Tuesday, December 29, 2020

The Newspaper Sinhala movie review (ද නිවුස්පේපර්)

 සරත් කොතලාවල සමග කුමාර තිරිමාදුර අධ්‍යක්ෂණය කල "ද නිවුස්පෙපර්" සරලවම කිව්වොත් හොදයි ටිකයයි.



ආරම්භක රූපරමු සම්බාව්‍යගනයේ වූ නිසා, "සුස්ති"ට වඩා ඇල්මක් ඇති විය තවදුරටත් මෙය නැරබිය යුතු බව සිත කිවේය. ක්‍රමයෙන් කතාව දිගහැරෙන විට එකී සිතුවිල්ල තවත් මෝරා "මේක නම් මරු" යන සිතුවිල්ල දක්වා වර්ධනය විය. හැමෝම මේක බලන්න කියලා දාන්න ඕනේ කියලා සිතුනි.

සියල්ල බිදවැටෙන්න ගත්තේ අනවශ්‍ය සිද්දියක් උලුප්පා දක්වා, කතාවේ තාත්විකබාවය බිදවැටීමත් සමගයි. එයින් පසු කතාව ඔහේ දිගහැරෙන්න පටන් ගත් අතර කිසි රසයක් නැති රූපරාමු රාශියක් බවට පත්විය.

චිත්‍රපටය නොබැලු අය  මෙතනින් එහාට මේ විචාරය කියවීමෙන් කතාවේ සිද්දීන් ගැන දැනගැනීමට හැකියාව වැඩිය. එම නිසා, 6/10 වුනත් චිත්‍රපටය නරබා පැමිණෙන්න.

සිංහල කොටියෙක් ලෙස හංවඩු ගැසුනු, ගමේ අගතියට පත්වුන පවුලක වැඩිමල් සොහොයුරා ඔහුගේ මිතුරෙක් සමග කොලබ පැමිණ එකී කරුණ නිවැරදි කිරීමට දරන උත්සාහය කතාවේ මුලික අදහසයි.

තාත්වික බව බිදවැටෙන ප්‍රධාන සිදුවීම වනුයේ ප්‍රධාන කතෘතුමාට පහරදීමයි. එකී පහර දීම අතිශය තාත්වික වුවත් ඊට පසු සිදුවීම් අතාත්විකය. යම්කිසි සිදුවීමක් අරබයා මාධ්‍ය භාවිතාව හරියටම හරි වුවත් ඉන්පසු සිදුවූ සිදුවීම් කතාවේ හරයට සිදුකලේ හානියකි. එතරම් දැවැන්ත උද්ගෝෂණ, මාධ්‍ය සාකච්චා පවත්වන සිදුවිමක විත්තිකරු ගැන කිසිවෙකු කතා නොකිරීම අතාත්විකය. මේ කතාව දශක දෙක තුනක් පැරණි කාලරාමුවක දිගහැරෙනවා නම් එකී කරුණ සත්‍ය වීමට තිබුනි එත් වර්තමාන මාධ්‍ය ඕනෑම කුණුගොඩක් විකුණන්කන ස්වභාවය කතාවෙන් ගිලිහීම තාත්විකබව පරිහානියට ලක්කළේය. 

මගේ දැක්මට අනුව තාත්විකම කතාව වනුයේ, එකී පහර දීමෙන් පසුව විත්තිකරු කොලබ පැමිණි කරුණ සමාජ ගතවී ප්‍රධාන පුවතක් ලෙස එහි ප්‍රතිපලයක් ලෙස ඔවුන්ගේ ජිවිත වෙනස් වීමයි. ජනතාවගේ අනුකම්පාවෙන් පාර්ලිමේන්තුවට යෑම වුවද තාත්විකය. ගමේ උන් සර් කියමින් ඔහු ලග වදවැටෙන තත්ත්වක් වුවත් නිර්මාණය කිරීමට තිබුණි. මේ කතාව තුලින් මාධ්‍ය තුලින් චරිත පිම්බීම, ඕනෑම දෙයක් මාර්කට් කළහැකි බව, ජරාජීර්ණ දේශපාලන භාවිතාව ගැන පුළුල් සාකච්චාවක් කිරීමට හැකියාවක් තිබුණි. අවාසනාවට එය එසේ නොවී අතාත්වික මාර්ගයේම ගමන් කළේය.

චිත්‍රපටියතුල දේශපාලනික උවමනාවක් නිසා කතාව බිදවැටුනාදැයි සැකයක් එන්නේ චිත්‍රපටියේ නිෂ්පාදක ලැයිස්තුව දැකීමෙන්ය. මගේ නම් මතය අනවශ්‍ය කරුණු උලුප්පා දක්වන්න යෑමෙන් ඉතාමත් රසවත් කතාවක් විනාශ කලබවය. මෙය සරත් කොතලාවලට කුමාර තිරිමාදුරට අලුත් දෙයක් නොවන්නේ ඔවුන්ගේ "තණ්හා රතී රගා" චිත්‍රපටියත් මෙසේ බොලද අවසානයක් ලබාගැනීමයි. කතාව හොදට ගොඩනගා පසුව එය විනාශ කිරීම කණගාටුවට කරුණකි. එත් උත්සාහය අගය කලයුතුය.      

Friday, August 7, 2020

ජවිපාවුන්ට කෙල විමට හේතු

~ මහින්ද හොරා හොරා කිව්වට හොරකම් එලිනොකිරිම හා හරි ඒවා අස්සේ බොරු ඒවා කීම 
උදා : ලැම්බෝගිනි 19 / රත්තරන් අස්සයෝ / ඩුබායි හොටෙල්

 ~ කුඹියෝ ටෙලිනට්‍ය : දේශපාලනේ ගෙම් එකක්... සමාජවාදි පක්ශ රටම අවුල් කරනවා... 

~ විරුද්ද පක්ශයේ ප්‍රචරන වලට ක්‍රියාවෙන් උත්තර දිමට හා තම නිර්දෝශිබව ජනගත කිරිමෙ නොහැකියව. 
උදා : රතු අලි පැටව් / මහින්දගේ අන්ඩුවෙන් එලියට පැමිනිම 

~ සරල සුන්දර දිවිපැවත්ම ගැන එකිනෙකට වෙනස් පිලිතුරු හා "හාමුදුරුවෝ ඉන්නෙ කොහොමද කියලා අහන්නේ නෑනේ" වැනි හුදි ජනතාව කිපෙන කතා කීම 
උදා : යලුවෝ උදව් කරනවා / පක්ෂෙන් දෙනවා / අපිට දේපල තියෙනවා 

~ චව් චව් නිය්‍යාය හා කරන්න පුලුවන් හොදම විදිය ගැන සදහනක් නැතිකම 
උදා : ඔක කරන්න බෑ / රටේ කලුගල් ඔක්කොම ඔනේ ඔක හදන්න 

~කුහක කම 
උදා : තම ළමයින් ප්‍රයිවට් කැම්පස් යවමින් අනිත් අයට එය කිරිමට ඇති අයිතිය නැතිකිරිම 

~අනුර කුමාරට ඇති අකමැත්ත 

~පෙර වැරදි ගුඩ් ලක් නෙක්ස්ට් ටයිම්

Thursday, May 17, 2018

මැයි 18 ඇත්තටම සමරන්න ඕනෙද ?

ශ්‍රී ලංකික තිස් වසරක යුද්දයෙන් මියගියේ ශ්‍රී ලාංකිකයෝය සටන් වැදුනේ  ශ්‍රී ලාංකිකයෝය යුද්දයට හේතුව රටේ ජාතින් අතර ප්‍රශ්නයකි. ප්‍රශ්නය මුල් කරගෙන අවි අතට ගත් පිරිස අවියෙන්ම වැනසුවත් ගැටුමට මුල්වූ හේතු වලට සදරනයක් සිදුවුවාද යන්න ගැටලුවකි...

එකී ත්‍රස්තවාදී සන්විදානයෙන් බැට කෑවේ සිංහල ජාතිය පමණක් නොවන අතර දෙමල විමුක්තිකාමීන් වුවත් ඔවුන් දෙමළ ජනයාටත් වදයක් හිසරදයක් විය... එහෙත් එකී ත්‍රස්තවාදී පරාජය සිංහල ජාතියට දැනෙන විදියටම අනෙක් ජාතියට නොදැනුනේ අපි එය සැමරු ආකාරයෙන්ද? දෙමල්ලු ඔක්කොම කොටි යන ලේබලය නිසා අපි ඔවුන්ට සලකපු හැටියටද? නැත්නම් එය පොදු දෙමල ජනයා ලැබූ පරාජයක් ලෙස ඔවුන්ට දැනුන නිසාද?

සිතන්න යම් හෙයකින් රජයේ හමුදා පැරදී ත්‍රස්තවාදීන් ජයක්ග්‍රහනය කරානම්... ත්‍රස්තවාදීන්ගේ විජයක්ග්‍රහණ පෙළපාලියක් බැලීමට ඔබ කැමතිද ?? ත්‍රස්තවාදීන් ඉබේ බිහිවන්නේ නැත... සම්පුර්ණයෙන් වැනසීමට අවියෙන් පමණක් නොහැකිය... රට බෙදන්න හදන්නේ එකම රටක එකම මිනිස්සු කියා නොදැනෙන නිසා නොවේද ??

යුද්දයෙන් පසුව උද්දාමයෙන් පාරවල් දිගේ නටන්නේ නැතුව... උතුරේ මිනිසුන්ගේ ජන ජීවිතය නගාසිටුවන්න පෙළගැසුනානම්...
යුද්දයේ නටබුන් බලන්න විනෝද චාරිකා යනවා වෙනුවට සහෝදරත්වයේ චාරිකා ගියානම්...
විජයක්ග්‍රහණයේ පෙළපාලි කියල වෙන රටවල් වලින් සල්ලි දීලා ගත්ත ඒවා නොපෙන්වා උතුරේ සංවර්දන, යලිත් මෙවන් ගැටුම් ඇතිනොවීමට ගන්නා පියවර ප්‍රදර්ශනයකරා නම් තත්වය මිට වෙනස් වීමට තිබිණි...

උතුරේ සංවර්දනයට රාජපක්ෂ රජය වැඩ කලත් තුවාල වූ හදවත් සුවපත් කිරීමට වැඩකලේ නැත... බෙදුන බෙදිල්ල තාමත් එහෙමය... කෙතරම් දේවල් රාජපක්ෂ කරත් දෙමලෙන් කතා කලත් දෙමල හදවත් ස්පර්ශ කිරීමට නොහැකිවුනේ සිංහල චන්ද ගැන සිතා යුද ජයක්ග්‍රහණ විකුණන් කෑමය....මෙය සනාත කරන්නේ 2010 ජනාධිපතිවරණයයි... දකුණේ චන්ද තොග පිටින් ලැබෙද්දී උතුරේ චන්ද වැටුනේ ප්‍රතිවාදියාටය...

දැනුත් පමා නැත... සියල්ල පටන් ගත යුත්තේ පාසැලින්ය... දැනට ඇති ජාති ආගම ස්ත්‍රී පුරුෂ බවය මත බෙදුණු පාසල් වෙනුවට සැමට එකම පාසලක් හදුන්වා දියයුතුය.... සිංහල පාසලකට ගිය මට සිංහල බහුතරයක් වෙසෙන නගරයක ඉපදුන හැදුන වැඩුන මට මුලින්ම මුස්ලිම් යාලුවෙක් දෙමල ජාතික යාලුවෙක් ලැබෙන්නේ වයස 20ක් විතර වූ පසුය... මේ තත්වය වෙනස් කල යුතුය... සියලුම දෙනා සිංහල දෙමල ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයම ඉගෙන ගත යුතුය..... පාසල් නිවාඩු සමයේ සතියක් පමණ දිගු අන්තර් පාසල් කදවුරු ඇති කල යුතුය... දකුණේ පාසල් සිසුන් උතුරේ පාසල් වල වැඩසටහන් වලට සහබාගි වියයුතුය... උතුරේ සිසුන් දකුණට පැමිණිය යුතුය... උතුරේ දකුණේ විශ්ව විද්‍යාල එකතු වී පර්යේෂණ කල යුතුය....
එකිනෙකා අතර අවබෝදයක් ඇති තාක්කල් ජාතින් අතර ප්‍රශ්න ඇති කල නොහැකිය.... සැබෑ විජයක්ග්‍රහණය එයයි....

Monday, September 18, 2017

ජනපති නොවූ තාත්තා


අම්මාගේ විපක්ෂ උද්ගෝෂණ විශ්වාසභංග වලට මෙන්ම අයියාගේ සහ මාගේ වෘතීය සමිති ඉල්ලීම් වලට තාත්තා උත්තර දුන්නේ රනිල් මෙන් සිනාවෙනි..... අනෙක් තාත්තාලා මහින්ද මෙන් පැගිරි විසිවෙන්න ගහනකොට අපේ තාත්තා අපි කුමන වැරද්දක් කරත් අවස්ථා දෙකක් හැර අනෙක් සෑමවිටම සිනහාවෙන් පමණක් පහර දුන්නේය .....

එක අවස්ථාවක් වුයේ අයියා 88-89 කාලයේ මෙන්  ගෙදර තුල පත්තර පුච්චා ගෙදරම  ගිනි තබන්න උත්සහ කල අවස්ථාවේ තාත්තා අයියා උස්සා පොලවේ ගසන්නට හැදුවත් අම්මගේ විදෙස්  මැදිහත් වීමෙන් එය වැලක්වුනි  ..... එසේ ගත් කල රටම ගිනි ගන්නට තිබු අවස්ථාවක් අපේ තාත්තා මැදිහත් වීමෙන් වැළක්වී ඇත ......

අනෙක් අවස්ථාව වන්නේ මාගේ ඉල්ලීම් තාත්තා ප්‍රතික්ෂේප කල නිසා අබෝලිෂ් ප්‍රයිවට් යුනි උද්ගෝෂණ මෙන්  තාත්තා ගෙදර පැමිණීම වැලක්වීමට... ගෙදර හා තාත්තා ව්‍යාපාරික ස්ථානය  යා වෙන  දොර වසා දැමුවෙමි ..... එය හරියට කොල්ලිපිටිය වැසෙන්න පෙළපාලි ගියා  වැනිය ..... එවැනි මොහොතක බොහෝ දුක් විද අතුරු මාර්ග වලින් තම ගමනනාන්තය කරා යන අයමෙන් ....තාත්තා සැහෙන සටනක් දී අනෙක් දොරෙන් ගෙදර ඇවිත් මට තඩිබෑවේ පාරිබෝගිකයෙක් ඉදිරියේ වූ ලැජ්ජාවත් ඇවිදින්නට සිදුවූ දුරත් ගණනය කරමිනි.... තත්වය එසේ වුවත්  අවම බලය පාවිච්චි කරමින් ඔහු පහර දුන්නේ  මගේ දණහිසෙන් පහළටය...... මා ගහක් කැපුවා මෙන් ඇදවැටුණි..... තරහා නිවෙන තුරු පහර දෙනවා වෙනුවට තාත්තා කලේ එක පහරක් ගසා සීතල වතුර වීදුරුවක් බීමයි ..... ඒ තාත්තාගේ තරහව පාලනය කිරීමේ හැකියාවයි....


කුමක් වුවත් තාත්තාගේ ආදරේ කොන්දාගේ රුපියල වැනිය ..... එය කිසිදා නොදෙන අතර එය ඔහු ලග ඇති බව අපි හොදින් දනී ...... එය නොදීමෙන් ඔහුට ලාබයක් තෘප්තියක් ඇද්දැයි නොදනිමි .....
එනිසා එය ඉල්ලා සිටිනවාට වඩා නිකන් සිටීමට හොදය ......

මේ මොකක් වුනත් අපේ තාත්තා පොළොවෙන් උපන්නේ නැති නිසා ජනාධිපති වීමට බැරිව අපේ තාත්තාම විය <3 ......

කර්තෘ : පොඩි පුතු කිංග් ආලවක
පිට කවර නිර්මාණය : ලොකු පුතු චිරන්ත ඇට්කින්සන්






Wednesday, June 28, 2017

අවුරුද්දකට ආසන්න කාලයක් දක්නට ලැබුණු .....
තායිලන්ත ගැහැණු ළමුන් හා ලාංකීය ගැහැණු ළමුන් අතර වෙනස ........

~ බහුතරයක්  ලස්සනය .....

~ කොල්ලෙක් සිනාසුනු විට හෝ කතා කල විට කතා කරන අතර ලංකාවේ කෙල්ලන් මෙන් රවන්නේ පුප්පන්නේ ගස්සන් යන්නේ නැත .....

~ රූපය ගැන උඩගු නැත ..... ඕනෑම වෙලාවක සිනහවෙන්  මුව සරසාගෙන සිටි ...... අඩි දෙක තුනක් උඩින් නොයන අතර නිතරම බිම් මට්ටමේ සිටි .....

~ නිතරම ශුද්ද තායි වලින් කතා කරන අතර පොෂ් වීමට අතරින් පතර ඉංග්‍රීසි කෑලි ඔබන්නේ නැත .....

~ මේකප් වලින් බොහෝ දෙනා තවත් ලස්සන වන අතර ලංකාවේ කෙල්ලන්ගේ  මෙන් බඩ පපුව දාල යන්නේ නැත .....

~ රාත්‍රී සාද වලදී ෆ්ලෑෂ් ලයිට් යොදාගෙන ගත් පින්තුර වල මෝහිනිගේ නංගිලා මෙන් පෙනෙන්නේ නැත .....

~ උපතින්ම කොන්ඩේ කෙලින් නිසා ආලේපන භාවිතයෙන් කෙලින් කර ගැනීමට අවශ්‍යතාවක් නැත ..... ලංකාවේ සමහර අය කොණ්ඩය කෙලින් කල විට දැනෙන අජුත බවත් කෘතීම බවත් නැත .... 

~විවිධ පාට වර්ග වලින් කොන්ඩේ පාට කරයි ..... ලංකාවේ මෙන් මලකඩ පැහැය පමණක් භාවිතා නොකරයි .....

~ ඉතාමත් කොටට ඇදුම් අදින අතර ඒ ගැන වැඩි තැකිමක්ද නැත ..... ලංකාවේ මෙන් අපි ඇන්දුවා වගේ අපිට රවමින් ඇදුම යටට අදිමින් යන්නේ නැත....

~ සැමගේම මුහුණුවර එකම වගේ බැවින් වෙන් කර හදුනා ගැනීම තරමක් අපහසුය ....

~ සැබෑ නම ඉතා දිග වන නිසාත් උච්චාරණයේදී දිව උලුක් වීමට හැකි නිසා අන්වර්ථ නාමයන්ගෙන් පෙනී සිටි .....

~ සමහරක් ගැහැණු ළමුන් උපතින්ම ගැහැණු ළමයි නොවන අතර මගදී වෙනස් වූ අය වේ ....

~ කොතරම් රූමත් වුවත් රූපයෙන් උඩුගු නොවී පාරේ බඩු විකිනීමට තරම් වුවත් ඇති හැකියාව ....

~ පිරිමින් සමග කරට කර වැඩ කරන අතර කාන්තා සමතැන සුන්දර රැකියා වලට පමණක් සිමා කරගෙන නැත ......

තත්වය මෙසේ වුවත් මා තවමත් දේශීය දේ අගේ කරන කොල්ලෙක්මි ......

Monday, May 1, 2017

ලංකාවේ සහ තායිලන්තයේ මැයි දින වෙනස් කම් .....

මැයි 1 කියා කාටවත් ගානක් නැත....
හිතේ  ඇතිවූ කුතුහලය නිසා  සොයාගත් කරුණු ඇසුරින්.....



පක්ෂ 11 වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරත් පක්ෂ මට්ටමින් මැයි රැලි නොපැවැත්වීම......
අපේ තමා සෙනග වැඩිම මැයි රැලිය යනුවෙන් පොස්ට් ෂෙයාර් කිරීමට වඩා එහාගිය බුද්ධිමත් බවක්  තායිලන්ත තරුණ ප්‍රජාවට තිබීම ......
බොහෝ කාර්යාල මැයි දිනයේ වුවද වැඩ කිරීම වගේම  බොහෝ කර්මාන්තශාලා එහි සේවකයන් වෙනුවෙන් විනෝද උත්සව සංවිධානය කිරීම ......
මිලියන 40ක් වූ සමස්ත ශ්‍රමබලකායෙන් 2% පමණ වෘත්තිය සමිති වල සාමාජිකත්වය හිමි නිසා ඇල්මැරුණු මැයි රැලි ......
තිබෙන මැයි පෙළපාලි වුවත් අවසන් වන්නේ දේශපාලුවන්ගේ හිස් කතාවලින් නොව ..... පැමිණි අයගේ විනෝදාස්වාදය වෙනුවෙන් පැවැත්වෙන ක්‍රීඩා වලිනි ......
පෙළපාලි වල අරුත අනිත් පක්ෂ වලට කෝචෝක් දැමීම නොව තමන් මුහුණ දෙන ගැටළු පිළිබදවය.......





එන්න....
තමන් කැමති පක්ෂයේ  මැයි රැලියේ සෙනග ෂෙයාර් කර  විනෝද  වන්න එන්න .....

source and photos : link1 link 2

Wednesday, April 5, 2017

සටන හරියට කරමු .....

සටන හරියට කරන්න මුලින්ම කුහක කම ඔලුවෙන් අයින් කරන්න වෙනවා ...... දොස්තර කියන්නේ අනෙක් රස්සා වගේම එකක් කියල හිතන්න වෙනවා ..... කුහක කම එන්නේ දොස්තර කියන්නේ හෙන ලොකු කෙනෙක් අපිට විතරයි පුළුවන් අනිත් එවුන්ට බෑ..... අනිත් රස්සා වගේ නෙමේ මේක ජිවිතත් එක්ක කරන්නේ.... විදිහේ පුහු මානසිකත්වය නැති කර ගන්න ඕනේ ..... මොකද ජිවිතත් එක්ක බද්ද වුන එකම රස්සාව මේක නොවෙන නිසා ...... 

කුහක කම අයින් කරාට පස්සේ හිතන්න ඕනේ .... අපේ රටට මේ දේ ඕනෙද කියල ..... සිය ගණනක් පිට රට ගිහින් ඉගෙන ගෙන එන එක හොද වෙන්නයි .... මෙහෙ ඉගෙන ගත්තම වැරදි වෙන්නයි බෑනේ .... ඒ කියන්නේ මේ රටේ ඕනේ දෙයක් ..... මෙහෙ තිබ්බා නම් අපේ අය චීනේ රුසියාවේ නේපාලේ බන්ග්ලාදෙශේ ඉන්දියාවේ යන්න ඕනේ නෑ .... චීනේ රුසියාව නම් ටිකක් හොද වුනත් අනිත් රටවල් ගන්න දෙයක් නැත ..... ඒ කියන්නේ මේ රටේ නැති දෙයක්.... 

සයිටම් එන්නේ ඔය වෙළදපොල අවශ්‍යතාව තේරුම් අරගෙන ...... ඇත්ත, සයිටම් කොලේ වහලා ඕක පටන් ගත්තා ..... හරියට පහසුකම් ටික නැතුව උන් පටන් ගත්තා ..... ළමයි ගියා .... ප්‍රමිතියක් නෑ කිව්වා ..... ප්‍රමිතිය හදාගන්න දුන්න ඉස්පිරිතාලේ සයිටම් ළමයි එනවාට ස්ට්‍රයික් කරලා නැවැත්තුවා ......GMOA එකේ අවුල් විසදගන්න උසාවි යන්න වුනා ....නඩුව දින්නා ..... ඔය සිද්දි වෙන්න කලින් කාලයක් තිබ්බා GMOA එකේ සහතිකේ ගන්න ඕන දෙයක් කරන්න කැමති වෙච්ච කාලයක්.... ඒ කාලෙත්  වහපන් වහපන් කියන්නේ නැතුව ප්‍රමිතිය හදන්න ඇත්තටම වැඩ කරානම් ප්‍රශ්නේ සැහෙන දුරට විසදිලා.....

වහපන් කියන්න ලේසි හරියට කරන්නේ කොහොමද කියන එකයි අමාරු ...... 
රටට අවශ්‍ය දෙයක් නිසා කරන්න තියෙන්නේ  ප්‍රමිතියක් ඇතුව කොහොමද ඕක කරන්නේ කියල ..... මුලින්ම කරන්න ඕනේ දැනට තියෙන මෙඩිකල් ෆැකල්ටි එක්ක අලුතෙන් දාන ඒවා එකතු කරන එක ..... ඒ කියන්නේ අලුතෙන් දාන එකේ විභාග  ඇතුලත් වීමේ ක්‍රම ඇතුළු බොහෝ දේ රජයේ මෙඩිකල් ෆැකල්ටි එකේ අනුමැතිය මගින් පවත්වන් යන එක ..... මේක රජයේ මෙඩිකල් ෆැකල්ටි එකට අලුතෙන් වැටෙන වැඩක් නිසා සෑම ළමයෙක්ගෙන්ම යම්කිසි මුදලක් රජයේ මෙඩිකල් ෆැකල්ටි එකට ගන්න ඕනේ .... මේකෙන් ඒ රජයේ මෙඩිකල් ෆැකල්ටි වල අවශ්‍යතාවන් සදහා අමතර අදායම් මාර්ගයක් ද වෙනවා.... ප්‍රමිතියත් ආරක්ෂා වෙනවා.... සුදුසු කම් තියෙන අයට ඇතුලත් වෙන්න පුළුවන් වුනාට හොදම අය විතරක් එලියට එන්න මේ ක්‍රමෙන් පුළුවන් ...... විභාග ක්‍රමය විනිවිද බාවයකින් කරන් යන එක රටේ කාටත් හොදයි ..... විභාග තොග ගණන් ෆේල් වෙන තැනකට ලක්ෂ ගණන් පුජා කරන්න කවුරුත් එන්නේ නෑනේ.... ඒ නිසා නිකන්ම ඒ ඒ ආයතන වලට තමන්ගේ ප්‍රමිතිය ගුණාත්මකභාවය ගැන දෙපාරක් නෙමේ තුන් හතර පාරක් හිතන්න වෙනවා ...... 

සටන කරන්න ඕනේ කුහකත්වය නැතුව රට ගැන වගේම අනාගතේ ගැනත් හිතල .... මොන සටන කරත් වැඩක් නෑ සාමාන්‍ය මිනිහට කරදරයක් වෙලා ..... ස්ට්‍රයික් කියන්නේ ස්ට්‍රයික් එකේ මේ මේ අංශ වැඩ අනිත් ඒවා වැඩ නෑ කිව්වට එකෙන් තැලෙන්නේ අසරණ මිනිස්සු ...... මිනිහෙක් දෙය්යනේ කියලා ගෙදර යන්න හැදුවම පාරේ නටනවා ..... ඉතින් කොහොමද මිනිස්සු සටනට එකතු වෙන්නේ ..... මිනිස්සුන්ව තරහා කරන් ඉවරයි .....  කොටින්ම විශ්ව විද්‍යාල සිසුවා කියන චරිතේ සමාජෙන් අයින් වෙලා ඉවරයි ..... ඕන එකයි එපා එකයි හැම එකටම විරුද්ද වුනාම ඇත්තම සටනට කවුරුත් නෑ.... CCTV දැම්මත් වැරදි ..... ගහගෙන කොල්ලෝ  හිරේ ගියාම එකටත් උද්ගෝෂණ ....නවක වදේ දීලා ළමයි මැරෙනවා ..... ඕවා අහල ඉන්න කන් වලට කොච්චර ලොකු ප්‍රශ්නයක් වුනත් අහන්නේ නෑ ..... එක නිසා මොනවා කරන්නත් කලින් විශ්ව විද්‍යාල සිසුවා කියන ප්‍රතිරුපේ හදාගන්න ඕනේ ..... ජය වේවා ...... 

Sunday, March 26, 2017

පිරිමි හිංසනය


සැමදෙනාම කාන්තා හිංසනය ගැන කතා කරන නමුත් පිරිමින්ට කාන්තාවන්ගෙන් වෙන  හිංසනය ගැන කතා කරන්න කවුරුත් නැත .....  සංවිධානද නැත .....
ඉදන් ඉන්නා විට මුහුණ දෙන මුලිකම හිංසනය නම් උරහිසේ යටි බඩ පාර්ක් කිරීමයි ..... මෙය ඉතාමත් පිළිකුල් සහගත ගමනකට මග සාදන අතර කවුරුත් ඒ ගැන තැකීමක් නැත .....
උස කොල්ලෙක් මුහුණ දෙන මීලග ප්‍රධානතම හිංසනය වන්නේ තනමඩල මුහුණේ ඇතිල්ලිමයි.... උදැසන කාලයේ මෙය තරමක් ඉවසා සිටිය හැකිවුවත් සන්ධ්‍යා කාලයේ ඉවසා සිටිය නොහැකිය .....
මේ අනුව ගත් කල අසුන් ගෙන සිටීමේදී හිංසනය වන පිරිමියා සිට ගත් පසු මුහුණ දෙන්නේ ඊටත් වඩා භයානක තත්වයකටය.....
සෙනග පිරිණු බස් වල දීර්ඝ ඇලපිල්ලක් සේ ගමන් කරන අපිට රියදුරු මහතාගේ මෘදු තිරිංග පහරවල් හමුවේ ලග සිටිනා කාන්තාවකගේ ඇගේ වැදුනොත් ලැබෙන්නේ රැවුම් ගෙරෙවුම්ය ..... "මොකද ආ " "මොකෝ ඇගට එන්නේ " යනුවෙන් ශබ්ධ නගා ඇසුවොත් කලහැක්කේ ලග ලග බස් එන පාරක්නම් ඊලග බස් එකේ යාමය .... නැත්තම් වටේ පිටේ සිටින උන්ගේ රැවුම් උපහාස අපහස මතින් ගමනාන්තය කරා ගමන් කිරීමයි .....
මෙකි කාරනා කෙසේ වුවත් ශ්‍රී ලාංකීය බස් වල ජැක්සන්ලාගේද අඩුවක් නැත.... එකී සුවහසක් වූ ජැක්සන්ලා නිසාවෙන් අපිටත් ජැක්සන් ලේබල් වැදීම සාධාරණද ???
මේසා ප්‍රශ්න ගොඩක් ඇතිව ගමන් කරන අපිට කාගේ සරණක්ද ???

Monday, February 13, 2017

ඔලමොට්ටලකමද? කාලකන්නිකමද ?


අරාෂ් යනු මහලොකු ගායකයෙක් නොවුවත් ඔහු රසිකයන් මිලියන 2.7යි ගණනක් සිටිනා තම නිල ෆේස්බුක් පිටුවේ පලකරේ "ශ්‍රී ලංකාව කොච්චර ලස්සනද" යනුවෙනි ..... එකට අපේ එවුන් දාපු කමෙන්ට් කියවීමෙන් ඇති වුනේ මහත් සංවේගයකි ..... අප රටට ඔබ සාදරයෙන් පිලිගන්නවා.... පැමිණියාට ස්තුති... හොද නිවාඩුවක් ගත කිරීමට ලැබේවා.... මේ ස්ථානත් බලන්න යනුවෙන් සදහන් නොකර ඔවුන් සියල්ල සටහන් කර ඇත්තේ පල්හෑලිය.... කුණු හර්පය.....



එහි තිබු තවත් විදේශිකයෙකු සටහන් කල "Yes, i went there. Very nice country and well behaved people." කමෙන්ට් එකට තිබුනේ මෙවැනි ප්‍රතිචාරයකි "You are welcome bro.... මේ ආයි එන්න උකන්න ලෑස්ති වෙන්න එපා ඉන්න රටකට වෙලා හිටහන්"



මේවා ගුගල් ට්‍රාන්ස්ලේට් පාවිච්චි කර ඉංග්‍රීසියට හරවා බැලීමට අරාෂ්ට හෝ වෙනත් විදේශිකයෙකුට ඇගේ පතේ අමාරුවක් නැති වුනත්... අපේ රටට නොමිලේ ලැබුන ප්‍රචාරණ අවස්ථාව අපි අහිමි කරගෙන අවසානය ... රටේ තරුණ පරම්පරාව මෙවැනි ඕලමොට්ටලයන් නම් කාලකන්නින්නම් තව අවුරුදු 30කට 40කටවත් මේ රට ගොඩ යන්නේනම් නැති බව තක්කෙටම පැවසිය හැකිය ......

Tuesday, January 31, 2017

SAITM තීන්දුවෙන් ඔබ්බට .......


දොස්තර කෙනෙක් යනු අපේ සමාජය විසින් ඉහළ වටිනාකමකට ඉහළ දැමු රැකියාවකි ..... දෙමාපියන් වලි කන්නේ කෙසේ හෝ තම පුතා හෝ දුව දොස්තර කෙනෙක් කිරීමටයි... විවාහයක් ගැන බැලුවත් සෙව්වේ දොස්තරලා ඉන්ජිනේරුවෝය .... තම පුතා දුව ලේලි බෑනා එකී වෘතින්ගෙන් එකක් කරනවා දැකීම එකම පැතුම විය ..... මෙකි සමාජ තත්වය නිසාවෙන් වෙන කෙනෙක් අදාල අංශයට පැමිණීම වැලක්වීමට කුහක කමක් උපදින්නේ නිරායාසයෙනි ......

මෙකි ක්ෂ්ත්‍රයන් වෙනුවෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශ සදහා ඇත්තේ තියුණු තරගයකි ..... ඉතා සුළු පිරිසක් එකී වාසනාව ලබන අතර බහුතරේ එලියට විසිවෙයි ...... මෙකි තරගයෙන් එලියට විසිවූ යහමින් මුදල් තිබෙන පිරිස් වෙනත් රටවල් කරා යන්නේ එකී ආශාව සපුරා ගන්නටය ...... මුදල් නැතත් මධ්‍යම පාන්තිකයන් පවා කෙසේ හෝ ණය වී තම දරුවන් වෙනත් රටවල් වලට පිටත් කරන්නේ වෙනත් අංශ ගණනාවක් තිබුනත් දොස්තර පට්ටම කෙසේ හෝ දරුවාට ලබා දීමටය ..... 

මෙකි කරුණ නිසා පිටරට නොගොස් ලංකාවේම ඒ සිහිනය සැබෑ කරන ආයතනයක් ලෙස SAITM කල එලි බසින්නේ තුබූ වෙළදපොළ තත්වය හොදින් අධ්‍යනය කිරීමෙන්ය ..... එකී ආයතයට තිබු ප්‍රධාන ගැටලුවට අද විසදුම් ලැබුනේ අධිකරණයෙනි ...... 

මටනම් මෙකි ආයතනයට විරුද්ද සටන පටන් ගත යුතුව තිබුනේ එය වසා දැමීමට නොව එහි ප්‍රමිතිකරණය ඉහල දැමීමටය.... එසේ වූවානම් තත්වය වෙනස් වීමට ඉඩ තුබුණි..... රජයට පවරා ගන්න වැනි මෙලෝ රහක් නැති සටන් පාඨ වෙනුවට ප්‍රමිතිකරණය ගෙන ආවනම් සිදුවන්නේ රට තුලම හොද අධ්‍යාපන අවස්ථාවක් උදාවීමයි ...... තවද සිසුන් කොටසක්, උසස් පෙළින් රජයේ විශ්ව විද්‍යාල සදහා නොතේරුන අයට පුර්ණ ශිෂ්‍යත්ව යටතේ බදවා ගැනීම අනිවාර්ය කිරීම වැනි දේවල් තුලින් තවත් කිහිප දෙනෙකුට නොමිලේ ඉගෙනීමට අවස්ථාව ලැබෙනු ඇත ..... මේ කිසිවක් නොකර තිබු කුහකත්වය වසා දැමීමට භාවිතා කලේ නිදහස් අධ්‍යාපනය නමැති සළුවය ..... එකල සටන දියත් කරේ ප්‍රමිතිකරණයට නම් ලැබෙන මහජන සහයෝගයද ඉහලය ..... ඒ තමාගේ ජීවිතය ගැන මහජනයා සිතන බැවිනි.... එත් වසා දමව් .... අපිට එපා....එකී මෙකි නොකී දේවල් වලින් පෙන්නු කුහකත්වය නිසා මහජන සහය අඩුවුණේ කුහකත්වය ඔවුන්ට තර්ජයනක් නොවන නිසාවෙනි ..... 

කෙසේ හෝ තීන්දුව ලැබී අවසන්ය ..... මෙය අවසානය නොවේ..... 
මෙයයි ආරම්භය ..... ඔබට වැඩකිරීමට සිදුවන්නේ ඔබට අකමැති පිරිසක් සමගය.... ඔවුන්ගෙන් නොයෙකුත් පීඩන ලැබෙන්නට ඉඩ ඇත .... ඇනුම් පද අසන්නට ලැබෙනු ඇත ... තවම එක බෙහෙත් පෙත්තක් නොදුන්නත් ඔබ සැම මිනීමරුවන් කර අවසානය ..... දැනට ලංකාවේ කිසිදු වරදක් දොස්තරලා අතින් සිදුවී නැත ..... ඔවුන් සර්ව සම්පුර්ණය ....
තත්වය එසේවුවත්, 
කුහකත්වය පසෙක ලා ඔබට  කිරීමට ඇත්තේ ..... ප්‍රමිතියේ වරදක් ඇත්නම් ඒ පිළිබද සටන් කිරීමයි ....එය නිවැරදි කිරීමට සහය දීමය .... දෙයක් වසා දැමීම ලේසිය.... පවත්වාගෙන යෑම අපහසුය ..... හෙට දිනයේ ඔබ යටතේ පුහුණු වීමට පැමිනෙන අලුත් සිසුන්ට නිවැරදි දේ කියාදීමය.... තමන්ගේ කෙනෙක් ලෙස සිතා එකට වැඩකිරීමය ..... මක්නිසාද යත් හෙට දිනයේ ඔබ දෙදෙනාම සේවය කරන්නේ රටටය ........



Tuesday, January 24, 2017

සම ලිංගිකත්වයෙන් ඔබ්බට .......


සම ලිංගිකත්වය,
පිරිසක් එය සාමාන්‍ය දෙයක් ලෙස අර්ථ දක්වද්දී ..... පිරිසක් එය අසාමාන්‍ය දෙයක් ලෙස සදහන් කරයි ..... ඒ සදහා කරන ලද පරීක්ෂණද රාශියකි ..... ඒ නිසා එය තක්කෙටම හරි වැරදි ලෙස ලේබල් කිරීම අපහසුය .....

සොබා දහම ඉතා අපුරුය .... එහි නිපැයුම් ඊටත් වඩා අපුරුය ..... එකී නිර්මාණ වලින් මිනිසා ගන්නේ අද්විතීය ස්ථානයකි ..... බොහෝ ජිවින්  ලිංග දෙකකට වෙන් කරන ලද්දේ තම වර්ගයා බෝකිරීමටය ..... ලිංග දෙකේම  ලක්ෂණ ඇති බැක්ටීරියා ඇතුළු ක්ෂුද්‍ර ජීවින්  විශේෂ අරුණු කොට සෑම ජිවියෙක්ම මෙකි අපුර්ව සංසිද්දියෙන් මෙලොව එලිය දකී .....  ඒ අනුව ප්‍රජනනය ජීවීන්ගේ පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයකි ...... ප්‍රජනනය නොවන තැන ජීවීන්ගේ පැවැත්මක්ද නැත .....

මොණරා සෙබඩක් දැක්කම නටන්නේ තමන්ගේ ලස්සන පෙන්වන්නේ  විරුද්ද ලින්ගිකයෙක් ආකර්ෂණය කරගෙන තම වර්ගයා බෝකිරීමටය ..... මොණරෙක් තවත් මොණරෙක් ලග නටනවා මෙලොව කිසි කෙනෙකු දැක නැත .....  එහෙයින් අපි මේ උත්සහ කරන්නේ සොබා දහම අභිබවා යෑමටය.... සොබා දහමට අපි විරුද්ද වන සෑම විටම සොබා දහම අපිට ප්‍රති ප්‍රහාර එල්ල කරන අතර ඒවායේ වේදනාවන් ගැන අමුතුවෙන් කිව යුතු නැත ..... එහෙයින් සොබා දහමට එරෙහි වන්නට පෙර දෙපාරක් සිතිය යුතුය .....

අම්මා තාත්තා යන සුසංයෝගයෙන් ජිවිතයට ලැබුණු දේවල් අති මහත්ය ...... තාත්තාගේ රැකවරණයත් අම්මගේ සෙනෙහසත් තාත්තලා දෙන්නෙක් හෝ අම්මලා දෙන්නෙක්ගෙන් ඒ දේ ලැබෙයි ද යන්න සැක සහිතය .....
එමෙන්ම ,
නොදරුවා කාලේ තාත්තලා දෙන්නෙක් අම්මලා දෙන්නෙක්  යටතේ හදා ගන්න  ළමයෙක්ගේ මානව අයිතීන් ගැන කවුරුත් කතා කරන්නේ නැත .....ඒ ළමයින්ගේ මානසික තත්වය ගැන කවුරුත් සැලකිලිමත් නැත ..... අවශ්‍ය වන්නේ තමන්ගේ සිතුම් පැතුම් ඉටු කර ගැනීම පමණි ....

උත්තරය හරි සරලය.... මෙවැනි දේවල් සම්මත කිරීමෙන් නීති සැදීමෙන් වෙන්න ප්‍රශ්න රාශියකට අත වැනීමකි ..... අයින් වෙලා යෑම නුවනට හුරුය ....



Saturday, January 14, 2017

අන්ලිමිටට් ඉන්ටර්නෙට් ඇත්තටම ඕනෙද ???


අසීමිත අන්තර්ජාල භාවිතය ඉවත් කල දා පටන් බොහෝ දෙනා මැසිවිලි නැගුවේ අසීමිත අන්තර්ජාල භාවිතය නැවත ලබාදිය යුතුබවය ...... මුල් කාලයේ මාත් ඒ මතයේ සිටියත්.... අසීමිතව තිබු කාලයේ කල කී දෑ සහ සිමා සහිත කාලයේ කල කී දෑ අතර පැහැදිලි වෙනසක් තිබු අතර සිමා සහිත කාලයේ භාවිතාව පෙරට වඩා ඵලදායි විය ......

අසීමිත කාලයේ පරිඝනකයට නිවනක් නැති විය ....උදේ සිට රෑ වනතෙක් ගිනිරාමෙට වැඩය .... එන සෑම චිත්‍රපටියම ඩවුන්ලෝඩ් කරන අතර කිසිදු හෙවිල්ලක් බැලිල්ලක් නැත ...... සිමා සහිත කාලයේ ඩවුන්ලෝඩ් කරන්න ෆිල්ම් සොයන්නේ දෙයක් මිලදී ගන්නවා හා සමාන සෙවිල්ලකින් පසුවය.... චිත්‍රපටියේ කතාව ....නළුවන් .... ඒ ගැන ඇති IMDB  අගය මෙකි නොකී සියල්ල සෙවූ අතර දැඩි ලෙස අධ්‍යනය කිරීමෙන් ඩවුන්ලෝඩ් කරයි ...... මෙකි ක්‍රමය පෙරට වඩා ප්‍රයෝගික වන්නේ දැන් තමන් ඩවුන්ලෝඩ් කරන්නේ තමන්ට අවශ්‍ය දේ පමණය ..... මුලින් ඕන එකයි එපා එකයි ඩවුන්ලෝඩ් කර හර්ඩ් ඩිස්ක් එක පිරෙව්වට සමහර ඒවා කිසිදා නොබලයි ...... කොටසක් බැලීමෙන් කතාවේ ඇති නීරස බව නිසා අතර මග නවත්වයි ..... 

මෙය චිත්‍රපටි සදහා පමණක් නොවන අතර අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කරන සියල්ලටම වලංගුය ... මෙකි ඕන එකයි එපා එකයි ඩවුන්ලෝඩ් කිරීමෙන් නෙට්වොර්ක් ට්‍රැෆික් වැඩිවන අතර අනෙක් යුසර්ස්ලට මෙය ගැටලුවකි ..... එකී කරුණ හේතුකරගෙන සාධාරණ භාවිත ප්‍රතිපත්තිය නමින් කප්පාදුවක් හැමෝටම බුක්ති විදින්නට සිදුවිය .....

අසීමිත ඉන්ටර්නෙට් අවශ්‍ය යැයි කියන අයට ස්වයං අධ්‍යනයක් කල හැක ..... අසීමිත කාලයේ කල කි දෑ හා වර්තමානයේ කරන දෙයින් වඩාත් පලදායි කුමක්ද යන්න ....

ලංකාව වගේ රටකට අවශය වන්නේ සැලකිය යුතු වේගයක් හා සැලකිය යුතු ප්‍රමාණයක ඩේටාය.... ඒ ජාතියක් හැටියට අසීමිත නිදහසක් ලද සැමවිටකම අයාලේ යන නිසාවෙනි.... 

Thursday, October 13, 2016

තායිලන්තයේ මියගිය රජු

තායිලන්ත මිතුරු මිතුරියන්ගේ අධික ශෝකය.... මියගිය රජු ගැන සෙවීමට හේතුවක් විය....
රජමාලිගාවේ නොසිට පොලවේ පය ගසා සිටි රජෙක් බව පසක් විය.....
මමයි රජා සංකල්පයේ නොසිට සාමාන්‍ය මිනිසෙක් සේ තමන්ට ලැබුන බලයෙන් ප්‍රයෝජන ගෙන දියුණු වෙමින් පවතින රටක් ලෙස නොසිට ඉහළ අදායම් ලබන රටක් ලෙස ඉදිරියට ගෙන ඒමට කල සේවය..... 
කැමරාවක් කරේ දමන් සිතියමක් අතට ගෙන ගම් නියං ගම් සංචාර ඒ තමන් සරල බව පෙන්වීමටත් වඩා රටට වැඩක් කිරීමටය..... රජ වෙන්න මාන බලන අපේ රටේ....පාලනතන්ත්‍රයේ බලයක් නොමැති වුවත්..... උත්සව වලට පමණක් මුහුණ පෙන්වනවා වෙනුවට ලැබුණු තනතුරෙන් රටට මෙසේ සේවයක් කල ඔහුගේ හැරයාම සැබෑ දුකක් නොවේද???


















Thursday, September 8, 2016

උසස් පෙළ සමත් විශ්වවිද්‍යාල නොලැබුණු අයගේ සංගමය

මෙහෙමයි ඒ කතාවේ බොහෝ කරුණු කොලේ වහල ගැහුවා කියලයි මට හිතෙන්නේ .... ප්‍රයිවට් රස්සා කරන කොටස අඩුයි කිව්වට නොගැනිය හැකි තරම් කුඩා කිව්වට .... Software,civil engineering වගේ ඒවා වල වැඩිම රස්සා තියෙන්නේ ප්‍රයිවට් අංශයේ නෙමේද ??? MAS එකේ ඇදුම් මහනවා විතරක් කිව්වට තව කොච්චර අය ඉන්නවද උපාධි තියෙන .....තියෙන ඒවා විශ්ලේෂණය කරන්න ....අලුත් ඩිසයින් හදන්න ..... electric වැඩවලට කියක් ඉන්නවද මගේම යාලුවෝ .... එක නිසා මට එක විවාදාත්මක ප්‍රකාශයක් .... ඊලග එක ප්‍රයිවට් හොස්පිටල් යන්නේ හොද සේවාවක් ගන්න ලු .... හොද සේවාවක් නිකන් දෙන්නේ නැති නිසා යන්න වෙනවා තමා..... කාලය නාස්තිකරන්... එක එක්කෙනාගේ ලොකුකම් බලන්නේ නැතුව ප්‍රයිවට් චැනල් කරලා ගියාම දෙනවා හොද සේවයක් ..... (සැමටම අදාළ නොවේ ...කණගාටුවට බහුතරයක් මෙහෙමයි) ඒවාට වැඩපිළිවෙලක් හදන්න මහන්සි වෙන්නේ නෑ.... ලෙඩ්ඩු උදේ ඉදන් පෝලිම් වල ඒවා නැති කරන්න .... අලුත් ක්‍රමවේදයක් ගෙන්න ස්ට්‍රයික් කරන්නේ නෑ....හැබැයි පඩිය වැඩිකරගන්න ... වාහන පර්මිට් එකට .... යාලුවෙක්ගෙ වැඩ තහනම් වුනාම කොටින්ම තමාගේ හා අන්‍යන්ගේ පැවැත්මට තර්ජනයක්නම් තමා ස්ට්‍රයික් මතක් වෙන්නේ ..... සල්ලි තිබ්බා හෝ නැතා ප්‍රයිවට් යන්නේ ඔය නිසා .... කොහොමත් නිකන් දෙන සේවාව හොද එකක් කරන්න කොහොමත් මහන්සි වෙන්නේ නෑ මොකද වැඩියෙන් සල්ලි එන්නේ ප්‍රයිවට් හොස්පිටල් එකෙන් නිසා..... 
ඊලග තර්කෙ තමා ලෙඩවුනාම හොදම තැනින් බෙහෙත් ගන්න උත්සහ කරාට උපාදිය ගන්න හොදම තැනට යන්නේ නෑ කියල ..... හැබැයි එහෙම කියල එයාම කියනවා මවුන්ට් එලිසබෙත් යන්න අපිට බෑ කියල .... ඉතින් හරිනේ උපාදිය ගන්නත් අපිට හර්වර්ඩ් යන්න අමාරුයි ..... මවුන්ට් එලිසබෙත් වගේම .....එක තමා අපි නවලෝකේ යන්නේ ලෙඩක් වුනාම ....එකයි අපි GMOA එක පිළිගත්ත වෙන රටක ගිහින් උපාධිය ගන්නේ ..... ඒ රටවල් වල තත්වේ හොදනිසා නේ GMOA එක පිළිගන්නේ ..... එහෙම ගිහින් ඉගෙන ගෙන එන ළමයා හොද වෙලා රට ඇතුලේ ළමයෙක් ඉගෙන ගත්තම තියෙන අවුල මොකද්ද ??? රට ඇතුලේ හදන එකක් හරියට කොලිටියට හදන්න ඇයි GMOA එකට උදව් කරන්න .... එකේ තත්වේ තියාගන්න බලයක් ගන්න බැරි .... ඒ කිසිම දෙයක් නැතුව එපා එපා කිව්වට හරියන වද ? රටෙන් එලියට යන්නේ අපේ සල්ලි නෙමේද ??? ඒ ටික රට ඇතුලෙම තිබ්බනම් හොද නැද්ද ??? ඇයි ප්‍රයිවට් ඒවා දාන්න වැඩසටහනක් හදන්න බැරි .... හදල පටන් ගන්න අයට උදව් කරන්න බැරි ? 
විශ්ව විද්‍යාල වලට ගන්නේ විද්‍යා විෂයන් වලින් 30% වගේලු එතකොට ඉතිරි පාස් වෙච්ච 70% ?? ඒ අය මොනවද කරන්නේ ?? ඒ අයට උපාදියක් ගන්න අයිති නැද්ද ?? ඒවා ගැන කිසිම කතාවක් නෑ.... ඊළගට කිව්වා උපාධියක් ගන්නේ සහතිකෙටලු ..... සහතිකේ බිත්තියේ ගහන් හිටියම කන්න ලැබෙනවද ??? රස්සාවක් කරලා හම්බ කරන්න දක්ෂතාවක් ඕනේ නැද්ද ??? සහතිකේ තිබ්බම ඔක්කොම හරිද ?? උපාදිය කරන්නේ දෙයක් ඉගෙන ගන්නේ ඒ අංශෙන් ඉස්සරහට යන්න.... හැබැයි මේකත් කියන්න ඕනේ වෙනත් රස්සාවලට වඩා දොස්තර රස්සාව වෙනස් ..... අසනීපයක් හැදුනම මෙයා බැච් ටොප් ද ...ආණ්ඩුවේ කැම්පස් ද සයිටම් ද බලන්නේ නෑ.... එක නිසා ප්‍රයිවට් හරි ආණ්ඩුවේ හරි එලියට එන්නේ හොද පුහුණුවක් ලබපු අය කියල සහතික වෙන්න වැඩසටහනක් හදන්න ඕනේ ....එහෙම නැතුව තවත් කෙනෙක්ගේ ඒ අයිතිය උදුරගන්න එක වැරදි ...... සියලුම දේවල් වලට සටන් කරන ඔය හැම එකක්ම කොහොමද හරියට අපි මේක කරන්නේ .... කියල කතාවක් නෑ.... වහන්න වහන්න ....එපා එපා කියන්න තමා දන්නේ ..... මටනම් තමාත් ප්‍රයිවට් විශ්ව විද්‍යාල එපා කියන සටන් පාඨ ශක්තිමත් මදි ......

Monday, September 5, 2016

අපිට උපාධි අකැපද ?



A/L කියන්නේ කඩඉම් විභාගයක් .... ඒ කඩයිම පාස් වුනේ නෑ කියලා ඒ අයව අවලංගු කාසි කරලා අමතක කරන්න බෑ... හරි එක්කෝ ඒ අය අමතක කරමු ..... ඒ අය වැඩක් නෑ..... 2014/2015 වර්ෂයේ A/L වලින් පාස් වෙලා තේරුන අය 149572යි ..... එකෙන් කැම්පස් ඇතුලට ගන්නේ 25643... ඉතුරු 123929ක් දෙනා ඉන්නවා සුදුසු කම් තිබිලත් ඇතුලට යන්න බැරි ..... මන් වගේ යාන්තම් ජාමේ බේර ගත්ත අය වගේම හොදට පාස් වෙච්ච් අයත් ඉන්නවා ..... ඒ අයට කොහෙද යන්න කියන්නේ ..... ඒ අයත් වැඩක් නැද්ද ..... දැන් ඒ අයවත් ආණ්ඩුවේ ඒවාට ගන්න තමා අපි සටන් කරන්නේ කියන්න එපා .... එක කොච්චර ප්‍රයොගිකද කියන එක ප්‍රශ්නයක් ...... හැබැයි මේ හැමෝම කැම්පස් ඇතුලට ගන්න කොහොමටවත් බෑ කියල මන් කියන්නේ නෑ.... පුළුවන් හැබැයි කාලයක් යන වැඩක් ..... අවුරුද්දෙන් දෙකෙන් කරන්න පුළුවන් වැඩක් නෙමේ ..... එතකන් මේ පාස් වෙන්න අය මොකද කරන්නේ .... ඔය 123929 ඇතුලේ ඉන්නවා අන්ත දුප්පත් අය ..... පහළ මධ්‍යම පන්තිය ....ඉහළ මධ්‍යම පන්තිය ..... ඒ වගේම ඉහළම පන්තිය .... ඒ ඉහලම අය අපි මේ කතා කරන ඒවාට වැඩක් නෑ ලංකාවේ නැති වුනත් ඒ අය රට ගිහින් බැරිනම් කොහෙන් හරි ඉගෙන ගන්නවා ..... ඔතන ප්‍රශ්නේ තියෙන්නේ මම වගේම බහුතරේ ඉන්න මධ්‍යම පන්තියට ..... සම්පුර්ණ නිකන් දෙන අධ්‍යාපනය ලබන්න අපිට බැරිවෙන නිසා අපිට ගානක් ගෙවල හරි ඉගෙන ගන්න තැනක් තියෙන්න ඕනේ නැද්ද ?? ..... නැත්තම් අපිට අසාධාරණයක් නෙමේ ද ??? එකයි මම කියන්නේ ප්‍රයිවට් කැම්පස් ඕනේ කියල..... ඒ වගේම උපාය මාර්ගිකව ආණ්ඩුවට පුළුවන් නීතියක් ගෙන්න හැම කාණ්ඩයකමින්ම ළමයි ගානකට නිකන් අධ්‍යාපනය ලබාදෙන්න ඕනේ කියල...... ලංකාවේ ප්‍රයිවට් කැම්පස් පටන් ගන්නවා නම් මේ නීතියට යටත් වගේ දෙයක් .... ඒ වගේම මේ දාන හැම එකම අධීක්ෂණය කරන්න ආයතනයක් ..... මේ වගේ වැඩපිළිවෙලකින් අන්ත දුප්පත් ළමයි වගේම දක්ෂ ළමයිට නිකන් අධ්‍යාපනයක් ලැබෙනවා ..... හිතන්න .... වහලා දාන්න නෙමේ....කොහොමද මේක හරියට කරන්නේ කියලා...... සල්ලි වලට දෙන හැම එකක්ම බිස්නස් එකක් නම් ලෝකේ ප්‍රධාන විශ්වවිද්‍යාල ඔක්කොම උපාධි කඩ .... කඩයක් වෙන එක වලක්වන්න තමා අධික්ෂණය කරන්න කිව්වේ ..... රටේ ළමයි කියක් යනවද වෙන රටවල ඉගෙන ගන්න රටේ සල්ලි කොච්චර එලියට යනවද ..... යන්නේ අපිටත් වඩා අන්ත රටවල් වලට ..... ඒ අපේ රටේ කරන්න බැරි නිසා ..... හිතන්න .... තව හිතන්න ..... හැමදේටම විරුද්ද වෙන්නේ නැතුව .....කොහොමද මේක නිවැරදි කරන්නේ කියල ...... ජය වේවා

Tuesday, August 30, 2016

හැකර් ගැන හිතෙන දේ ....

මරන්න බෝම්බෙ අරන් ආපු මිනිහා ඔලුව අතගාල යැව්වා....... වෙබ් සයිට් එක හැක් කරපු එකෙක් පරිවාසේ අනිත් එකා බන්ධනාගාරේ...... 
බලන් ගියාම ජීවිතේටත් වඩා ආදරේ වෙබ් සයිට් එකට..... 
කරපු වැඩේ හරි කියන්න බෑ.... කරන්න තිබ්බේ හැක් කරනවා වෙනුවට හොයාගත්ත වැරැද්ද අදාළ අංශවලට දැනුම් දෙන එක.... සමහර අය කියනවා රස්සාවක් දෙන්න අරවා දෙන්න මේවා දෙන්න.... එත් එකෙන් අනවශ්‍ය විදියට නීති විරෝධී වැඩකට පොලබනවා..... හිතන්න රාජ්‍ය ආයතනයක හරි වෙන ආයතනයක සංවේදී තොරතුරු එලියට ආවනම්..... එකෙන් වෙන්න තිබ්බ විනාශය.... ඒනිසා හොදම දේ අවවාද කරලා නිදහස් කරන එක වගේම..... මින්පසු මෙවන් දෙයක් නොවෙන්න සියලුම සංවේදී තොරතුරු ඇතුලත් පද්ධති වල ආරක්ෂාව වැඩි දියුණු කරන එක...... ප්‍රසිද්ධියේ නොකලත් මෙවැනි හැකියාවන් ඇති පුද්ගලයන්ගෙන් වැඩක් ගන්න එකයි වටින්නේ.......

මෙහෙම ඇදුම් ඇදන් විභාග ලියන එක සාධාරණද ?

මේවා ගැන කතා කරන්න යෑමෙන් මා අන්තවාදියෙක් වන්නට පුළුවන.... එත් කොටසක් මුහුණ පෙනන්න කොට තවත් කොටසක් සර්වාංගෙම වසා කරන සෙල්ලම කුමක්ද ??? උසස් පෙළ වැනි අතිශය තරගකාරී විභාගයක මෙය සුදුසුද ??? අනෙක් අයට අසාධාරණයක් නොවන වා යැයි කිව හැක්කේ කාටද ??? කුවේට් රටේ වරක් සංචාරය කල මා සර්වාංගෙම වසා සිටිනා අය නොදැකපු තරම් .... මුස්ලිම් රටකවත් නැති දෙයක් කොහෙන්ද ආවේ ?? කොහාටද යන්නේ ???

පසුගිය අවුරුදු 10 තුල මෙවැනි අය කියක් දැකලා තිබ්බද ?? දැන් කියක් පෙන්න ඉන්නවද ?? ඇයි මේ නොතිබ්බ ආගමික ඇදුමක් මතක් වුනේ ??? 
මොවුන් ගැනුද පිරිමිද කියන්න  පුලුවන්ද ???? රෙද්දට මුවා වෙලා කතා කරන එක නවත්තන්න පුලුවද ?


කට්ටියක් මුණ පෙන්නද්දී ඇයි කට්ටියක් ඔක්කොම වහගෙන 

මේක ඇතුලේ ෆෝන් තියන් ඇවිල්ලා කෝල් අරන් උත්තර අහන්න  බැරිද ? 

එකම ආගමක් ස්වරූප දෙකක් 




එන්න අපි කතා කරමු මේ ගැන ...... 

Sunday, July 31, 2016

කොන්දොස්තර නම් ඒ සොදුරු දේශකයාණෝ .....


කොන්දොස්තර  වනාහි ජිවිතයට ධනාත්මක සිතුවිලි එකතු කරන පුද්ගලයෙකි....

"ඉස්සරහට යන්න මැද්දෙන්  ඉස්සරහට යන්න " කාටත් හුරුපුරුදු වදනකි...
 මෙයින් අදහස වන්නේ මැදුම්පිළිවෙත  අනුගමනය කරමින් ජීවිතය ඉදිරියට ගෙන යන ලෙසය..... කවුරුන් දෙපැත්තේ සිටියත් ඉදිරියටම යන්න, ඔහුගේ අවවාදයයි.....

"මැද්දෙන් අත ඇරලා ඉස්සරහට යන්න" 
ජිවිතයේ සමහර විටෙක අපිට සුවපහසු තැනක් ලැබෙන්නට පුළුවන..... බොහෝ අය එවැනි ස්ථානයක් ලැබුන විට කරන්නේ නැංගුරම්ලා ඔහේ ජීවිතය ගත කිරීමයි....සමහරවිට ඒ ස්ථානය හොදම ස්ථානය නොවුනත් අපි එයට ඇලි ගැලී සිටි..... කොන්දොස්තර මහතා කියන්නේ අපිට අවදානමක් ගන්නා ලෙසය..... අපි හොදට අල්ලාගෙන සිටි ස්ථානය අතහැර ඉස්සරට ගිහින් ඊටත් වඩා හොද ස්ථානයක් ඇද්දැයි බලන ලෙසය..... මෙය පාඩමක් කොට ගෙන අවදානමක් ගෙන ඉදිරියට යන්න ඒ ඔහුගේ පාඩමයි...... 

"බහින අය ලංවෙන්න ..... "
ජිවිතයේ සැලසුමක් තිබීම අපට මෙන්ම අන්අයටත් පහසුවකි ...... හිතුමනාපෙට තීරණ ගන්නවා වෙනුවට සැලැස්මක් තිබීම හොදය..... ඒ  නිසා තමන්ගේ ගමනාන්තේ කලින් දැන් ගෙන දොරගවට කිට්ටු වීමට කටත් පහසුවකි..... අවසාන මොහොතේ සැවොම පෙරලගෙන බැසීමෙන් ඔබත් අන්අයත් අපහසුතාවට පත්වේ......

"මාරු සල්ලි අරන් එන්න..."
මෙයත් කලින් සිතුවිල්ලේ දිගුවකි.... යන්නේ කොහෙද ....කියක් යයිද යනුවෙන් පෙර සුදානමක් තිබීම ඔබේ ගමන පහසු කරයි..... පෙරසුදානම ඔබේ ජිවිත ගමනත් පහසුකරන්නේ නිරායාසයෙනි......

"යන්නේ නැත්තම් යන අයට ඉඩදෙන්න "
අන්අයගේ ගමනට බධනොකරන්න ..... ඒ අයට උදව් කරන්න.....

"බහින අය බෙල් එක ගහලා බහින්න " 
තැනකින් ඉවත්වෙන විට අන්අය දැනුවත් කරන්න එය ඔබේ ගමනට මෙන්ම ඔවුන්ගේ ජිවිත වලටද පහසුවකි.....හොරා සේ බහින්න යාමෙන් ප්‍රශ්න ඇති විය හැක එය වලක්වා ගැනීමට නිරතුරුව අන්අයද දැනුවත් කරන්න..... 

මෙවැනි මහානුභාවසම්පන්න ඔවදන් දෙන කොන්දොස්තර මහතා රුපියලක් දෙකක් වැඩිපුර ගත්විට රවන්න එපා ..... ඔබට ඔහුදුන් අවවාද ගැන සිතා සිත සැහැල්ලු කර ගන්න..... දන්දීම සිහියට නගාගන්න ..... ඒ පාඩම මේ සියල්ලටම වඩා ඔබේ ජිවිතයට වැදගත්ය.....

Saturday, April 9, 2016

ගොන් ප්‍රසිද්ධිය ........


සමාජ ජාල වෙබ් අඩවි ලෝකයේ තොරතුරු හුවමාරු කරගැනීම අතින් සුවිශේෂී ස්ථානයක් හිමිකරගන්නේ එහි ඇති ජනප්‍රියතාවත්  එකී ජාලය තුල සක්‍රියව සිටින පරිශීලකයන්ගේ ප්‍රමාණයත් අතින්ය..... වෙනදාට වඩා තොරතුරු දැන් අපි අතරට එන අතර ..... මේ එන බොහෝ තොරතුරු වල හරය ප්‍රශ්නකාරිය ...... අපි කරන කියන දෑ ප්‍රශ්නකාරිය.....

එක්ස් එලියන් නමින් ගීතයක් කියා එක රැයින් කොල්ලෝ කුරුට්ටෝ රැසකගේ ආකර්ෂණය දිනා ගත්තේද අනවශ්‍ය දේවල් වලට ගොන් ප්‍රසිද්ධියක් දීමෙන්ය..... සින්දුවක් අහන්න බැරිනම් ..... එයට ප්‍රචාරයක් දීම ගොන් වැඩකි...... එකී ස්ථානය දියයුත්තේ සැගවනු දක්ෂයෙක් එලියට ගැනීමටය...... එත් අපේ බහුතර පිරිස කරේ වෙන කොහෙවත් මෙලෝ දක්ෂ කමක් නැති කෙනෙක් ෆෝම් කිරීමයි......

මෙයින් නොනැවතුනු..... අපේ ගොන් ප්‍රසිද්ධියක් දීමට කැමති ප්‍රේක්ෂක ජනතාවත් ....... රැල්ලට කුමක් හෝ කර අන්තර් ජාලයේ වීරයෙක් වීමට කැමති පිරිසත් එක්වී කිසිදු හරයක් නැති දේවල් හිට් කරන්න පටන් ගත්තේය...... එහි තවත් ඒක් ගොන් ප්‍රසිද්දියක් වුනේ කුණුහරප රැප් ය.... තොප්පිය හරහට දමා ගත් ...... කුණුහරප කියන පිරිසක් අප රටේ බිහිවූ අතර ඊට අපගේ මි හරක් නැවතත් ගොන් ප්‍රසිද්ධියක් දුන්නේ තවත් එකී දේවල් වලට උල්පන්දම් දෙමින්ය..... 

ගොන් දේවල් වලට ප්‍රසිද්ධියක් දීමට වඩා ....අපි මුහුණ දෙන ගැටළු වලට හඩක් දී එය සදහා සමාජය පෙළගැස්වීමත් නිතර නිතර දකින්නට නොලැබුනත් කුඩා පරිමාණයෙන් හෝ සිදුවීම සතුටට කරුණකි..... 
ෆුල් ෆේස් හෙල්මට් තහනමට විරෝදය....
විල්පත්තු සටන .......
ඉන්දු ලංකා අවබෝධතා ගිවිසුම....
අප රටක් වශයෙනුත් .... පුද්ගලයන් වශයෙනුත් මුහුණ දෙන ගැටළු වලට පිළිතුරක් සෙවීමට ගත් අහිංසක උත්සාහයන් කිහිපයකි......

බොත්තමක් තිබු පමණින් එය ඔබා අනවශ්‍ය දේවල් වලට ප්‍රචාරය නොදෙන්න ...... සැමවිටම ඔබටත් ......ඔබේ යහලුවන්ටත් වටිනා දේ බෙදාහරින්න ....... එක්ස් එලියන්ගේ සින්දුව ඔබ එදා අසා ... එයට අනවශ්‍ය ප්‍රචාරයක් ලබා නොදුන්නේ නම් ...... අද එවැනි කෙනෙක් නැත....... කුණුහරප රැප් වලට අනවශ්‍ය ප්‍රචාරයක් නොදුන්නා නම් ඒවා කරන්න හිටිය උනුත් ඒවා නොකර ඉන්නේ ලැබෙන ප්‍රතිචාර අඩු නිසාවෙනි..... එදා ගප්පියාගේ වීඩියෝ වලට ලයික් වැටුනේ නැතිනම්.... පොඩ්ඩා ... නවරන් ඉපදෙන්නේ නැත.... ගප්පියත් වල පල්ලට යනු ඇත..... මේ ආකාරයටම අනවශ්‍ය ගොන් දේවල් වලට ප්‍රතිචාර දැක්වීමෙන් සිදුවන්නේ තව තවත් ගොන් දේවල් සමාජයේ පැතිරීමයි.....
තින්ක් බිෆෝර් ශෙයාර්......

Monday, April 4, 2016

කොදෙව්වන්ගෙන් අපිට ......

බටහිර ඉන්දීය කොදෙව් දුපත් කණ්ඩායම ලෝක කුසලාන දෙකම දිනා ගැනීම සැමතැනම කතාවෙන ප්‍රධන මාතෘකාවකි ...... මෙය සැමි ගේ කතාව ගැන කතා කරන ලිපියකටත් වඩා මා මේ කණ්ඩායම තුල දැකපු අපේ රටට ගත හැකි දේවල් ගැන කෙටි සමාලෝචනයකි ......

ඔවුන් සියල්ල තමන්ගේ රටවල් අමතක කර එක කොඩියක් සෙවනට පැමිණ තිබේ...... රටවල් විසි ගණනක් බටහිර ඉන්දීය කොදෙව් දුපත්වලට අයත්ය..... ඔවුන් ඒ රටවල් අතුරින් දක්ෂයන්ගෙන් සැදුම් ලත් කණ්ඩායමකි..... අපට තාමත් එක කොඩියක් එක ගීයක් වටා එකතු වෙන්න බැරි වුනත් බටහිර ඉන්දීය කොදෙව් දුපත් කණ්ඩායම ඒ කඩඉම් ජයගෙන තිබේ..... ඒ කණ්ඩායමේ සිටින ප්‍රබල ක්‍රීඩකයන්ගේ සැබෑ රට කුමක්ද යන්න බොහෝ දෙනෙක් නොදනී..... එය හුවා දැක්වීමටත් ඔවුන්ට අවශ්‍ය නැත....තමන් ආ රාජකාරිය කර එහි සතුට අභිමානය සමස්ථ කැරබියන් ජනතාවටම ලබාදීම ඔවුන්ගේ එකම අරමුණය.... 

බටහිර ඉන්දීය කොදෙව් දුපත් කණ්ඩායම අපේ රට වැනිය..... එහි ක්‍රීඩකයින් අප රටේ විවිධ ජාතින් වැනිය..... ඔවුන් එකම ඒකකයක් ලෙස එකතු වුවත් අපි රටක් හැටියට තවමත් අසමගිය.... සැමි අහිබවා යෑමට හෝ කැපී පෙනීමට ගේල්ට උවමනාවක් නැත.....  එත් තවත් ජාතියක් පරයා නැගී සිටීම අපේ රටේ අනිත් ජාතින් වල එකම පැතුම වුවත් කොදෙව්වන් එසේ නොවේ..... මගේ හයෙන් තරගය දිනුවායැයි කවුරුත් කැපිපෙනෙන්න යන්නේ නැත....... මගේ විකට් ටික නිසා තරගය ජයගත්තේයැයි පුරසාරම් දොඩන්නේද නැත.... අපි හැමෝගෙම ජයක් යනුවෙන් නටමින් ප්‍රීති වීම පමණක් ඔවුන්ගේන් සිදුවේ.....නටන සින්දුවෙත් තමන්ගේ නම නෑ කියා නටන්නේ නැතුව සිටින්නේද නැත.... එය බ්‍රවොගේ සින්දුවක් කියා තම තමාගේ සින්දු කියන්නේද නැත...
එත් අපි ?? 

එක අරමුණක් වටා සියල්ල අමතක කර අපි එකතු වෙන්නේ කවදා ද ?