Monday, April 4, 2016

කොදෙව්වන්ගෙන් අපිට ......

බටහිර ඉන්දීය කොදෙව් දුපත් කණ්ඩායම ලෝක කුසලාන දෙකම දිනා ගැනීම සැමතැනම කතාවෙන ප්‍රධන මාතෘකාවකි ...... මෙය සැමි ගේ කතාව ගැන කතා කරන ලිපියකටත් වඩා මා මේ කණ්ඩායම තුල දැකපු අපේ රටට ගත හැකි දේවල් ගැන කෙටි සමාලෝචනයකි ......

ඔවුන් සියල්ල තමන්ගේ රටවල් අමතක කර එක කොඩියක් සෙවනට පැමිණ තිබේ...... රටවල් විසි ගණනක් බටහිර ඉන්දීය කොදෙව් දුපත්වලට අයත්ය..... ඔවුන් ඒ රටවල් අතුරින් දක්ෂයන්ගෙන් සැදුම් ලත් කණ්ඩායමකි..... අපට තාමත් එක කොඩියක් එක ගීයක් වටා එකතු වෙන්න බැරි වුනත් බටහිර ඉන්දීය කොදෙව් දුපත් කණ්ඩායම ඒ කඩඉම් ජයගෙන තිබේ..... ඒ කණ්ඩායමේ සිටින ප්‍රබල ක්‍රීඩකයන්ගේ සැබෑ රට කුමක්ද යන්න බොහෝ දෙනෙක් නොදනී..... එය හුවා දැක්වීමටත් ඔවුන්ට අවශ්‍ය නැත....තමන් ආ රාජකාරිය කර එහි සතුට අභිමානය සමස්ථ කැරබියන් ජනතාවටම ලබාදීම ඔවුන්ගේ එකම අරමුණය.... 

බටහිර ඉන්දීය කොදෙව් දුපත් කණ්ඩායම අපේ රට වැනිය..... එහි ක්‍රීඩකයින් අප රටේ විවිධ ජාතින් වැනිය..... ඔවුන් එකම ඒකකයක් ලෙස එකතු වුවත් අපි රටක් හැටියට තවමත් අසමගිය.... සැමි අහිබවා යෑමට හෝ කැපී පෙනීමට ගේල්ට උවමනාවක් නැත.....  එත් තවත් ජාතියක් පරයා නැගී සිටීම අපේ රටේ අනිත් ජාතින් වල එකම පැතුම වුවත් කොදෙව්වන් එසේ නොවේ..... මගේ හයෙන් තරගය දිනුවායැයි කවුරුත් කැපිපෙනෙන්න යන්නේ නැත....... මගේ විකට් ටික නිසා තරගය ජයගත්තේයැයි පුරසාරම් දොඩන්නේද නැත.... අපි හැමෝගෙම ජයක් යනුවෙන් නටමින් ප්‍රීති වීම පමණක් ඔවුන්ගේන් සිදුවේ.....නටන සින්දුවෙත් තමන්ගේ නම නෑ කියා නටන්නේ නැතුව සිටින්නේද නැත.... එය බ්‍රවොගේ සින්දුවක් කියා තම තමාගේ සින්දු කියන්නේද නැත...
එත් අපි ?? 

එක අරමුණක් වටා සියල්ල අමතක කර අපි එකතු වෙන්නේ කවදා ද ? 

  


No comments:

Post a Comment