Wednesday, February 24, 2016

තවත් යුද්දයක් ???

මන්නාරම් පැත්තේ ගෑනු සෙට් එකක් එකතු වෙලා අටවගත්ත සංගමයකින් ජාතික කොඩියේ සිංහයා අයින් කරන්න කිව්වම එක ගොඩක් මාධ්‍ය ලොකුවට හුවා දැක්වුවා...... ඒ වගේ සෙට් එකකට ඒ වගේ ප්‍රසිද්ධියක් දෙන්න ඕනෙද යන්න ගැටලුවකි...... ඒ අයගෙන් ලොකු හානියක් නැති වුනත් .... ලගදි මුස්ලිම් කොන්ග්‍රසයේ සභාපති කරපු ප්‍රකාශේනම් ටිකක් දරුණුය..... ඒ අන් කිසිවක් නිසා නොව රටේ පිළිගත් දේශපාලන පක්ෂයක සභාපති කල ප්‍රකාශයක් නිසාවෙනි....... 

මුස්ලිම් කොන්ග්‍රසයේ සභාපති 
අදටත් මාගේ දැනුමට අනුව ඔහු කල ඒ මුස්ලිම් වෙනම පරිපාලන ප්‍රදේශ පිළිබද ප්‍රකාශය මුස්ලිම් කොන්ග්‍රසය අදටත් ප්‍රතික්ෂේප කර නැත..... 
 ඔහුගේ ප්‍රකශය අනුව දෙමළ ජනතාව වෙනම ප්‍රදේශ වෙනුවෙන් කරන සටන් නතර කරනොමැති නිසා ඔවුන්ගේ සටනත් ඉදිරියට ගෙන යන බවද සදහන්ය..... 
තත්වය භයානකය..... 
ඒ යුද්දයෙන් ත්රස්තවාදය පරාජය කරත් ඒ සදහා මුල් වූ වස්තු විෂයන් තවමත් ජීවමානව ඇති බවත් .... මුස්ලිම් වෙනම පරිපාලන ප්‍රදේශයක් ගැන බලාපොරොත්තුවක් අතීතයේ සිට තිබු බවටත් මෙයින් යම් කිසි හැගවීමක් සිදුකරනවා..... එමෙන්ම ඔහු තවදුරටත් කියාසිටින්නේ පක්ෂයේ නායකයා වූ අශ්රොෆ් මතිතුමගේද එය බලාපොරොත්තුවක් වූ බවයි.... නමුත් එතුමාගේ පුතා විසින් එය වැරදි බව කියසිටියත් ප්‍රකාශයේ තිබු බරපතල තැන් එසේමය...... 

ඉස්සර තිබු හයිය කොන්ග්‍රසයට නැති බව සැබෑය.... ඒ තවත් බිහිවූ මුස්ලිම් පක්ෂ හේතුවෙනි...... එත් කිසිම මුස්ලිම් පක්ෂයක් මෙයට විරෝධය පලකරද නැත..... 

උසාවියට ගල් ගැසූ බදුර්දීන් ආතල් එකේ විල්පත්තු කපන් ඉන්න කොට ගලබොඩඅත්තේ හිමි රිමාන්ඩ් වේ .... දෙදනාම කරේ එකම වරදකි...... නමුත් ගලබොඩඅත්තේ හිමි ගල් ගැසුවේ නැත..... එත් නිතිය ක්‍රියාත්මක වීම් දෙකකි...... 

යුද්දයකින් බැට කෑ අපිට තවත් යුද්දයක් අවශ්‍ය නැත..... මුස්ලිම් සහෝදර සහෝදරියෝ විශාල පිරිසක් මේ ප්‍රකාශයට විරුද්දව නැගීසිටීම ප්‍රශංසනීය..... ඒ බලලා මල්ලෙන් පැන්න නිසා ද ..... නැතිනම් එකම රටක සහෝදරත්වයෙන් ඉන්නට තියෙන ආශාවටදැයි නොදන්නා මුත් බොහෝ විරුද්ද වීම් හදවතින් පැමිණි දේවල් බව දැනුනි...... 

 එකම රටක එකම කොඩියක් යට එකට පෙලගැහෙන එක හීනයක්ම වෙයිද ?

Sunday, February 7, 2016

ජාතික ගීයේ ඇත්ත නැත්ත........


මුලින්ම ජාතික ගීයේ ඉතිහාසය ගත් කල එය තුලත් බොහෝ සිදුවීම්  වී තිබේ.... 1938 දී ඉන්දියාවේ සිට ලංකාවට පැමිණෙන ආනන්ද සමරකෝන් මහතා 1940 දී ගාල්ල මහින්ද විද්‍යාලයේ උගන්වන අතර තුර "නමෝ නමෝ මාතා" යනුවෙන් මේ ගීතය රචනා කර ඇත......මේ ගීතය මියුසියස් විද්‍යාලිය ගායනා කණ්ඩායම පොදු උත්සවයක ගැයිමත් සමග එය බොහෝ ජනප්‍රිය වූ අතර එය එකල වැර්ලස් එකේ ජනප්‍රිය ගීතයක් විය...... ඉන්පසු ජාතික ගීය තේරීමේ තරගයට මෙයත් ඇතුලත් වුවත් 1948 ජය ගන්නේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික ගීය වන්නේ P.B ඉලංගසිංහ රචිත "ශ්‍රී ලංකා මාතා ඵල යස මහිම , ජය ජය සිරි ලෙස ජල ධාරා " ගීතයයි.......  බොහෝ දෙනා සාක්ෂියක් හැටියට ඉදිරිපත් කරන 1949 නිදහස් උත්සවේ ගායනා කර ඇත්තේද මෙම ගීතයයි......
1949 භාෂා දෙකෙන්ම ගායනා කර ඇති බවට ඇති සාක්ෂියක්

ආනන්ද සමරකෝන් මහතාගේ ගීතය නැවත කරලියට එන්නේ 1950 දී මුදල් අමාත්‍ය JR ජයවර්ධන මහතාගේ ඉල්ලීමත් සමගයි....ඒ "නමෝ නමෝ මාතා" ගීතය ජාතික ගීය ලෙස පිළිගන්නා ලෙසයි...... එවිට ආණ්ඩුවෙන් ඒ සදහා කොමිටියක් පත් කරන අතර සුළු සුළු වෙනස්කම් කර එම ඉල්ලීම ස්ථිර කරනු ලබන්නේ 22 නොවෙම්බර් 1951 දිය ....... ඒ අනුව ප්‍රථමයෙන් මෙය 1952 නිදහස් උත්සවේදී ගායනා කරනු ලබයි....... ඉන්පසු එම ගීතයේ ඝන පිහිටු වීම අසාර්ථක නිසා රටට හානියක් බවත් ගීතයේ ආරම්බය වූ "නමෝ නමෝ මාතා"....."ශ්‍රී ලංකා මාතා යනුවෙන් වෙනස් විය යුතු බවට එකල බලයේ සිටි රජය තීරණය කරනු ලබයි..... ඒ 1961දිය..... මෙයින් සිත් තැවුලට පත් ආනන්ද සමරකෝන් මහතා සිය දිවි නසා ගන්නේ 1962 දී මේ වෙනස් කිරීමට විරෝධයක් වශයෙනි........ ඒ ජාතික ගීයේ ඔබ දන්නා හෝ නොදන්නා අතීත කතාවයි......

තත්වය එසේ වුවත් නල්ලතම්බි මහතා මෙහි දෙමල පරිවර්තනයක් කරන්නේ දෙමල බස රාජ්‍ය බාසාවක් වීමටත් ප්‍රථමය..... එය එකල උතුරේ දෙමළ මාධ්‍ය පාසල් වල ගායනා කර ඇති අතර එයට කිසිදු ආණ්ඩුවක් විරුද්ද වී නැත...... ජාතික ගී කතාව නැවත කරලියට එන්නේ මහින්ද රාජපක්ෂ පාලන සමයේය ...... ඒ ඔහු විසින් දෙමළ පරිවර්තනයට තහංචි දැමීමත් සමගය..... ඉන් අනතුරුව උතුරේ ජාතික ගීය එලසින්ම ගායනා කර ඇති අතර "මාතා" "තායේ " වුයේ නැත..... මෙය නැවත කරලියට එන්නේ ජාතික විධායක සභාවට මනෝ ගනේෂන් මේ පිලිබදව අවධානය යොමු කිරීමත් සමගය........ 

මානුෂිය හා තේරුම් ගැනීමට රුකුලක් වුවත් දෙමළින් ජාතික ගීය ගැයීම නීතිවිරෝධී බවට සාධාරණ තර්කයක් ගොඩනැගිය හැකිය...... 

ඕනෑම කෙනෙක් දන්නවාක් මෙන් විවස්ථාවේ පරිවර්තන තුනක් ඇත ..... ඒ පරිවර්තන වල සිංහල පරිවර්තනයේ ශ්‍රී ලංකාවේ ජාතික ගීය ලෙස අංක 7 වගන්තියේ "ශ්‍රී ලංකා මාතා" ලෙස  නම් කර ඇත ..... දෙමල පරිවර්තනයේ වචනයේ තේරුම දෙමළට හරවා ඇති නිසා එය "ශ්‍රී ලංකා තායේ" වී ඇත..... ඉංග්‍රීසි පරිවර්තනයේ එය අර්ථය පරිවර්තනය නොකර වචනය ඉංග්‍රීසියෙන් ලියා ඇත..... එනම් "Sri Lanka Mother" වෙනුවට "Sri Lanka Matha"යනුවෙනි..... 


සිංහල පරිවර්තනය
දමිල පරිවර්තනය ("ශ්‍රී ලංකා තායේ")




මෙය දැන් සැලකීමේදී පරිවර්තනය නිසා නොගැලපීමක් මතුවේ ....සිංහල හා ඉංග්‍රීසි පරිවර්තනයේ එය "ශ්‍රී ලංකා මාතා" වුවත්  දෙමළ පරිවර්තනයේ එය "ශ්‍රී ලංකා තායේ" වී ඇත..... මෙවැනි අවස්ථාවක ගත යුතු පියවරත් විවස්ථාවේ දක්වා ඇත.....ඒ 23.1 වගන්තිය යටතේය...... එහි දක්වා ඇත්තේ .....පරිවර්තන නිසා ගැටළුවක් මතු වුවහොත් නීති සම්මත කිරීමේදී කතිකා කරගත් භාෂාවේ විවස්තාව නිවැරදි බවයි.....ඒ අනුව නිවැරදි වන්නේ සිංහල පරිවර්තනයේ ඇති "ශ්‍රී ලංකා මාතා" ය. මේ නීති තර්කය අනුව මෙය නීති විරෝධිය...... විවස්ථාවේ 7වෙනි වගන්තිය උල්ලංඝනය කිරීමකි.......


23.1 වගන්තිය


නීති තර්ක පසෙක තබා අපි බැලිය යුත්තේ මෙයින් සමාජයට වන යහපත හා අයහපතයි..... යහපත නම් එය අපේ සහෝදර දෙමළ ජනතාවට තේරෙන ජාතික ගීයක් වීමයි..... අනෙක් අතට මහජාතිය අනෙක් ජාතින්ට වෙනස් කම් කරන බවට කෙරෙන චෝදනා පුස්සක් වනු ඇත..... බෙදුම්වාදය ගැනම කතා කරන විග්නේශ්වරන්ට සිංහල සහෝදර කම් මතක් වීමත් අප ලබාගත් ජයක්ග්‍රහනයකි...... අයහපතක් මම මේ තුලින් නොදකින අතර මට ඇත්තේ කනගාටුවකි...... ඒ මෙතරම් පොඩි රටක ....මෙතරම් පොඩි ජනගහනයක් ඉන්නා රටක ජාතික ගී දෙකක් තිබීම අපේ අසමගිය පෙන්නවා නේදැයි යන හැගීමයි..... තනුව එකක් වූවත් පද මාලා දෙකකි..... භාෂා දෙකකි..... එයින් මෙය ජාතික ගී දෙකක් බවට පත් වේ ...... 
මනෝ ගනේෂන්
විග්නේශ්වරන්ගේ නාග විහාර වැදපුදා ගැනීම....
බහුතර දෙමළ ජනතාවට සිංහල භාෂාව තේරෙන හා කතා කිරීමේ හැකියාවන් ඇති නිසා .... මෙහි සාධාරණ හේතුවක් නැති බවත් විටෙක හැගී යයි..... මෙහි අන්තවාදී අදහස් ඇති බව විටෙක හැගෙන්නේ මේ යෝජනා ගෙන එන පුද්ගලයන් නිසාවෙනි..... ඒ මනෝ ගනේෂන් බෙදුම්වාදී ත්‍රස්තවාදයට සක්‍රියවදායක වූ කෙනෙක් නිසාවෙනි..... මේ යෝජනා පසුපස ඔහුගේ අරමුණු අපැහැදිලිය ...... එය සත්භාවයෙන්ම දෙමළ ජනතාව උදෙසාද ....නැති නම් වෙන බෙදිම්වාදී අරමුණක් උදෙසාද ? අපි බලා සිටිමු......  

https://en.wikipedia.org/wiki/Sri_Lanka_Matha
http://www.dailymirror.lk/67545/history-of-sri-lanka-s-national-anthem-mired-in-controversy
http://www.dailymirror.lk/68405/national-anthem-and-nationalism

Thursday, February 4, 2016

රටක් ලෙස අපි අසමගිද ?


නිදහස් උත්සවේ වගේ ජාතික උත්සවයක ජාතික ගීය භාෂා දෙකකින් ගායනා කිරීම ගැන විවිධ මත පළවුවත් ..... 
සමස්තයක් ලෙස මෙතරම් පොඩි රටක ... රටක් ලෙස අපි අසමගි බව පෙන්නුම් කරනවා නොවේද ?
අපිට එක කොඩියක් ....
එක ජාතියක්....
එක ජාතික ගීයක් ....
වටා එකතු වෙන්න බැරි බවත් අපි බෙදී වෙන්වී ඇති බවත් එයින් පෙන්නුම් කරනවා නොවේද ?

එකම සින්දුව භාෂා දෙක තුනකින් එකම අර්ථය එන්න  කියන විට... එය එකම ගීයක්ද යන්න හිතා ගැනීමට අපහසුය..... එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේද පිළිගෙන ඇති බව ඇතමේක් සදහන් කරන අතර එය කියවා බලා සනාථ කිරීමට තරම් කාලයක් නොලැබුණි..... එවැන්නක් ප්‍රාදේශීය මට්ටමේ උත්සව ගායනා කර බවට සාක්කි තිබුනත් .... ඊටත් එහාට ගොස් 1949 නිදහස් උත්සවේද මේපරිද්දෙන්ම භාෂා දෙකෙන්ම ගායනා කර ඇත...... ඒ අනුව ගත් කල එහි අවුලක් නැත...... ඇති එකම අවුල නම් තවත් දිනෙක මෙය ඉංග්‍රීසි භාෂාවෙන් ගායනා කල යුතු බවටත් අපේ බර්ගර් ජනතාවට ජාතික ගීය වඩාත් සමීප කරනු වස් එය හොද තීරණයකි....... අවශ්‍ය නම් අපේ මුස්ලිම් මිතුරන් සදහා එය අරාබි භාෂාවෙනුත් ....... තවත් භාෂා වෙනුවන් එය තව තව භාෂා වලට පරිවර්තනය කර සංහිදියාව වැඩි කලහැක....එත් රටක් හැටියට අපි එකම දෙයක් පසු පස යනවාද නැතිනම් එකිනෙකාට ඕනේ ආකාරයට වෙනස් වෙනස් මාර්ග වල ගමන් කරනවාද යන්න ගැටලුවකි........ 

මේ ආකාරයට භාෂා ගණනාවක් දීමෙන් හෝ මේ ප්‍රශ්න විසදෙනවා නම් එයත් එක්තරා විදියකට සතුටකි..... ඒ තවත් යුද්දයක් අනවශ්‍ය බැවිනි..... පිරිසක් එක්ව වැඩක් කරන විට තීන්දු තීරණ ගන්නේ බහුතර කැමැත්තටය...... ජනාධිපතිවරණේ වුවත් 52% මොහු ජනාධිපති කරන්න කියන විට 48% එපා මොහුව ජනාධිපති කරන්න කියයි.....අවසානයේ ඒ සියලු දෙනාගේම ජනාධිපති වන්නේ වැඩි ප්‍රතිශතයක් ලබාගත් තැනැත්තාය ...... ඒ අනුව රටක් වශයෙන් මහා ජාතිය වටා අනෙකුත් ජාතින් එකතු වියයුතුය....... එපා කිව් 48% නව ජනාධිපති පිළිගත යුතුය...... එසේ නොකර අනෙක් කොටසට අභියෝග කිරීමෙන් ඇති වන්නේ ගැටුමකි....... සමගිය අවශ්‍ය වන්නේ එවිටය......

ඒ ඇරත් සිංහල භාෂාව ලෝකේ ඇති එකම රටත් ශ්‍රී ලංකාවයි .... ශ්‍රී ලාංකිකයන් හැටියට එය රැක ගැනීම අපි සැමටම භාරය.....
සිංහල වුවත්....දෙමල වුවත්......මුස්ලිම් වුවත් .....බර්ගර් වුවත්..... මැලේ වුවත් ......
අපි සැවොම ශ්‍රී ලාංකිකයන්ය...... මේ අපේ රටය......
අපේ දේ අපි රැක ගත යුතුය.......

මෙවැනි දේවල් කථා කිරීමේදී මම අතිශය පරිස්සම් වෙමි......මට ඇති දෙමල මුස්ලිම් මිතුරන් ගණන ඉතා සීමිතය...... ඒ කිසිම කෙනෙක්ගේ හිත වචනයකින් හෝ රිදවීමට මම අකමැතිය..... ඒ අන් සියලු දේවල් වලට වඩා ඔවුන්ගේ මිතුදම වටිනා බැවිනි...... සිංහල මුස්ලිම් ගැටළුවක් ගැන මම සොයාගත් තොරතුරු සිංහල මිතුරෙකුට කිව් විට මට ලැබුනේ "ජාතිවාදී වැඩ වලට මම කැමති නෑ" යන පිළිතුරයි....එහි සත්‍ය අසත්‍ය තාව සොයනවටත් වඩා ඔහුට ඒ ගැන කතා කිරීමම ජාතිවාදිය.....එත් මුස්ලිම් මිතුරෙක්ගෙන් මට ලැබුන පිළිතුර වුයේ "යමන් මචන් මාත් ආසයි ඔකේ ඇත්ත හොයන්න"......එනිසා යම්හෙයකින් ඔබේ සිත රිදුනනම් සමාවෙන්න ....... මම අසාකරන්නේ සැවොම එක්ව එකිනෙකා අභිබවා යනවට වඩා සැවොම එකතුව රට ඉස්සරහට ගෙන යාමටය......

එත් කෙනෙකුට,
තමන්ගේ ආගම ..... ජාතිය ගැන කතා කරන එක ජාතිවාදී නම් ඔව් මම ජාතිවාදියෙක්........
ප්‍රශ්නයක් අවම හරි පැත්ත ගැන කතා කරන එක ජාතිවාදී නම් ඔව් මම ජාතිවාදියෙක්........
අපේ උරුමය .... අපේ ඉතිහාසය ගැන කතා කරන එක ජාතිවාදී නම් ඔව් මම ජාතිවාදියෙක්.....
ලංකාවේ වෙන දේවල් ආගම ජාති ගැන හිතන්නේ නැතුව කතා කරන එක ජාතිවාදී නම් ඔව් මම ජාතිවාදියෙක්.....
ඇස් දෙකට දැකපු දේවල් ගැන කතා කරන එක ජාතිවාදී නම් ඔව් මම ජාතිවාදියෙක්........
ලංකාවේ තියෙන දේවල් විනාස වෙනකොට ඒ ගැන කතා කරන එක ජාතිවාදී නම් ඔව් මම ජාතිවාදියෙක්.......
අපේ තියෙන දේවල් නැති වෙලා යනකොට ඒ ගැන කතා කරන එක ජාතිවාදී නම් ඔව් මම ජාතිවාදියෙක්.......
අපේ ඉස්සර පාරවල් වල තිබ්බ නම් වෙනස් කරලා අලුත් නම් දාන එක ගැන කතා කරන එක ජාතිවාදී නම් ඔව් මම ජාතිවාදියෙක්.......
රට කෑලි වලට කඩන්න හදන කොට ඒ ගැන කතා කරන එක ජාතිවාදී නම් ඔව් මම ජාතිවාදියෙක්.......

මේ රට අපි හැමෝටම අයිති..... අපි හැමෝගෙම මුලාරම්භය කොහේ වුනත් අපි දැන් ඉන්නේ මේ රටේ ශ්‍රී ලාංකිකයන් විදියට ..... එත් තව ජාතියක් තවත් ජාතියක් නැති කරගෙන ඉස්සරහට එන එකට මම විරුද්දයි..... ඒ ගැන කතා කරන එක ජාතිවාදී නම් ඔව් මම ජාතිවාදියෙක්......
අපි මේ ගැන කතාකරමු..... මේ ආපේ පරම්පරාවේ වාරයයි....... අපි මේ වාරයේවත් එකතු වෙමු...... 
ජය.....

Tuesday, February 2, 2016

වාහන තදබදයට යකාගේ විසදුම්........



උදේ සවස කාර්යාල වෙලාවේදී රටේ හදවත බදු පිටකොටුවට ගමන් කරන කෙනෙක් හැටියට මාර්ග තදබදය මහත් හිසරදයකි.....
පාරේ කන කාලය අතිමහත්ය .....
එයට මා දකින ප්‍රධානතම හේතු කිහිපයකි.....
1. රටේ ප්‍රමාණයට වඩා රථ වාහන වැඩිවීම
2. එක මෝටර් රථයේ එක මගියෙක් පමණක් ගමන් ගන්නා අවස්ථා බහුල වීම 
3. ඉවසීමක් විනයක් නැති කම
4.පොදු ප්‍රවාහන සේවයේ පවතින අඩු පාඩු

මේ කරුණු ගත්කල රටේ ප්‍රමාණයට වාහන වැඩිවීමට ප්‍රධාන හේතුව තමන්ගේ තත්වය ප්‍රදර්ශයනය කරන භණ්ඩයක් හැටියට වාහන පත් වී තිබීමයි.... කුමන හෝ රෝලක් ගසා....ලිසින් කර වාහන ගැනීමට සිහින මවන පිරිස් අතිමහත්ය ..... 
පසුගිය කලේ චන්ද පොරොන්දුවක් වුයේද වාහන මිල අඩුකර සැමට වාහනයක් ලබාදීමයි.......
බදු මිල වැඩි කිරීමත් ..... ලිසින් ගැනීමට 75%කට වඩා වටිනාකමක් සහිත ණයක් ගැනීම වළක්වාලන නීති සැබවින්ම අගය කලයුතු නීති ය.... 
මිනිසුන්ගේ පැත්තෙන් ගත් කල පොදු ප්‍රවාහන සේවයේ අඩුපාඩු නිසා ඔවුන් තමන්ගේ වාහන වෙත යොමුවන බවද සත්‍යය....එහිද වලංගුතාවක් නැතුව නොවේ..... 

ප්‍රථමයෙන් මේ ප්‍රශ්නය විසදීමට කලයුත්තේ වාහන මිලදී ගැනීමත් ...... කාර්යබහුල වේලාවන් හිදී වාහන භාවිතය හැකිතාක් වැලැක්වීමයි....ඒ සදහා බදු වැඩිකිරීම.... අවුරුද්දකට නිකුත් කරන වාහන ගණන සිමා කිරීම වැනි දේවල් හදුන්වාදිය හැකිය...... 
උදාහරණයක් ලෙස සිංගප්පුරුවේ අවුරුද්දකට වාහන බලපත් නිකුත් කරේ සීමිත ගණනකි...... ඒ බලපතක් ගැනීමට වෙන්දේසියට ඉදිරිපත් වී වටිනා කමක් දිය යුතුය....මේ ක්‍රමයෙන් වාහන ආනයනය කිරීමෙන් රටෙන් පිටවන මහා ධනය නවතින අතරම රටේ වාහන ගන්නත් මානව පාලනය වේ ....තවද වාහනයක් ඇති කෙනෙකුට තවත් වාහනයක් ගැනීමට නොහැකිය.....කල හැක්කේ පරණ වාහනය කුඩුකර අලුත් වාහනයක් ගැනීමයි..... මෙමගින් පාරට පැමිණෙන වාහන ගණන විශාල වශයෙන් අඩු විය..... 
1980 164,500 වාහන තුබූ අතර එය 1989 වන විට  271,200 විය . මේ කෝටා ක්‍රමයත් සමග 1990 සිට 1993 දක්වා ලියාපදිංචි වාහන 41,000 කින් අඩුවිය .මෙයට එරට තුලද බොහෝ විරෝධතා තිබුනත් ඔවුන් එය සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී..... 

ඔවුන්ගේ ඊලග වැයම වුයේ කාර්යබහුල වෙලාවල් වල නගර සීමාවට ඇතුළු වන වාහන වලින් ගාස්තු අය කිරීමයි..... එය එරට වැසියන් "එදිනෙදා මංකොල්ලය " යනුවෙන්ද නම් කරේ දිනපතා ඇතුළු වන වාහන ගණනක් ගෙවිය යුතු නිසාවෙනි..... ස්වයංක්‍රිය වාහනයේ සවිකරන ලද යන්ත්‍රයකින් ගාස්තු අයවන අතර ඒ යන්ත්‍රයට දමන කාර්ඩ් පතට මුදල් දැමිය යුතුය ........මෙමගින් කිහිප දෙනෙක් එක වාහනයක් භාවිතා කරන මට්ටමට ගෙන ඒමට ඔවුන්ට හැකිවිය..... වෙනදා තනියෙන් ගිය වාහනයේ දැන් තුන් හතර දෙනෙක් ගමන් කරන්නේ මෙකි ගාස්තු හා ඉන්දන ගාස්තු බෙදාගෙන ගමන් කිරීමටය......

මේ කුමන බාධා දැමුවත් පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කල යුතුමය.....ඒ සදහා මගින් බහුලව ගමන් ගන්නා මාර්ග සදහා සුඛෝපබෝගී බස් රථ යෙදවිය යුතුය.....යොදවා ඇති ඒවා විදිමත් කල යුතුය.......සාමාන්‍ය බස් රථ වලින් ඔබ්බට යායුත්තේ තමන්ගේ වාහනයක ගමන් ගත් කෙනෙකුට ඒහා සමාන සැපපහසු කම් ලබාදිය යුතුනිසාවෙනි.......ඒ සදහා ඉහත සදහන් පරිදි අයකරන ගාස්තු ආයෝජනය කල හැකිය.... කැළණි වැලි දුම්රිය සේවයද වැඩි දියුණු කිරීමෙන් තවත් ප්‍රවාහන සේවය ශක්තිමත් කල හැකිය....... මොනෝ රේල් වලට කලින් අපේ තියෙන ප්‍රවාහන සේවා දියුණු කලයුතු බව මගේ හැගීමයි...... 

මේ ප්‍රශ්නය විසදීමේදී ගැටළු රාශියක් .......උද්ගෝෂණ ......වැඩ වර්ජන ....... ඇතුළු තවත් එකිමෙකි නොකී ප්‍රශ්න මතුවිය හැක.....ඒවා වලට බියවී යෝජනා හකුලා ගන්නවා වෙනුවට ඒවා ගැන ජනතාව දැනුවත් කර සහය ලබාගත යුතුය..... ජනතාවට බස් එකේ යන්න කියා ඇමතියෝ BMW එකේ ගිහින් මේ වැඩේ කරන්න බැරිය..... ජනතාවට දුක් විදින්න කියනවා නම් .......ජනතා නියෝජිතයන් ඒ දුක් ඊටත් වඩා විදිය යුතුය.....එත් එසේ සිතන ජනතා නියෝජිතයන් නැති නිසා .......
අද වගේම හෙටත්.....හෙට වගේම අනිද්දාත් ........ මැරෙන තුරාවට මේ ප්‍රශ්නය නොවිසදී තිබෙනු ඇත........  

සිංගප්පුරුව මේ ප්‍රශ්න විසදු ආකාරය දැක්වෙන සටහන්.......

http://www.freepatentsonline.com/article/Transportation-Journal/20915358.html
http://transportpolicy2013.blogspot.com/2013/04/singapore-traffic-congestion-solution.html
http://sbr.com.sg/economy/commentary/singapore-reveals-3-economic-solutions-traffic-congestion-asian-peers

Monday, February 1, 2016

පුංචි රටට මොකද වෙලා තියෙන්නේ ???



නිදහස් උත්සවේ වගේ ජාතික උත්සවයක ජාතික ගීය භාෂා දෙකකින් ගායනා කිරීම ගැන විවිධ මත පළවුවත් ..... 
සමස්තයක් ලෙස මෙතරම් පොඩි රටක ... රටක් ලෙස අපි අසමගි බව පෙන්නුම් කරනවා නොවේද ?
අපිට එක කොඩියක් ....
එක ජාතියක්....
එක ජාතික ගීයක් ....
වටා එකතු වෙන්න බැරි බවත් අපි බෙදී වෙන්වී ඇති බවත් එයින් පෙන්නුම් කරනවා නොවේද ?

සැමටම උදාහරණයක් වන ඉන්දියාවේ තමිල් නඩුවේ මිලියන 67ක් ඉක්මවා සිටින්නේ දෙමළ බස කතා කරන දමිල සම්බවයක් ඇති ජනතාවකි......
ලංකාවේ මුළු ජනගහනයත් මිලියන 22කි.... ඒ අනුව අපිට වඩා තුන් ගුණයක් දෙමල කතා කරන මිනිසුන් සිටින රටේ ජාතික ගිය දෙමළින් ගයන්නේ නැත.....
ඉන්දියාවේ දෙමල භාෂාව 5වෙනියට වැඩියෙන්ම භාවිත කරන භාෂාවයි...... එත් ඉන්දියාවේ ඇත්තේ එක ජාතික ගීයකි...... ඒ ඔවුන්ගේ ඇති සමගිය නොවේද ?
දෙවෙනියට වැඩිම භාෂාවෙන් වුවත් ඔවුන් ජාතික ගීය ගයන්නේ නැත..... එයයි වෙනස .....

ඒ ඇරත් සිංහල භාෂාව ලෝකේ ඇති එකම රටත් ශ්‍රී ලංකාවයි .... ශ්‍රී ලාංකිකයන් හැටියට එය රැක ගැනීම අපි සැමටම භාරය.....
සිංහල වුවත්....දෙමල වුවත්......මුස්ලිම් වුවත් .....බර්ගර් වුවත්..... මැලේ වුවත් ......
අපි සැවොම ශ්‍රී ලාංකිකයන්ය...... මේ අපේ රටය......
අපේ දේ අපි රැක ගත යුතුය.......

Sunday, January 31, 2016

මහින්දගෙන් සිරිසේන උගත යුතු පාඩම්.......



ඊයේ යෝෂිත ගේ රිමාන්ඩ් ගත කිරීමත් සමග මහින්දගේ කදුළු වලට අලුත් වටිනාකමක් එක්විය....
මිනිසුන් ගණනාවකගේ කදුලැල් පිසදු ඔහුගේ කදුළු දැකීම පිරිසකට මහත් දුකකි.....
ඇත්ත.....
අපි අද බෝම්බ යුද බියක් නැතුව විනෝද වීමට ඔහුගෙන් සේවාවක් නොවුනා නොවේ.....
එත්,
තමන්ගේ පුතා හිරේ යනවිට ඇඩුණු මහින්දගේ ඇස්,
රතුපස්වල දරුවාගේ මරණය දැක තෙත් වුනේ නැත..... ඊට සාධාරණයක් ඉටු කිරීමට හිත උණු වුනේ නැත......
කටුනායක රොෂේන් චානකගේ මරණය දැක තෙත් වුනේ නැත..... ඊට සාධාරණයක් ඉටු කිරීමට හිත උණු වුනේ නැත......
ධිවර ඇන්ටනිගේ මරණය දැක තෙත් වුනේ නැත..... ඊට සාධාරණයක් ඉටු කිරීමට හිත උණු වුනේ නැත......
ලසන්තගේ මරණය දැක තෙත් වුනේ නැත..... ඊට සාධාරණයක් ඉටු කිරීමට හිත උණු වුනේ නැත......
තාජුදින් ගේ මරණය දැක තෙත් වුනේ නැත..... ඊට සාධාරණයක් ඉටු කිරීමට හිත උණු වුනේ නැත......
අන්තරේ කොල්ලන්ගේ මරණය දැක තෙත් වුනේ නැත..... ඊට සාධාරණයක් ඉටු කිරීමට හිත උණු වුනේ නැත......
ඊට අමතරව
බ්‍රිතාන්‍ය ජාතිකයෙක් අපේ රටට සංචාරයකට පැමිණ සිටීමේදී ඔහු ඝාතනය වී ඔහුගේ පෙම්වතිය දුෂණය වූ විට..... ඊට සාධාරණයක් ඉටු කිරීමට හිත උණු වුනේ නැත......
සරුවා සුනිල් පොඩි ළමයි දුෂණය කර පාටි දමන විට ඒ දුක් විදි ළමයි අඩන විට එය දැක තෙත් වුනේ නැත..... ඊට සාධාරණයක් ඉටු කිරීමට හිත උණු වුනේ නැත......

ඉහත සියලු සිදුවීම් වලට මහින්ද වගකිව යුත්තේ ඔවුන් ඔහුගේ කාලයේ   මියගිය නිසා හෝ කරදරයට පත් වු නිසා  නොව......ඒ මරණ වලට වගකිව යුත්තන්ට නිතිය ක්‍රියාත්මක නොකර ආරක්ෂා කර නිසාවෙනි......
ඔහුගේ පාලනය පෙරලා දැමීමට ප්‍රධාන හේතුවක් වුයේ  නීතියේ වල් වැදීමයි......
දුෂණ වංචා ගැන කොපමණ කිව්වත් ඒවා හසුකර ගැනීම අතිශය අමරුය..... වෙනත් ආණ්ඩු දුෂණය වංචාව පමණක් කරද්දී මහින්ද ආණ්ඩුව රටට වැඩක් කළේය.....

සිරිසේන මේ සිදුවීම් වලින් ඉගෙන ගත යුත්තේ එක දෙයකි......

කරන කියන දේවල් වලට බලය නැති වූ පසු වන්දි ගෙවීමට සිදුවේ.....
ඔබව ඔය තනතුරට උසස් කර මිනිසුන්ම ඔබව ඔය තනතුරෙන් ඉවත් කිරීමටත් දෙවරක් නොසිතන බවයි.......
ළමයි නිසා මහින්දට තම තනතුරෙන් වන්දි ගෙවීමට සිදුවූ නිසා තම ළමයිනුත් මෙයින් පාඩමක් ඉගෙන ගෙන සාමාන්‍ය ලෙස ජිවත් වීමට කියාදීම.......

සිරිසේන මැතිතුමනි ,
ඔබගේ වැඩපිළිවෙලත් එපා වෙමින් පවතී...... කරන්නේ නෑ කියූ සෑම දෙයක්ම අකුරක් නෑර කරනු පෙනේ......
ඔබත් අඩන දිනය වැඩි ඈතක නොවේ.......

Thursday, January 21, 2016

සීපා එන්න එපා .......


සීපා ... කිව්වට එකේ මොනවද තියෙන්නේ කියල කවුරුත් දන්නේ නෑ...... 
එකේ යෝජනා මාලාව එළිදක්වපු දවසට ඒ ගැන ගුණදොස් කතා කරනවා ඇරෙන්න  තවමත් ඒ ගැන කතා කිරීම  කලින් වැඩිය.....එත් ඕනෙම පොඩි එකෙක්ට තේරෙනව ඉන්දියාව අපිට වඩා දියුණු වුනාට මේකෙන් අපිට නම් ලොකු වාසියක් වෙන්නේ නැති බව...... ඒ නිසා එයට විරුද්ද වීම සාතිශය සාධාරණය....... මොකද රට කරන්න පත් කරපු උනුත් රටට ආදරේ නැති අතරේ ඉන්දියාව අපිට ආදරේ කිරීමට කිසිදු හේතුවක් නැති නිසාවෙනි.......
එත් මට කියන්න අවශ්‍ය වුයේ වෙනත් කතාවකි...... 

ඒ IT අංශයේ රැකියා වල නියතු අය දැක්වූ ප්‍රතිචාරයි..... ඔවුන්ගේ ප්‍රතිචාරය වුනේ මෙමගින් තමන්ගේ රැකියා නැති වී ඉන්දියන් පිරිස් වලට රැකියා ලැබෙන බවකි...... ඒ සදහා ඔවුන් ඉන්දියාවේ විරැකියා සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරන අතර එහි ඇත්තේ රටක් ලෙස විරැකියා අගය මිසක් IT අංශයේ රැකියා වියුක්තිකයන්ගේ අගය නොවේ..... එහෙයින් ඒ අගයන් ගැන කතා කිරීම පලක් නැත...... ලිපිය ලියන අවස්ථාවේත් ඒ ගැන අගයක් සොයාගැනීමට අපහසු වුයේ ඔවුන්ට එවැනි ප්‍රශ්නයක් නැති නිසාද යන්න ගැටලුවකි...... මොකද ඉන්දියාව යනු IT අංශයෙන් ඉදිරියෙන්ම ඇති රටක් නිසාවෙනි.......

ඊළගට වැඩියෙන්ම බුකි වසින් ගෙනහැර පාන සිද්ධිය වනුයේ  ඉන්දියාවේ පියන් රස්සාවකට අයදුම් කර ඇති ආචාර්ය උපාධි ලාභීන්ගේ සංඛ්‍යාවයි ....... ඒ ගැන නම් කිව හැක්කේ ඉන්දියාව යනු හොර උපාධි ආයතන වල තිත්පොළකි ..... එතරම් ඉගෙන ගෙන ඇතත් රැකියාවක් නැතිවීමට හේතුව එහි තත්වය බාල නිසා නොවේද...... එය අපේ මර්වින් ගේ ආචාර්ය උපදියට සමාන වීමට හැක..... නුතන ලෝකයේ සුදුසුකම් ලෙස දකින්නේ සහතික වලට වඩා ඒ පුද්ගලයට  ඇති ප්‍රයෝගික බුද්ධියයි ...... ඇරත් ලංකාවේ පවා ආචාර්ය උපාධි ලභියෙක්ට බොහෝ රටවල් වලින් ආරාධනා පැමිණෙන්නේ ඔවුන් ලබා ඇති අධ්‍යාපනයේ ඇති තත්වයයි...... ඒලෙස ගත් කල ඔය කියන උපාධි ගැන කතා කිරීමටවත් දෙයක් නැත...... 

ඊළගට බොහෝදෙනා මැසිවිලි නැගුවේ ඔවුන් බත් පැකට් එකට පවා වැඩ කරන බවයි....... ඒ නිසා තම වැටුප් පහල වැටීමටද ඉඩඇති බවයි....... මේ කතාවේ සත්‍යක් තිබුනත් එය කොතරම් ප්‍රයොගිකද යන්න ගැටලුවකි......මක් නිසාද යත් කොම්පැනි සොයන්නේ දක්ෂයන් අඩුමිලට මිසක් අඩුමිලට අදක්ෂයන් නොවේ...... මෙහිදී මේ ලෙස අපේක්ෂාබන්ගත්වයෙන්  වැඩ කරන කෙනෙක් සිටිනම් ඔවුන් අදක්ෂයන් බව මගේ හැගීමයි....ඒ IT ආයතන බහුලව ඇති ඉන්දියවෙවත් රැකියාවක් සොයා ගැනීමට ඔවුන් අසමත් නම් තවත් කුමක් කතා කරන්නද...... ඒ සදහා බොහෝ දෙනා ඉදිරිපත් කරන්නේ online freelancing site වල ඉන්දියන් කාරයන් තුට්ටුවට දෙකට වැඩ කරන නිසා තමන්ට වැඩ නොලැබෙන බවය..... කතාව ඇත්තය ....අපේ එකෙක් $5 කියන වැඩේ ඉන්දියන් කාරයන් $1 කිරීමට ඉදිරිපත් වෙයි.....මුලදී ඔය කට්ට කෑවත් පසු කාලීනව ඒ site වල ගොඩනගාගත් තත්වය මත ඔවුන්ගේ අයකිරීම වැඩිකළ හැකි බව නොතෙරෙනවද ....නැතිනම් කට්ටක් කා වැඩක් කිරිමට ඇති නොහැකියාවද යන්න ගැටලුවකි...... මුලදී ඉතාමත් අඩු මුදලට වැඩ කරදී .....client ලා හදාගෙන වැඩේ ඇති තත්වය හා client සමග මිතුරු වී ලොයල්ටි හදාගෙන ඔහුගෙන්ම වැඩ කරගන්නා අය කොතෙකුත් ලංකාවේ ඇත..... එක රැයින් ලොව සාර්ථක වූ දේවල් නැත...... බොහෝ දේවල් වලට ඇත්තේ දිගු රාත්‍රියක් ...... ඒ කාලය ගත කර ...තමන්ගේ හැකියාවන් පෙන්වා ක්‍රමයෙන් මුදල් හම්බ කිරීම අපේ අයට නොතේරෙන්නේ ඇයි යන්න ගැටලුවකි.......

තමන් දක්ෂනම් ITඅංශයේ කල හැකි දේවල් රාශියකි...... අඩා දොඩා පලක් නැත.....ලංකාවේ ඇතුලේ වුවද තරුණ දක්ෂයන් බිහිවෙමින් පවතී ...... ඒ ගැන මට මුලින්ම දැනුනේ අවුරුදු කිහිපයක් බාල සෙට් එකක් සමග වැඩ කිරීමෙන්ය ..... ඒ වගේ උන් තව රාශියක් මේ ක්ෂේත්‍රයට එන්න ලගයි.....ඉන්දියාවෙන් නාවත් ඔවුන්ගෙන් වුවත් ඔබේ රැකියාවට තට්ටු විය හැක...... බලාගෙන පරිස්සමින්......