Saturday, April 9, 2016

ගොන් ප්‍රසිද්ධිය ........


සමාජ ජාල වෙබ් අඩවි ලෝකයේ තොරතුරු හුවමාරු කරගැනීම අතින් සුවිශේෂී ස්ථානයක් හිමිකරගන්නේ එහි ඇති ජනප්‍රියතාවත්  එකී ජාලය තුල සක්‍රියව සිටින පරිශීලකයන්ගේ ප්‍රමාණයත් අතින්ය..... වෙනදාට වඩා තොරතුරු දැන් අපි අතරට එන අතර ..... මේ එන බොහෝ තොරතුරු වල හරය ප්‍රශ්නකාරිය ...... අපි කරන කියන දෑ ප්‍රශ්නකාරිය.....

එක්ස් එලියන් නමින් ගීතයක් කියා එක රැයින් කොල්ලෝ කුරුට්ටෝ රැසකගේ ආකර්ෂණය දිනා ගත්තේද අනවශ්‍ය දේවල් වලට ගොන් ප්‍රසිද්ධියක් දීමෙන්ය..... සින්දුවක් අහන්න බැරිනම් ..... එයට ප්‍රචාරයක් දීම ගොන් වැඩකි...... එකී ස්ථානය දියයුත්තේ සැගවනු දක්ෂයෙක් එලියට ගැනීමටය...... එත් අපේ බහුතර පිරිස කරේ වෙන කොහෙවත් මෙලෝ දක්ෂ කමක් නැති කෙනෙක් ෆෝම් කිරීමයි......

මෙයින් නොනැවතුනු..... අපේ ගොන් ප්‍රසිද්ධියක් දීමට කැමති ප්‍රේක්ෂක ජනතාවත් ....... රැල්ලට කුමක් හෝ කර අන්තර් ජාලයේ වීරයෙක් වීමට කැමති පිරිසත් එක්වී කිසිදු හරයක් නැති දේවල් හිට් කරන්න පටන් ගත්තේය...... එහි තවත් ඒක් ගොන් ප්‍රසිද්දියක් වුනේ කුණුහරප රැප් ය.... තොප්පිය හරහට දමා ගත් ...... කුණුහරප කියන පිරිසක් අප රටේ බිහිවූ අතර ඊට අපගේ මි හරක් නැවතත් ගොන් ප්‍රසිද්ධියක් දුන්නේ තවත් එකී දේවල් වලට උල්පන්දම් දෙමින්ය..... 

ගොන් දේවල් වලට ප්‍රසිද්ධියක් දීමට වඩා ....අපි මුහුණ දෙන ගැටළු වලට හඩක් දී එය සදහා සමාජය පෙළගැස්වීමත් නිතර නිතර දකින්නට නොලැබුනත් කුඩා පරිමාණයෙන් හෝ සිදුවීම සතුටට කරුණකි..... 
ෆුල් ෆේස් හෙල්මට් තහනමට විරෝදය....
විල්පත්තු සටන .......
ඉන්දු ලංකා අවබෝධතා ගිවිසුම....
අප රටක් වශයෙනුත් .... පුද්ගලයන් වශයෙනුත් මුහුණ දෙන ගැටළු වලට පිළිතුරක් සෙවීමට ගත් අහිංසක උත්සාහයන් කිහිපයකි......

බොත්තමක් තිබු පමණින් එය ඔබා අනවශ්‍ය දේවල් වලට ප්‍රචාරය නොදෙන්න ...... සැමවිටම ඔබටත් ......ඔබේ යහලුවන්ටත් වටිනා දේ බෙදාහරින්න ....... එක්ස් එලියන්ගේ සින්දුව ඔබ එදා අසා ... එයට අනවශ්‍ය ප්‍රචාරයක් ලබා නොදුන්නේ නම් ...... අද එවැනි කෙනෙක් නැත....... කුණුහරප රැප් වලට අනවශ්‍ය ප්‍රචාරයක් නොදුන්නා නම් ඒවා කරන්න හිටිය උනුත් ඒවා නොකර ඉන්නේ ලැබෙන ප්‍රතිචාර අඩු නිසාවෙනි..... එදා ගප්පියාගේ වීඩියෝ වලට ලයික් වැටුනේ නැතිනම්.... පොඩ්ඩා ... නවරන් ඉපදෙන්නේ නැත.... ගප්පියත් වල පල්ලට යනු ඇත..... මේ ආකාරයටම අනවශ්‍ය ගොන් දේවල් වලට ප්‍රතිචාර දැක්වීමෙන් සිදුවන්නේ තව තවත් ගොන් දේවල් සමාජයේ පැතිරීමයි.....
තින්ක් බිෆෝර් ශෙයාර්......

Monday, April 4, 2016

කොදෙව්වන්ගෙන් අපිට ......

බටහිර ඉන්දීය කොදෙව් දුපත් කණ්ඩායම ලෝක කුසලාන දෙකම දිනා ගැනීම සැමතැනම කතාවෙන ප්‍රධන මාතෘකාවකි ...... මෙය සැමි ගේ කතාව ගැන කතා කරන ලිපියකටත් වඩා මා මේ කණ්ඩායම තුල දැකපු අපේ රටට ගත හැකි දේවල් ගැන කෙටි සමාලෝචනයකි ......

ඔවුන් සියල්ල තමන්ගේ රටවල් අමතක කර එක කොඩියක් සෙවනට පැමිණ තිබේ...... රටවල් විසි ගණනක් බටහිර ඉන්දීය කොදෙව් දුපත්වලට අයත්ය..... ඔවුන් ඒ රටවල් අතුරින් දක්ෂයන්ගෙන් සැදුම් ලත් කණ්ඩායමකි..... අපට තාමත් එක කොඩියක් එක ගීයක් වටා එකතු වෙන්න බැරි වුනත් බටහිර ඉන්දීය කොදෙව් දුපත් කණ්ඩායම ඒ කඩඉම් ජයගෙන තිබේ..... ඒ කණ්ඩායමේ සිටින ප්‍රබල ක්‍රීඩකයන්ගේ සැබෑ රට කුමක්ද යන්න බොහෝ දෙනෙක් නොදනී..... එය හුවා දැක්වීමටත් ඔවුන්ට අවශ්‍ය නැත....තමන් ආ රාජකාරිය කර එහි සතුට අභිමානය සමස්ථ කැරබියන් ජනතාවටම ලබාදීම ඔවුන්ගේ එකම අරමුණය.... 

බටහිර ඉන්දීය කොදෙව් දුපත් කණ්ඩායම අපේ රට වැනිය..... එහි ක්‍රීඩකයින් අප රටේ විවිධ ජාතින් වැනිය..... ඔවුන් එකම ඒකකයක් ලෙස එකතු වුවත් අපි රටක් හැටියට තවමත් අසමගිය.... සැමි අහිබවා යෑමට හෝ කැපී පෙනීමට ගේල්ට උවමනාවක් නැත.....  එත් තවත් ජාතියක් පරයා නැගී සිටීම අපේ රටේ අනිත් ජාතින් වල එකම පැතුම වුවත් කොදෙව්වන් එසේ නොවේ..... මගේ හයෙන් තරගය දිනුවායැයි කවුරුත් කැපිපෙනෙන්න යන්නේ නැත....... මගේ විකට් ටික නිසා තරගය ජයගත්තේයැයි පුරසාරම් දොඩන්නේද නැත.... අපි හැමෝගෙම ජයක් යනුවෙන් නටමින් ප්‍රීති වීම පමණක් ඔවුන්ගේන් සිදුවේ.....නටන සින්දුවෙත් තමන්ගේ නම නෑ කියා නටන්නේ නැතුව සිටින්නේද නැත.... එය බ්‍රවොගේ සින්දුවක් කියා තම තමාගේ සින්දු කියන්නේද නැත...
එත් අපි ?? 

එක අරමුණක් වටා සියල්ල අමතක කර අපි එකතු වෙන්නේ කවදා ද ? 

  


Saturday, April 2, 2016

සගරුවන කොයිබටද ?

මෑත කාලයේ භික්ෂුව තරම් හැල්ලු වූ චරිතයක් තවත් නැති තරම් ..... උසාවියේ .... පාරේ .... උද්ගෝෂනේ පෙරමුණ ගන්නා අතරම ගැටුම් වලත් පෙරමුණ ගන්නේ බෞද්ධ භික්ෂුවයි.... බෞද්ධයෙක් හැටියට විටෙක දුකක් ලැජ්ජාවක්  ඇති වුවත් විටෙක බෞද්ධයන් හැටියට මුහුණ දෙන ගැටළු වලට සටන් කිරීම ගැන සතුටක්ද ඇති වෙයි.... එත් බෞද්ධ භික්ෂුව පෙරමුණ ගන්නේ කුමන ප්‍රශ්න වලට ද යන්න යම් යම් අවස්ථාවල ගැටළු සහිතය...... 

සුද්දාගේ කාලේ වුවත් නිදහස් අරගල වල පෙරමුණ ගත්තේ බෞද්ධ භික්ෂුවයි ...... එකල තිබු සමාජ ක්‍රමය අනුව භික්ෂුවට ගමේ නායකත්වයටත් එහා ගියා තනතුරක්  නිතරගයෙන් හිමිවූ අතර ගමේ සිදු වූ සැමදේම සිදුවුයේ උන්වහන්සේලාගේ අනුදැනුම යටතේය....සුද්දාගේ කාලේ අපේ දැන් සිටින බහුතරයක් සිටියානම්.... "අනේ හාමුදුරුවනේ දානේ වලදලා බණක් භාවනාවක් කරන්න ඉන්න" යනුවෙන් කියනු නොඅනුමානය..... එහෙනම් තාමත් සුද්දා අපේ රට පාලනය කරනු ඇත...... එක් අතකට එය එසේ සිදුවුනේනම් කොච්චර හොදයිද යනුවෙන් සිතුවත්..... සුද්දා එකල කල කෙනෙහිලි කම් නිසාවෙන් කෙසේ එසේ සිටින්නද ....... එකල තුබූ තත්වයත් දැන් තිබෙන තත්වයේත් වෙනසක් නැත ....වෙනසට ඇත්තේ එකල වෙන රටකින් පැමිණි පිරිසක් සමග සටන් කිරීමත් .... අද අපේම රට ගැන නොහිතන කාලකන්නි පිරිසක් සමග සටන් කිරීමට සිදුවීමයි......

එකල සටන්වලත් භික්ෂුන් වහන්සේලා සංයමයෙන් සටන් කලායි සිතිය නොහැකිය ..... "පින්වතුනේ ... මේ කඩු අරන් සටනට යන්න" යැයි පැවසුවා වෙන්නට බැරිය ...... වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන් ඉංගිරිසි කොඩිය පාගා දාන්නේ "මම ඔය පින්වතුනේගේ කොඩිය පහතට දානවා ..... මේක අපේ රට පින්වතුනේ යන්න ඔබේ රටට " යනුවෙන් පවසා නොවන බව ඕන කෙනෙක්ට තේරෙනු ඇත..... එකල වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන්ගේ භූමිකාවට යම්තාක් දුරකට අද පණ පොවන්නේ ගලබොඩඅත්තේ හිමියන්ය..... ඒ අවේගශිලිව බෞද්ධයා මුහුණ දෙන සමහරක් ගැටළු වලට නායකත්වය දෙමින්ය...... එදා සොමහිමියන් කලෙත් මේ රාජකාරියමය ....නමුත් ඒ තරම් අවෙගශීලි නැත.... නමුත් ක්‍රියාවන් ප්‍රබලය ...... 

මුහුදු මහා විහාරයට, කුරගලට ඇතුළුව දවසින් දවස බෞද්ධයන්ට සිදුවන කෙනෙහෙලි කම් වලට කතානොකර සිටීමෙන් අපේ උරුමය දවසින් දවස මියයන්නේය..... බෞද්ධයන් විදියට සම්පත් වලට ලොබ බැදීම නොකළ යුතුවුවත් අපේ මුතුන්මිත්තන් එදා එය  රැක නොගත්තානම්  අද අපිට අපේ යැයි කීමට දෙයක් නැත..... මේ දේවල් අනාගතයට රැකගෙන යාම අපේ වගකීමක් වගේම යුතුකමකි..... මේ උරුමය රැකගැනීමේ අරගලයේ භික්ෂුන් වහන්සේලාට ලැබෙන්නේ ප්‍රධන ස්ථානයකි ...... එනිසා දේශපාලන පක්ෂ හා මතවලට කඩේයනවා වෙනුවට රට,ආගම,උරුමය  වෙනුවෙන් පමණක් උන්වහන්සේලා සටන් කල යුතුය.... වෙනත් දේවල් සමගත් සටන් කිරීමට යෑමෙන් පිරිහෙන්නේද අපේ බෞද්ධාගමය ..... අවාසනාවකට භික්ෂුන් වහන්සේලා බොහෝවිට පෙරමුණ ගන්නේ කිසිම වැඩකට නැති නොගැලපෙන දේවල් වලට විනා සම්බුද්ද සාසනයට වැදගත් දේවල් වලට නොවේය..... දවසින් දවස සාසනය පිරිහෙන්නේ භික්ෂුන්වහන්සේලගේම වරදින් නොව ඒ සදහා ගිහි අපිත් වගකිව යුතුය..... දැන්වත් අපි සියල්ලන්ම එකතු වී කිසිම තේරුමක් නැතුව  මුවහමට තඩි බානවා වෙනුවට සැබෑ ප්‍රශ්න වලට පිළිතුරු සෙවිය යුතුය..... ගිලිහෙන්නේ අපේ උරුමය මිසක්  වෙන දෙයක් නොවන නිසාවෙනි......