Thursday, October 13, 2016

තායිලන්තයේ මියගිය රජු

තායිලන්ත මිතුරු මිතුරියන්ගේ අධික ශෝකය.... මියගිය රජු ගැන සෙවීමට හේතුවක් විය....
රජමාලිගාවේ නොසිට පොලවේ පය ගසා සිටි රජෙක් බව පසක් විය.....
මමයි රජා සංකල්පයේ නොසිට සාමාන්‍ය මිනිසෙක් සේ තමන්ට ලැබුන බලයෙන් ප්‍රයෝජන ගෙන දියුණු වෙමින් පවතින රටක් ලෙස නොසිට ඉහළ අදායම් ලබන රටක් ලෙස ඉදිරියට ගෙන ඒමට කල සේවය..... 
කැමරාවක් කරේ දමන් සිතියමක් අතට ගෙන ගම් නියං ගම් සංචාර ඒ තමන් සරල බව පෙන්වීමටත් වඩා රටට වැඩක් කිරීමටය..... රජ වෙන්න මාන බලන අපේ රටේ....පාලනතන්ත්‍රයේ බලයක් නොමැති වුවත්..... උත්සව වලට පමණක් මුහුණ පෙන්වනවා වෙනුවට ලැබුණු තනතුරෙන් රටට මෙසේ සේවයක් කල ඔහුගේ හැරයාම සැබෑ දුකක් නොවේද???