Wednesday, April 5, 2017

සටන හරියට කරමු .....

සටන හරියට කරන්න මුලින්ම කුහක කම ඔලුවෙන් අයින් කරන්න වෙනවා ...... දොස්තර කියන්නේ අනෙක් රස්සා වගේම එකක් කියල හිතන්න වෙනවා ..... කුහක කම එන්නේ දොස්තර කියන්නේ හෙන ලොකු කෙනෙක් අපිට විතරයි පුළුවන් අනිත් එවුන්ට බෑ..... අනිත් රස්සා වගේ නෙමේ මේක ජිවිතත් එක්ක කරන්නේ.... විදිහේ පුහු මානසිකත්වය නැති කර ගන්න ඕනේ ..... මොකද ජිවිතත් එක්ක බද්ද වුන එකම රස්සාව මේක නොවෙන නිසා ...... 

කුහක කම අයින් කරාට පස්සේ හිතන්න ඕනේ .... අපේ රටට මේ දේ ඕනෙද කියල ..... සිය ගණනක් පිට රට ගිහින් ඉගෙන ගෙන එන එක හොද වෙන්නයි .... මෙහෙ ඉගෙන ගත්තම වැරදි වෙන්නයි බෑනේ .... ඒ කියන්නේ මේ රටේ ඕනේ දෙයක් ..... මෙහෙ තිබ්බා නම් අපේ අය චීනේ රුසියාවේ නේපාලේ බන්ග්ලාදෙශේ ඉන්දියාවේ යන්න ඕනේ නෑ .... චීනේ රුසියාව නම් ටිකක් හොද වුනත් අනිත් රටවල් ගන්න දෙයක් නැත ..... ඒ කියන්නේ මේ රටේ නැති දෙයක්.... 

සයිටම් එන්නේ ඔය වෙළදපොල අවශ්‍යතාව තේරුම් අරගෙන ...... ඇත්ත, සයිටම් කොලේ වහලා ඕක පටන් ගත්තා ..... හරියට පහසුකම් ටික නැතුව උන් පටන් ගත්තා ..... ළමයි ගියා .... ප්‍රමිතියක් නෑ කිව්වා ..... ප්‍රමිතිය හදාගන්න දුන්න ඉස්පිරිතාලේ සයිටම් ළමයි එනවාට ස්ට්‍රයික් කරලා නැවැත්තුවා ......GMOA එකේ අවුල් විසදගන්න උසාවි යන්න වුනා ....නඩුව දින්නා ..... ඔය සිද්දි වෙන්න කලින් කාලයක් තිබ්බා GMOA එකේ සහතිකේ ගන්න ඕන දෙයක් කරන්න කැමති වෙච්ච කාලයක්.... ඒ කාලෙත්  වහපන් වහපන් කියන්නේ නැතුව ප්‍රමිතිය හදන්න ඇත්තටම වැඩ කරානම් ප්‍රශ්නේ සැහෙන දුරට විසදිලා.....

වහපන් කියන්න ලේසි හරියට කරන්නේ කොහොමද කියන එකයි අමාරු ...... 
රටට අවශ්‍ය දෙයක් නිසා කරන්න තියෙන්නේ  ප්‍රමිතියක් ඇතුව කොහොමද ඕක කරන්නේ කියල ..... මුලින්ම කරන්න ඕනේ දැනට තියෙන මෙඩිකල් ෆැකල්ටි එක්ක අලුතෙන් දාන ඒවා එකතු කරන එක ..... ඒ කියන්නේ අලුතෙන් දාන එකේ විභාග  ඇතුලත් වීමේ ක්‍රම ඇතුළු බොහෝ දේ රජයේ මෙඩිකල් ෆැකල්ටි එකේ අනුමැතිය මගින් පවත්වන් යන එක ..... මේක රජයේ මෙඩිකල් ෆැකල්ටි එකට අලුතෙන් වැටෙන වැඩක් නිසා සෑම ළමයෙක්ගෙන්ම යම්කිසි මුදලක් රජයේ මෙඩිකල් ෆැකල්ටි එකට ගන්න ඕනේ .... මේකෙන් ඒ රජයේ මෙඩිකල් ෆැකල්ටි වල අවශ්‍යතාවන් සදහා අමතර අදායම් මාර්ගයක් ද වෙනවා.... ප්‍රමිතියත් ආරක්ෂා වෙනවා.... සුදුසු කම් තියෙන අයට ඇතුලත් වෙන්න පුළුවන් වුනාට හොදම අය විතරක් එලියට එන්න මේ ක්‍රමෙන් පුළුවන් ...... විභාග ක්‍රමය විනිවිද බාවයකින් කරන් යන එක රටේ කාටත් හොදයි ..... විභාග තොග ගණන් ෆේල් වෙන තැනකට ලක්ෂ ගණන් පුජා කරන්න කවුරුත් එන්නේ නෑනේ.... ඒ නිසා නිකන්ම ඒ ඒ ආයතන වලට තමන්ගේ ප්‍රමිතිය ගුණාත්මකභාවය ගැන දෙපාරක් නෙමේ තුන් හතර පාරක් හිතන්න වෙනවා ...... 

සටන කරන්න ඕනේ කුහකත්වය නැතුව රට ගැන වගේම අනාගතේ ගැනත් හිතල .... මොන සටන කරත් වැඩක් නෑ සාමාන්‍ය මිනිහට කරදරයක් වෙලා ..... ස්ට්‍රයික් කියන්නේ ස්ට්‍රයික් එකේ මේ මේ අංශ වැඩ අනිත් ඒවා වැඩ නෑ කිව්වට එකෙන් තැලෙන්නේ අසරණ මිනිස්සු ...... මිනිහෙක් දෙය්යනේ කියලා ගෙදර යන්න හැදුවම පාරේ නටනවා ..... ඉතින් කොහොමද මිනිස්සු සටනට එකතු වෙන්නේ ..... මිනිස්සුන්ව තරහා කරන් ඉවරයි .....  කොටින්ම විශ්ව විද්‍යාල සිසුවා කියන චරිතේ සමාජෙන් අයින් වෙලා ඉවරයි ..... ඕන එකයි එපා එකයි හැම එකටම විරුද්ද වුනාම ඇත්තම සටනට කවුරුත් නෑ.... CCTV දැම්මත් වැරදි ..... ගහගෙන කොල්ලෝ  හිරේ ගියාම එකටත් උද්ගෝෂණ ....නවක වදේ දීලා ළමයි මැරෙනවා ..... ඕවා අහල ඉන්න කන් වලට කොච්චර ලොකු ප්‍රශ්නයක් වුනත් අහන්නේ නෑ ..... එක නිසා මොනවා කරන්නත් කලින් විශ්ව විද්‍යාල සිසුවා කියන ප්‍රතිරුපේ හදාගන්න ඕනේ ..... ජය වේවා ...... 

No comments:

Post a Comment