Sunday, March 6, 2016

උස් තැන් දැක හැකිළෙන්නේ ..... මිටි තැන් දැක පුම්බන්නේ ......




මාධ්‍ය ඉදිරියේ වීරයෙක් වීමට ඇති කැමැත්ත එන්න එන්නම වැඩිවේ ..... තමන්ගේ පට්ටම තියාගැනීමට වැඩ කරනවාට වැඩියෙන් වැඩක් කරන බව පෙන්වීම ලේසි පහසුය..... දැන් කාලයේ මේ සදහා ෆේස්බුක් පිටුවක් හා මාධ්‍ය ආයතන දෙක තුනක් හොදටම ප්‍රමාණවත්ය..... තරුණ පිරිස් බොහෝ සමාජ ජාල වෙබ් අඩවි වල පලවන දෙයින්  රට කරන්න සුදුසු අය තෝරද්දී වැඩිහිටි පරම්පරාව රුපවාහිනී නිවුස් තුලින් එය කරයි..... අප රටේ සැබෑ වැඩක් කර ලකුණු දමගන්නාවට වඩා වැඩි වටිනා කමක් වැඩක් කරන බව පෙන්වීමෙන් ලබාගත හැක්කේ ලංකාවේ චන්දදායකයා වඩාත් කැමති ඇක්ෂන් පාර්ට් වලට මිස සැබෑ වැඩ වලට නොවේය...... සරම උස්සන් අපි වගේම පොඩි මිනිස්සුන්ට ගෙම්බර් දමන අය වීරයන් වන අතර.... ලොකුලොකන්ගේ වැරදි  ඉදිරියේ නැට්ට අදෝමුකයේ ඇතුලටම වන්න රදවා ගනී.... ලොක්කන්ට පාර්ට් නොදැම්මත් පොඩි අයට පාර්ට් දැමීම බොහෝ අයට විරකමකි...... 

මෑතකදී නිදහස් චතුරශ්‍රයේ සිදුවීමට ෆේස්බුක් හරහා තටු ලැබුනත් එවැනි සිදුවීම් රාශියක් දිනපතා අපේ රටේ උද්‍යාන වල හා ප්‍රසිද්ධ ස්ථාන වල සිදුවේ ..... හාවා හද දකින්නාක් මෙන් දියත උද්‍යානයට ඇවිදින්න යන මට ආරක්ෂක නිලධාරීන් පෙම්වතුන්ට විසිල් ගහනවා අනන්තවත් ඇසි ඇත..... එවිට ඒ පෙම්වතුන් ලජ්ජාවෙන් එකිනෙකා විස්ථාපනය වී ආරක්ෂක නිලධාරියාගේ සිමා කාරී අවදානම් රහිත කලාපයට නැවතත් ඇතුළු වේ ..... මේ අයට විසිල් ගහන්න කිව්වේ කවුදැයි නොදනිමු.... පෙම්වතුන්ට නිදහසේ පෙම් සුව විදීමට දිය යුතු වුවත් ප්‍රශ්නය ඇත්තේ අපේ අය නිදහසේ සිමා මායිම නොදන්නා එකය...... විහාරමහා දෙවි උද්‍යානයේ ඉස්සර තුබූ සැකැස්ම සමග වටපිට බැලුවොත් දහසක් දේ බලාකියා ගත හැකිය..... කෙලින් බලන් පමණක් ගමන් කල යුතුය .....නැතිනම් දක්නට ලැබෙන දේවලින් ඔබත් සමගම ඔවුනුත් විලි ලජ්ජාවට පත්වනු ඇත....... 

මෙකි ගැටලුවේදී කට්ටිය එකතු වී අද විරෝධතා දැක්වීම අතිශයින්ම අගය කල යුතුය...... එකල සයිබර් ආවකාශයේ පමණක් තුබූ සටන් අද සැබෑ සටන් වී ඇත..... එත් ආචාර්ය පට්ටමක් ඇති හර්ෂද සිල්වා වැනි කෙනෙක්ගේ හැසිරීම අතිශය වැරදිය.....මර්වින් ගේ ආචාර්ය පට්ටමත් මේ පට්ටමේත් වෙනසක් නොපෙනන අතර උගතෙක් ප්‍රශ්නය විසදන ආකාරය එයින් නොපෙන්නුම් කරයි.... මාධ්‍ය හා මිනිසුන් පිරිවරාගෙන ඒ නිලධාරීන්ගෙන් ප්‍රශ්න ඇසීමෙන් කිසිදු දෙයක් දැන ගැනීමට නොහැකිය..... එවැනි වාතාවරණයක කෙසේ තම නිදහසට කරුණු කියන්නද..... අද තමාට අණ දුන් අය ප්‍රසිද්ධියේ  වමාරා හෙට දින රස්සාව නැති වුනොත් කවුරුන්ද වගකියන්නේ ??? අද උද්ගොෂණයට පැමිණි අය හෙට දිනයේ ඔවුන් වෙනුවෙනුත් නිදහස් චතුරශ්‍රයට රැස්වෙයිද ??? 
ඒ නිසා මුකුත් නොකියා මාධ්‍ය ඉදිරියේ පිචන් වුවත් කමක් නැත..... හර්ෂ  ගෙන ආ කොලවල ඔය තීරණ නැත..... ඒවා එන්නේ කට වචනයෙන්ය..... ඒවා නීතිගත කොට එන ඒවාට වඩා උඩින් හිතල උඩින් ගන්නා වැඩිය හිතන්නේ නැති තීරණය.... 

ගැටලුව විසදීමට සැබෑ උවමනාවක් තුබුනේනම් කල යුත්තේ..... රැස්වී සිටි අය සමග කතා කර ඔවුන්ට විදීමට සිදුවූ තවත් එවැනි සිදුවී ගැන දැනුවත් වී ප්‍රශ්න කාරී සිදුවීමට මුලික වූ ආරක්ෂක නිලධාරීන් සමග මේ ගැන පවුද්ගලිකව සාකච්චා කර ඔවුන්ට අණ දුන් ඉහල නිධාරීන් සමගත් මේ ගැන සාකච්චා කිරීමයි.... මාධ්‍ය සංදර්ශයෙන් හර්ෂගේ  ප්‍රතිරූපය ගොඩනැගෙනවා විනා වෙන කිසිවක්  සිදුවන දෙයක් නැති නිසාවෙනි..... ඉහලින් අණක් හෝ තීරණයක් ලැබුනේනම් එය තාමත් එසේමය..... හැබැයි අපේ කට්ටිය හුරේ දමා වැඩේ අවසාන කර ඇත..... 

සමහර විටක ඉහලින් ගනු ලැබූ ඒ ගොන් තීන්දුව දුන් කෙනා වසා පොඩි මිනිහාට වරද පැටවීමට මෙහි යටි අරමුණද විය හැක..... එනිසා මාධ්‍ය පිරිවරාගෙන ගොස් පොඩි මිනිහට පාර්ට් දමා අණ දුන් කෙනෙක් කියන්න බැරිවූ නිසා මෙය පොඩි මිනිහා අයුතු ලෙස තම බලය පාවිච්චි කිරීමක් ලෙස සමාජයට හුවා දැක්වීමටත් ඉහළ බලධාරීන්ගේ පිට කැසිමටත් ගත් අහිංසක උත්සහයක් වන්නට පුළුවන......
හැබැයි හර්ෂගේ විෂය පථය හා බද්ද වූ මහ බැංකු මංකොල්ලය ගැන කතා කිරීමට හර්ෂගේ කට ලොප් වී ඇත..... ඇටි කෙහෙල් කෑ උගුඩුවෙක් මෙන් ඒ දෙස බලා සිට  පොඩි මිනිහට පාර්ට් දැමීමට පෙරට එන්නේ ආණ්ඩුවටත් බලපෑමක් නොකර  තම ප්‍රතිරූපය ගොඩනැගීමට මෙය කදිම අවස්ථාවක් නිසා නොවේද ??? 

No comments:

Post a Comment