපි මේ කතා කරන ඒවාට වැඩක් නෑ ලංකාවේ නැති වුනත් ඒ අය රට ගිහින් බැරිනම් කොහෙන් හරි ඉගෙන ගන්නවා ..... ඔතන ප්‍රශ්නේ තියෙන්නේ මම වගේම බහුතරේ ඉන්න මධ්‍යම පන්තියට ..... සම්පුර්ණ නිකන් දෙන අධ්‍යාපනය ලබන්න අපිට බැරිවෙන නිසා අපිට ගානක් ගෙවල හරි ඉගෙන ගන්න තැනක් තියෙන්න ඕනේ නැද්ද ?? ..... නැත්තම් අපිට අසාධාරණයක් නෙමේ ද ??? එකයි මම කියන්නේ ප්‍රයිවට් කැම්පස් ඕනේ කියල..... ඒ වගේම උපාය මාර්ගිකව ආණ්ඩුවට පුළුවන් නීතියක් ගෙන්න හැම කාණ්ඩයකමින්ම ළමයි ගානකට නිකන් අධ්‍යාපනය ලබාදෙන්න ඕනේ කියල...... ලංකාවේ ප්‍රයිවට් කැම්පස් පටන් ගන්නවා නම් මේ නීතියට යටත් වගේ දෙයක් .... ඒ වගේම මේ දාන හැම එකම අධීක්ෂණය කරන්න ආයතනයක් ..... මේ වගේ වැඩපිළිවෙලකින් අන්ත දුප්පත් ළමයි වගේම දක්ෂ ළමයිට නිකන් අධ්‍යාපනයක් ලැබෙනවා ..... හිතන්න .... වහලා දාන්න නෙමේ....කොහොමද මේක හරියට කරන්නේ කියලා...... සල්ලි වලට දෙන හැම එකක්ම බිස්නස් එකක් නම් ලෝකේ ප්‍රධාන විශ්වවිද්‍යාල ඔක්කොම උපාධි කඩ .... කඩයක් වෙන එක වලක්වන්න තමා අධික්ෂණය කරන්න කිව්වේ ..... රටේ ළමයි කියක් යනවද වෙන රටවල ඉගෙන ගන්න රටේ සල්ලි කොච්චර එලියට යනවද ..... යන්නේ අපිටත් වඩා අන්ත රටවල් වලට ..... ඒ අපේ රටේ කරන්න බැරි නිසා ..... හිතන්න .... තව හිතන්න ..... හැමදේටම විරුද්ද වෙන්නේ නැතුව .....කොහොමද මේක නිවැරදි කරන්නේ කියල ...... ජය වේවා

No comments:

Post a Comment