Sunday, January 17, 2016

සිංහල සිනමාව මැරිලා නෑ......



සිනමාවට බොහෝ ඇලුම් කරන්නෙක් විදියට .....ලොකු චිත්‍රපටි විචාරකයෙක් නොවුනට ..... මැතකදි ඉදන් අපේ සිනමාව ගැන තිබ්බේ දුකක්..... එක තැන පල් වෙන ඉන්දියන් කොපි...... රාජාවලියේ සිනමා දිගහැරුම් වලින් හෙම්බත් වෙලා හිටපු ලාංකීය සිනමා ලෝලීන්ට "හෝ ගාන පොකුණ" සිසිල් දියධාරාවකි.....

ජෝක් ෆිල්ම් එකක් නොවුනත් මා ජෝක් ෆිල්ම් එකකටත් වඩා වැඩියෙන් සිනහා වී ඇත..... ජෝක් ෆිල්ම් වල සරම උස්සන් කුණුහරප කියාගෙන අපිව හිනස්සන්න ගන්න උත්සාහය දැක්කම අපිට හිනා ගියත් ....  "හෝ ගාන පොකුණ" වැඩි වීරියකින් තොරව අපිව සිනහ ගන්වයි..... සිනහව අතරින් ප්‍රබල සියුම් ප්‍රහාර මුළු සමාජයටම එල්ල කරයි.....  ඒ ප්‍රහාර කොතරම් බලවත් ද නම් දර්ශනය අවසානයේ හිතන්න දෙයක් ඉතිරි කරයි.....

ඇස් වලට කදුළු එන්න සිනහ ගන්වන චිත්‍රපටිය .......ඒ සතුටු කදුළු වේලෙන්නත් කලින් ....ඇස් වලට දුක්  කදුළු ගේන්නේ ඊලග මොහොතේය....සිනමාකරුවා ඒ තරම් දක්ෂය.... මෙය මා කලින් අත්විද ඇත්තේ "3 ඉඩියට්ස් " චිත්‍රපටියේය .... ඒ හා සමාන මට්ටමකින් දුක සතුට නිරතුරුවම "හෝ ගාන පොකුණ" බෙදයි......

කිරීමට ඇත්තේ එකම එක අයාචනයකි..... DVD කොපි අන්තර්ජාලයට එනතෙක් රැදිනොසිට රුපියල් 300ක් දී චිත්‍රපටියක් නරබා අපේ රටේ හොද නිර්මාන කරන කලාකරුවන් අගය කරන්න යන ඉල්ලීමයි.....

පසු ලිපි:
බලන්න යන කෙනෙක් ඉන්නවා නම් කියන්න .....ආයි සැරයක් බලන්න ආසාවක් තියෙනවා ...... ;)

අධ්‍යක්ෂක : ඉන්දික ෆර්ඩිනැන්ඩො


Friday, January 15, 2016

නදීශාගේ උම්මා එකෙන් අසදරණයට ලක්වුවෝ......

ගුගල් දෙවියන්ගෙන් මේගැන ඇහුවම කියපු දේ ......

නදීෂා කාගේ හරි කට කෑවම මට නම් ඒ ගැන ගානක්වත් නැත...... ඒක නදීශාගේ කටය ..... එයාට ඕන කටක් කෑමට පුර්ණ නිදහස ඇත..... 

එත් ඉන්න ඔබ්බට ගිහින් බැලුවොත් පොඩි අවුල්  ගතියක් ඇත..... 

සිංහල සිනමාවේ මෑතක ආ බොහෝ ෆිල්ම් බැලුවත් ඒ කිසිවක කට කන දර්ශන නැත..... කට කෑමට ඔන්න මෙන්න කියා තිබියදී කැමරාව අහකට ගැනීමට කැමරාකරුවාට හික්මීමක් ඇත..... සැබවින්ම සිනමාකරුවාටත් අවශ්‍ය වන්නේ දෙන්නා ආදරෙන් උපරිම මට්ටමට ලංවූ බව පෙන්වීම විනා කට කනවා පෙන්වන්න නොවේ...... ඒ දැඩි හික්මිමට  හේතුව අපි ලෝකය දිහා තවමත් ලිං මැඩියන් දෙස බලන නිසාද නැතිනම් හැදියාව නමැති සළුවෙන් මනස වසා සිටින නිසාද කීම අපහසුය..... හැබැයි එක දෙයක් තක්කෙටම පැවසිය හැකිය .....කට කනවා නොපෙන්නුවත් සිනමාකරුවට පෙන්වීමට අවශ්‍ය දේ පෙන්වුබවයි .....

ඉංග්‍රීසි සිනමාවේ කට කන දර්ශන කොතෙකුත් ඇතත්....කලින් පරිද්දෙන් ඒ ආදරයේ උපරිමය පෙන්වීමට භාවිතා කරයි....... වැඩට යාමට පෙර දෙමාපියන් එකිනෙක කට කන්නේ තමන්ගේ විවාහය සාර්ථක එකක් බව ප්‍රේක්ෂකයාට පෙන්වන්නය...... අන්තිම සටනෙන් වීරයා ජයගත් පසු කටට උම්මා එකක් දෙන්නේ වීරත්වය මිශ්‍ර ආදරයක් පෙන්වීමටයි..... ඉංග්‍රීසි සිනමාවට ආඩුනික නොවුනත් සිංහල සිනමවටනම් තවමත් දක්නට නොලැබෙන දෙයකි....... 

සිනමාවත් පෙරලාගෙන මියුසික් වීඩියෝ කලාව පැමිණ තිබේ.....ලගදි ආ මියුසික් වීඩියෝ එකක පිරිවැය මිලියන 15කි..... ඒ තරම් මුදලක් විනාඩි 4ක් වෙනුවෙන් වැයකරන්න මියුසික් වීඩියෝකරුවන් ශක්තිමත්ය....
කටට උම්මා දීම සිනමාවටත් කලින් හදුන්වා දෙන්න ඉරාජ් මුල්තැන ගන්නේ මේ නිසාවෙනි..... එමගින් ගීතයට ලැබුන විශේෂ කලාත්මකබවක් මගේ මනසට නොදැනුනත්..... කුමක් හෝ විකුණා කැමට තරම් අප රටේ කලාව බාල්දු වී ඇත...... ගීතය ලස්සන වුනත් විකුණාකන්න හදන්නේ ගීතයේ ලස්සනවත් කලාත්මක බවවත් නොව..... වෙනම දෙයකි...... සින්දුව හිට් කරන්න ඕනේ වෙන විදියකටය..... 

මෙමගින් මුලිකවම අසාධාරණයට ලක්වෙන්නේ රන්ජන් සාලිය සහ සමිතා ය .... ඒ ඔවුන්ගේ සින්දුව ගායනය හෝ වෙනත් කිසිවක් නිසා හිට් නොවී වෙන එහෙකින් ජනප්‍රිය වෙන නිසාය..... සමිතාගේ කටහඩ අපි කටත් හුරුපුරුදු කටහඩක් වුවත් රන්ජන්ගේ කටහඩ වැඩිය හුරුපුරුදු නැත..... කවුරු හරි රන්ජන් අය්යේ අලුත් සින්දුවක් කිව්වේ නැද්ද කියල අහපු විට දෙන්න තියෙන උත්තරේ....

"මල්ලි අර නදීෂා කොල්ලෙක් ගේ කටකාපු සින්දුව කිව්වේ මන් තමා" 

ඊළගට මෙම ගීතයෙන් අපහසුතාවට පත්වන්නේ අලුත් මියුසික් වීඩියෝ කර්මාන්තයයි.....ඕනෑම දෙයක් හිට් කරගැනීමට ඕනෑම ගු වැඩක් කිරීමට අපේ කලාකරුවන් දෙපාරක් නොසිතනු ඇත..... 

දවස් 6කින් 843,452 දෙනා මෙය නරබා ඇත .... ඒ නදීශාගේ උම්මා එක බැලීමටද ..... රන්ජන් හා සමිතාගේ සින්දුව අහන්නද යන්න ප්‍රශ්නයකි.......
  

Tuesday, January 5, 2016

ආලවක චින්තනය .....රට දිනන මග........ දෙවන කොටස.....

අමාත්‍යංශ වල කාර්යභාරය කලින් සදහන් කර පරිද්දෙන් පාර්ලිමේන්තු කණ්ඩායමටම පැවරෙන අතර සිවිල් සංවිධාන,පුරවැසියන්ට  වලට අමාත්‍යංශ වල වියදම් තොරතුරු හා නව වියාපෘති ගැන තොරතුරු දැනගැනීමට හැකිඅතර හැකිනම් ලබාදෙන කාලය තුල සංශෝදන යෝජනා ඉදිරිපත් කල හැක.... මෙමගින් බලාපොරොත්තු වන්නේ රටේ සියලු දෙනා රටේ සංවර්ධනයට දායක කරගැනීමයි.... 



නව නිපැයුම් සැමවිට දිරිමත් කරන අතර අමාත්‍යංශ මට්ටමෙන් ඒ ඒ විෂය පථයට අදාල නිපැයුම් වලට අවශ්‍ය සහය ලබාදෙනු ඇත.... යහපත් බලපෑමක් කල හැකි විශේෂ වියපෘති සදහා නව නිපැයුම් යනුවෙන් දෙපාර්තමේන්තුවක් පිහිටවා එයින් අවශ්‍ය සියලු සහයන් ලබාදෙනු ඇත ..... අවශ්‍යනම් විදේශ දේශකයන් ...මුදල් ඇතුළු සියලු සම්පත් ලබාදේ....රටක් ලෙස ඉහලට ඒමට අලුතෙන් නිර්මාණ ප්‍රබල සදකයකි.....මෙකි දෙපාර්තමේන්තුවේ තවත් වගකීමක් වනුයේ පාසල් මට්ටමින් වැඩමුළු තරග සංවිධානය කර ළමයින් ඒ සදහා යොමු කිරීමයි..... අධ්‍යාපන විෂය පථයත් නවීන තාක්ෂනය සමග ඒකාබද්ද විය යුතු අතර අවුරුදු 5න් 5ට විෂය මාලාවන් වෙනස් විය යුතුය...... 

සැමට ඉගෙනීමට අවස්ථාවක් ලබාදිය යුතුය..... ඒ නිසා උසස් පෙළ දක්වා ඉගෙනීම ගාස්තු අයකිරීමකින් තොර වන අතර උසස් අධ්‍යාපනය සදහා ගාස්තු අයකෙරේ..... ඒ සදහා අවශ්‍ය ණය පහසුකම් රජය මගින් දෙන අතර....එකී ණය මුදල උපාධිය ලබා අවුරුදු දෙකක් අතර ගෙවිය යුතුය..... (ණය නිසිලෙස නොගෙවන අයට වෙන දේ තවමත් සිතමින් පවතී) ...මෙකි ක්‍රියාවලියෙන් ළමයින් තුල තමන්ගේ ඉගෙනීම ගැන වගකීමක් තමන් තුලම ඇති වන අතර උසස් පෙළ විෂය මාලාව අනුව කැමති ක්ෂ්ත්‍රයක්, කැමති රාජ්‍ය හෝ වෙනත් විශ්වවිද්‍යාලයක්  තෝරා  ගත හැක........ ඒක් එක් විශ්වවිද්‍යාල තුල ඒ ක්ෂ්ත්‍රයට අදාල අභියෝගාත්මක විභාගයක් පැවැත්වෙන අතර එයින් සමතවන්නට එකී විශ්ව විද්‍යාල ප්‍රවේශය ලැබෙනු ඇත..... මේ නිසා තමන් තෝරා ගන්නා ක්ෂ්ත්‍රය හා එම විශ්ව විද්‍යාලයේ තත්වය ගැන පුර්ණ අවබෝධයක් අයදුම් කිරීමේදී තිබිය යුතුය..... එකී අසමත් වන්නන් හට නැවත අවස්ථාවක් ලබාදෙන අතර මේ කාලයේ තමන් කැමති වෙන ක්ෂ්ත්‍රයකට හෝ වෙනත් විශ්ව විද්‍යාලයක් තෝරාගත හැක.... 
මෙකි ක්‍රියාවලියෙන් සැමටම උසස් අධ්‍යාපනයක් ලබාගත හැකි අතර තමන්ගේ අනාගතය ගැන තමන් වගකිව යුතුය....... මේ ක්‍රියාවලියෙන් විශ්ව විද්‍යාල ස්වයං අදායම් උපදවන අතර රජයක් හැටියට ඇති වියදම් අඩු වනු ඇත..... ඒ ඉතිරි මුදල් උසස් පෙළ තෙක් පාසල් අධ්‍යාපනයට යොමුකළ හැක......

මීලගට : ආර්ථික උපාය මාර්ග 

Saturday, January 2, 2016

ආලවක චින්තනය .....රට දිනන මග........ පළමු කොටස.....


1. විධායක ජනාධිපතිදුරය නාමමාත්‍රික නොකට එයට තුබූ බලය අඩු කරමින් ... තිබෙන අහිතකර බලතල ඉවත් කෙරේ ......

ස්වාධින කොමින්ෂන් සභා මගින් .. රාජ්‍ය සේවය ..... පොලිසිය ..... අධිකරණය ....මැතිවරණ කොමිසම...... අල්ලස් හා දුෂණ කොමිසම පාලනය කෙරේ ... ජනාධිපතිතුමාට හෝ කිසිවෙකුට එහි කාර්යන් වලට අත දැමීමට නොහැකි වන අතර ..... මෙම කොමිෂන් සභා පත්කිරීම පාර්ලිමේන්තුව මගින් සිදු කරයි .....අනෙකුත් කාර්යන් වලට පමණක් ජනාධිපතිතුමා මැදිහත්ව ඇමති මණ්ඩලයක් හරහා පාලනය වේ .......  

අප වැනි රටක් ගොඩනැගීමට බලයක් සහිත නායකත්වයක් තිබිය යුතුය ...... ජනාධිපති රටේ නායක සේම ආණ්ඩුවේ ත්‍රිවිධ හමුදාවේ ඇතුළු සියලුම ස්ථාන වල නායකයා වන්නේය...... පාර්ලිමේන්තුවේ පැවැත්වෙන රැස්වීම වලට සහභාගී විය යුතු අතර කාර්යබහුලත්වය නිසා මසකට වරක් හෝ අනිවාර්යෙන් පාර්ලිමේන්තුවේ රැස්වීමකට සහභාගී යුතුය..... එමෙන්ම එම දිනය වේලාසන පවසා පාර්ලිමේන්තුවේ අනෙකුත් මන්ත්‍රීන්ට ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න ඇසීමට ..... කරුණු විමසීමට අවස්ථාවක් දිය යුතුය......

අප වැනි රටක ජනාධිපති කෙනෙක් නීතියට යටත් කල විගස සිදුවන්නේ සැමදා උසාවියේ කරුණු දැක්වීමට යාමටයි ..... ඒ විපක්ෂයේ හෝ වෙන පාර්ශව විසින් දමන ලද නඩු නිසාවෙනි .....  එම නිසා ජනාධිපති නීතියට යටත් නැති අතර ..... යම් වරදක් හෝ  රටට හානියක් සිදු වුවා ලෙස බහුතර පාර්ලිමේන්තුව විශ්වාස කරන්නේනම් දෝෂාභියෝගයක් ඉදිරිපත් කර එය සම්මත කර ජන මත විචාරයකින් මගින් තව දුරටත් ජනාධිපති පදවියේ තබා ගන්නවාදැයි ජනතාවට තීන්දු කල හැක.....

එමෙන්ම ජනාධිපති ලෙස පත් වී දිවුරුම් දුන් වහාම මීලග ජනාධිපති වරණය සිදුවන දිනය ප්‍රකාශයට පත්කරන අතර එය වෙනස් වන්නේ යම් හෙයකින් ජනාධිපති දෝෂාභියෝග ජනමත විචාරණය පරද වූ විට හෝ ඩුරයේ සිටියදී මියගියහොත් පමණි..... අන් කිසිම ලෙසකින් එය වෙනස් කල නොහැක......

ජනාධිපති අපේක්ෂකයාට ඕනෑම වාර ගණනක් ජනාධිපති වරණයට ඉදිරිපත් විය හැකි අතර එකලග වාර දෙකකට වඩා අපේක්ෂකයෙක් විය නොහැක .....ජනතාව මගින් එය තීන්දු කල යුතුය ...... මක්නිසාද යත් අප වැනි පහල සිට ඉහලට ගිය බොහෝ රටවල් වල රාජ්‍ය නායකයා බොහෝ කාලයක් එම තනතුරේ සිට රට ගොඩනැගීමට කටයුතු කල නිසාවෙනි...... 

2. පාර්ලිමේන්තුව 

පාර්ලිමේන්තුවේ මැතිවරණ ක්‍රමයට වඩා මන්ත්‍රී වරුන්ට ලැබෙන වරප්‍රසාද නිසා පාර්ලිමේන්තුව බුද්ධිමතුන් , රටට ආදරේ කරන මිනිසුන්ගෙන් තොරව හොරුන්ගෙන් පටු වාසියට වැඩ කරන අයගෙන් පිරිඇත... එම නිසා එම බොහෝ වරප්‍රසාද කපා හැරේ.....
මන්ත්‍රී වරුන්ට අවුරුදු පතා දෙන බලපත්‍ර ලාබි වාහන පාර්ලිමේන්තු වාරයකට එකක් වන ඇත එය ඔහු එය පාර්ලිමේන්තු කාලය පුරාවට එනම් අවුරුදු 6ක් බාවිතා කල යුතුය......
එම ලබාගන්නා වහනය සාමාන්‍ය එකක් විය යුතු අතර එය බලපත්‍ර කොන්දේසි මගින් පාලනය කෙරේ ..... එය ද ඉන්දන අතින් අතිශය කාර්යක්ෂම විය යුතුය...... යම් හෙයකින් මෙකි බලපත්‍රය තෙවැනි පාර්ශවයකට විකිනීමට ලක් කරොත් මන්ත්‍රී දුරය අහිමි වීම සහ  අවුරුදු 5ක සිර දඩුවමක්ද හිමි වේ ..... යම් හෙයකින් කලින් වතාවක මන්ත්‍රී කෙනෙක් වූ කෙනෙක් නම් වාහනයේ තත්වය අනුව අලුත් වාහන බලපත්‍ර නිකුත් කෙරේ .....
ඉන්දන ලබාදීමේදී සියලුම ගමන් විස්තර මාසිකව පාර්ලිමේන්තුවට ලබාදිය යුතු අතර අනෙක් මන්ත්‍රී වරුන්ට සේම මහජන තවටත් එහි පිටපත් ඉල්ලා සිටීමේ සම්පුර්ණ බලය හිමිය....... මෙය ඉන්දන සදහා පමණක් නොව මන්ත්‍රී විමධ්‍යගත අයවැයද මෙසේ සැම දෙනාටම පිටපත් ලබා ගත හැක.......තමන් කල කි දේ ගැන ඕනෙම කෙනෙකුට ප්‍රශ්න කල හැක.....
දැනට අවුරුදු පහක් සිටීමෙන් මන්ත්‍රී වරුන්ට විශ්‍රාම වැටුපක් හිමිවන අතර ..... අනෙක් රාජ්‍ය සේවකයන් එවැනි වැටුපක් ගන්නේ අවුරුදු 30කට නොවැඩි සේවා කාලයක් සම්පුර්ණ කිරීමෙනි එම නිසා මන්ත්‍රී කෙනෙක් ලෙස අවුරුදු 30ක්  පාර්ලිමේන්තුවට තේරී පත් වී සේවය කලොත් පමනක් විශ්‍රාම වැටුපට හිමිකම් කිව හැක......
දැනට නොමිලේ සහ ඉතාමත් අඩු මුදලට ආහාර පාන පාර්ලිමේන්තුවෙන් ලබාගැනීමට හැකි අතර එය වහාම නවත්වා වෙළද පොලේ අනෙකුත් පාරිබෝගිකයන් ලබා ගන්නා හා පාර්ලිමේන්තුවට ලාබයක් ඇති වන පරිද්දෙන් මිල ගණන් සංශෝදනය වේ ......
පැමිණීමේ දීමනා ආදිය කපාහැරෙන අතර මාස ගණන් නිවාඩු දැමීම හෝ නොපැමිණීමෙන් මන්ත්‍රීදුරය අහෝසි වීමටද ඉඩඇත.....

අමාත්‍ය මණ්ඩලය 15ක් පමණක් වන අතර තාක්ෂණික වශයෙන් බෙදීමට අපහසුතා ඇති වුවහොත් 20ක් දක්වා පමණක් එය වැඩි කල හැකිය..... නියෝජ්‍ය අමාත්‍යවරුන් ඇතුළුව එම ගණන 30කි උපරිමය 40ක ඇමති මණ්ඩලයක් පත් කෙරේ...... එමෙන්ම පාර්ලිමේන්තුවේ සිටින සියලුම මන්ත්‍රීන්ට(පක්ෂ විපක්ෂ) තම කැමැත්ත අනුව එකක් හෝ එකකට වැඩි ගණනක් අමාත්‍යංශ සදහා අමාත්‍යංශ කණ්ඩායමේ සිටිය හැක....... ඒ ඒ අමාත්‍යංශ වල සියලු වැඩ කටයුතු එම කණ්ඩායම දැනුවත්ව සිදු කල යුතු අතර යම් හෙයකින් රටට අවාසි දායක දෙයක් සිදුවන්නේ නම් වහාම පාර්ලිමේන්තුවට එය ඉදිරිපත් කර සැමදෙනාගේම අවදානය එය සදහා යොමු කල යුතුය...... අමාත්‍යංශ වල සියලුම තොරතරු රටේ ඕනෑම පුරවැසියෙකුට ලබාගත හැකි අතර ...... ආරක්ෂක අංශ තොරතුරු පමණක් ලබා ගැනීම සිමාකෙරේ..... 

අමාත්‍ය මණ්ඩලයට කිසිදු විශේෂ වැටුපක් හිමි නොවන අතර වගකීම් පමණක් අනෙක් මන්ත්‍රීන්ට වඩා වැඩි වේ...... එමෙන්ම අමාත්‍යංශයේ සියලු තීන්දු තීරණ වලට අමාත්‍යතුමා වගකිව යුතුවේ ..........  

ඔබේ යෝජනා හා සංශෝදනත් යොමු කරන්න ......

Tuesday, December 22, 2015

අක්කර 73න් දැන් තියෙන්නේ අක්කර කාලයි.....

බුදුන්ගේ දර්ශනයට අනුව සියලු සංස්කාර ධර්ම නැසෙන සුළුය...... භෞතික දේවල් වලට ලොබ බැදීමෙන් කෙදිනකවත් මේ සසරෙන් එතෙර විය නොහැකිය.......
ඉඩ කඩම්  වලටද ලොබ බැදීමෙන් සිදුවන්නේද මෙකි සංසාරය දිග්ගස්සා ගැනීමකි..... පන්සලක් ඉඩමක් වෙනුවෙන් කෑගැසීම බුදුන්ගේ දර්ශනයට විරුද්ද වුවත්....
මේ ඉඩම් ආක්‍රමණයට අපි විරුද්ද විය යුත්තේ අන්කිසිවක් නිසා නොව .... මෙයින් වැලලෙන්නේ අපේ රටේ ප්‍රෞඩ ඉතිහාසය නිසාවෙනි.....
හැබැයි මේ ඉඩම් ගැන කතා කිරීමෙන් මට ජාති වාදී ලේබලය වැදීමට ඉඩ ඇතත්, මා මේ ගැන සටහනක් තබන්නේ අද මා විදි ඒ ඉතිහාසේ දැවැන්ත නිර්මාණ ලක්වාසී අනාගත දරුවන් හා දරුවන්ගේ දරුවනුත් දැකීමට ඇති අසාවත් යුතුකමත් නිසාවෙනි......
අතීතයේද විවිධ ආක්‍රමණ වලින් මේ දේවල් බේරාගත් මුතුන් මිත්තන්ට පින්සිද්ද වෙන්න අපි ඒ ඉතිහාසය වර්තමානයේ බුක්තිවිදී ..... මේ අපේ වෙලාවයි...... 
මේ දේවල් අනාගතයට රැගෙන යනවාද නැද්ද යන්න ඔබට බාරය..... 
මෙය මුස්ලිම් මිතුරන්ට විරුද්දව ගෙන හැර පාන ලිපියක් නොවුනත් .... ශ්‍රී ලාංකිකයන් හැටියට මාගේ හිතාදර මුස්ලිම් මිතුරන්ටත් මේ ගැන වගකීමක් ඇත..... මේ මියයන්නේ ඔබෙයි මගෙයි රටේ ඉතිහාසයයි......



මුහුදු මහා විහාරය අපට වැදගත් වන්නේ ඉතිහාසේ මුහුදට බිලිවෙන්න ගිය විහාරමහා දේවිය ගොඩබැස්ස ස්ථානය හැටියටය..... කිරින්ද ප්‍රදේශයද මෙම සිද්දියට නෑකම් කිව්වත් පිළිගත හැකි සාක්කි රාශියක් මේ ප්‍රදේශයේ ඇතිබව විහාරයේ වැඩවසන හිමිනමක් සදහන් කරේ අවට ගම් වලට වැටුන නම් වලටත් ඇති සම්බන්ද කම් ගෙනහැර පාමිනි... ඒ  අද කෝමාරි නම් ගමට නම වැටුනේ කාවන්තිස්ස රජු "කෝ කුමාරි " ලෙස හැදින්වූ ප්‍රදේශය බවට ජනප්‍රවාදයේ සදහන්...... විහාරමහා දේවිය හා කාවන්තිස්ස රජුගේ විවාහය සිදුවූ මගුල් මහා විහාරය පිහිටා ඇත්තේද මේ ආසන්නයේ වීමද තවත් සාධකයකි...... මේ මුහුදු මහා විහාරයේ වැදගත් කමයි......

විහාර මහා දේවි පිළිරුව
මගුල් මහා විහාරය (ශාලාවක නටබුන් )

මගුල් මහා විහාරයේ ඇති විවාහ වීමට භාවිතා කරා යැයි සැලකෙන පෝරුව 

1967 ඇති ඉඩම් ඔප්පුවට අනුව පන්සලට අක්කර 73ක් අයිති වුවත් 1975 සිට පැවිති ආක්‍රමණශීලි පිළිවෙත නිසා මේ ඉඩම් අත්පත් කරගැනීම් සිදු වී ඇත.... මේ බොහෝ නිවාස ඉදිකිරීම් සිදුකර ඇත්තේ වටිනා පුරාවිද්‍යා සාදක මත වීම තවත් දුකට කාරණාවක්..... එත් විහාර වාසි හිමිනමගේ ප්‍රකාශයට අනුව පුරාවිද්‍යා කැනීම් මගින් තවත් දේ සොයාගැනීමට හැකිය..... නමුත් ඒ සියල්ලට දේශපාලනය හරස් වී ඇත..... ඒ මේ ප්‍රදේශයේ එකදු සිංහල පවුලක් නොමැති නිසා දේශපාලුවන් මේ ප්‍රශ්නයට අත දැමීමට බය තමාට ඇති චන්ද ගොඩ අඩුවෙයි යන කාරණාව නිසාවෙනි..... මෙකි කාරණාව නිසාවෙන් විහාරයේ වැඩවසන හිමිවරුන් තමන්ගේ දානය තමන් විසින්ම පිළියෙළ කරගනි..... ඒ අන් විකල්පයක් නැති නිසාවෙනි..... දහමට මෙන්ම ගොවිතැනටත් මේ හිමිවරුන්ට දක්ෂ වීමට සිදුවන්නේ වන්නේ  පන්සල බේරාගැනීමට අවශ්‍ය කායික ශක්තිය ලබාගැනීමටය...... 







මේ පන්සලේ හිමිවරුන්ට ඇති තර්ජනවල ත්‍රීවතාව කියා පාන්නේ රාත්‍රී කාලයේ ආරක්ෂාවට පොලිස් භටයන් දෙදෙනෙකු සිටීමෙනි. ලගදි ආරක්ෂාවට හමුදා භටයන් ඉල්ලුවත් යුද්දයක් නැති නිසා හමුදාව වැඩක් නැතැයි ඉහළ පරිපාලන නිලධාරීන් තීරණය කර ඇති නිසා පොලිස් ආරක්ෂාවෙන් පමණක් සැහීමකට පත්වීමට සිදුවී ඇත.... මෙකි ජිවිත අවදානමෙන් මේ විහාරය රැකගැනීමට හිමිවරුන් වෙහෙසෙන්නේ මේ ඓතිහාසික වටිනාකමක් ඇති දේ ඉදිරි පරම්පරා වලටත් ලබාදීමටය..... පහුගිය රජයෙන් යම් කිසි සහයක් ලැබුනත් වත්මන් රජය ගැන එතරම් පැහැදීමක් නැත්තේ ....ඒ වත්මන් ජනාධිපති අතින් චෛත්‍යය විවෘත කිරීමේ උත්සවයේදී  ලබාදුන් වාර්තාවට තවමත් කිසිදු ප්‍රතිචාරයක් නොලැබීමයි.... 

අක්කර 73කින් අක්කර කාලකට ලඝු වූ මුහුදු මහා විහාරයේ අනාගතය අවිනිශ්චිතය ...... වෙන රටවල් වලට නැති ප්‍රෞඩ ඉතිහාසයක් අපිට ඇත....ඒ ඉතිහාසය අපේ මුතුන් මිත්තන් සොළින්ගෙන් පටන්ගෙන් ඉංග්‍රීසින්ගෙන් අවසන් වනතුරුම අපට ආරක්ෂා කරදුන්නේය .... එකල ඔවුනුත් මෙය කර හැරියනම් අපට දකින්නට නටබුන් ඉතුරු වන්නේ නැත....   මේ අපේ වෙලාවයි..... 

වාර්තාකරණයේ සාධාරණත්වයක් තිබිය යුතුය..... මේ මුහුදු මහා විහාර ප්‍රශ්නයේ සංශිප්තයකි...... මෙය පිළිබද සම්පුර්ණ වාර්තාකරණයක් කිරීමට බලාපොරොත්තු වන්නේ මගේ හිත මිතුරු ආදිල් සහෝයුරාගේ සහයෙනි .... ඒ තව ජාතියක් තලා පෙලා දැමීමට නොව ..... මා විදි දේ අනාගතයට රැගෙන යාමට ඇති ඒකායන බලාපොරොත්තුවෙනි...... 

විහාරය අවට ඉදිකිරීම්

විහාරය අවට ඉදිකිරීම්

විහාරයේ ඉදිකරන නව නිර්මාණ

විහාරයේ ඉදිකරන නව නිර්මාණ

ඉඩමේ ඔප්පු පෙන්වමින් 

ඉතිරිව ඇති නටබුන්

ඉතිරිව ඇති නටබුන්

ඉතිරිව ඇති නටබුන් 

නටබුන් සංරක්ෂණය කරමින්

විහාරය ඇතුලත 

නමට පමණක් සිමාවූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව



ප්‍රකාරයක නටබුන්

පන්සල් භූමියේත් ඇති නිවාස 

Thursday, December 17, 2015

ඒකාබද්ධ විපක්ෂයේ විරෝධය ......



මොවුන්ගේ සමහරක් විරෝධ වලට පදනමක් හා සාධාරණ වුනත් තවත් සමහරක් කරුණු හාස්‍යජනකය .......

1. පාර්ලිමේන්තුවේ ඉන්න ගැඩවිලොන්ට අවුරුදු 5ක් නිකන් හිටියම පෙන්ෂන් දෙන එකේ මේ මිනිස්සු එක ගන්නේ අවුරුදු 20ක් 30ක් වැඩකරලා.... එක නිසා පාර්ලිමේන්තුවේ ඉන්න උන්ගේ පැන්ෂන් කපන්න ....ඊට පස්සේ මේක ගැන හිතමු......

2.මුලින් ඉල්ලුවේ පඩි වැඩිකරන්න එක කරාට පස්සේ එක මුලික පඩියට එකතු කරන්න .... ඊට පස්සේ ආයි පඩි වැඩි කරන්න ....ඊට පස්සේ අයි ඕක මුලික වැටුපට එකතු කරන්න..... දීමනා විදියට පඩි වැඩි කරත් මුලික වැටුපට එකතු කරන එක ලොකු වැඩක් .... ඉස්සර මහින්ද 2500ක් දෙන්නම් කියල අන්දපු කාලේ කට වහන් හිටියා.....දැන් දුන්නට පස්සේ එක මුලික වැටුපට ඕනේ ..... 

3.හෙවිල්ලක් බැලිල්ලක් නැතුව රැල්ලට මිනිස්සු රාජ්‍ය සේවෙට ගත්තා ..... හැබැයි වාඩි වෙන්න පුටුවක් නෑ.....වැඩ කරන්න මේසයක් නෑ..... දැනටත් රජය සේවය ඕනෙවටත් වැඩි ...... ඉතින් තවත් අරන් පඩි ගෙවන්න ඒකාබද්ද විපක්ෂේ සල්ලි දෙනවද දන්නේ නෑ.....

4.පාර්ලිමේන්තුවේ හොරුන්ට බලපත්‍ර හොදයි ..... අපිට නරකයි..... මුලින් උන්ගේ බලපත්‍ර කපමු ....ඒකාබද්ද විපක්ෂේ එකට කැමති වෙයිද .??? 
බදු සහන දීල වාහන ගත්තත් ..... පාරේ යන්න ඉඩ නැත්තම් වැඩක් තියෙනවද ..... ඉස්සර බලපත්‍ර දුන්නම වුනේ එක විකුණලා ඒ සල්ලි වලින් බලපත්‍ර අයිති කාරය වාහනෙකුයි ..... බලපත්‍රේ ගත්ත මිනිහ එකෙන් තව වාහනයක් ගත්ත එක .... එකෙන් එක බලපත්‍රේන් වාහන දෙකක් පාරට ආවා.... මේක අඩුවෙනවා පර්මිට් එක නැතුව සල්ලි දුන්නම.....

5. EPF / ETF ගැන නම් විරුද්දයි.... එක තිබ්බ විදියටම තියෙන්න ඕනේ...එයින් සාර්ථක ආයෝජන සිදුකරත් එයට එක එක විකුර්ති කිරීම අනුමත කල නොහැක....

6. පවුද්ගලික අංශයේ වැටුප් තීරණය වන්නේ ඒ පුද්ගලයා කොතරම් එම සමාගමට වටිනවාද යන්න මතය...එම නිසා රජයට කළහැකි දෙයක් නොමැත...... 

7.පැය 8 වැඩ කාලෙනුත් අඩක් වැඩක් නොකරන නිසා පැයක් 9ක් කෙසේවත් වැඩක් නොකරයි.....නමුත් පඩි වැඩි වීම් ගැනනම් කතා කරයි

8. බදු වැඩි නොකර ඉල්ලන සහන කෙසේ දෙන්නද.... හැබැයි ඇමතිමන්ඩලය අඩු කිරීම පළමුවෙන් කලයුතුය..එවිට සැහෙන මුදල් ඉතිරි කරගත හැකිවුවත් පවතින දේශපාලන ජඩ කම නිසාවෙන් මෙය සිදුකිරීම හීනයකි....

9. මෙයත් රථවාහන තද බදය නිසා ගත් තීරණයක් වුවත් ..... ආණ්ඩුවේ ගොන් කම මැනවින් කියාපායි..... ලංකාවේ අපිට පෙට්‍රල්  නිධි නැත..... හැබැයි රටක් ලෙස සුර්ය ශක්තිය අවුරුද්ද මුළුල්ලේ නිරන්තරයෙන් ලැබේ... එත් සුර්ය ශක්තියෙන් බලශක්ති අර්බුදයට විසදුම් සෙවීමට නොයෑම හාස්‍යට කරුණකි.... නිවාස මට්ටමින් සුර්ය ශක්තියෙන් බලය උත්පාදනය කර එයින් වාහන චාජ් කිරීම කලහැක.... එමෙන්ම නියමු වැඩසටහනක් ලෙස විද්‍යුත් මෝටර් රථ මිලදී ගන්නා අයට සහන මිලට සුර්ය කෝෂ ලබාදිය හැකිය....මේ කිසිවක් සදහා කිසිම පියවරක් නොගැනීම ආණ්ඩුවේ අනාගත දර්ශනය මැනවින් පෙන්නුම් කරයි...... සංවර්දිත රටවල් හැකිතාක් පෙට්‍රල් වාහන පාලනය කිරීමට නිතිගෙනෙන අවදියේ ලංකාව හැකි සෑමලෙසකින්ම  එය අඩපන කරයි......

10. රසායනික පොහොර වලින් ඉවත්වී කාබනික පොහොර වලට අනුගත වීමට පොහොර සහනදාරය කැපුවත්... එහි කාබනික පොහොර වැඩසටහන පැහැදිලි නැත...... කුමක් කරන්න යනවාදැයි පැහැදිලි නැත.....පෙරදිග ධාන්‍යා ගාරය හිස්කිරීමට යනවාදැයි සැක සහිතය.....

පොදු විපක්ෂයේ සමහර කරුණු සාධාරණ වුවත් .... සමහරක් විහිලුවකි...... රජයක් ලෙස ගත් කලත් සමහර යෝජනා විහිළුවකි..... එදා මෙදා තුර ශ්‍රී ලාංකීය දේශපාලනයේ සිදු වුයේ ආණ්ඩුව අයවැය ගැන පුරසාරම් දොඩන අතර විපක්ෂය එයට විරුද්ද වීමය....... එය ලංකාවේ දේශපාලනයට කවදත් පොදු සාධකයකි.....

රට පුරාම වැඩවර්ජන උද්ගෝෂණ ...... 
ඉස්සර නම් වැඩවර්ජනයක් උද්ගෝෂණයක් ආවම 
එක්කෝ කට්ටියව සල්ලි වලින් නවනවා...... 
නැත්තම් දෙකට නවල වෑන් එකේ දාන් යනවා ...... 
වෙනස කොහොමද ...... වෙනස සැපද ??

අරාබි වසන්තය

අරාබියේ නීති ගැන අපි සැවොම දනිමු.....
හොරකන් කරන්න එපා ...... අත් දෙක කපනවා ......
මිනිමරන්න එපා ..... බෙල්ල කපනවා ... එල්ලනවා ......
දුෂණය කරන්න යන්න එපා ..... අවයවේ කපනවා.......
අනාචාරයේ හැසිරෙන්න එපා ...... එක්කෝ ගල් ගහලා මරනවා ..... එක්කෝ  කස පාර ලැබෙනවා......
වෙන ආගම් අදහන්න යන්න එපා ..... කස පාර ලැබෙනවා........ 

මේ දඩුවම් වල සාධාරණත්වය කෙසේ වුවත්...මේවා අපි දන්නේ අද ඊයේ නොවේ.....
තෙල් සම්පතට පින්සිදුවන්න ධනය අතින්ද අඩුවක් නැති මේ මැදපෙරදිග රටවල් වලට අපේ වැනි දුප්පත් රටවල් වලින් යන්නේ අරාබි කරේ සල්ලි මෙහි ගෙන එමටය......

අරාබියේ වැඩිම ඉල්ලුමක් තියෙන්න ගෘහසේවිකාවන්ට හා ඉදිකිරීම් අංශයේ රැකියාවන්ය.....
මේ කොටස් දෙකටම අඩු වැඩි වශයෙන් ලාංකිකයන් වැඩට යන්නේ තමන්ගේ පවුල ගොඩගැනීමේ අවිහිංසක චේතනවෙන්ය......
නමුත් එහෙදි ඔවුන්ට විදින්නට වෙන හිරිහැර ගැන මාධ්‍ය වාර්තා කරන්නේ අද ඊයේ නොව....
එහිදී වැඩියෙන්ම පිඩාවට පත්වී ඇත්තේ ගෘහසේවිකාවන්ය .... සමහර විටෙක ඇග තුල යකඩ ඇන සමග නැවත ලංකාවට එහි ඇති කුරිරු බව කියාපාමිනි.....
ඒවාට එරෙහිව ගත් පියවරක් නැත.... ඒ ඉහල සිට පහළට ලැබෙන කුට්ටිය නිසාවෙනි....
මෑත කාලයේ ගෘහසේවේට යන කාන්තාවන්ට අවුරුදු 5ට අඩු දරුවන් සිටිය නොහැකි බවට ගෙනා නිතිය ප්‍රශංසනීය..... එත් අනෙක් නීති වගේම කොතරම් දුරට ඒවා සාර්ථකව ක්‍රියාත්මක වෙනවාද යන්න ප්‍රශ්නයකි.....

මෑතකදී සමාජයේ බලවත් විරෝධයක් ආවේ... ගල් ගසා මරාදැමීමට සවුදි රජයේන් අප රටේ කාන්තාවකට දඩුවමක් ලැබුන නිසාවෙනි....
එත් එය එරට මාධ්‍ය වාර්තා කරන ආකාරය අනාචාරයේ හැසිරීමට ලැබෙන දඩුවමක් විනා.... අන්කිසිවක් නොව.....
ඒ අතින් බැලුවිට ඒ දඩුවම සධාරණය .... ඇය වරදක් කර ඇත..... එමෙන්ම ඒ අනාචාරයේ හැසිරීමට පිරිමියාට කස පහර 200ක දඩුවමක් දී ඇත.....
වවුලාගේ ගෙදර ගියානම් එල්ලිලා ඉන්න ඕනෙය......
මැද පෙරදිග ගියානම් ගිය වැඩේ කරගෙන එන්න ඕනෙය.....ඒ අතර මෙවැනි දේ කර ගැනීම නොගැනීම ගිය අයවලුන්ට බාරය...... මියයන තුරු ගසන ගල් පහර ඉවසීම සිහිහෙන්වත් සිතිය නොහැකිය.... නිතිය ම්ලේච්චය .... දඩුවම කුරිරුය.... 
එත් මේ නඩු විභාගයේ ශ්‍රී ලංකික කාන්තාවට සාදාරන නීතිමය සහයක් ලැබුනාද යන්න ගටලුවකි..... ඒ රිසානාගේ කදුළු කතාවට හේතු වුනෙත් මේ හරි හැටි නීතිමය සහය නොලැබුන නිසාවෙනි.....
ශ්‍රී ලංකාවේ තානාපති සේවය එතරම් උත්කුර්ෂ්ටය....කීමට වචන නැත  .....එක්කෝ රජයක් හැටියට මේවට විසදුම් හොයන්න ඕනේ....මොකද උන් ජොලි දාන්නේ මේ මිනිස්සු හොයන සල්ලි වලින්ය.... එක නිසා වෙන කාටවත් නොදුන්න විශේෂ අවදානයක් මේ මිනිස්සුන්ට දීම අප කාගේත් වගකීමකි.....