බටහිර ඉන්දීය කොදෙව් දුපත් කණ්ඩායම ලෝක කුසලාන දෙකම දිනා ගැනීම සැමතැනම කතාවෙන ප්‍රධන මාතෘකාවකි ...... මෙය සැමි ගේ කතාව ගැන කතා කරන ලිපියකටත් වඩා මා මේ කණ්ඩායම තුල දැකපු අපේ රටට ගත හැකි දේවල් ගැන කෙටි සමාලෝචනයකි ......
ඔවුන් සියල්ල තමන්ගේ රටවල් අමතක කර එක කොඩියක් සෙවනට පැමිණ තිබේ...... රටවල් විසි ගණනක් බටහිර ඉන්දීය කොදෙව් දුපත්වලට අයත්ය..... ඔවුන් ඒ රටවල් අතුරින් දක්ෂයන්ගෙන් සැදුම් ලත් කණ්ඩායමකි..... අපට තාමත් එක කොඩියක් එක ගීයක් වටා එකතු වෙන්න බැරි වුනත් බටහිර ඉන්දීය කොදෙව් දුපත් කණ්ඩායම ඒ කඩඉම් ජයගෙන තිබේ..... ඒ කණ්ඩායමේ සිටින ප්‍රබල ක්‍රීඩකයන්ගේ සැබෑ රට කුමක්ද යන්න බොහෝ දෙනෙක් නොදනී..... එය හුවා දැක්වීමටත් ඔවුන්ට අවශ්‍ය නැත....තමන් ආ රාජකාරිය කර එහි සතුට අභිමානය සමස්ථ කැරබියන් ජනතාවටම ලබාදීම ඔවුන්ගේ එකම අරමුණය....
බටහිර ඉන්දීය කොදෙව් දුපත් කණ්ඩායම අපේ රට වැනිය..... එහි ක්‍රීඩකයින් අප රටේ විවිධ ජාතින් වැනිය..... ඔවුන් එකම ඒකකයක් ලෙස එකතු වුවත් අපි රටක් හැටියට තවමත් අසමගිය.... සැමි අහිබවා යෑමට හෝ කැපී පෙනීමට ගේල්ට උවමනාවක් නැත..... එත් තවත් ජාතියක් පරයා නැගී සිටීම අපේ රටේ අනිත් ජාතින් වල එකම පැතුම වුවත් කොදෙව්වන් එසේ නොවේ..... මගේ හයෙන් තරගය දිනුවායැයි කවුරුත් කැපිපෙනෙන්න යන්නේ නැත....... මගේ විකට් ටික නිසා තරගය ජයගත්තේයැයි පුරසාරම් දොඩන්නේද නැත.... අපි හැමෝගෙම ජයක් යනුවෙන් නටමින් ප්‍රීති වීම පමණක් ඔවුන්ගේන් සිදුවේ.....නටන සින්දුවෙත් තමන්ගේ නම නෑ කියා නටන්නේ නැතුව සිටින්නේද නැත.... එය බ්‍රවොගේ සින්දුවක් කියා තම තමාගේ සින්දු කියන්නේද නැත...
එත් අපි ??
එක අරමුණක් වටා සියල්ල අමතක කර අපි එකතු වෙන්නේ කවදා ද ?
Monday, April 4, 2016
Saturday, April 2, 2016
සගරුවන කොයිබටද ?
මෑත කාලයේ භික්ෂුව තරම් හැල්ලු වූ චරිතයක් තවත් නැති තරම් ..... උසාවියේ .... පාරේ .... උද්ගෝෂනේ පෙරමුණ ගන්නා අතරම ගැටුම් වලත් පෙරමුණ ගන්නේ බෞද්ධ භික්ෂුවයි.... බෞද්ධයෙක් හැටියට විටෙක දුකක් ලැජ්ජාවක් ඇති වුවත් විටෙක බෞද්ධයන් හැටියට මුහුණ දෙන ගැටළු වලට සටන් කිරීම ගැන සතුටක්ද ඇති වෙයි.... එත් බෞද්ධ භික්ෂුව පෙරමුණ ගන්නේ කුමන ප්‍රශ්න වලට ද යන්න යම් යම් අවස්ථාවල ගැටළු සහිතය......
සුද්දාගේ කාලේ වුවත් නිදහස් අරගල වල පෙරමුණ ගත්තේ බෞද්ධ භික්ෂුවයි ...... එකල තිබු සමාජ ක්‍රමය අනුව භික්ෂුවට ගමේ නායකත්වයටත් එහා ගියා තනතුරක් නිතරගයෙන් හිමිවූ අතර ගමේ සිදු වූ සැමදේම සිදුවුයේ උන්වහන්සේලාගේ අනුදැනුම යටතේය....සුද්දාගේ කාලේ අපේ දැන් සිටින බහුතරයක් සිටියානම්.... "අනේ හාමුදුරුවනේ දානේ වලදලා බණක් භාවනාවක් කරන්න ඉන්න" යනුවෙන් කියනු නොඅනුමානය..... එහෙනම් තාමත් සුද්දා අපේ රට පාලනය කරනු ඇත...... එක් අතකට එය එසේ සිදුවුනේනම් කොච්චර හොදයිද යනුවෙන් සිතුවත්..... සුද්දා එකල කල කෙනෙහිලි කම් නිසාවෙන් කෙසේ එසේ සිටින්නද ....... එකල තුබූ තත්වයත් දැන් තිබෙන තත්වයේත් වෙනසක් නැත ....වෙනසට ඇත්තේ එකල වෙන රටකින් පැමිණි පිරිසක් සමග සටන් කිරීමත් .... අද අපේම රට ගැන නොහිතන කාලකන්නි පිරිසක් සමග සටන් කිරීමට සිදුවීමයි......
එකල සටන්වලත් භික්ෂුන් වහන්සේලා සංයමයෙන් සටන් කලායි සිතිය නොහැකිය ..... "පින්වතුනේ ... මේ කඩු අරන් සටනට යන්න" යැයි පැවසුවා වෙන්නට බැරිය ...... වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන් ඉංගිරිසි කොඩිය පාගා දාන්නේ "මම ඔය පින්වතුනේගේ කොඩිය පහතට දානවා ..... මේක අපේ රට පින්වතුනේ යන්න ඔබේ රටට " යනුවෙන් පවසා නොවන බව ඕන කෙනෙක්ට තේරෙනු ඇත..... එකල වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන්ගේ භූමිකාවට යම්තාක් දුරකට අද පණ පොවන්නේ ගලබොඩඅත්තේ හිමියන්ය..... ඒ අවේගශිලිව බෞද්ධයා මුහුණ දෙන සමහරක් ගැටළු වලට නායකත්වය දෙමින්ය...... එදා සොමහිමියන් කලෙත් මේ රාජකාරියමය ....නමුත් ඒ තරම් අවෙගශීලි නැත.... නමුත් ක්‍රියාවන් ප්‍රබලය ......
මුහුදු මහා විහාරයට, කුරගලට ඇතුළුව දවසින් දවස බෞද්ධයන්ට සිදුවන කෙනෙහෙලි කම් වලට කතානොකර සිටීමෙන් අපේ උරුමය දවසින් දවස මියයන්නේය..... බෞද්ධයන් විදියට සම්පත් වලට ලොබ බැදීම නොකළ යුතුවුවත් අපේ මුතුන්මිත්තන් එදා එය රැක නොගත්තානම් අද අපිට අපේ යැයි කීමට දෙයක් නැත..... මේ දේවල් අනාගතයට රැකගෙන යාම අපේ වගකීමක් වගේම යුතුකමකි..... මේ උරුමය රැකගැනීමේ අරගලයේ භික්ෂුන් වහන්සේලාට ලැබෙන්නේ ප්‍රධන ස්ථානයකි ...... එනිසා දේශපාලන පක්ෂ හා මතවලට කඩේයනවා වෙනුවට රට,ආගම,උරුමය වෙනුවෙන් පමණක් උන්වහන්සේලා සටන් කල යුතුය.... වෙනත් දේවල් සමගත් සටන් කිරීමට යෑමෙන් පිරිහෙන්නේද අපේ බෞද්ධාගමය ..... අවාසනාවකට භික්ෂුන් වහන්සේලා බොහෝවිට පෙරමුණ ගන්නේ කිසිම වැඩකට නැති නොගැලපෙන දේවල් වලට විනා සම්බුද්ද සාසනයට වැදගත් දේවල් වලට නොවේය..... දවසින් දවස සාසනය පිරිහෙන්නේ භික්ෂුන්වහන්සේලගේම වරදින් නොව ඒ සදහා ගිහි අපිත් වගකිව යුතුය..... දැන්වත් අපි සියල්ලන්ම එකතු වී කිසිම තේරුමක් නැතුව මුවහමට තඩි බානවා වෙනුවට සැබෑ ප්‍රශ්න වලට පිළිතුරු සෙවිය යුතුය..... ගිලිහෙන්නේ අපේ උරුමය මිසක් වෙන දෙයක් නොවන නිසාවෙනි......

Saturday, March 19, 2016
ලෝකයේ පොහොසත්ම රට
භූතානය ජනගහනය අධිකම රටවල් දෙකක් වන චීනය හා ඉන්දියාවට මැදිව පිහිටා ඇති අතර හිම කදු හා වනාන්තර වලින් බහුල සුන්දර රටකි..... ජනගහනයෙන් ගත්තත් දල ජාතික නිෂ්පාදනයෙන් ගත්තත් එය ඉතාමත් කුඩා රටකි..... එරට ජනගහනය ලක්ෂ 8ක් පමණ වන අතර ආර්ථිකය බිලියන 2ක් තරම් කුඩා එකකි..... ඒ අතින් ගත් කල ලෝකයේ පොහොසත්ම රට භූතානය වීමට කිසිසේත් නොහැකිය.....
භූතානය පාලනය වන්නේ රජ කෙනෙක් හා පාර්ලිමේන්තු ක්‍රමයක් සම්මිශ්‍රවය ..... මෙහිදී වඩාත් වැදගත්ම කරණය වන්නේ රජතුමා විසින්ම තම බලයන් කප්පාදු කරගනිමින් පාර්ලිමේන්තු ක්‍රමයක් ඇති කිරීමයි...... මේ සදහා ජනතාව කිසි විටෙක පාරට බැස උද්ගෝෂණය නොකළ අතර ඔවුන් ඒ දේවල් හීනෙකින්වත් ඉල්ලුවේ නැත..... එත් බුදුදහමින් ලබා ගත් දායාද අනුව යමින් බලය අත ඇරීම තමන්ගේ ජීවිතය සැහැල්ලු කරන බව වටහා ගත් රජතුමා විසින්ම තම බලයන් නැති කරගන්නේ ලෝකයටම ආදර්ශනයක් දෙමින්ය..... අප රටේ ඕනෑම කාලයක් බලයේ සිටිය හැකි බවට නීති අණ පනත් සම්මත වෙද්දී භූතානයේ රජු කැමැත්තෙන්ම බලය අත අරි.... මෙයිනුත් නොනැවතුණු රජතුමා තවත් අපුරු නීතියක් ගෙනාවේය.......
ඒ වයස අවුරුදු 65 පිරුණු පසු අනිවාර්යෙන් රජකම ඊලග හිමිකාරයාට දියයුතු බවත්....පාර්ලිමේතුවේ සිට සියලුම ආයතන වල අයත් ඒ වයසට පැමිණි විට විශ්‍රාම ගත යුතු බවත්ය..... අප රටේ පාලනතන්ත්‍රය අරුණු කොට විශ්‍රාම ක්‍රමය ක්‍රියාත්මක වුවත් භූතානය සැබවින්ම වෙනස් ය..... මෙයින් රටේ වැඩ වලට වැඩි වශයෙන් තරුණයන් පැමිණෙන අතර වයසට ගියපසු සැදැසමය ගත කිරීමට අනිවාර්ය කර ඇත..... එත් අප රටේ මළමිනී මෙන් වයසට ගිය අගමැති මන්ත්‍රීන් බහුලය ..... බලය අත ඇරීමට සුදානම් නැත..... රටට අවශ්‍ය තරුණ ජවය කිසිදා නොලැබෙන අතර පියාගෙන් පවුලේ අයට පමණක් බලය හුවමාරු වෙයි..... එත් භූතානය වෙනස් වන්නේ රාජ්‍ය සේවකයන්ට මෙන්ම රජතුමා ඇතුළු අන් සියලුම දෙනාට නිතිය එකක් කරමින්ය..... නීති වලට පමණක් සිමා නොවූ රජතුමා අවුරුදු 51 දී තම ඔටුන්න පුතාට දෙන්නේ වයස 27ක් තරම් අඩුවිටය..... මෙහිදීද යමක් පැවසිය යුතුය... තාත්තා බලයේ සිටින කොට පිස්සු කෙලින පුතාලා රාශියක් වුවත් නව රජතුමා රජකම ලැබුන පසුවත් පිස්සු කෙලියේ නැත.... පියාගේ අඩිපාරේ යමින් රටට අලුත් ඉල්ලකයක් ලබාදී ඒ සදහා වෙහෙස මහන්සි විය.... තමන් ලග ඇති තරුණ ජවය රටේ අනාගතය වෙනුවෙන් වියදම් කිරීමට පටන් ගත්තේය......
භූතානය මුදල් පසු පස හබායන රටක් නොවෙති..... ඔවුන් හබයන්නේ සතුට පසුපසය..... ඉල්ලක්මක් ඇති කොලයකට කොහෙවත් නැති වටිනාකමක් දී අප ජිවිත පාලනය කරන්න දෙනවට වඩා සතුට වෙනුවන් අප වැඩ කලයුතු බව ඔවුන් ගේ මතයයි.... ඒ අනුව දල ජාතික නිෂ්පාදනය වැනි ලෝකයම පිළිගත් දර්ශක වලට වඩා ඔවුන් මුල් තැන දෙන්නේ දල ජාතික සතුට වෙනුවෙන්ය..... සතුට මනින ඔවුන්ගේම ක්‍රමයක් ඔවුන් භාවිතා කරන අතර ඔවුන්ට වටින්නේ රටේ ඇති සතුට මිස ධනය නොවයි..... මුදල් පසුපසම හබායන රටවල් අතරේ භූතානය උඩුගම් බලා පිහිනීම පටන් ගෙන ඇත.... ඒ සතුට මුල්කරගෙනය..... බුදුදහමෙන් ලැබූ පන්නරයත් උපයෝගී කරගෙන ඔවුන්ගේ ඒකායන අරමුණ සැබෑ සතුට සොයා යාමයි..... ඒ සදහා රජතුමාගේ පටන් සියලු දෙනා බලය අත ඇරීම ආදී සාමාන්‍ය අපිට කිරීමට අපහසු දේ පවා කරයි.....
සතුට සොයා භූතානය යන ගමනේ ඔවුන් පරිසරයට දක්වන්නේ මහත් ඇල්මකි..... ඔවුන්ගේ විවස්තාවට අනුව රටේ භුමි ප්‍රමාණයෙන් 65%ක් අනිවාර්යෙන් වනාන්තර වලින් ආවරණය වියයුතුය..... එය නීතියකි..... දැනට 75%ක් වනාන්තර වලින් ආවරණය වී ඇති අතර ඔවුන් එය 65% අඩුකරනවා වෙනුවට තව තවත් ගස් සිටිවිම පටන් ගෙන තිබේ.....අප රටේ නැවත සිටුවිමක් කෙසේ වෙතත් තියෙන ටිකත් කිසිදු සොයාබැලීමක් නැතුව කපා දමයි.... රජතුමාගේ පළමු දරුවාගේ පැමිණීම සමරන වස් සිදුකලේද ගස් ලක්ෂයක් සිටුවීමයි.... මේසා විශාල වනගහනය නිසාවෙන් භූතානය තම රට නිපදවන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය මෙන් තුන් ගුණයක් නැවත ඔක්සිජන් කිරීමට තරම් හැකියාවක් ඇති රටකි..... එත් ගෝලීය උණුසුම වෙනුවෙන් අබ මල් රේණුවක තරම් වත් දායකත්වයක් නැති භූතානයට ගෝලීය උණුසුමේ ප්‍රථිපල විදීමට සිදුවී ඇත..... ඒ ඔවුන්ගේ ග්ලැසියර දියවීමෙන් සිදුවන ස්වබාවික අපදා නිසාවෙනි.....
භූතානයේ අගමැති කල කතාවක් මේ සදහා පදනම් විය.... එවැනි පාලනයක් ලැබීමට භුතාන වැසියන් සැබවින්ම වාසනාවන්තය..... ජරාජීර්ණ බලය වෙනුවෙන් ඕන දෙයක් කරන්න දෙපාරක් නොසිතන රටක ජිවත් වීම කොතරම් දුකක්ද ??? ස්වාබවධර්මයේ අපුර්ව නවාතැනක් බදු ලංකාව දවසින් දවස විනාස වී යන්නෙත් මේ නිසා නොවද ??
මුදලට වඩා ජිවිතයේ සැබෑ සතුට සොයා යන රටක් වන භූතානය දුප්පත් වුවත් අධ්‍යාත්මික වශයෙන් භූතානය ලෝකයේ පොහොසත්ම රටයි.... ලෝකයට දෙන ආදර්ශ වලින්ද පොහොසත්ම රටයි.....
http://www.ted.com/talks/tshering_tobgay_this_country_isn_t_just_carbon_neutral_it_s_carbon_negative
![]() |
![]() |
| භුතාන රජ පවුල |
![]() |
![]() |
| සුන්දර භූතානය |
![]() |
| භුතාන අගමැති |
මුදලට වඩා ජිවිතයේ සැබෑ සතුට සොයා යන රටක් වන භූතානය දුප්පත් වුවත් අධ්‍යාත්මික වශයෙන් භූතානය ලෝකයේ පොහොසත්ම රටයි.... ලෝකයට දෙන ආදර්ශ වලින්ද පොහොසත්ම රටයි.....
http://www.ted.com/talks/tshering_tobgay_this_country_isn_t_just_carbon_neutral_it_s_carbon_negative
![]() |
| සතුටින් සිටිනා භුතාන අනාගතය |
Tuesday, March 8, 2016
නළුවෙක් නොව නිකමෙකි....
අපේ මිස්ටර් ක්ලීන් මහතා අද මහා ලොකු වීරකමක් ලෙස තමා ආර්ථිකය ගොඩගැනීමට පැමිණිබවත්.... රාජපක්ෂ එය විනාශ කල බවත් පවසා බදු වැඩි කරේ එයට විසදුමක් ලෙසිනි..... ඒ අනුව රටේ ණයබර අඩුකර රට ගොඩගැනීමට ඇති මාර්ගය ලෙස ඔහු තෝරාගෙන ඇත්තේ ජනතාව මත බදු පැටවීමයි....
මේ මොළකාරයා...
ඇමති මණ්ඩලේ සයිස් එක අඩු කරන්න සිතුවේ නැත.....
අනවශ්‍ය වියදම් කපන්න සිතුවේ නැත.....
පර්මිට් නොදී සල්ලි ඉතුරු කරන්න සිතුවේ නැත....
මන්ත්‍රී ඇමති දීමනා කපන්න සිතුවේ නැත.....
ඇමති මන්ත්‍රී පඩි අඩුකරන්න සිතුවේ නැත....
මහින්ද දිනකට කාබාසිනියා කල මුදල් ඉතුරුකරත් ඉතුරු වී නැති බව දන්නේ නැත.....
අවුරුද්දක් ගියත් අලුතින් වැඩ පටන් ගන්නා සිතුවේ නැත.....
ආර්ථික දැක්මක් ඉදිරිපත් කලේ නැත.....
එනිසා ..
රනිල් යනු නළුවෙක් නොව මොළයකි
කියන එකා එළුවෙකි......
එනිසා රනිල් යනු නිකමෙකි....
Sunday, March 6, 2016
උස් තැන් දැක හැකිළෙන්නේ ..... මිටි තැන් දැක පුම්බන්නේ ......
මාධ්‍ය ඉදිරියේ වීරයෙක් වීමට ඇති කැමැත්ත එන්න එන්නම වැඩිවේ ..... තමන්ගේ පට්ටම තියාගැනීමට වැඩ කරනවාට වැඩියෙන් වැඩක් කරන බව පෙන්වීම ලේසි පහසුය..... දැන් කාලයේ මේ සදහා ෆේස්බුක් පිටුවක් හා මාධ්‍ය ආයතන දෙක තුනක් හොදටම ප්‍රමාණවත්ය..... තරුණ පිරිස් බොහෝ සමාජ ජාල වෙබ් අඩවි වල පලවන දෙයින් රට කරන්න සුදුසු අය තෝරද්දී වැඩිහිටි පරම්පරාව රුපවාහිනී නිවුස් තුලින් එය කරයි..... අප රටේ සැබෑ වැඩක් කර ලකුණු දමගන්නාවට වඩා වැඩි වටිනා කමක් වැඩක් කරන බව පෙන්වීමෙන් ලබාගත හැක්කේ ලංකාවේ චන්දදායකයා වඩාත් කැමති ඇක්ෂන් පාර්ට් වලට මිස සැබෑ වැඩ වලට නොවේය...... සරම උස්සන් අපි වගේම පොඩි මිනිස්සුන්ට ගෙම්බර් දමන අය වීරයන් වන අතර.... ලොකුලොකන්ගේ වැරදි ඉදිරියේ නැට්ට අදෝමුකයේ ඇතුලටම වන්න රදවා ගනී.... ලොක්කන්ට පාර්ට් නොදැම්මත් පොඩි අයට පාර්ට් දැමීම බොහෝ අයට විරකමකි......
මෑතකදී නිදහස් චතුරශ්‍රයේ සිදුවීමට ෆේස්බුක් හරහා තටු ලැබුනත් එවැනි සිදුවීම් රාශියක් දිනපතා අපේ රටේ උද්‍යාන වල හා ප්‍රසිද්ධ ස්ථාන වල සිදුවේ ..... හාවා හද දකින්නාක් මෙන් දියත උද්‍යානයට ඇවිදින්න යන මට ආරක්ෂක නිලධාරීන් පෙම්වතුන්ට විසිල් ගහනවා අනන්තවත් ඇසි ඇත..... එවිට ඒ පෙම්වතුන් ලජ්ජාවෙන් එකිනෙකා විස්ථාපනය වී ආරක්ෂක නිලධාරියාගේ සිමා කාරී අවදානම් රහිත කලාපයට නැවතත් ඇතුළු වේ ..... මේ අයට විසිල් ගහන්න කිව්වේ කවුදැයි නොදනිමු.... පෙම්වතුන්ට නිදහසේ පෙම් සුව විදීමට දිය යුතු වුවත් ප්‍රශ්නය ඇත්තේ අපේ අය නිදහසේ සිමා මායිම නොදන්නා එකය...... විහාරමහා දෙවි උද්‍යානයේ ඉස්සර තුබූ සැකැස්ම සමග වටපිට බැලුවොත් දහසක් දේ බලාකියා ගත හැකිය..... කෙලින් බලන් පමණක් ගමන් කල යුතුය .....නැතිනම් දක්නට ලැබෙන දේවලින් ඔබත් සමගම ඔවුනුත් විලි ලජ්ජාවට පත්වනු ඇත.......
මෙකි ගැටලුවේදී කට්ටිය එකතු වී අද විරෝධතා දැක්වීම අතිශයින්ම අගය කල යුතුය...... එකල සයිබර් ආවකාශයේ පමණක් තුබූ සටන් අද සැබෑ සටන් වී ඇත..... එත් ආචාර්ය පට්ටමක් ඇති හර්ෂද සිල්වා වැනි කෙනෙක්ගේ හැසිරීම අතිශය වැරදිය.....මර්වින් ගේ ආචාර්ය පට්ටමත් මේ පට්ටමේත් වෙනසක් නොපෙනන අතර උගතෙක් ප්‍රශ්නය විසදන ආකාරය එයින් නොපෙන්නුම් කරයි.... මාධ්‍ය හා මිනිසුන් පිරිවරාගෙන ඒ නිලධාරීන්ගෙන් ප්‍රශ්න ඇසීමෙන් කිසිදු දෙයක් දැන ගැනීමට නොහැකිය..... එවැනි වාතාවරණයක කෙසේ තම නිදහසට කරුණු කියන්නද..... අද තමාට අණ දුන් අය ප්‍රසිද්ධියේ වමාරා හෙට දින රස්සාව නැති වුනොත් කවුරුන්ද වගකියන්නේ ??? අද උද්ගොෂණයට පැමිණි අය හෙට දිනයේ ඔවුන් වෙනුවෙනුත් නිදහස් චතුරශ්‍රයට රැස්වෙයිද ???
ඒ නිසා මුකුත් නොකියා මාධ්‍ය ඉදිරියේ පිචන් වුවත් කමක් නැත..... හර්ෂ ගෙන ආ කොලවල ඔය තීරණ නැත..... ඒවා එන්නේ කට වචනයෙන්ය..... ඒවා නීතිගත කොට එන ඒවාට වඩා උඩින් හිතල උඩින් ගන්නා වැඩිය හිතන්නේ නැති තීරණය....
ගැටලුව විසදීමට සැබෑ උවමනාවක් තුබුනේනම් කල යුත්තේ..... රැස්වී සිටි අය සමග කතා කර ඔවුන්ට විදීමට සිදුවූ තවත් එවැනි සිදුවී ගැන දැනුවත් වී ප්‍රශ්න කාරී සිදුවීමට මුලික වූ ආරක්ෂක නිලධාරීන් සමග මේ ගැන පවුද්ගලිකව සාකච්චා කර ඔවුන්ට අණ දුන් ඉහල නිධාරීන් සමගත් මේ ගැන සාකච්චා කිරීමයි.... මාධ්‍ය සංදර්ශයෙන් හර්ෂගේ ප්‍රතිරූපය ගොඩනැගෙනවා විනා වෙන කිසිවක් සිදුවන දෙයක් නැති නිසාවෙනි..... ඉහලින් අණක් හෝ තීරණයක් ලැබුනේනම් එය තාමත් එසේමය..... හැබැයි අපේ කට්ටිය හුරේ දමා වැඩේ අවසාන කර ඇත.....
සමහර විටක ඉහලින් ගනු ලැබූ ඒ ගොන් තීන්දුව දුන් කෙනා වසා පොඩි මිනිහාට වරද පැටවීමට මෙහි යටි අරමුණද විය හැක..... එනිසා මාධ්‍ය පිරිවරාගෙන ගොස් පොඩි මිනිහට පාර්ට් දමා අණ දුන් කෙනෙක් කියන්න බැරිවූ නිසා මෙය පොඩි මිනිහා අයුතු ලෙස තම බලය පාවිච්චි කිරීමක් ලෙස සමාජයට හුවා දැක්වීමටත් ඉහළ බලධාරීන්ගේ පිට කැසිමටත් ගත් අහිංසක උත්සහයක් වන්නට පුළුවන......
හැබැයි හර්ෂගේ විෂය පථය හා බද්ද වූ මහ බැංකු මංකොල්ලය ගැන කතා කිරීමට හර්ෂගේ කට ලොප් වී ඇත..... ඇටි කෙහෙල් කෑ උගුඩුවෙක් මෙන් ඒ දෙස බලා සිට පොඩි මිනිහට පාර්ට් දැමීමට පෙරට එන්නේ ආණ්ඩුවටත් බලපෑමක් නොකර තම ප්‍රතිරූපය ගොඩනැගීමට මෙය කදිම අවස්ථාවක් නිසා නොවේද ???
Friday, March 4, 2016
හොරෙන් කලයුතු හොද වැඩ.......
කුලියාපිටිය ළමයා ගැන තවත් කියවීමෙන් වැඩක් නැත...... ඒ ගැන කතා කරන්න කතා කරන්න සිදුවන්නේ ඒ ළමයා සමාජය තුල විශේෂ ළමයෙක් වීමයි....... නමුත් ප්‍රශ්නයට විසදුම් සෙවීමට ඒ ගැන කතා කරන්න සිදුවුවත්.....
ඒ ළමයාට විසදුමක් ලෙස පාසලක් ලැබුන බව නැවතත් අඩබෙර ගැසීමෙන් සිදුවන්නේ ඒ ළමයා නැවතත් අපහසුතාවයට පත්වීමයි..... දැන් ඒ සියලු දෙනා මේ ප්‍රශ්නයෙන් බැට කෑ ළමයා එන්නේ තමන්ගේ පාසලට බව දනී.....එයිනුත් නොනැවතී මුළු රටක්ම දනී.... අපි සමහරක් හොද වැඩවලට ප්‍රචාරයක් ලබාදීමෙන් සිදුවන්නේ තවත් පාර්ශවයක් තව තවත් අපහසුතාවට පත්වීමයි.....මොකද ඒ ළමයා ඒ පාසලට ගියපු දිනයේ "ආ මේ අර ප්‍රශ්නෙන් ඉස්කෝලයක් නැති වුන ළමයා නේද" යනුවෙන් හංවඩු ගැසෙනවා ඇත..... ඒ ළමයා ලබපු විසදුම්ට ප්‍රචාරයක් ලබානොදුන්නේ නම් ඔහු තවත් එක ඒ පාසලේ කොල්ලෙක් වන්නට ඉඩතිබිනි.....
ඒ පුතාට පාසලක් ලැබුන බව පමණක් ප්‍රචාරය කරානම් මේ කිසිවක් සිදුනොවනු ඇත.....එය ඒ පුතාට පාසලක් නොලැබීම ගැන දුක්වූ සියලු දෙනාට සුභ ආරංචියක් නිසාවෙනි... ඔහුගේ මවත් පවුලේ අයත් පාසලේ සීමිත බලධාරීන් පිරිසක් පමණක් මෙය විස්තර සහිතව දැන ගැනීම හොදටම ප්‍රමාණවත්ය..... මුළුරටම සියලුම දේ දැනගත යුතු නැත..... අවශ්‍ය දේ පමණක් එලියට දීමට උදව් කරන පිරිස් වුවත් ඔලුවේ තබාගත යුතුය...... මොකද සමහර හොද දේවල් වලට අනිසි ප්‍රචාරයන් ලබාදීමෙන් සිදුවන්නේ ඒ පාර්ශවය තවදුරටත් අගතියට පත්වීමයි..... මාධ්‍ය වලටත් ඒ සදාචාරත්මක වගකීම දැනිය යුතුය...... තමන් වාර්තා කරන්නේ මොකද්ද ..... එයින් ඇතිවන බලපෑම වැනි දේවල් පුර්ව අධ්‍යනයක් කර පළකර යුතුය....... නැතිනම් සිදුවන්නේ මහත් විනාශයකි....
මොනදේ වුනත් මේ පොඩි කොල්ලා ඉස්කෝලේ යන මුල්ම දවසටත් මදිනොකියන්න ප්‍රචාරයක් ලැබෙන බව සහතිකය...... එත් එය එසේ නොවේවායි හදවතින්ම පතමි.....එය තවත් එක් පොඩි කොල්ලෙකුගේ ඉස්කෝලේ යන මුල්ම දවස වනවා ඇරෙන්න අර ප්‍රශ්නේ නිසා පාසලක් නැති වූ ළමයාගේ ඉස්කෝලේ යන මුල්ම දවස නොවේවා.......

Thursday, March 3, 2016
නිර්මාණශිලිත්වයෙන් පොහොසත් අපේ රටේ යාචකයෝ.........
වැඩඇරී ගෙදර යාමට බසයක් සොයා බලා ගමන් ආරම්භ කල ටික වෙලාවකින් මා පසු පසින් සද්දයක් ඇසුණු නිසාවෙන් හැරි බැලු මා දැක්කේ කටින් කෙල පෙරා ගෙන දගලන දුප්පත් පාහේ පුද්ගලයෙකි...... ඔහුගේ මල්ලේ තුබූ හාල්, පරිප්පු, ළුණු කොළ හා සෝයා මිට් පැකට් එක සියල්ල තැන් තැන් වලය.....සද්දයක් අසුනේ ඒ පොලිතින් මල්ල පිපිරී යාමෙන්ය.....
මිනිසුන් කවුරුත් ලංනොවී ඈත ඉදන් බලා සිටි....... ඔහු තාමත් වෙව්ලයි.......
මිනිසුන් බලා සිටි ....... ඔහු තාමත් කටින් සේම දාමින් වෙව්ලයි.....
මගේ අසල වූ කෙනෙක් ඔහු ලගට ලංවෙත්ම ඔහුට පියවි සිහිය ලැබුණු අතර කදුළු පිසදමමින් හැලුන බඩු එකතු කරන්න පටන් ගනී..... එයට උදව් දෙමින් ඔහුත් බඩු එකතු කර දුන් අතර සාක්කුවට අත යැවූ ඔහු මුදලිනුත් ආධාර කරන ලදී...... ස්තුති පුර්වකව ඒ මුදල් ලබාගත් ඔහුට වටේ සිටි අයද ආධාර කිරීමට පටන් ගත්තේ සියේ කොළ පන්සියේ කොළ වලින්ය...... ලැබුණු මුදල් වලින් එවැනි බඩු මලු 5ක් 6ක් ගැනීමට වුවත් ප්‍රමාණවත් වුවත් .....
තවමත් කදුළු පිසදමමින් හල් එකතු කරන්න ගනී...... යන එන අය මුදල් ලබා දෙයි.....
කදුළු පිසදමමින් හල් එකතු කරන්න ගනී...... යන එන අය මුදල් ලබා දෙයි.....
මේ ජවනිකාව නරබා ..... නැවතත් මා ගමන් ඇරබුවේ මටත් ඔහුට ආධාර කරන්න තිබුනා නේද යන් සිතුවිල්ලෙනි ....... එත් ඔහුගේ හැසිරීමත්.... ශරීර ලක්ෂණ අනුව දිනපතා අනුමත වී කන සාක්කුවේ තැන්පත් කරගන්නා කෙනෙකුගේ ස්වරුපයත් දිස්වූ නිසා තරමක දෙගිඩියාවෙන් ගමන් කල මට දක්නට ලැබුනේ......
හාල් , පරිප්පු, ළුණු කොළ පෑගී පොඩිවී ගිය තවත් ස්ථානයකි....... ඒ අපේ අපස්මාර රෝගී දුප්පතා ...... මිට කලින් මේ ස්ථානයේද හදිසියේ රෝගී වී ඇති බවකි......
නිකන් කන්න ඉල්ලන්නේ නැතුව මේ හිගන්නා නිර්මාණශීලි වී ඇත..... වෙනත් අය දවසේ ලබන අදායම මොහු දර්ශන වාර දෙකකින් ලබාගෙන ඇත..... මේ වැඩේ නිතර නිතර කරන්න බැරිය..... හැබැයි අදායම සරුය..... ලංකාවේ සෙනග ගැවසෙන ස්ථාන රාශියකි.... හෙට මේ අපස්මාර රෝගියා ඔබේ නගරයේද රග දක්වනු ඇත..... හැබැයි මෙහි විපාකය විදීමට සිදුවන්නේ සැබෑ අසරණ රෝගීන්ය.... හෙට දිනයේ එවන් කෙනෙක් සැබවින් ඇදවැටුනත් අපි ගණන් නොගනු ඇත...... ඒ නිසා පාරේ ඇදවැටෙන සියලු දෙනාට උදව් කරන්න.... නැතිනම් මා මෙන් ඔහු පියවි සිහියට එනතෙක් බලා සිටින්න.....

Subscribe to:
Posts (Atom)