Tuesday, August 30, 2016

හැකර් ගැන හිතෙන දේ ....

මරන්න බෝම්බෙ අරන් ආපු මිනිහා ඔලුව අතගාල යැව්වා....... වෙබ් සයිට් එක හැක් කරපු එකෙක් පරිවාසේ අනිත් එකා බන්ධනාගාරේ...... 
බලන් ගියාම ජීවිතේටත් වඩා ආදරේ වෙබ් සයිට් එකට..... 
කරපු වැඩේ හරි කියන්න බෑ.... කරන්න තිබ්බේ හැක් කරනවා වෙනුවට හොයාගත්ත වැරැද්ද අදාළ අංශවලට දැනුම් දෙන එක.... සමහර අය කියනවා රස්සාවක් දෙන්න අරවා දෙන්න මේවා දෙන්න.... එත් එකෙන් අනවශ්‍ය විදියට නීති විරෝධී වැඩකට පොලබනවා..... හිතන්න රාජ්‍ය ආයතනයක හරි වෙන ආයතනයක සංවේදී තොරතුරු එලියට ආවනම්..... එකෙන් වෙන්න තිබ්බ විනාශය.... ඒනිසා හොදම දේ අවවාද කරලා නිදහස් කරන එක වගේම..... මින්පසු මෙවන් දෙයක් නොවෙන්න සියලුම සංවේදී තොරතුරු ඇතුලත් පද්ධති වල ආරක්ෂාව වැඩි දියුණු කරන එක...... ප්‍රසිද්ධියේ නොකලත් මෙවැනි හැකියාවන් ඇති පුද්ගලයන්ගෙන් වැඩක් ගන්න එකයි වටින්නේ.......

මෙහෙම ඇදුම් ඇදන් විභාග ලියන එක සාධාරණද ?

මේවා ගැන කතා කරන්න යෑමෙන් මා අන්තවාදියෙක් වන්නට පුළුවන.... එත් කොටසක් මුහුණ පෙනන්න කොට තවත් කොටසක් සර්වාංගෙම වසා කරන සෙල්ලම කුමක්ද ??? උසස් පෙළ වැනි අතිශය තරගකාරී විභාගයක මෙය සුදුසුද ??? අනෙක් අයට අසාධාරණයක් නොවන වා යැයි කිව හැක්කේ කාටද ??? කුවේට් රටේ වරක් සංචාරය කල මා සර්වාංගෙම වසා සිටිනා අය නොදැකපු තරම් .... මුස්ලිම් රටකවත් නැති දෙයක් කොහෙන්ද ආවේ ?? කොහාටද යන්නේ ???

පසුගිය අවුරුදු 10 තුල මෙවැනි අය කියක් දැකලා තිබ්බද ?? දැන් කියක් පෙන්න ඉන්නවද ?? ඇයි මේ නොතිබ්බ ආගමික ඇදුමක් මතක් වුනේ ??? 
මොවුන් ගැනුද පිරිමිද කියන්න  පුලුවන්ද ???? රෙද්දට මුවා වෙලා කතා කරන එක නවත්තන්න පුලුවද ?


කට්ටියක් මුණ පෙන්නද්දී ඇයි කට්ටියක් ඔක්කොම වහගෙන 

මේක ඇතුලේ ෆෝන් තියන් ඇවිල්ලා කෝල් අරන් උත්තර අහන්න  බැරිද ? 

එකම ආගමක් ස්වරූප දෙකක් 




එන්න අපි කතා කරමු මේ ගැන ...... 

Sunday, July 31, 2016

කොන්දොස්තර නම් ඒ සොදුරු දේශකයාණෝ .....


කොන්දොස්තර  වනාහි ජිවිතයට ධනාත්මක සිතුවිලි එකතු කරන පුද්ගලයෙකි....

"ඉස්සරහට යන්න මැද්දෙන්  ඉස්සරහට යන්න " කාටත් හුරුපුරුදු වදනකි...
 මෙයින් අදහස වන්නේ මැදුම්පිළිවෙත  අනුගමනය කරමින් ජීවිතය ඉදිරියට ගෙන යන ලෙසය..... කවුරුන් දෙපැත්තේ සිටියත් ඉදිරියටම යන්න, ඔහුගේ අවවාදයයි.....

"මැද්දෙන් අත ඇරලා ඉස්සරහට යන්න" 
ජිවිතයේ සමහර විටෙක අපිට සුවපහසු තැනක් ලැබෙන්නට පුළුවන..... බොහෝ අය එවැනි ස්ථානයක් ලැබුන විට කරන්නේ නැංගුරම්ලා ඔහේ ජීවිතය ගත කිරීමයි....සමහරවිට ඒ ස්ථානය හොදම ස්ථානය නොවුනත් අපි එයට ඇලි ගැලී සිටි..... කොන්දොස්තර මහතා කියන්නේ අපිට අවදානමක් ගන්නා ලෙසය..... අපි හොදට අල්ලාගෙන සිටි ස්ථානය අතහැර ඉස්සරට ගිහින් ඊටත් වඩා හොද ස්ථානයක් ඇද්දැයි බලන ලෙසය..... මෙය පාඩමක් කොට ගෙන අවදානමක් ගෙන ඉදිරියට යන්න ඒ ඔහුගේ පාඩමයි...... 

"බහින අය ලංවෙන්න ..... "
ජිවිතයේ සැලසුමක් තිබීම අපට මෙන්ම අන්අයටත් පහසුවකි ...... හිතුමනාපෙට තීරණ ගන්නවා වෙනුවට සැලැස්මක් තිබීම හොදය..... ඒ  නිසා තමන්ගේ ගමනාන්තේ කලින් දැන් ගෙන දොරගවට කිට්ටු වීමට කටත් පහසුවකි..... අවසාන මොහොතේ සැවොම පෙරලගෙන බැසීමෙන් ඔබත් අන්අයත් අපහසුතාවට පත්වේ......

"මාරු සල්ලි අරන් එන්න..."
මෙයත් කලින් සිතුවිල්ලේ දිගුවකි.... යන්නේ කොහෙද ....කියක් යයිද යනුවෙන් පෙර සුදානමක් තිබීම ඔබේ ගමන පහසු කරයි..... පෙරසුදානම ඔබේ ජිවිත ගමනත් පහසුකරන්නේ නිරායාසයෙනි......

"යන්නේ නැත්තම් යන අයට ඉඩදෙන්න "
අන්අයගේ ගමනට බධනොකරන්න ..... ඒ අයට උදව් කරන්න.....

"බහින අය බෙල් එක ගහලා බහින්න " 
තැනකින් ඉවත්වෙන විට අන්අය දැනුවත් කරන්න එය ඔබේ ගමනට මෙන්ම ඔවුන්ගේ ජිවිත වලටද පහසුවකි.....හොරා සේ බහින්න යාමෙන් ප්‍රශ්න ඇති විය හැක එය වලක්වා ගැනීමට නිරතුරුව අන්අයද දැනුවත් කරන්න..... 

මෙවැනි මහානුභාවසම්පන්න ඔවදන් දෙන කොන්දොස්තර මහතා රුපියලක් දෙකක් වැඩිපුර ගත්විට රවන්න එපා ..... ඔබට ඔහුදුන් අවවාද ගැන සිතා සිත සැහැල්ලු කර ගන්න..... දන්දීම සිහියට නගාගන්න ..... ඒ පාඩම මේ සියල්ලටම වඩා ඔබේ ජිවිතයට වැදගත්ය.....

Saturday, April 9, 2016

ගොන් ප්‍රසිද්ධිය ........


සමාජ ජාල වෙබ් අඩවි ලෝකයේ තොරතුරු හුවමාරු කරගැනීම අතින් සුවිශේෂී ස්ථානයක් හිමිකරගන්නේ එහි ඇති ජනප්‍රියතාවත්  එකී ජාලය තුල සක්‍රියව සිටින පරිශීලකයන්ගේ ප්‍රමාණයත් අතින්ය..... වෙනදාට වඩා තොරතුරු දැන් අපි අතරට එන අතර ..... මේ එන බොහෝ තොරතුරු වල හරය ප්‍රශ්නකාරිය ...... අපි කරන කියන දෑ ප්‍රශ්නකාරිය.....

එක්ස් එලියන් නමින් ගීතයක් කියා එක රැයින් කොල්ලෝ කුරුට්ටෝ රැසකගේ ආකර්ෂණය දිනා ගත්තේද අනවශ්‍ය දේවල් වලට ගොන් ප්‍රසිද්ධියක් දීමෙන්ය..... සින්දුවක් අහන්න බැරිනම් ..... එයට ප්‍රචාරයක් දීම ගොන් වැඩකි...... එකී ස්ථානය දියයුත්තේ සැගවනු දක්ෂයෙක් එලියට ගැනීමටය...... එත් අපේ බහුතර පිරිස කරේ වෙන කොහෙවත් මෙලෝ දක්ෂ කමක් නැති කෙනෙක් ෆෝම් කිරීමයි......

මෙයින් නොනැවතුනු..... අපේ ගොන් ප්‍රසිද්ධියක් දීමට කැමති ප්‍රේක්ෂක ජනතාවත් ....... රැල්ලට කුමක් හෝ කර අන්තර් ජාලයේ වීරයෙක් වීමට කැමති පිරිසත් එක්වී කිසිදු හරයක් නැති දේවල් හිට් කරන්න පටන් ගත්තේය...... එහි තවත් ඒක් ගොන් ප්‍රසිද්දියක් වුනේ කුණුහරප රැප් ය.... තොප්පිය හරහට දමා ගත් ...... කුණුහරප කියන පිරිසක් අප රටේ බිහිවූ අතර ඊට අපගේ මි හරක් නැවතත් ගොන් ප්‍රසිද්ධියක් දුන්නේ තවත් එකී දේවල් වලට උල්පන්දම් දෙමින්ය..... 

ගොන් දේවල් වලට ප්‍රසිද්ධියක් දීමට වඩා ....අපි මුහුණ දෙන ගැටළු වලට හඩක් දී එය සදහා සමාජය පෙළගැස්වීමත් නිතර නිතර දකින්නට නොලැබුනත් කුඩා පරිමාණයෙන් හෝ සිදුවීම සතුටට කරුණකි..... 
ෆුල් ෆේස් හෙල්මට් තහනමට විරෝදය....
විල්පත්තු සටන .......
ඉන්දු ලංකා අවබෝධතා ගිවිසුම....
අප රටක් වශයෙනුත් .... පුද්ගලයන් වශයෙනුත් මුහුණ දෙන ගැටළු වලට පිළිතුරක් සෙවීමට ගත් අහිංසක උත්සාහයන් කිහිපයකි......

බොත්තමක් තිබු පමණින් එය ඔබා අනවශ්‍ය දේවල් වලට ප්‍රචාරය නොදෙන්න ...... සැමවිටම ඔබටත් ......ඔබේ යහලුවන්ටත් වටිනා දේ බෙදාහරින්න ....... එක්ස් එලියන්ගේ සින්දුව ඔබ එදා අසා ... එයට අනවශ්‍ය ප්‍රචාරයක් ලබා නොදුන්නේ නම් ...... අද එවැනි කෙනෙක් නැත....... කුණුහරප රැප් වලට අනවශ්‍ය ප්‍රචාරයක් නොදුන්නා නම් ඒවා කරන්න හිටිය උනුත් ඒවා නොකර ඉන්නේ ලැබෙන ප්‍රතිචාර අඩු නිසාවෙනි..... එදා ගප්පියාගේ වීඩියෝ වලට ලයික් වැටුනේ නැතිනම්.... පොඩ්ඩා ... නවරන් ඉපදෙන්නේ නැත.... ගප්පියත් වල පල්ලට යනු ඇත..... මේ ආකාරයටම අනවශ්‍ය ගොන් දේවල් වලට ප්‍රතිචාර දැක්වීමෙන් සිදුවන්නේ තව තවත් ගොන් දේවල් සමාජයේ පැතිරීමයි.....
තින්ක් බිෆෝර් ශෙයාර්......

Monday, April 4, 2016

කොදෙව්වන්ගෙන් අපිට ......

බටහිර ඉන්දීය කොදෙව් දුපත් කණ්ඩායම ලෝක කුසලාන දෙකම දිනා ගැනීම සැමතැනම කතාවෙන ප්‍රධන මාතෘකාවකි ...... මෙය සැමි ගේ කතාව ගැන කතා කරන ලිපියකටත් වඩා මා මේ කණ්ඩායම තුල දැකපු අපේ රටට ගත හැකි දේවල් ගැන කෙටි සමාලෝචනයකි ......

ඔවුන් සියල්ල තමන්ගේ රටවල් අමතක කර එක කොඩියක් සෙවනට පැමිණ තිබේ...... රටවල් විසි ගණනක් බටහිර ඉන්දීය කොදෙව් දුපත්වලට අයත්ය..... ඔවුන් ඒ රටවල් අතුරින් දක්ෂයන්ගෙන් සැදුම් ලත් කණ්ඩායමකි..... අපට තාමත් එක කොඩියක් එක ගීයක් වටා එකතු වෙන්න බැරි වුනත් බටහිර ඉන්දීය කොදෙව් දුපත් කණ්ඩායම ඒ කඩඉම් ජයගෙන තිබේ..... ඒ කණ්ඩායමේ සිටින ප්‍රබල ක්‍රීඩකයන්ගේ සැබෑ රට කුමක්ද යන්න බොහෝ දෙනෙක් නොදනී..... එය හුවා දැක්වීමටත් ඔවුන්ට අවශ්‍ය නැත....තමන් ආ රාජකාරිය කර එහි සතුට අභිමානය සමස්ථ කැරබියන් ජනතාවටම ලබාදීම ඔවුන්ගේ එකම අරමුණය.... 

බටහිර ඉන්දීය කොදෙව් දුපත් කණ්ඩායම අපේ රට වැනිය..... එහි ක්‍රීඩකයින් අප රටේ විවිධ ජාතින් වැනිය..... ඔවුන් එකම ඒකකයක් ලෙස එකතු වුවත් අපි රටක් හැටියට තවමත් අසමගිය.... සැමි අහිබවා යෑමට හෝ කැපී පෙනීමට ගේල්ට උවමනාවක් නැත.....  එත් තවත් ජාතියක් පරයා නැගී සිටීම අපේ රටේ අනිත් ජාතින් වල එකම පැතුම වුවත් කොදෙව්වන් එසේ නොවේ..... මගේ හයෙන් තරගය දිනුවායැයි කවුරුත් කැපිපෙනෙන්න යන්නේ නැත....... මගේ විකට් ටික නිසා තරගය ජයගත්තේයැයි පුරසාරම් දොඩන්නේද නැත.... අපි හැමෝගෙම ජයක් යනුවෙන් නටමින් ප්‍රීති වීම පමණක් ඔවුන්ගේන් සිදුවේ.....නටන සින්දුවෙත් තමන්ගේ නම නෑ කියා නටන්නේ නැතුව සිටින්නේද නැත.... එය බ්‍රවොගේ සින්දුවක් කියා තම තමාගේ සින්දු කියන්නේද නැත...
එත් අපි ?? 

එක අරමුණක් වටා සියල්ල අමතක කර අපි එකතු වෙන්නේ කවදා ද ? 

  


Saturday, April 2, 2016

සගරුවන කොයිබටද ?

මෑත කාලයේ භික්ෂුව තරම් හැල්ලු වූ චරිතයක් තවත් නැති තරම් ..... උසාවියේ .... පාරේ .... උද්ගෝෂනේ පෙරමුණ ගන්නා අතරම ගැටුම් වලත් පෙරමුණ ගන්නේ බෞද්ධ භික්ෂුවයි.... බෞද්ධයෙක් හැටියට විටෙක දුකක් ලැජ්ජාවක්  ඇති වුවත් විටෙක බෞද්ධයන් හැටියට මුහුණ දෙන ගැටළු වලට සටන් කිරීම ගැන සතුටක්ද ඇති වෙයි.... එත් බෞද්ධ භික්ෂුව පෙරමුණ ගන්නේ කුමන ප්‍රශ්න වලට ද යන්න යම් යම් අවස්ථාවල ගැටළු සහිතය...... 

සුද්දාගේ කාලේ වුවත් නිදහස් අරගල වල පෙරමුණ ගත්තේ බෞද්ධ භික්ෂුවයි ...... එකල තිබු සමාජ ක්‍රමය අනුව භික්ෂුවට ගමේ නායකත්වයටත් එහා ගියා තනතුරක්  නිතරගයෙන් හිමිවූ අතර ගමේ සිදු වූ සැමදේම සිදුවුයේ උන්වහන්සේලාගේ අනුදැනුම යටතේය....සුද්දාගේ කාලේ අපේ දැන් සිටින බහුතරයක් සිටියානම්.... "අනේ හාමුදුරුවනේ දානේ වලදලා බණක් භාවනාවක් කරන්න ඉන්න" යනුවෙන් කියනු නොඅනුමානය..... එහෙනම් තාමත් සුද්දා අපේ රට පාලනය කරනු ඇත...... එක් අතකට එය එසේ සිදුවුනේනම් කොච්චර හොදයිද යනුවෙන් සිතුවත්..... සුද්දා එකල කල කෙනෙහිලි කම් නිසාවෙන් කෙසේ එසේ සිටින්නද ....... එකල තුබූ තත්වයත් දැන් තිබෙන තත්වයේත් වෙනසක් නැත ....වෙනසට ඇත්තේ එකල වෙන රටකින් පැමිණි පිරිසක් සමග සටන් කිරීමත් .... අද අපේම රට ගැන නොහිතන කාලකන්නි පිරිසක් සමග සටන් කිරීමට සිදුවීමයි......

එකල සටන්වලත් භික්ෂුන් වහන්සේලා සංයමයෙන් සටන් කලායි සිතිය නොහැකිය ..... "පින්වතුනේ ... මේ කඩු අරන් සටනට යන්න" යැයි පැවසුවා වෙන්නට බැරිය ...... වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන් ඉංගිරිසි කොඩිය පාගා දාන්නේ "මම ඔය පින්වතුනේගේ කොඩිය පහතට දානවා ..... මේක අපේ රට පින්වතුනේ යන්න ඔබේ රටට " යනුවෙන් පවසා නොවන බව ඕන කෙනෙක්ට තේරෙනු ඇත..... එකල වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන්ගේ භූමිකාවට යම්තාක් දුරකට අද පණ පොවන්නේ ගලබොඩඅත්තේ හිමියන්ය..... ඒ අවේගශිලිව බෞද්ධයා මුහුණ දෙන සමහරක් ගැටළු වලට නායකත්වය දෙමින්ය...... එදා සොමහිමියන් කලෙත් මේ රාජකාරියමය ....නමුත් ඒ තරම් අවෙගශීලි නැත.... නමුත් ක්‍රියාවන් ප්‍රබලය ...... 

මුහුදු මහා විහාරයට, කුරගලට ඇතුළුව දවසින් දවස බෞද්ධයන්ට සිදුවන කෙනෙහෙලි කම් වලට කතානොකර සිටීමෙන් අපේ උරුමය දවසින් දවස මියයන්නේය..... බෞද්ධයන් විදියට සම්පත් වලට ලොබ බැදීම නොකළ යුතුවුවත් අපේ මුතුන්මිත්තන් එදා එය  රැක නොගත්තානම්  අද අපිට අපේ යැයි කීමට දෙයක් නැත..... මේ දේවල් අනාගතයට රැකගෙන යාම අපේ වගකීමක් වගේම යුතුකමකි..... මේ උරුමය රැකගැනීමේ අරගලයේ භික්ෂුන් වහන්සේලාට ලැබෙන්නේ ප්‍රධන ස්ථානයකි ...... එනිසා දේශපාලන පක්ෂ හා මතවලට කඩේයනවා වෙනුවට රට,ආගම,උරුමය  වෙනුවෙන් පමණක් උන්වහන්සේලා සටන් කල යුතුය.... වෙනත් දේවල් සමගත් සටන් කිරීමට යෑමෙන් පිරිහෙන්නේද අපේ බෞද්ධාගමය ..... අවාසනාවකට භික්ෂුන් වහන්සේලා බොහෝවිට පෙරමුණ ගන්නේ කිසිම වැඩකට නැති නොගැලපෙන දේවල් වලට විනා සම්බුද්ද සාසනයට වැදගත් දේවල් වලට නොවේය..... දවසින් දවස සාසනය පිරිහෙන්නේ භික්ෂුන්වහන්සේලගේම වරදින් නොව ඒ සදහා ගිහි අපිත් වගකිව යුතුය..... දැන්වත් අපි සියල්ලන්ම එකතු වී කිසිම තේරුමක් නැතුව  මුවහමට තඩි බානවා වෙනුවට සැබෑ ප්‍රශ්න වලට පිළිතුරු සෙවිය යුතුය..... ගිලිහෙන්නේ අපේ උරුමය මිසක්  වෙන දෙයක් නොවන නිසාවෙනි......

Saturday, March 19, 2016

ලෝකයේ පොහොසත්ම රට

භූතානය ජනගහනය අධිකම රටවල් දෙකක් වන චීනය හා ඉන්දියාවට මැදිව පිහිටා ඇති අතර හිම කදු හා වනාන්තර වලින් බහුල සුන්දර රටකි..... ජනගහනයෙන් ගත්තත් දල ජාතික නිෂ්පාදනයෙන් ගත්තත් එය ඉතාමත් කුඩා රටකි..... එරට ජනගහනය ලක්ෂ 8ක් පමණ වන අතර ආර්ථිකය බිලියන 2ක් තරම් කුඩා එකකි..... ඒ  අතින් ගත් කල ලෝකයේ පොහොසත්ම රට භූතානය වීමට කිසිසේත් නොහැකිය.....


භූතානය පාලනය වන්නේ රජ කෙනෙක් හා පාර්ලිමේන්තු ක්‍රමයක් සම්මිශ්‍රවය ..... මෙහිදී වඩාත් වැදගත්ම කරණය වන්නේ රජතුමා විසින්ම තම බලයන් කප්පාදු කරගනිමින් පාර්ලිමේන්තු ක්‍රමයක් ඇති කිරීමයි...... මේ සදහා ජනතාව කිසි විටෙක පාරට බැස උද්ගෝෂණය නොකළ අතර ඔවුන් ඒ දේවල් හීනෙකින්වත් ඉල්ලුවේ නැත..... එත් බුදුදහමින් ලබා ගත් දායාද අනුව යමින් බලය අත ඇරීම තමන්ගේ ජීවිතය සැහැල්ලු කරන බව වටහා ගත් රජතුමා විසින්ම තම බලයන් නැති කරගන්නේ ලෝකයටම ආදර්ශනයක් දෙමින්ය..... අප රටේ ඕනෑම කාලයක් බලයේ සිටිය හැකි බවට නීති අණ පනත් සම්මත වෙද්දී භූතානයේ රජු කැමැත්තෙන්ම බලය අත අරි.... මෙයිනුත් නොනැවතුණු රජතුමා තවත් අපුරු නීතියක් ගෙනාවේය.......

භුතාන රජ පවුල
ඒ  වයස අවුරුදු 65 පිරුණු පසු අනිවාර්යෙන් රජකම ඊලග හිමිකාරයාට දියයුතු බවත්....පාර්ලිමේතුවේ සිට සියලුම ආයතන වල අයත් ඒ වයසට පැමිණි විට විශ්‍රාම ගත යුතු බවත්ය..... අප රටේ පාලනතන්ත්‍රය අරුණු කොට විශ්‍රාම ක්‍රමය ක්‍රියාත්මක වුවත් භූතානය සැබවින්ම වෙනස් ය..... මෙයින් රටේ වැඩ වලට වැඩි වශයෙන් තරුණයන් පැමිණෙන අතර වයසට ගියපසු සැදැසමය ගත කිරීමට අනිවාර්ය කර ඇත..... එත් අප රටේ මළමිනී මෙන් වයසට ගිය අගමැති මන්ත්‍රීන් බහුලය ..... බලය අත ඇරීමට සුදානම් නැත..... රටට අවශ්‍ය තරුණ ජවය කිසිදා නොලැබෙන අතර පියාගෙන් පවුලේ අයට පමණක් බලය හුවමාරු වෙයි..... එත් භූතානය වෙනස් වන්නේ රාජ්‍ය සේවකයන්ට මෙන්ම රජතුමා ඇතුළු අන් සියලුම දෙනාට නිතිය එකක් කරමින්ය..... නීති වලට පමණක් සිමා නොවූ රජතුමා අවුරුදු 51 දී තම ඔටුන්න පුතාට දෙන්නේ වයස 27ක් තරම් අඩුවිටය..... මෙහිදීද යමක් පැවසිය යුතුය... තාත්තා බලයේ සිටින කොට පිස්සු කෙලින පුතාලා රාශියක් වුවත් නව රජතුමා රජකම ලැබුන පසුවත් පිස්සු කෙලියේ නැත.... පියාගේ අඩිපාරේ යමින් රටට අලුත් ඉල්ලකයක් ලබාදී ඒ සදහා වෙහෙස මහන්සි විය.... තමන් ලග ඇති තරුණ ජවය රටේ අනාගතය වෙනුවෙන් වියදම් කිරීමට පටන් ගත්තේය......


භූතානය මුදල් පසු පස හබායන රටක් නොවෙති..... ඔවුන් හබයන්නේ සතුට පසුපසය..... ඉල්ලක්මක් ඇති කොලයකට කොහෙවත් නැති වටිනාකමක් දී  අප ජිවිත පාලනය කරන්න දෙනවට වඩා සතුට වෙනුවන් අප වැඩ කලයුතු බව ඔවුන් ගේ මතයයි.... ඒ අනුව දල ජාතික නිෂ්පාදනය වැනි ලෝකයම පිළිගත් දර්ශක වලට වඩා ඔවුන් මුල් තැන දෙන්නේ දල ජාතික සතුට වෙනුවෙන්ය..... සතුට මනින ඔවුන්ගේම ක්‍රමයක් ඔවුන් භාවිතා කරන අතර ඔවුන්ට වටින්නේ රටේ ඇති සතුට මිස ධනය නොවයි..... මුදල් පසුපසම හබායන රටවල් අතරේ භූතානය උඩුගම් බලා පිහිනීම පටන් ගෙන ඇත.... ඒ සතුට මුල්කරගෙනය..... බුදුදහමෙන් ලැබූ පන්නරයත් උපයෝගී කරගෙන ඔවුන්ගේ ඒකායන අරමුණ සැබෑ සතුට සොයා යාමයි..... ඒ සදහා රජතුමාගේ පටන් සියලු දෙනා බලය අත ඇරීම ආදී සාමාන්‍ය අපිට කිරීමට අපහසු දේ පවා කරයි.....

සුන්දර භූතානය
සතුට සොයා භූතානය යන ගමනේ ඔවුන් පරිසරයට දක්වන්නේ මහත් ඇල්මකි..... ඔවුන්ගේ විවස්තාවට අනුව රටේ භුමි ප්‍රමාණයෙන් 65%ක් අනිවාර්යෙන් වනාන්තර වලින් ආවරණය වියයුතුය..... එය නීතියකි..... දැනට 75%ක් වනාන්තර වලින් ආවරණය වී ඇති අතර ඔවුන් එය 65% අඩුකරනවා වෙනුවට තව තවත් ගස් සිටිවිම පටන් ගෙන තිබේ.....අප රටේ නැවත සිටුවිමක් කෙසේ වෙතත් තියෙන ටිකත් කිසිදු සොයාබැලීමක් නැතුව කපා දමයි.... රජතුමාගේ පළමු දරුවාගේ පැමිණීම සමරන වස් සිදුකලේද ගස් ලක්ෂයක් සිටුවීමයි.... මේසා විශාල වනගහනය නිසාවෙන් භූතානය තම රට නිපදවන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය මෙන් තුන් ගුණයක් නැවත ඔක්සිජන් කිරීමට තරම් හැකියාවක් ඇති රටකි..... එත් ගෝලීය උණුසුම වෙනුවෙන් අබ මල් රේණුවක තරම් වත් දායකත්වයක් නැති භූතානයට ගෝලීය උණුසුමේ ප්‍රථිපල විදීමට සිදුවී ඇත..... ඒ ඔවුන්ගේ ග්ලැසියර දියවීමෙන් සිදුවන ස්වබාවික අපදා නිසාවෙනි.....

භුතාන අගමැති 
භූතානයේ අගමැති කල කතාවක් මේ සදහා පදනම් විය.... එවැනි පාලනයක් ලැබීමට භුතාන වැසියන් සැබවින්ම වාසනාවන්තය..... ජරාජීර්ණ බලය වෙනුවෙන් ඕන දෙයක් කරන්න දෙපාරක් නොසිතන රටක ජිවත් වීම කොතරම් දුකක්ද ??? ස්වාබවධර්මයේ අපුර්ව නවාතැනක් බදු ලංකාව දවසින් දවස විනාස වී යන්නෙත් මේ නිසා නොවද ??
මුදලට වඩා ජිවිතයේ සැබෑ සතුට සොයා යන රටක් වන භූතානය දුප්පත් වුවත් අධ්‍යාත්මික වශයෙන් භූතානය ලෝකයේ පොහොසත්ම රටයි.... ලෝකයට දෙන ආදර්ශ වලින්ද පොහොසත්ම රටයි.....

http://www.ted.com/talks/tshering_tobgay_this_country_isn_t_just_carbon_neutral_it_s_carbon_negative

සතුටින් සිටිනා භුතාන අනාගතය