Monday, February 13, 2017
ඔලමොට්ටලකමද? කාලකන්නිකමද ?
අරාෂ් යනු මහලොකු ගායකයෙක් නොවුවත් ඔහු රසිකයන් මිලියන 2.7යි ගණනක් සිටිනා තම නිල ෆේස්බුක් පිටුවේ පලකරේ "ශ්‍රී ලංකාව කොච්චර ලස්සනද" යනුවෙනි ..... එකට අපේ එවුන් දාපු කමෙන්ට් කියවීමෙන් ඇති වුනේ මහත් සංවේගයකි ..... අප රටට ඔබ සාදරයෙන් පිලිගන්නවා.... පැමිණියාට ස්තුති... හොද නිවාඩුවක් ගත කිරීමට ලැබේවා.... මේ ස්ථානත් බලන්න යනුවෙන් සදහන් නොකර ඔවුන් සියල්ල සටහන් කර ඇත්තේ පල්හෑලිය.... කුණු හර්පය.....
එහි තිබු තවත් විදේශිකයෙකු සටහන් කල "Yes, i went there. Very nice country and well behaved people." කමෙන්ට් එකට තිබුනේ මෙවැනි ප්‍රතිචාරයකි "You are welcome bro.... මේ ආයි එන්න උකන්න ලෑස්ති වෙන්න එපා ඉන්න රටකට වෙලා හිටහන්"
මේවා ගුගල් ට්‍රාන්ස්ලේට් පාවිච්චි කර ඉංග්‍රීසියට හරවා බැලීමට අරාෂ්ට හෝ වෙනත් විදේශිකයෙකුට ඇගේ පතේ අමාරුවක් නැති වුනත්... අපේ රටට නොමිලේ ලැබුන ප්‍රචාරණ අවස්ථාව අපි අහිමි කරගෙන අවසානය ... රටේ තරුණ පරම්පරාව මෙවැනි ඕලමොට්ටලයන් නම් කාලකන්නින්නම් තව අවුරුදු 30කට 40කටවත් මේ රට ගොඩ යන්නේනම් නැති බව තක්කෙටම පැවසිය හැකිය ......
Tuesday, January 31, 2017
SAITM තීන්දුවෙන් ඔබ්බට .......
දොස්තර කෙනෙක් යනු අපේ සමාජය විසින් ඉහළ වටිනාකමකට ඉහළ දැමු රැකියාවකි ..... දෙමාපියන් වලි කන්නේ කෙසේ හෝ තම පුතා හෝ දුව දොස්තර කෙනෙක් කිරීමටයි... විවාහයක් ගැන බැලුවත් සෙව්වේ දොස්තරලා ඉන්ජිනේරුවෝය .... තම පුතා දුව ලේලි බෑනා එකී වෘතින්ගෙන් එකක් කරනවා දැකීම එකම පැතුම විය ..... මෙකි සමාජ තත්වය නිසාවෙන් වෙන කෙනෙක් අදාල අංශයට පැමිණීම වැලක්වීමට කුහක කමක් උපදින්නේ නිරායාසයෙනි ......
මෙකි ක්ෂ්ත්‍රයන් වෙනුවෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශ සදහා ඇත්තේ තියුණු තරගයකි ..... ඉතා සුළු පිරිසක් එකී වාසනාව ලබන අතර බහුතරේ එලියට විසිවෙයි ...... මෙකි තරගයෙන් එලියට විසිවූ යහමින් මුදල් තිබෙන පිරිස් වෙනත් රටවල් කරා යන්නේ එකී ආශාව සපුරා ගන්නටය ...... මුදල් නැතත් මධ්‍යම පාන්තිකයන් පවා කෙසේ හෝ ණය වී තම දරුවන් වෙනත් රටවල් වලට පිටත් කරන්නේ වෙනත් අංශ ගණනාවක් තිබුනත් දොස්තර පට්ටම කෙසේ හෝ දරුවාට ලබා දීමටය .....
මෙකි කරුණ නිසා පිටරට නොගොස් ලංකාවේම ඒ සිහිනය සැබෑ කරන ආයතනයක් ලෙස SAITM කල එලි බසින්නේ තුබූ වෙළදපොළ තත්වය හොදින් අධ්‍යනය කිරීමෙන්ය ..... එකී ආයතයට තිබු ප්‍රධාන ගැටලුවට අද විසදුම් ලැබුනේ අධිකරණයෙනි ......
මටනම් මෙකි ආයතනයට විරුද්ද සටන පටන් ගත යුතුව තිබුනේ එය වසා දැමීමට නොව එහි ප්‍රමිතිකරණය ඉහල දැමීමටය.... එසේ වූවානම් තත්වය වෙනස් වීමට ඉඩ තුබුණි..... රජයට පවරා ගන්න වැනි මෙලෝ රහක් නැති සටන් පාඨ වෙනුවට ප්‍රමිතිකරණය ගෙන ආවනම් සිදුවන්නේ රට තුලම හොද අධ්‍යාපන අවස්ථාවක් උදාවීමයි ...... තවද සිසුන් කොටසක්, උසස් පෙළින් රජයේ විශ්ව විද්‍යාල සදහා නොතේරුන අයට පුර්ණ ශිෂ්‍යත්ව යටතේ බදවා ගැනීම අනිවාර්ය කිරීම වැනි දේවල් තුලින් තවත් කිහිප දෙනෙකුට නොමිලේ ඉගෙනීමට අවස්ථාව ලැබෙනු ඇත ..... මේ කිසිවක් නොකර තිබු කුහකත්වය වසා දැමීමට භාවිතා කලේ නිදහස් අධ්‍යාපනය නමැති සළුවය ..... එකල සටන දියත් කරේ ප්‍රමිතිකරණයට නම් ලැබෙන මහජන සහයෝගයද ඉහලය ..... ඒ තමාගේ ජීවිතය ගැන මහජනයා සිතන බැවිනි.... එත් වසා දමව් .... අපිට එපා....එකී මෙකි නොකී දේවල් වලින් පෙන්නු කුහකත්වය නිසා මහජන සහය අඩුවුණේ කුහකත්වය ඔවුන්ට තර්ජයනක් නොවන නිසාවෙනි .....
කෙසේ හෝ තීන්දුව ලැබී අවසන්ය ..... මෙය අවසානය නොවේ.....
මෙයයි ආරම්භය ..... ඔබට වැඩකිරීමට සිදුවන්නේ ඔබට අකමැති පිරිසක් සමගය.... ඔවුන්ගෙන් නොයෙකුත් පීඩන ලැබෙන්නට ඉඩ ඇත .... ඇනුම් පද අසන්නට ලැබෙනු ඇත ... තවම එක බෙහෙත් පෙත්තක් නොදුන්නත් ඔබ සැම මිනීමරුවන් කර අවසානය ..... දැනට ලංකාවේ කිසිදු වරදක් දොස්තරලා අතින් සිදුවී නැත ..... ඔවුන් සර්ව සම්පුර්ණය ....
තත්වය එසේවුවත්,
කුහකත්වය පසෙක ලා ඔබට කිරීමට ඇත්තේ ..... ප්‍රමිතියේ වරදක් ඇත්නම් ඒ පිළිබද සටන් කිරීමයි ....එය නිවැරදි කිරීමට සහය දීමය .... දෙයක් වසා දැමීම ලේසිය.... පවත්වාගෙන යෑම අපහසුය ..... හෙට දිනයේ ඔබ යටතේ පුහුණු වීමට පැමිනෙන අලුත් සිසුන්ට නිවැරදි දේ කියාදීමය.... තමන්ගේ කෙනෙක් ලෙස සිතා එකට වැඩකිරීමය ..... මක්නිසාද යත් හෙට දිනයේ ඔබ දෙදෙනාම සේවය කරන්නේ රටටය ........
Tuesday, January 24, 2017
සම ලිංගිකත්වයෙන් ඔබ්බට .......
සම ලිංගිකත්වය,
පිරිසක් එය සාමාන්‍ය දෙයක් ලෙස අර්ථ දක්වද්දී ..... පිරිසක් එය අසාමාන්‍ය දෙයක් ලෙස සදහන් කරයි ..... ඒ සදහා කරන ලද පරීක්ෂණද රාශියකි ..... ඒ නිසා එය තක්කෙටම හරි වැරදි ලෙස ලේබල් කිරීම අපහසුය .....
සොබා දහම ඉතා අපුරුය .... එහි නිපැයුම් ඊටත් වඩා අපුරුය ..... එකී නිර්මාණ වලින් මිනිසා ගන්නේ අද්විතීය ස්ථානයකි ..... බොහෝ ජිවින් ලිංග දෙකකට වෙන් කරන ලද්දේ තම වර්ගයා බෝකිරීමටය ..... ලිංග දෙකේම ලක්ෂණ ඇති බැක්ටීරියා ඇතුළු ක්ෂුද්‍ර ජීවින් විශේෂ අරුණු කොට සෑම ජිවියෙක්ම මෙකි අපුර්ව සංසිද්දියෙන් මෙලොව එලිය දකී ..... ඒ අනුව ප්‍රජනනය ජීවීන්ගේ පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයකි ...... ප්‍රජනනය නොවන තැන ජීවීන්ගේ පැවැත්මක්ද නැත .....
මොණරා සෙබඩක් දැක්කම නටන්නේ තමන්ගේ ලස්සන පෙන්වන්නේ විරුද්ද ලින්ගිකයෙක් ආකර්ෂණය කරගෙන තම වර්ගයා බෝකිරීමටය ..... මොණරෙක් තවත් මොණරෙක් ලග නටනවා මෙලොව කිසි කෙනෙකු දැක නැත ..... එහෙයින් අපි මේ උත්සහ කරන්නේ සොබා දහම අභිබවා යෑමටය.... සොබා දහමට අපි විරුද්ද වන සෑම විටම සොබා දහම අපිට ප්‍රති ප්‍රහාර එල්ල කරන අතර ඒවායේ වේදනාවන් ගැන අමුතුවෙන් කිව යුතු නැත ..... එහෙයින් සොබා දහමට එරෙහි වන්නට පෙර දෙපාරක් සිතිය යුතුය .....
අම්මා තාත්තා යන සුසංයෝගයෙන් ජිවිතයට ලැබුණු දේවල් අති මහත්ය ...... තාත්තාගේ රැකවරණයත් අම්මගේ සෙනෙහසත් තාත්තලා දෙන්නෙක් හෝ අම්මලා දෙන්නෙක්ගෙන් ඒ දේ ලැබෙයි ද යන්න සැක සහිතය .....
එමෙන්ම ,
නොදරුවා කාලේ තාත්තලා දෙන්නෙක් අම්මලා දෙන්නෙක් යටතේ හදා ගන්න ළමයෙක්ගේ මානව අයිතීන් ගැන කවුරුත් කතා කරන්නේ නැත .....ඒ ළමයින්ගේ මානසික තත්වය ගැන කවුරුත් සැලකිලිමත් නැත ..... අවශ්‍ය වන්නේ තමන්ගේ සිතුම් පැතුම් ඉටු කර ගැනීම පමණි ....
උත්තරය හරි සරලය.... මෙවැනි දේවල් සම්මත කිරීමෙන් නීති සැදීමෙන් වෙන්න ප්‍රශ්න රාශියකට අත වැනීමකි ..... අයින් වෙලා යෑම නුවනට හුරුය ....
Saturday, January 14, 2017
අන්ලිමිටට් ඉන්ටර්නෙට් ඇත්තටම ඕනෙද ???
අසීමිත අන්තර්ජාල භාවිතය ඉවත් කල දා පටන් බොහෝ දෙනා මැසිවිලි නැගුවේ අසීමිත අන්තර්ජාල භාවිතය නැවත ලබාදිය යුතුබවය ...... මුල් කාලයේ මාත් ඒ මතයේ සිටියත්.... අසීමිතව තිබු කාලයේ කල කී දෑ සහ සිමා සහිත කාලයේ කල කී දෑ අතර පැහැදිලි වෙනසක් තිබු අතර සිමා සහිත කාලයේ භාවිතාව පෙරට වඩා ඵලදායි විය ......
අසීමිත කාලයේ පරිඝනකයට නිවනක් නැති විය ....උදේ සිට රෑ වනතෙක් ගිනිරාමෙට වැඩය .... එන සෑම චිත්‍රපටියම ඩවුන්ලෝඩ් කරන අතර කිසිදු හෙවිල්ලක් බැලිල්ලක් නැත ...... සිමා සහිත කාලයේ ඩවුන්ලෝඩ් කරන්න ෆිල්ම් සොයන්නේ දෙයක් මිලදී ගන්නවා හා සමාන සෙවිල්ලකින් පසුවය.... චිත්‍රපටියේ කතාව ....නළුවන් .... ඒ ගැන ඇති IMDB අගය මෙකි නොකී සියල්ල සෙවූ අතර දැඩි ලෙස අධ්‍යනය කිරීමෙන් ඩවුන්ලෝඩ් කරයි ...... මෙකි ක්‍රමය පෙරට වඩා ප්‍රයෝගික වන්නේ දැන් තමන් ඩවුන්ලෝඩ් කරන්නේ තමන්ට අවශ්‍ය දේ පමණය ..... මුලින් ඕන එකයි එපා එකයි ඩවුන්ලෝඩ් කර හර්ඩ් ඩිස්ක් එක පිරෙව්වට සමහර ඒවා කිසිදා නොබලයි ...... කොටසක් බැලීමෙන් කතාවේ ඇති නීරස බව නිසා අතර මග නවත්වයි .....
මෙය චිත්‍රපටි සදහා පමණක් නොවන අතර අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කරන සියල්ලටම වලංගුය ... මෙකි ඕන එකයි එපා එකයි ඩවුන්ලෝඩ් කිරීමෙන් නෙට්වොර්ක් ට්‍රැෆික් වැඩිවන අතර අනෙක් යුසර්ස්ලට මෙය ගැටලුවකි ..... එකී කරුණ හේතුකරගෙන සාධාරණ භාවිත ප්‍රතිපත්තිය නමින් කප්පාදුවක් හැමෝටම බුක්ති විදින්නට සිදුවිය .....
අසීමිත ඉන්ටර්නෙට් අවශ්‍ය යැයි කියන අයට ස්වයං අධ්‍යනයක් කල හැක ..... අසීමිත කාලයේ කල කි දෑ හා වර්තමානයේ කරන දෙයින් වඩාත් පලදායි කුමක්ද යන්න ....
ලංකාව වගේ රටකට අවශය වන්නේ සැලකිය යුතු වේගයක් හා සැලකිය යුතු ප්‍රමාණයක ඩේටාය.... ඒ ජාතියක් හැටියට අසීමිත නිදහසක් ලද සැමවිටකම අයාලේ යන නිසාවෙනි....
Thursday, October 13, 2016
තායිලන්තයේ මියගිය රජු
තායිලන්ත මිතුරු මිතුරියන්ගේ අධික ශෝකය.... මියගිය රජු ගැන සෙවීමට හේතුවක් විය....
රජමාලිගාවේ නොසිට පොලවේ පය ගසා සිටි රජෙක් බව පසක් විය.....
මමයි රජා සංකල්පයේ නොසිට සාමාන්‍ය මිනිසෙක් සේ තමන්ට ලැබුන බලයෙන් ප්‍රයෝජන ගෙන දියුණු වෙමින් පවතින රටක් ලෙස නොසිට ඉහළ අදායම් ලබන රටක් ලෙස ඉදිරියට ගෙන ඒමට කල සේවය.....
කැමරාවක් කරේ දමන් සිතියමක් අතට ගෙන ගම් නියං ගම් සංචාර ඒ තමන් සරල බව පෙන්වීමටත් වඩා රටට වැඩක් කිරීමටය..... රජ වෙන්න මාන බලන අපේ රටේ....පාලනතන්ත්‍රයේ බලයක් නොමැති වුවත්..... උත්සව වලට පමණක් මුහුණ පෙන්වනවා වෙනුවට ලැබුණු තනතුරෙන් රටට මෙසේ සේවයක් කල ඔහුගේ හැරයාම සැබෑ දුකක් නොවේද???
රජමාලිගාවේ නොසිට පොලවේ පය ගසා සිටි රජෙක් බව පසක් විය.....
මමයි රජා සංකල්පයේ නොසිට සාමාන්‍ය මිනිසෙක් සේ තමන්ට ලැබුන බලයෙන් ප්‍රයෝජන ගෙන දියුණු වෙමින් පවතින රටක් ලෙස නොසිට ඉහළ අදායම් ලබන රටක් ලෙස ඉදිරියට ගෙන ඒමට කල සේවය.....
කැමරාවක් කරේ දමන් සිතියමක් අතට ගෙන ගම් නියං ගම් සංචාර ඒ තමන් සරල බව පෙන්වීමටත් වඩා රටට වැඩක් කිරීමටය..... රජ වෙන්න මාන බලන අපේ රටේ....පාලනතන්ත්‍රයේ බලයක් නොමැති වුවත්..... උත්සව වලට පමණක් මුහුණ පෙන්වනවා වෙනුවට ලැබුණු තනතුරෙන් රටට මෙසේ සේවයක් කල ඔහුගේ හැරයාම සැබෑ දුකක් නොවේද???
Thursday, September 8, 2016
උසස් පෙළ සමත් විශ්වවිද්‍යාල නොලැබුණු අයගේ සංගමය
ඊලග තර්කෙ තමා ලෙඩවුනාම හොදම තැනින් බෙහෙත් ගන්න උත්සහ කරාට උපාදිය ගන්න හොදම තැනට යන්නේ නෑ කියල ..... හැබැයි එහෙම කියල එයාම කියනවා මවුන්ට් එලිසබෙත් යන්න අපිට බෑ කියල .... ඉතින් හරිනේ උපාදිය ගන්නත් අපිට හර්වර්ඩ් යන්න අමාරුයි ..... මවුන්ට් එලිසබෙත් වගේම .....එක තමා අපි නවලෝකේ යන්නේ ලෙඩක් වුනාම ....එකයි අපි GMOA එක පිළිගත්ත වෙන රටක ගිහින් උපාධිය ගන්නේ ..... ඒ රටවල් වල තත්වේ හොදනිසා නේ GMOA එක පිළිගන්නේ ..... එහෙම ගිහින් ඉගෙන ගෙන එන ළමයා හොද වෙලා රට ඇතුලේ ළමයෙක් ඉගෙන ගත්තම තියෙන අවුල මොකද්ද ??? රට ඇතුලේ හදන එකක් හරියට කොලිටියට හදන්න ඇයි GMOA එකට උදව් කරන්න .... එකේ තත්වේ තියාගන්න බලයක් ගන්න බැරි .... ඒ කිසිම දෙයක් නැතුව එපා එපා කිව්වට හරියන වද ? රටෙන් එලියට යන්නේ අපේ සල්ලි නෙමේද ??? ඒ ටික රට ඇතුලෙම තිබ්බනම් හොද නැද්ද ??? ඇයි ප්‍රයිවට් ඒවා දාන්න වැඩසටහනක් හදන්න බැරි .... හදල පටන් ගන්න අයට උදව් කරන්න බැරි ?
විශ්ව විද්‍යාල වලට ගන්නේ විද්‍යා විෂයන් වලින් 30% වගේලු එතකොට ඉතිරි පාස් වෙච්ච 70% ?? ඒ අය මොනවද කරන්නේ ?? ඒ අයට උපාදියක් ගන්න අයිති නැද්ද ?? ඒවා ගැන කිසිම කතාවක් නෑ.... ඊළගට කිව්වා උපාධියක් ගන්නේ සහතිකෙටලු ..... සහතිකේ බිත්තියේ ගහන් හිටියම කන්න ලැබෙනවද ??? රස්සාවක් කරලා හම්බ කරන්න දක්ෂතාවක් ඕනේ නැද්ද ??? සහතිකේ තිබ්බම ඔක්කොම හරිද ?? උපාදිය කරන්නේ දෙයක් ඉගෙන ගන්නේ ඒ අංශෙන් ඉස්සරහට යන්න.... හැබැයි මේකත් කියන්න ඕනේ වෙනත් රස්සාවලට වඩා දොස්තර රස්සාව වෙනස් ..... අසනීපයක් හැදුනම මෙයා බැච් ටොප් ද ...ආණ්ඩුවේ කැම්පස් ද සයිටම් ද බලන්නේ නෑ.... එක නිසා ප්‍රයිවට් හරි ආණ්ඩුවේ හරි එලියට එන්නේ හොද පුහුණුවක් ලබපු අය කියල සහතික වෙන්න වැඩසටහනක් හදන්න ඕනේ ....එහෙම නැතුව තවත් කෙනෙක්ගේ ඒ අයිතිය උදුරගන්න එක වැරදි ...... සියලුම දේවල් වලට සටන් කරන ඔය හැම එකක්ම කොහොමද හරියට අපි මේක කරන්නේ .... කියල කතාවක් නෑ.... වහන්න වහන්න ....එපා එපා කියන්න තමා දන්නේ ..... මටනම් තමාත් ප්‍රයිවට් විශ්ව විද්‍යාල එපා කියන සටන් පාඨ ශක්තිමත් මදි ......
Monday, September 5, 2016
අපිට උපාධි අකැපද ?
A/L කියන්නේ කඩඉම් විභාගයක් .... ඒ කඩයිම පාස් වුනේ නෑ කියලා ඒ අයව අවලංගු කාසි කරලා අමතක කරන්න බෑ... හරි එක්කෝ ඒ අය අමතක කරමු ..... ඒ අය වැඩක් නෑ..... 2014/2015 වර්ෂයේ A/L වලින් පාස් වෙලා තේරුන අය 149572යි ..... එකෙන් කැම්පස් ඇතුලට ගන්නේ 25643... ඉතුරු 123929ක් දෙනා ඉන්නවා සුදුසු කම් තිබිලත් ඇතුලට යන්න බැරි ..... මන් වගේ යාන්තම් ජාමේ බේර ගත්ත අය වගේම හොදට පාස් වෙච්ච් අයත් ඉන්නවා ..... ඒ අයට කොහෙද යන්න කියන්නේ ..... ඒ අයත් වැඩක් නැද්ද ..... දැන් ඒ අයවත් ආණ්ඩුවේ ඒවාට ගන්න තමා අපි සටන් කරන්නේ කියන්න එපා .... එක කොච්චර ප්‍රයොගිකද කියන එක ප්‍රශ්නයක් ...... හැබැයි මේ හැමෝම කැම්පස් ඇතුලට ගන්න කොහොමටවත් බෑ කියල මන් කියන්නේ නෑ.... පුළුවන් හැබැයි කාලයක් යන වැඩක් ..... අවුරුද්දෙන් දෙකෙන් කරන්න පුළුවන් වැඩක් නෙමේ ..... එතකන් මේ පාස් වෙන්න අය මොකද කරන්නේ .... ඔය 123929 ඇතුලේ ඉන්නවා අන්ත දුප්පත් අය ..... පහළ මධ්‍යම පන්තිය ....ඉහළ මධ්‍යම පන්තිය ..... ඒ වගේම ඉහළම පන්තිය .... ඒ ඉහලම අය අපි මේ කතා කරන ඒවාට වැඩක් නෑ ලංකාවේ නැති වුනත් ඒ අය රට ගිහින් බැරිනම් කොහෙන් හරි ඉගෙන ගන්නවා ..... ඔතන ප්‍රශ්නේ තියෙන්නේ මම වගේම බහුතරේ ඉන්න මධ්‍යම පන්තියට ..... සම්පුර්ණ නිකන් දෙන අධ්‍යාපනය ලබන්න අපිට බැරිවෙන නිසා අපිට ගානක් ගෙවල හරි ඉගෙන ගන්න තැනක් තියෙන්න ඕනේ නැද්ද ?? ..... නැත්තම් අපිට අසාධාරණයක් නෙමේ ද ??? එකයි මම කියන්නේ ප්‍රයිවට් කැම්පස් ඕනේ කියල..... ඒ වගේම උපාය මාර්ගිකව ආණ්ඩුවට පුළුවන් නීතියක් ගෙන්න හැම කාණ්ඩයකමින්ම ළමයි ගානකට නිකන් අධ්‍යාපනය ලබාදෙන්න ඕනේ කියල...... ලංකාවේ ප්‍රයිවට් කැම්පස් පටන් ගන්නවා නම් මේ නීතියට යටත් වගේ දෙයක් .... ඒ වගේම මේ දාන හැම එකම අධීක්ෂණය කරන්න ආයතනයක් ..... මේ වගේ වැඩපිළිවෙලකින් අන්ත දුප්පත් ළමයි වගේම දක්ෂ ළමයිට නිකන් අධ්‍යාපනයක් ලැබෙනවා ..... හිතන්න .... වහලා දාන්න නෙමේ....කොහොමද මේක හරියට කරන්නේ කියලා...... සල්ලි වලට දෙන හැම එකක්ම බිස්නස් එකක් නම් ලෝකේ ප්‍රධාන විශ්වවිද්‍යාල ඔක්කොම උපාධි කඩ .... කඩයක් වෙන එක වලක්වන්න තමා අධික්ෂණය කරන්න කිව්වේ ..... රටේ ළමයි කියක් යනවද වෙන රටවල ඉගෙන ගන්න රටේ සල්ලි කොච්චර එලියට යනවද ..... යන්නේ අපිටත් වඩා අන්ත රටවල් වලට ..... ඒ අපේ රටේ කරන්න බැරි නිසා ..... හිතන්න .... තව හිතන්න ..... හැමදේටම විරුද්ද වෙන්නේ නැතුව .....කොහොමද මේක නිවැරදි කරන්නේ කියල ...... ජය වේවා
Subscribe to:
Posts (Atom)




















